සැපයුම් දාම මූල්‍යකරණය (Supply Chain Financing) පිළිබඳ ඔබ විසින් දැන ගතයුතු සියලු දේ

සැපයුම් දාම මූල්‍යකරණය (Supply Chain Financing) යනු අත්‍යවශ්‍යයෙන්ම නිෂ්පාදනය සඳහා මුදල් ලබාදෙමින් තෙවන පාර්ශ්වයකගේද සහාය සහිතව භාණ්ඩ හා සේවා නිෂ්පාදනය හා බෙදාහැරීමයි. ප්‍රතිලෝම සාධකකරණය ලෙසද හැඳින්වෙන එමගින්, මුදල් අත්තිකාරමක් මගින් සිය සැපයුම්කරුවන් වෙත කල්තබා මුදල් ගෙවීමේ හැකියාව සමාගම්වලට සලසනු ලබයි. කර්මාන්ත සහභාගිකරුවන් සඳහා ගනුදෙනු පිරිවැය අඩු කිරීමට අවකාශ සලසන බැවින්, එමගින් සමාගම්වලට පරිමාණයන් සලකා බලමින් ජාත්‍යන්තර වශයෙන් තරග කිරීමටද උපකාරයක් ලැබේ.

සමාගම්වල මූල්‍යමය යහසාධනයෙහි ලා අත්‍යවශ්‍ය කාර්ය භාරයක් ඉටු කරන්නාවූ සැපයුම් දාම මූල්‍යකරණය, ඉහළ-පහළ යන්නාවූ භාණ්ඩ මිලෙන් සිදුවන බලපෑමෙන් ව්‍යාපාර ආරක්ෂා කර ගැනීමටද උපකාරී වේ. තවද, තොග අලෙවිකරුවන්, නිෂ්පාදකයන්, සිල්ලර අලෙවිකරුවන් හා අවසන් පාරිභෝගිකයන් අතර පවත්නා ගනුදෙනු අවශ්‍යතාවයන් විධිමත් ලෙස සංවිධානය කිරීමෙන් ව්‍යාපාරයනට සිය කාර්යක්ෂමතාවය වර්ධනය කරගත හැකි වේ. තවද, එමගින් නිෂ්පාදකයන් හට බාධාවකින් තොරව සැපයුම් දාම ක්‍රියාවලීන්හි නිරත වීමට හැකියාව ලැබෙන අතර, එමගින් වෙළඳපල ඉල්ලුම් සපුරාලීමේ වඩා ඉහළ හැකියාවක් ඇති කරවනු ලබයි.

HNB ෆිනෑන්ස් වැනි සහතික කරන ලද ආයතනයන් මගින් ලබාදෙනු ලබන සැපයුම් දාම මූල්‍යකරණ සේවාවන් බොහෝ සමාගම් විසින් සිය ලාභදායකත්වය, විශ්වසනීයත්වය හා ගනුදෙනුකරුවන් රඳවා තබාගැනීම සඳහා වන කෙටි කාලීන කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා යොදාගනු ලබයි. එය වූකලි නිෂ්පාදන හා බෙදාහැරීමේ ක්‍රියාවලි මූල්‍යකරණය කිරීම සඳහා වූ වඩාත් ලාබදායී මෙන්ම ඵලදායී වූ විධික්‍රමයකි.

සැපුයම් දාම මූල්‍යකරණය භාවිත කිරීමේ ප්‍රයෝජන

1. මුදල් ප්‍රවාහය හොඳම තත්ත්වයකට ගෙන ඒම

ව්‍යාපාරයන් විසින් නිරතුරු දැඩි අයවැය හා එයටද වඩා දැඩි මුදල් ප්‍රවාහය පාලනයක්ද පවත්වාගෙන යනු ලබයි. අතිශයින් තරගකාරී වෙළඳපලක ඉදිරියෙන් සිටිනු පිණිස සිය මුදල් ප්‍රවාහය වර්ධනය කරගැනීමේ අදහසින් පවත්නා සියලු විකල්පයන් පිළිබඳ බොහෝ සමාගම් විසින් විමසිලිමත් විය යුතුය. සැපයුම් දාම මූල්‍යකරණය අදාළ වනුයේ එම සීමාවෙහිදීය.

එනම් තුන්වන පාර්ශ්වයේ මූල්‍ය සේවාවන් මගින් සිය සංවිධානයේ සමස්ත මූල්‍ය සුවසෙත වර්ධනය කරගැනීමට ව්‍යාපාර හිමිකරුවන් හට අවකාශ සලසන්නාවූ ක්‍රියාවලියකි. මුදල් ප්‍රවාහය වැඩිදියුණු කිරීම යන්නෙන් අදහස් කෙරෙනුයේ සැපයුම්කරුවන් සිය ව්‍යාපාර ව්‍යාප්ත කරමින් අලුත් සොයාගැනිම්වලට මුදල් යෙදවීමට වැඩි අවස්ථාවන් සහිත තත්ත්වයක පිහිටුවීමයි.

2. අවදානම් අවම කිරීම

සැපයුම් දාම මූල්‍යකරණය මගින් සිය සම්පත් ස්ථානගත කළ යුතුවන්නේ කවර ස්ථානයන්හිද යන කරුණු පිළිබඳව දැනුවත්ව තීරණ ගැනීමේ හැකියාව සමාගම් වෙත ලබා දෙමින් ආයෝජන ප්‍රතිලාභ උපරිම කිරීම ඉලක්ක කරයි. එය තමන්ගේ සැපයුම් කටයුතු හා ගනුදෙනුවල වැඩියෙන් ක්‍රියාශීලී ධනයක් හා නිතර වැයකළ හැකි මුදල් යෙදවීමක් මගින් බහුල වශයෙන් සැපයුම් සිදුවන ඒවා පාලනය හොඳම ආකාරයකින් සිදු කිරීමට ව්‍යාපාරයනට සිදුකළ හැකි අනතුරු අඩු කරන්නාවූ වැඩ පිළිවෙලකි.

3. සැපයුම්කරුවන් සමගින් පවත්නා සම්බන්ධතාවය ශක්තිමත් කිරීම

සැපයුම් දාම හවුල්කාරිත්වයක් නිර්මාණය කරගැනීමේ පවත්නා එක් ප්‍රතිලාභයක් වන්නේ සෙසු ව්‍යාපාර සමගින් කටයුතු කිරීමේදී සන්නාමයට වඩා ඉහළ පිළිගැනීමක් හා විශ්වසනීයත්වයක් ලැබීමයි. පිළිගත් මූල්‍ය විසඳුම් සම්පාදකයන් විසින් ලබාදෙනු ලබන සැපයුම්කරු වෙත මූල්‍යකරණය මගින් ව්‍යාපාරයනට පසුබැසීමකින් තොරව හා සිය සැපයුම්කරුවන් සමගින් වඩා ප්‍රබල සම්බන්ධතාවයන්ද ඇති කරවන සුළු ආකාරයකින් සිය ගනුදෙනු ක්‍රියාවලි සිදු කිරීමට හැකියාව ලබාදෙනු ලබයි.

4.ලාභදායකත්වය වර්ධනය වීම

සැපයුම් දාම මූල්‍යකරණ සේවාවන් උපයෝගී කරගැනීම මගින් සැලකිය යුතු ලෙස මෙහෙයුම්කරණ පිරිවැය පහතට ගෙන එමින් ලාභදායකත්වය වර්ධනය කළ හැකි බැවින් එය ව්‍යාපාරයනට තරගකාරී වාසි ලබාදෙන මූලාශ්‍රයක් විය හැක.

HNB ෆිනෑන්ස් යනු සාධාරණ ගණන්වලට නිෂ්පාදන පාරිභෝගිකයන් වෙත ලබාදීමේදී අවශ්‍යවන මුදල් හදල් සැපයීමේ සේවාවන් ලබාදෙන ආයතනයකි.

එච්. එන්. බී. ෆිනෑන්ස් ආයතනය විසින් ලබාදෙන මූල්‍යකරණ සේවා ප්‍රයෝජනයට ගත යුත්තේ මන්ද?

● ව්‍යාපාරවල මුදල් ලැබෙන ආකාරය හොඳම විදිහට සිදු කිරීම සඳහා විශේෂයෙන් සකසා ඇති සැපයුම් දාම මූල්‍යකරණය (Supply Chain Financing) මාදිලිය මගින් මුදල් ආපසු ගෙවීම සඳහා දින 120 දක්වා වෙළඳපලේ ඉහළම ණය කාල පරිච්ඡේදය ලබාදෙනු ලබයි.

● මිලදී ගන්නන් හා සැපයුම් කරුවන් යන දෙපාර්ශ්වය වෙතම ප්‍රතිලාභ සලසා දෙමින්, මෙම ක්‍රමය මගින් ගාස්තු ගෙවීමේ ක්‍රියාවලිය වේගවත්ව හා ආරක්ෂිත ලෙස සිදුකරන ආකාරයක් පෙන්වා දෙනු ලබයි.

● HNB ෆිනෑන්ස් ආයතනයේ දීප ව්‍යාප්ත ශාඛා ජාලය මගින් ගනුදෙනුකරුවන් හට තමා සිටින ඕනෑම ස්ථානයක සිට මෙම පහසුකම් වෙත පිවිසීමේ පහසුව ලබාදෙනු ලබයි.

සේවා ලබාගැනීම සඳහා සපුරාලිය යුතු අවශ්‍යතා

● නිසි පරිදි සම්පූර්ණ කොට අත්සන් කරන ලද අයැදුම්පත්‍රයක්
● සමාගම් ලියාපදිංචි කිරීමේ සහතිකයේ පිටපත
● ව්‍යාපාර හිමිකරුගේ / අධ්‍යක්ෂවරයාගේ ජාතික හැඳුනුම්පතේ පිටපත
● පසුගිය මාස හයක බැංකු ප්‍රකාශන හා ආදායම පිළිබඳ වෙනයම් සහතිකයක් වේනම් එය
● පසුගිය වසර තුනක විගණනය කළ මූල්‍ය වාර්තා
● ව්‍යාපාරය හා සම්බන්ධ වෙනයම් අතිරේක ලේඛන වේනම් එ්වා.