බ්ලොග්

ආරම්භකයින් සඳහා වාහන කල්බදු

තමන්ගේ ම වාහනයක් පදවාගෙන යාමට ලැබීම බොහෝ දෙනාට යම් වයසකදී තම ජීවිතයේ අපේක්ෂාවන් අතරින් ඉතා වැදගත් සන්ධිස්ථානයක් වේ. එකම වාහනය වසර කිහිපයකට වඩා වැඩි කාලයක් තබා ගැනීමට සැලසුම් නොකරන හෝ එකවර වැඩි වියදමක් දැරීමට සිදු නොවී වාහනයක් හිමි කර ගැනීමට අපේක්ෂා කරන අයට ඒ සඳහා ඇති වඩාත් ම ආරක්ෂිත විකල්පය වේ කල්බදු පහසුකමක් ලබා ගැනීම වේ. ඔබගේ පළමු වාහනය කල්බදු පහසුකමන් යටතේ මිලදී ගැනීමට තීරණය කිරීමට පෙර ඔබ දැනගත යුතු සියලු දේ පිළිබඳ මූලික දැනුමක් මෙම ආරම්භකයින් සඳහා වන මාර්ගෝපදේශය මගින් ලබා දෙනු ඇත.

එච්.එන්.බී. ෆිනෑන්ස් සමාගමෙන් කල්බදු පහසුකමක් ලබා ගැනීම සඳහා සපුරාලිය යුතු අවශ්‍යතා:

එච්.එන්.බී. ෆිනෑන්ස් සමාගම වයස අවුරුදු 18 ට වැඩි ඕනෑම අයෙකුට යතුරුපැදිවල සිට මෝටර් රථ දක්වා ඕනෑම වාහනයක් මිලදී ගැනීමට කල්බදු පහසුකම් සපයා දෙයි.

කල්බදු පහසුකමක් ලබා ගැනීම සඳහා අවශ්‍ය කරන ලියකියවිලි සහ මුදල් අත්තිකාරම් පහත සඳහන් පරිදි වේ:

  • වලංගු හැඳුනුම්පතක ඡායා පිටපතක් (ජාතික හැඳුනුම්පත, රියදුරු බලපත්‍රය, විදේශ ගමන් බලපත්‍රය)
  • සැපයුම්කරුගෙන් ඉන්වොයිසියක්
  • අවම මූලික ගෙවීමක්
  • තමන්ගේ ආපසු ගෙවීමේ හැකියාව සනාථ කෙරෙන ලියවිලි (ආදායම් සහතික සහ බැංකු ප්‍රකාශන හෝ වැටුප් විස්තර)
  • ව්‍යාපාර ලියාපදිංචි සහතිකය සහ විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශන (සමාගම් සඳහා)
  • බිල්පත්

ඉදිරියට සැලසුම් කරන්න:

ඔබ ආශා නොකරන හෝ ඔබේ අවශ්‍යතාවන්ට නොගැළපෙන වාහනයක් කල්බදු ක්‍රමයට ලබා ගැනීමට සිදුවීමෙන් වැළකීම සඳහා ඔබ ඉදිරිය සැලසුම් කළ යුතුය. වටිනාකම අඩුවෙන් ක්ෂය වන වාහනයක් යන්නෙන් මාසික ගෙවීම සඳහා ඔබට අඩු මුදලක් වැය කිරීමට සිදුවන බව අදහස් විය හැකි නිසා කාලයත් සමග වටිනාකම අඩු නොවන වාහනයක් සොයා ගැනීම ද අත්‍යාවශ්‍ය වේ.

ඔබට වැය කළ හැකි මුදල තීරණය කරන්න:

කල්බදු පහසුකමක් යටතේ ඔබ ලබා ගන්නා වාහනයක් සඳහා ඔබට වෙන් කළ හැකි මුදල ඔබගේ ජීවන රටාව අනුව වෙනස් විය හැකිය. එම නිසා, අවම වශයෙන් ඉදිරියට මාස කිහිපයක් සඳහා වත් ඔබගේ අයවැය සකස් කර, ඔබ කැමති වාහනය පිළිබඳ තීරණය කරන්න. ඔබ අයවැය ගණනය කරන විට, ඔබ පහත සඳහන් කරුණු ද සැලකිල්ලට ගත යුතුය:

රක්ෂණය: විශේෂයෙන් ම, ඔබගේ වාහනය කල්බදු පහසුකම් යටතේ ලබා ගත් එකක් නම් ඒ සඳහා රක්ෂණ ආවරණයක් තිබීම අනිවාර්ය වේ. වාහනය රක්ෂණය කළ පසු, ඔබගේ කල්බදු සමාගම වන HNB FINANCE වෙත එම රක්ෂණය පිළිබඳ විස්තර ලබා දෙන්න.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ගාස්තු: ඔබගේ වාහනය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීම සඳහා ගෙවිය යුතු ගාස්තු ප්‍රමාණය  ඔබේ වාහනයෙහි වර්ගය අනුව වෙනස් වේ. ඔබගේ වාහනය ලියාපදිංචි කිරීම සඳහා වන ඇස්තමේන්තුව පහත සබැඳිය මගින් පරීක්ෂා කරගන්න:

…………………………………….

මුද්දර ගාස්තු: ගෙවිය යුතු මුද්දර ගාස්තු පිළිබඳව දැනගැනීම සඳහා ශ්‍රී ලංකා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර ඇති ලේඛනය වෙත ප්‍රවේශ වන්න. www.ird.gov.lk

වාහනයේ කල්බදු කාල සීමාව:

කල්බදු කාල සීමාව ඔබේ අවශ්‍යතාවය මත තීරණය කළ හැක. ඔබ නිතර නිතර වාහන වෙනස් කිරීමට අදහස් කරන්නේ නම් කෙටිකාලීන කල්බදු ක්‍රමයක් තෝරා ගන්න. ඔබ මධ්‍ය කාලීන වශයෙන් ඒ සඳහා මුදල් වෙන් කරන්නේ නම් දිගු කාලීන කල්බදු ක්‍රමයක් තෝරා ගන්න.

ධාවනය කරන දුර ප්‍රමාණය:

ඔබ වාහනය සඳහා කලුබදු පහසුකම ලබා ගැනීමට පෙර ඔබගේ වාහනය ධාවනය කරනු ලබන ඇස්තමේන්තුගත දුර ප්‍රමාණය සඳහන් කළ යුතුය; මන්ද යත් ඔබට අවසර ලැබෙන ප්‍රමාණය ඉක්මවා ඔබ වාහනය ධාවනය කරවන සෑම කිලෝමීටරයක් ​​සඳහා ම අමතර මුදලක් අය කරන නිසා ය. එබැවින්, ගෙවීමට සිදු වන මුදල අඩු කර ගැනීමේ අපේක්ෂාවෙන් දුර ප්‍රමාණය අඩුවෙන් තක්සේරු කර සඳහන් නොකරන්න.

වාහනයක් කල්බදු ගැනීමෙන් ලැබෙන වාසි:

කල්බදු විවිධ ආකාරවලින් ප්‍රයෝජනවත් වේ. එමගින් ඔබට නවතම ආරක්ෂක අංග, තාක්‍ෂණික දියුණුව සහ ඉන්ධන කාර්යක්ෂමතාවය සහිත අලුත් ම වාහනයක් පැදවීමට අවස්ථාව හිමි වෙයි. එමෙන් ම, කල්බදු විකල්පය ඔබව දිර්ඝකාලීන වගකීමකින් බැඳ නොතබයි; එබැවින් එය ඔබට නවතම වාහනයක පහසුව අත්විඳීමට ඉඩ සලසා දෙන අතර ම මනසෙහි නිදහස ද ඇති කර දෙයි.

එපමණක් නොව, ඔබ HNB FINANCE සමාගමෙන් කල්බදු පහසුකමක් මිලදී ගන්නා විට ඔබට ඔබ‍ගේ මාසික ආදායම අනුව අඩු මාසික වාරික, පුද්ගලයාගේ අවශ්‍යතාවය අනුව ලබා දෙන එක්දින සේවාව, ඔබ සිටින ස්ථානයට ම පැමිණ සහාය වීම සහ ලියාපදිංචි සහ ලියාපදිංචි නොකළ වාහන සඳහා කල්බදු පහසුකම් ලබා දීම වැනි ප්‍රතිලාභද ඔබට භුක්ති විඳිය හැක. තවත් වැදගත් කරුණක් නම්, ඔබේ පහසුව සඳහා ඔබට කඩිනමින් ප්‍රවේශ විය හැකි පරිදි දිවයින පුරා පිහිටි ශාඛා ජාලයන් තිබීම යි. ඔබට උපකාරී වීම පිණිස මාර්ගගත කල්බදු ගණකය භාවිතා කරන්න!