බ්ලොග්

බ්ලොග්

HNB FINANCE බ්ලොග් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු
මැයි 2022 ඉතිරිකිරීමේ ගිණුමක් ආරම්භ කිරීමට පෙර සලකා බැලිය යුතු කරුණු 6 ක්
මැයි 2022

ඉතිරිකිරීමේ ගිණුමක් යනු ඔබගේ මුදල් මූල්‍ය ආයතනයක තැන්පත් කිරීමට ඇති පහසු ම සහ වඩාත් ම ප‍්‍රයෝජනවත් ක‍්‍රමයයි. එක් එක් පුද්ගලයාට ඉතිරිකිරීමේ ගිණුමක් පවත්වා ගැනීම සඳහා විවිධ අරමුණු තිබිය හැක: ඔබගේ අනාගතය සඳහා යම් මුදලක් ඉතිරි කර ගැනීම, අන්තර්ජාල ගනුදෙනුවල පහසුව සඳහා ඉතිරිකිරීමේ ගිණුමක් පවත්වාගෙන යාම එවැනි අරමුණු වලට උදාහරණ වේ.

අප්‍රේල් 2022 ස්ථාවර තැන්පතු පිළිබඳව ඔබ දැනගත යුතු සියලු දේ
අප්‍රේල් 2022

ස්ථාවර තැන්පතු හෙවත් FDs යනු පවත්නා ආයෝජන විකල්පයන් අතරින් ආරක්ෂිතම හා පහසුම විකල්පයක් වේ. ආයෝජකයා විසින් ස්ථාවර තැන්පතු ගිණුමක් ආරම්භකොට මුදල් තැන්පත් කරනු ලබයි. එයට ප්‍රතිචාර වශයෙන්, ගිවිසුම් කාලය අවසන ස්ථාවර පොළී මුදලක් ගෙවීමට වාණිජ ආයතනය බැඳී සිටී.

මාර්තු 2022 වාහනයක් මිලදී ගැනීම සඳහා මුදල් සපයා ගත හැකි හොඳම ක්‍රමය
මාර්තු 2022

වාහනයක් මිලදී ගැනීමට තීරණය කිරීම සරල තීරණයක් නොවේ. එය ඔබට කළ හැකි වඩාත්ම වැදගත් ආයෝජනවලින් එකක් වන බැවින්, ඔබ ඔබට ලබා ගත හැකිව තිබෙන හොඳම මිලදී ගැනීමේ විකල්ප සැලකිල්ලට ගත යුතුය. සම්පූර්ණයෙන් ම මුදල් ගෙවා මිලදී ගැනීමේ සිට වාහනය සඳහා ලීසිං පහසුකමක් ලබා ගැනීම හෝ ණය මුදලක් සඳහා අයදුම් කිරීම වැනි මූල්‍ය සේවා භාවිතා කිරීම දක්වා ඔබගේ මිලදී ගැනීමේ තීරණය සම්බන්ධයෙන් ඔබට උපකාර කිරීම පිණිස ඔබට තෝරා ගත හැකි මාර්ග කිහිපයක් තිබේ.

පෙබරවාරි 2022 මුදල් ණයට ගැනීම සඳහා තිබෙන හොඳම මාර්ග 6
පෙබරවාරි 2022

ඔබ හදිසි වියදම් කිහිපයක් දැරීමට සිදුව ඇති නිවසේ සිටින දෙමව්පියෙක් වුව ද, තමන්ගේ මූල්‍ය අවශ්‍යතා සම්බන්ධයෙන් සුළු අමතර උපකාරයක් අවශ්‍යව ඇති වැටුප් ලබන සේවකයෙක් වුව ද, ඔබට යම් අවශ්‍යතාවයක් ඇති වුව හොත් මුදල් ණයට ගැනීම සඳහා විකල්ප ගණනාවක් තිබේ. බැංකු සහ මූල්‍ය සමාගම් වැනි සාම්ප්‍රදායික මූල්‍ය ආයතන විසින් පිරිනමනු ලබන සේවාවන්හි සිට ක්‍රෙඩිට් කාඩ්පත් මගින් ලබා ගන්නා ණය දක්වා වූ පුළුල් පරාසයකට අයත් මූල්‍යකරණ විකල්ප ඒ අතරින් කිහිපයක් වේ.

ජනවාරි 2022 2022 සඳහා හොඳම අලුත් අවුරුදු මුල්‍ය අධිෂ්ඨාන 6
ජනවාරි 2022

නව වසර එළඹෙමින් තිබීමත් සමග, නව ඉලක්ක පිහිටුවා ගැනීමට ද කාලය එළඹ තිබේ. අපිට අපගේ වෘත්තිය, සෞඛ්‍යය, යෝග්‍යතාවය සහ පුරුදු සම්බන්ධ ඉලක්ක තිබීම සාමාන්‍ය දෙයක් වන නමුත් තමන්ගේ අලුත් අවුරුදු අධිෂ්ඨාන වලට මුල්‍ය සැලසුම් ඇතුළත් කර ගන්නේ ඉතා සුළු පිරිසක් පමණි.
ඔබගේ මූල්‍ය තත්වය ඔබේ ජීවිතයේ සියලු අංශ තීරණය කරන බැවින් ඔබ සෑම වසරක දී ම මූල්‍ය අධිෂ්ඨානයක් පිහිටුවා ගත යුතු යැයි නිර්දේශ කරනු ලැබේ. ඔබගේ මූල්‍ය ඉලක්ක නියම කර ගැනීම ඔබගේ මූල්‍ය තත්වය වැඩිදියුණු කිරීමේ ආරම්භක ලක්ෂ්‍යය වේ.

දෙසැම්බර් 2021 ඔබට අධ්‍යාපන ණයක් ගැනීමට අවශ්‍ය වීමට හේතු පහක්
දෙසැම්බර් 2021

අධ්‍යාපනය යනු ඔබට ඔබගේ අනාගතය වෙනුවෙන් කළ හැකි යහපත්ම ආයෝජනයන් අතරින් එකකි. කෙසේ වුවද, විශ්වවිද්‍යාල උපාධියක් ලබාගැනීම සදහා අතිශයින් සැලකිය යුතු වියදමක් දැරීමට සිදුවේ. ඔබට ඔබගේ උපාධිය සඳහා අවශ්‍ය මුදල් යෙදවීමේ වඩාත් පහසු ක්‍රමය වන්නේ මුදල් ප්‍රදානයක් හෝ ශිෂ්‍යත්වයක් ලබාගැනීම වන අතර, එහෙත් එවැන්නක් ලබාගැනීමේ හැකියාව සියලු දෙනා සතු නොවේ. මෙවන් තත්ත්වයන් තුළ, අධ්‍යාපන ණයක් ඔබට ඉමහත් සෙයින් උපකාරී විය හැක.

නොවැම්බර් 2021 නිවාස ණයක් ලබා ගැනීමට පෙර සලකා බැලිය යුතු වැදගත් කරුණු 6ක්
නොවැම්බර් 2021

නිවසක් හෝ දේපළක් මිලදී ගැනීම ඔබගේ ජීවිතයේ දී ඔබ ගන්නා වැදගත් ම ආයෝජන තීරණ වලින් එකක් වේ. එම නිසා, බොහෝ අය නිවසක් මිලදී ගැනීම වැනි විශාල මිලදී ගැනීමක් සමග ඇති වන මූල්‍ය බරෙන් සහනයක් ලබා ගැනීම පිණිස නිවාස ණයක් ලබා ගැනීමට තීරණය කරති.

ඔක්තෝබර් 2021 පුද්ගල ණයක් ලබා ගැනීමට පෙර සලකා බැලිය යුතු කරුණු 6 ක්
ඔක්තෝබර් 2021

ඔබ ඔබගේ පවුලේ අය හොඳ නිවාඩුවක් ගත කිරීමට රැගෙන යාමට සිහින මවමින් සිටිනවාද? එසේත් නැති නම් සමහරවිට ඔබ විශාල විවාහ මංගල උත්සවයක් සැලසුම් කරමින් සිටින බැවින් වැඩකටයුතු සිදු කර ගැනීමට අමතර මුදලක් අවශ්‍යව සිටිනවා විය හැක. හේතුව කුමක් වුවත්, ඔබට කෙටි කාලීන වශයෙන් ඔබගේ මූල්‍ය කළමනාකරණය කර ගැනීම සඳහා සුළු උපකාරයක් අවශ්‍ය නම්, පුද්ගල ණයක් ලබා ගැනීම ඔබගේ මූල්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා ඇති කදිම විසඳුමකි.

සැප්තැම්බර් 2021 ව්‍යාපාර ණයක් ලබා ගැනීමට හේතු 8 ක්
සැප්තැම්බර් 2021

ඔබ ඔබගේ ම කුඩා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අදහස් කරන ව්‍යාපාරිකයෙක් විය හැකිය, එසේත් නැතිනම් ඔබගේම ව්‍යාපාරය පුළුල් කර ගැනීමට අදහස් කරන පළපුරුදු ව්‍යාපාරිකයෙක් වියහැකිය. ඔබ කුමන තරාතිරමක ව්‍යාපාරිකයකු වුවද, ව්‍යාපාර ණයක් හෝ බැංකු ණයක් ලබා ගැනීම ඔබගේ ව්‍යාපාරයට අරමුදල් යෙදවීම සඳහා ඇති පහසුම ක්‍රමයයි. ව්‍යාපාර ණයක් ඉල්ලුම් කිරීමට හේතුවන කරුණු ගණනාවක් තිබිය හැකි නමුත් ඔබ එම ණය මුදල ලබා ගත යුත්තේ නිවැරදි හේතූන් මතය.

අගෝස්තු 2021 සැපයුම් දාම මූල්‍යකරණය (Supply Chain Financing) පිළිබඳ ඔබ විසින් දැන ගතයුතු සියලු දේ
අගෝස්තු 2021

සැපයුම් දාම මූල්‍යකරණය (Supply Chain Financing) යනු අත්‍යවශ්‍යයෙන්ම නිෂ්පාදනය සඳහා මුදල් ලබාදෙමින් තෙවන පාර්ශ්වයකගේද සහාය සහිතව භාණ්ඩ හා සේවා නිෂ්පාදනය හා බෙදාහැරීමයි. ප්‍රතිලෝම සාධකකරණය ලෙසද හැඳින්වෙන එමගින්, මුදල් අත්තිකාරමක් මගින් සිය සැපයුම්කරුවන් වෙත කල්තබා මුදල් ගෙවීමේ හැකියාව සමාගම්වලට සලසනු ලබයි. කර්මාන්ත සහභාගිකරුවන් සඳහා ගනුදෙනු පිරිවැය අඩු කිරීමට අවකාශ සලසන බැවින්, එමගින් සමාගම්වලට පරිමාණයන් සලකා බලමින් ජාත්‍යන්තර වශයෙන් තරග කිරීමටද උපකාරයක් ලැබේ.

ජූලි 2021 විශ‍්‍රාම ගැනීම සැලසුම් කිරීම සඳහා ඉතා වටිනා මාර්ගෝපදේශයක්
ජූලි 2021

විශ‍්‍රාම ගැනීම යනු ඔබ රැුකියාව කිරීම නවත්වා අවසානයේ දී ඔබ වෙහෙස මහන්සි වී උපයා ගත් ඔබගේ ශ‍්‍රමයෙහි ප‍්‍රතිඵල බුක්ති විඳින කාලයයි. බොහෝ විට එය ඔබගේ ජීවිතයේ ස්වර්ණමය අවධිය ලෙස සැලකෙයි. කෙසේ වෙතත්, අනාගතයේදී ඔබට ප‍්‍රීතිමත් විශ‍්‍රාම දිවියක් උදා කර ගැනීමට නම්, ඔබ විශ‍්‍රාම සැලැස්මක් සකස් කර ගත යුතුය.

ජූනි 2021 ඉතිරිකිරීමේ ගිණුමක් වැදගත් වීමට හේතු 5 ක්
ජූනි 2021

ඔබ ඔබගේ එදිනෙදා වියදම සඳහා ලැබෙන මුදල ඉතිරි කරන ශිෂ්‍යයෙකු හෝ වැසි දිනයකදී වියදම් කිරීම සඳහා මුදලක් ඉතිරි කරන, නිවසේ රැඳී සිටින දෙමව්පියෙකු විය හැක - මුදල් ඉතිරි කිරීමේ ක්‍රියාව ඔබට ඔබතුළම ගොඩනගා ගත හැකි, ඔබගේ ජීවිත කාලය පුරාවට ම වැදගත් වන හොඳම පුරුදු වලින් එකක් වේ. ඔබ නව මෝටර් රථයක් හෝ නව නිවසක් මිලදී ගැනීමට සිහින දකිමින් වෙහෙස මහන්සි වී වැඩ කරන සේවකයෙකු නම්, ඔබට ඔබගේ සිහිනය සැබෑ කර ගැනීමට ඇති හොඳම ක්‍රමය වන්නේ ඔබගේ මාසික ආදායමෙන් කොටසක් ඉතිරි කර ගැනීමයි.

මැයි 2021 රන් ණය පහසුකමක් යනු කුමක්ද සහ එය ක්‍රියාත්මක වන්නේ කෙසේද?
මැයි 2021

ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා රටවල රත්‍රන් එහි මුල්‍යමය වටිනාකම නිසා පමණක් නොව එයින් ප්‍රකාශ වන හැඟීම් නිසා ද ගෞරවයට පාත්‍ර වේ. බොහෝ පුද්ගලයින්ට රන් ආභරණ උරුම වන අතර, අනාගත ආයෝජන ලෙස රන් කාසි මිලදී ගැනීම හෝ තෑගි ලෙස ලැබීම ද සිදු වේ. එහෙත් මෙම වටිනා ලෝහය හදිසි මූල්‍ය අවශ්‍යතාවයක දී මුදල් ප්‍රවාහ උත්පාදනය කිරීම සඳහා භාවිතා කළ හැකි විශිෂ්ට වත්කමක් බව ඔබ දන්නවාද? රන් ණය පිළිබඳව සහ ඒවා ගැන ඔබ දැනගත යුතු සියල්ල පිළිබඳ තවදුරටත් කියවන්න.

අප්‍රේල් 2021 මූල්‍ය ස්වාධීනත්වය සඳහා සූදානම් වීමට ඔබගේ දරුවන්ට උපකාර කරන්නේ කෙසේද?
අප්‍රේල් 2021

මූල්‍ය ස්වාධීනත්වය පිළිබඳ ඉගැන්වීම ඔබට ඔබගේ දරුවන්ට ඉගැන්විය හැකි හොඳම දේ විය හැක. ඔබේ දරුවන්ට මෙම මට්ටමට ළඟා වීමට ඔවුන්ට උදව් කළ හැකි බොහෝ ක්‍රම තිබේ. සරල ළමා ඉතිරිකිරීමේ ගිණුමක් ආරම්භ කිරීමේ සිට අර්ධකාලීන රැකියාවක් ලබා ගැනීමට ඔවුන් දිරිමත් කිරීම දක්වා වූ අසීමිත ක්‍රම රාශියක් තිබේ.

මාර්තු 2021 අලුතින් ආරම්භ කරන ව්‍යාපාරයක් සඳහා මූල්‍ය පහසුකම් ලබා ගත හැකි ක්‍රම 4 ක්
මාර්තු 2021

අලුතින් ආරම්භ කරන ව්‍යාපාරයක් යනු ඕනෑම අයෙකුගේ අපේක්ෂා සහගත ව්‍යාපෘතියකි. කාලය හා මුදල් සම්බන්ධයෙන් ගත් විට, ඒ සඳහා විශාල උත්සාහයක් අවශ්‍ය වේ. බොහෝ අවස්ථාවන්හීදී, පුද්ගලයින් කාලය යෙදවීමට සූදානම්ව සිටින නමුත් ඔවුන්ට ප්‍රමාණවත් මූල්‍ය සහායක් නොමැත. එහෙත් ඔවුන් තුළ බලාපොරොත්තුව ඇත.

පෙබරවාරි 2021 ඔබගේ අලුත් කුඩා ව්‍යාපාරයට ක්ෂුද්‍ර ණය උපකාරී වන්නේ කෙසේද?
පෙබරවාරි 2021

ණයක් යනු අපට රළු මූල්‍ය තත්වයන්ගෙන් මිදීමට හැකි කරවන මූල්‍ය මෙවලමකි. කෙසේ වෙතත්, සාම්ප්‍රදායික පුද්ගල ණයක් ලබා ගැනීමේදී නියමාවලි කිහිපයක් ඇති අතර, ණය ගෙවීමට වසර කිහිපයක් ගතවනු ඇත. එහෙත්, ක්ෂුද්‍ර ණය ඒ හා සමාන ම මූල්‍ය උපකරණ වන නමුත් ඒ සඳහා කෙටි ආපසු ගෙවීමේ කාලයක් ඇති අතර අනුගමනය කළ යුතු දැඩි නියමාවලි නැත.

ජනවාරි 2021 නව වසරට මූල්‍ය අරමුණු 5ක්
ජනවාරි 2021

නව වසරක්, නව අභිලාශයන් හා සාක්ෂාත් කරගත යුතුවන නව අරමුණු. ඔව්,පෙර වසර ඔබගේ ඉලක්කයන් සාක්ෂාත් කරගැනීම බොහෝ දුෂ්කර කාර්යයක් බවට පත්කරන ලද ගෝලීය වසංගත තත්ත්වයට අදාළ බාධාවන්ගෙන් පිරි වසරක් වූවා විය හැක. කෙසේ වුවද, එය නව වසර සඳහා වඩා යහපත් මූල්‍ය හැකියාවන් වෙනුවෙන් සැලසුම්කරණය වෙනුවෙන් ලද පාඩමක් සේ සලකන්න.

දෙසැම්බර් 2020 පුද්ගලික ණය මුදලක් යනු කවරක්ද? පූර්ණ මා‍ර්ගෝපදේශකයක්
දෙසැම්බර් 2020

පුද්ගලික ණය යනු කරුණු කිහිපයක් සඳහා අවශ්‍ය මූල්‍යකරණයෙහි ලා පරමාදර්ශී වන ප්‍රයෝජනවත් පහසුකම් වේ. හදිසි වෛද්‍ය බිල්පත් සඳහා හෝ, මිල අධික මිලදී ගැනීම් හෝ අධ්‍යාපන කටයුතු ආදිය සඳහා වේවා, වර්තමානයේ පුද්ගලික ණය වර්ග ගණනාවක් පවතී.

නොවැම්බර් 2020 නිවාස ණයවල වැදගත්කම
නොවැම්බර් 2020

වේගයෙන් ඉදිරියට ගමන් කරන්නාවූ ආර්ථිකයක් තුළ නිවාස ණය යනු නිවසක් මිලදි ගැනීම සඳහාවූ වැදගත් හා ප්‍රයෝජනවත් මූල්‍යමය මෙවලමක් බවට පත්ව ඇත. HNB FINANCE ආයතනය විසින් ලබාදෙනු ලබන නිවහන නිවාස ණය මගින් ශ්‍රී ලංකාවේ සෙසු මූල්‍යායතන හා සන්සන්දනාත්මකව ඔබගේ සිහින නිවහන ගොඩනැගීම සඳහා වූ නම්‍යශීලි විකල්ප ඉදිරිපත් කරන බැවින් එමගින් මෙම වර්ගයේ ණය මුදල් වඩාත් සිත්ගන්නා සුළු ඒවා බවට පත්කර ඇත.

ඔක්තෝබර් 2020 ස්ථාවර තැන්පතු: ඒවා ක්‍රියාත්මකවන ආකාරය හා ඒවාහි ප්‍රයෝජන
ඔක්තෝබර් 2020

වර්තමානයේ ඔබගේ ඉතුරුම් වර්ධනය කිරීමේ විධි ගණනාවක් පවත්නා අතර ඒවා අතරින් බොහොමයක් තුළම ඉහළ ප්‍රතිලාභ ලබාදෙන බවට සහතිකයක්ද පවතී. ස්ථාවර තැන්පතු යනු එවන් එක් ජනප්‍රිය ආයෝජන වර්ගයකි.

සැප්තැම්බර් 2020 ඉතිරිකිරීමේ ගිණුමක් මගින් පසුබෑමක් සඳහා කල්තබා සැලසුම් කිරීම
සැප්තැම්බර් 2020

ඉතිරි කිරීමේ ගිණුමක් පුද්ගලයින්ට ස්ථාවර මූල්‍ය තත්වයක් පවත්වා ගැනීමට විවිධ ආකාරවලින් උපකාරී වන බැවින් ඉතිරි කිරීමෙ ගිණුම් වර්තමානයේ ඉතා වැදගත් මූල්‍ය මෙවලම් බවට පත්වී තිබේ. ඉතිරිකිරීමේ ගිණුම්වල එක් ප්‍රධාන වාසියක් වන්නේ ආර්ථික පසුබෑමක් ඇති කාලවලදී එය පහසුකමක් ලෙස භාවිතා කිරීමට හැකි වීමයි. කෙසේ වෙතත් එය එසේ වාසිදායක වන්නේ එය බුද්ධිමත්ව භාවිතා කරන්නේ නම් පමණි.

අගෝස්තු 2020 ඔබගේ දරුවා සඳහා වඩාත් සුදුසු ළමා ඉතුරුම් ගිණුම තෝරාගන්න
අගෝස්තු 2020

වගකිවයුතු මවක/පියෙකු වශයෙන් ඔබගේ වගකීම වනුයේ ඔබගේ දරුවාගේ මතු අනාගතය උදෙසා ඔහු/ඇය වෙනුවෙන් ස්ථාවර මූල්‍ය පසුබිමක් සකස් කිරීමයි. කෙසේ වුවද, ඔබගේ එදිනෙදා ජීවිතයේදී ඔබට දැරීමට සිදුවන වියදම් හේතුකොට එම කාර්යය දුෂ්කර එකක් විය හැක.

ජූලි 2020 රිලැක්ස් පුද්ගලික ණය සමගින් නව වසර භුක්ති විඳින්න
ජූලි 2020

අළුත් අවුරුද්දක් සමීපයටම පැමිණ ඇති මේ මොහොතේ එය හැකි යහපත්ම ආකාරයෙන් අත් විඳිමින් ඉන් උපරිම ඵල නෙළා ගැනීමට ඔබට අවශ්‍ය වීම ස්වභාවික දෙයක් වන නමුත්, මූල්‍ය දුෂ්කරතා හේතුකොට එවැන්නක් ක්‍රියාවෙහි යෙදවීම ඉතා දුෂ්කර විය හැක. කණගාටු නොවන්න. එළැඹෙන නව වසරේ උපරිම ඵල නෙළාගැනීමට ඔබට, ඔබගේ මිතුරන්ට හා පවුලේ සාමාජිකයන් හටද හැකිවනු පිණිස ඔබගේ සියලු මූල්‍ය අවශ්‍යතා වෙනුවෙන් අවශ්‍ය සහාය ලබාදීමට HNB FINANCE ආයතනය සූදානම්ව සිටී.

ජූනි 2020 ගැළපෙන ණය ක්‍රමයක් සමගින් දියුණුව අත්කර ගන්න
ජූනි 2020

සීමා හා නියමාවලි මගින් ගනුදෙනු වලට තවදුරටත් බාධා නොවන සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ දියුණුව මගින් තවදුරටත් විප්ලවීය වෙනසක් සිදු වී ඇති ලෝකයක, පුද්ගලයින්ට ලෝකය තුළ මුහුණ දීමට සිදු වී ඇති බොහෝ සාධක සලකා බැලීමේදී, ඉටු කිරීමට තරමක් අපහසු තරම් මට්ටමකට මානව අවශ්‍යතා විශාල වශයෙන් වැඩි වී ඇත.

මැයි 2020 ඔබගේ ව්‍යවසායක සිහින සැබෑ කරගන්න
මැයි 2020

අන්‍යයන් සඳහා වැඩ කර දෙන ලෝකයක, තමන් වෙනුවෙන් වැඩ කිරීමේ නිර්භීත පියවර ගන්නා, තමන්ගේ ම ව්‍යාපාරයක් ආරම්භ කරන අය ද සිටිති. ඔබ ඔබගේ ආශාව හඹා යන විට අපි ඔබගේ සිහින අවබෝධ කර ගෙන එයට සහාය දෙන්නෙමු.

අප්‍රේල් 2020 HNB FINANCE අධ්‍යාපන ණය හඳුන්වා දෙයි
අප්‍රේල් 2020

උසස් අධ්‍යාපනය යනු වැදගත් පිය ගැටයක් වන අතර එය වඩා යහපත් අනාගතයක් උදෙසා සිදු කරනු ලබන ආයෝජනයක්ද වේ. එය ඕනෑම පුද්ගලයෙකු අපේක්ෂා කරන මූලික සුදුසුකම වන නමුදු ඒ සඳහා දැනුම, ලාලසාව, කාලය හා කැපවීමට වැඩියෙන් බොහෝ දේ අවශ්‍ය වේ.

මාර්තු 2020 ඔබගේ සිහින නිවහන මිලදී ගැනීම සඳහා වූ පියවර 5
මාර්තු 2020

ඔබත් ඔබගේ සිහින නිවහනක හිමිකරුවෙකු වීමට අදහස් කරන්නේද? ඉඩමක් මිලදී ගැනීම හෝ නිවසක් මුළ සිටම ඉදිකිරීම, හෝ ඉදිකර ඇති නිවසක් මිලදී ගෙන එය ඔබ සතුකර ගැනීම ආදී වශයෙන් අප සියලු දෙනා තුළ එම අදහස පවතී.

පෙබරවාරි 2020 ආරම්භකයින් සඳහා වාහන කල්බදු
පෙබරවාරි 2020

තමන්ගේ ම වාහනයක් පදවාගෙන යාමට ලැබීම බොහෝ දෙනාට යම් වයසකදී තම ජීවිතයේ අපේක්ෂාවන් අතරින් ඉතා වැදගත් සන්ධිස්ථානයක් වේ. එකම වාහනය වසර කිහිපයකට වඩා වැඩි කාලයක් තබා ගැනීමට සැලසුම් නොකරන හෝ එකවර වැඩි වියදමක් දැරීමට සිදු නොවී වාහනයක් හිමි කර ගැනීමට අපේක්ෂා කරන අයට ඒ සඳහා ඇති වඩාත් ම ආරක්ෂිත විකල්පය වේ කල්බදු පහසුකමක් ලබා ගැනීම වේ.