බ්ලොග්

ඔබගේ සිහින නිවහන මිලදී ගැනීම සඳහා වූ පියවර 5

ඔබත් ඔබගේ සිහින නිවහනක හිමිකරුවෙකු වීමට අදහස් කරන්නේද? ඉඩමක් මිලදී ගැනීම හෝ නිවසක් මුළ සිටම ඉදිකිරීම, හෝ ඉදිකර ඇති නිවසක් මිලදී ගෙන එය ඔබ සතුකර ගැනීම ආදී වශයෙන් අප සියලු දෙනා තුළ එම අදහස පවතී. ඇතැම් විට ඔබ දැනටමත් නිවසක හිමිකරුවෙකුව සිටිය හැකි නමුත් ඔබගේ පවුල වර්ධනය වෙමින් පවත්නා බැවින් එය වඩාත් විශාල කිරීමට අවශ්‍ය වේ.

පියවර 1: ඔබගේ අවශ්‍යතා වටහා ගන්න

ඔබ සොයන්නේ කවරක්ද යන්න දැන ගන්න. නිවාස වර්ගය, ඔබ ජීවත් වීමට කැමති ප්‍රදේශය, ඔබට සමීප වීමට අවශ්‍යවන පහසුකම් ආදිය ඔබගේ සිහින නිවහන පිළිබඳ සිතීමේදී සලකා බැලිය යුතු දේවල් වේ. ඔබ ඔබගේ අවශ්‍යතා පිළිබඳ දැනුවත්ව සිටින විටදී ඔබගේ සෙවීමේ කාර්යය වඩාත් පටු කිරීම පහසු වේ. ඉන් පසු ඉතිරිවන කටයුත්ත වනුයේ අලෙවි කාර්යය සිදුවන ආකාරය විමසනු පිණිස අලෙවිකරු සමගින් සම්බන්ධ වීම පමණි.

පියවර 2: ඔබගේ ණය තත්ත්වය පිළිබඳ දැනගන්න

ඔබට කවරාකාර හෝ ණය මුදලක් අයැදුම් කිරීමට අවශ්‍ය වන්නේ නම්, මනා ණය ශ්‍රේණිගත කිරීමක් පැවතීම අත්‍යවශ්‍යය. එබැවින්, ඔබගේ ණය ශ්‍රේණිගත කිරීම දැන එය නිවැරදි මට්ටමෙහි පවත්නා බවට වගබලා ගන්න. ඔබ විසින් කළ යුතුවන අවසන් කාර්යය වනුයේ මිලදී ගැනීමට අවශ්‍යවන නිවස සොයාගෙන, අලෙවිකරුවන් සමගින් කථාකොට ඉන්පසු ඔබගේ ණය ශ්‍රේණිගත කිරීම මගින් ඔබට ණයක් ලබාගැනීමට අවකාශ නොසලසන්නේද යන කරුණ සොයාගැනීමයි. ඒ අනුව එය නිවැරදි මට්ටමෙහි නොපවත්නේ නම් ණය මුදලක් ඉල්ලා සිටීමට පෙර ගත යුතුවන පළමු පියවර වනුයේ එය නිවැරදි මට්ටමට ගැනීමයි. මෙය සාමාන්‍යයෙන් ඔබගේ ණය මුදල්වලින් යම් ප්‍රමාණයක් ගෙවා දැමීම මගින් සිදු කරනු ලබයි.

පියවර 3: අප සමගින් සම්බන්ධ වන්න

පහසු ණය අයැදුම්කරණ ක්‍රියාවලියක් මගින් ඔබගේ සිහින සැබෑ කෙරෙන බවට HNB FINANCE PLC විසින් සහතික වෙයි. අපගේ කාර්ය මණ්ඩලය නිවහන නිවාස ණය සම්බන්ධයෙන් ඔබ වෙත පවත්නා ඕනෑම ප්‍රශ්නයකට හා ගැටලුවකට පිළිතුරු ලබාදීමට සූදානම්ව සිටී. (ඔබගේ ණය ශ්‍රේණිගත කිරීම හා ආදායම මත පදනම්ව) ඔබ සුදුසුකම් ලබන ණය වටිනාකම මෙන්ම ණය ආපසු ගෙවීමේ හා පොළී මුදල් ප්‍රමාණයන් පිළිබඳවද වැටහීමක් ඇතිකර ගන්න. මනා සේ සූදානම් වී අප හමුවීමට ඔබට හැකිවනු පිණිස නෛතික පාර්ශ්වයෙන් ණය අයැදුම්පත සඳහා අවශ්‍යවන ලේඛන කවරේද යන්න දැනගන්න.

පියවර 4: තැන්පතු මුදල ගෙවන්න

ණය කටයුතු සම්බන්ධයෙන් ඔබ සිටින ස්ථානය මත පදනම්ව, නිවහන නිවාස ණයෙහි කොටසක් වශයෙන් ඔබගේ නව නිවහනේ පිරිවැයෙන් 50-80%ක ප්‍රමාණයකට ඔබ හිමිකම් ලබනු ඇත. ඉතිරි 20%ක ප්‍රමාණය ඔබ විසින් දැරිය යුතුවේ. එබැවින්, ආරම්භක තැන්පතුව සිදුකරනු පිණිස මුදල් ඉතිරි කරන බවට වගබලා ගන්න. සැලසුම්කරණය මෙම පියවර සඳහා අවශ්‍ය ප්‍රධාන සාධකය වේ. කිසිවෙකු හෝ අයවැය සම්පාදනය යන විෂයයට කැමති නොවන නමුත්, නිවසක් මිලදී ගැනීම වැනි සුවිශාල ජීවන තීරණ ගැනීමේදී එය සැබැවින්ම ප්‍රයෝජනවත් වේ. එබැවින් ඔබ‍ගේ සිහින සඳහා අවශ්‍ය කැප කිරීම් සිදු කරන්න.

පියවර 5: ණය මුදල අයැදුම් කරන්න

ඔබ විසින් තැන්පතු මුදල ගෙවා ඇති අතර ඔබගේ ණය ශ්‍රේණිගතකරණ මට්ටමද යහපත් වන තත්ත්වයක නෛතික හා තාක්ෂණික පාර්ශ්වයෙන් අවශ්‍යවන සියලු ලේඛනද ඔබ සතුව පවතී නම්, දැන් සිදුකළ යුතු එකම දෙය වන්නේ අයැදුම්පත පුරවා භාරදීමයි. මෙම කාර්යය වඩාත් සරල හා පහසු කරවමින්, ඔබට කිසිදු කරදරයක් සිදු නොවනු පිණිස ඔබගේ නිවසටම පැමිණ එම ලේඛන භාර ගැනීමේ සේවයක්ද ලබා දෙන්නෙමු.

අදම අප අමතා නිවහන නිවාස ණය ව්‍යාපෘතිය හරහා ඔබගේ සියිනය සැබෑ කරගැනීමේ දිශාවට පියවරක් තබන්න.