බ්ලොග්

නව වසරට මූල්‍ය අරමුණු 5ක්

නව වසරක්, නව අභිලාශයන් හා සාක්ෂාත් කරගත යුතුවන නව අරමුණු. ඔව්,පෙර වසර ඔබගේ ඉලක්කයන් සාක්ෂාත් කරගැනීම බොහෝ දුෂ්කර කාර්යයක් බවට පත්කරන ලද ගෝලීය වසංගත තත්ත්වයට අදාළ බාධාවන්ගෙන් පිරි වසරක් වූවා විය හැක. කෙසේ වුවද, එය නව වසර සඳහා වඩා යහපත් මූල්‍ය හැකියාවන් වෙනුවෙන් සැලසුම්කරණය වෙනුවෙන් ලද පාඩමක් සේ සලකන්න. ඔබ සම්බන්ධ කටයුතු වඩාත් පහසු කරවනු පිණිස නව වසරේ සාක්ෂාත් කරගැනීම සඳහා ඔබ විසින් උත්සාහ දැරිය යුතු මූල්‍ය අරමුණු පහක් මෙහි දක්වමු.

අයවැයකරණය ආරම්භ කරන්න

නව වසර සඳහා පනවාගත යුතුවන පළමු අරමුණ නම් ඔබගේ වියදම් අයවැයකරණය කිරීමයි. තමා ලබන ආදායම ලද විගස වියදම් කිරීමේ පුරුද්දක් බොහෝ දෙනෙකු තුළ පවත්නා අතර එය දුර්වල මූල්‍ය විනයක් ප්‍රදර්ශනය කරන පුරුද්දකි.

අපගේ නිරතුරු වර්ධනය වන උවමනාවන් සමගින් මූල්‍ය විනයක් පවත්වාගෙන යාම සැබැවින්ම දුෂ්කර කාර්යයකි. කෙසේ වුවද, මූල්‍ය සැලැස්මක් ඇතිකර ගැනීම ඔබට වඩාත් වගකීමෙන් බැඳි පුද්ගලයෙකු බවට පත්වීමට උපකාරයක් වනු ඇති අතර ඔබ තමා සැලසුම් කර ඇති දෙයට අනුව කටයුතු නොකරන විටදී වඩාත් වගවිය යුතුය යන හැඟීමක් එමගින් ඇතිකරනු ඇත. ඔබට ඔබගේ අයවැය මාසික හෝ වාර්ෂික පදනමින් සැලසුම් කළ හැක.

ණය ගෙවා දමා අනාගත ණය ගැනීම්වලින් වළකින්න

වසංගත කාලය තුළ ලෝක ආර්ථිකයට ඉමහත් පීඩාවකට පත්වීමට සිදුවූයේය යන්න අප සියලු දෙනා දුටු දෙයකි. ලෝකය ක්‍රමානුකූලව යථා තත්ත්වයට පත්වෙමින් පවත්නා නමුත් ණයගැති බවට පත්වීම සම්බන්ධයෙන් සලකා බලන කල නිරතුරු කණගාටු වීමට වඩා ආරක්ෂිත තත්ත්වයක පසුවීම යහපත්ය.

හැකිතාක් විගස ඔබගේ ණය මුදල් ගෙවා දැමිය හැකි ආකාරයෙන් ඔබගේ අයවැය සැලසුම් කරන්න. නිවාස ණය මුදලක් වේවා, පුද්ගලික ණය මුදලක් වේවා, වාහන කල්බදු ණයක් වේවා නිරතුරු ඒවා ගෙවා දැමීමේ කටයුත්තට ප්‍රමුඛතාවය ලබාදිය යුතුය. මෙයාකාරයෙන් ඔබගේ ආදායම වියදම් කිරීම මගින් වෙනත් නිෂ්පාදන මිලදී ගැනීම සඳහා ඔබගේ වැයකළ හැකි ආදායම හඳුනා ගැනීමට උපකාරයක් ලැබේ. තවද, ඔබට හැකිතාක් ණය ගැනීම් වළකාලීමට හැකිවන ආකාරයට ඔබගේ මූල්‍ය කටයුතු සැලසුම් කරන්න.

වැඩියෙන් ඉතිරි කරන්න

ජනතා උවමනාවන් නිරතුරු වර්ධනය වෙමින් පවත්නා බැවින් මුදල් ඉතිරි කිරීම යනු වර්තමාන ලෝකය තුළ සිදුකළ හැකි දේ අතරින් දුෂ්කරම දෙයකි. වැඩි වැඩියෙන් ඉතිරි කිරීමේ වඩාත් යහපත් ආකාරයක් වනුයේ ඔබට සැබැවින්ම අදාළ නිෂ්පාදනය වෙනුවෙන් මුදල් වැය කිරීමට අවශ්‍ය වන්නේද යන පැනය විමසීමයි.

ඉතුරුම් වර්ධනය කරගැනීමේ තවත් විධියක් වනුයේ HNB FINANCE ඉතුරුම් ගිණුමක් ආරම්භ කොට එම ගිණුම හරහා සිදු කෙරෙන සෑම ගනුදෙනුවක් සම්බන්ධයෙන්ම ජංගම ඇඟවුම් නිවේදන (mobile alerts) ක්‍රියාත්මක කිරීමයි. එම සිහි කැඳවීම ඔබගේ ද්‍රව්‍ය මිලදී ගැනීම් සම්බන්ධව සැලකිලිමත් වීමට උපකාරී වනු ඇත. සෑම මසකම ඔබගේ ඉතුරුම් ඉහළ නංවන්නාවූ HNB FINANCE ආයතනයේ ඉතුරුම් ගිණුම තුළ හොඳම මට්ටමේ පොළී අනුපාතිකයන්ද අන්තර්ගතය.

වැයකරන සෑම ශතයක්ම ගණනය කරගන්න

ඔබ ඔබගේ අයවැය ප්‍රතිපත්තියට අනුකූලව කටයුතු කරන්නේද, නැත්ද යන කරුණ සොයාගැනීමට හැකිවනු පිණිස නව වසර සඳහා වූ ඔබගේ ගිණුම්කරණ කුසලතාවයන් නවීකරණය කරගන්න. විශේෂ ගිණුම්කරණ යෙදවුම් හා මෘදුකාංග (apps and software) වැනි විකල්ප විධික්‍රම පවත්නා බැවින් ලෙජර් සකස් කොට සෑම ගනුදෙනුවක්ම ලියා තැබීමක් අවශ්‍යම නොවේ. මෙම තාක්ෂණික විකල්ප යොදාගැනීම තුළින් සෑම මසකම ඔබ විසින් වියදම් කරන හා ඉතිරි කරන ප්‍රමාණය පිළිබඳ නිවැරදි ගණන් හිලව් ලබාගැනීමට ඔබට හැකිවනු ඇත. තවද, උපයෝගිතා සේවාවන් හා බදු වෙනුවෙන්ද ගෙවිය යුතුව පවත්නා මුදල් ප්‍රමාණයන් හඳුනා ගැනීමට ඔබට හැකිවනු ඇත. සෑම ආදායමක් හා වියදමක් සම්බන්ධයෙන්ම ගිණුම්කරණය සිදුකිරීම මගින් ඔබට හදිසි අවස්ථාවන් හා වෙනත් වැදගත් අවස්ථාවන් වෙනුවෙන්ද මුදල් වෙන්කොට තැබීමට අවකාශ සලසනු ඇත.

ආයෝජන කටයුතු අරඹන්න

ආයෝජනය හරහා නව වසර වෙනුවෙන් දෙවන ආදායම් මාර්ගයක්ද ඇතිකර ගැනීමේ අරමුණක් පිහිටුවා ගන්න. එය නව ව්‍යාපාරයක් වේවා, මිතුරෙකුගේ ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරීමක්, කොටස් වෙළඳපල, හෝ හුදෙක් ස්ථාවර තැන්පතුවක් හෝ වේවා ඔබට ධනාත්මක ආයෝජන ප්‍රතිලාභයක් (ROI) ලැබීමේ හැකියාවක් පවතී.

ඔබට සිදුකළ හැකි වඩාත් ආරක්ෂිත ආයෝජනයන් අතරින් එකක් වනුයේ HNB FINANCE සමාගමෙහි ස්ථාවර තැන්පතුවක් ආරම්භ කිරීමයි. අපගේ ස්ථාවර තැන්පතු පොළී අනුපාත මගින් ඔබට ඔබගේ ආයෝජනයෙන් උපරිම ප්‍රතිලාභ ලැබීමේ අවස්ථාව ලබාදෙනු ලබයි. තවද, ඔබට පොළී මුදල මාසික, වාර්ෂික හෝ කල් පිරීමේ පදනමින් ලබාගැනීමේ හැකියාවද ඇත. වඩාත් අවදානම්කාරී මූලාරම්භයන් ගත හැකි තත්ත්වයක ඔබ පසුවන්නේ නම්, කොටස් වෙළඳපල හෝ නව ව්‍යාපාරයක් ආරම්භ කිරීම වඩාත් යහපත් විකල්පය වේ.

දැන් ඔබ සතු දැනුම උපයෝගයෙන්, ඔබට ඔබගේ මූල්‍ය අරමුණු හැකි වඩාත් කාර්යක්ෂම ආකාරයෙන් සැලසුම් කළ හැකිවන අතර නව වසරේ අභියෝගයනට විශ්වාසයෙන් යුතුව මුහුණ දීමටද හැකිවේ.