බ්ලොග්

ස්ථාවර තැන්පතු: ඒවා ක්‍රියාත්මකවන ආකාරය හා ඒවාහි ප්‍රයෝජන

වර්තමානයේ ඔබගේ ඉතුරුම් වර්ධනය කිරීමේ විධි ගණනාවක් පවත්නා අතර ඒවා අතරින් බොහොමයක් තුළම ඉහළ ප්‍රතිලාභ ලබාදෙන බවට සහතිකයක්ද පවතී. ස්ථාවර තැන්පතු යනු එවන් එක් ජනප්‍රිය ආයෝජන වර්ගයකි.

ඔබට අත් විඳිය හැකි ප්‍රයෝජන අතරින් එකක් වන HNB FINANCE ආයතනයේ ස්ථාවර තැන්පතු පහසුකම මගින් ශ්‍රී ලංකාවේ සෙසු මූල්‍යායතනයන් හා සන්සන්දනාත්මකව වඩා ඉහළ ප්‍රතිලාභ ලබාගැනීමේ අවකාශ ඔබ වෙත ලබාදෙනු ලබයි. සෙසු ප්‍රධාන ප්‍රයෝජන වටහා ගැනීමට පෙර, ස්ථාවර තැන්පතුවක් ක්‍රියාත්මකවන ආකාරය පළමුව වටහාගමු.

ස්ථාවර තැන්පතු ක්‍රියාත්මක වන්නේ කෙසේද?

සරලව ගතහොත්, ස්ථාවර තැන්පතු යනු (කල්තබා අදාළ පුද්ගලයා හා මූල්‍යායතනය විසින් එකඟ වූ) යම් කාල පරිච්ඡේදයක් හෙවත් ‘කාල සීමාවක්’ ගතවීමෙන් අනතුරුව ස්ථාවර ප්‍රතිලාභයක් ලබාදෙන බවට සහතික වන ආයෝජනයන් වේ. මෙම ප්‍රතිලාභය පොළියක්ද සමගින් ලැබෙන අතර එය ආයෝජන කාල පරිච්ඡේදය මත පදනම්ව ගණනය කරනු ලබයි.

ප්‍රතිලාභ ලැබෙන බවට වූ සහතිකය හේතුකොට ස්ථාවර තැන්පතුවක් යනු වඩා ඉහළ ආදායමක් ඉපැයීමේ වඩාත් ආරක්ෂිත ආයෝජනයක් වේ.

ස්ථාවර තැන්පතු ආරම්භ කිරීමේ ප්‍රයෝජන

HNB FINANCE ආයතනයේ ස්ථාවර තැන්පතුවක් තුළ ආයෝජනය කිරීම සඳහා තෝරා ගන්නේ නම්, එමගින් ඔබට ප්‍රතිලාභ කිහිපයක් අත් විඳීමේ අවකාශ සලසනු ලබයි. ප්‍රධාන වාසි කිහිපයක් මෙපරිදි වේ:

ඉහළ පොළී අනුපාත

ස්වභාවිකවම ස්ථාවර තැන්පතුවක් යනු ඔබ වෙත සුභදායී ප්‍රතිලාභ සලසන්නාවූ වඩා ඉහළ පොළී අනුපාතයන්  ලබාදෙන මෙවලමකි. කෙසේ වුවද, HNB FINANCE ආයතනයේ පොළී අනුපාතිකයන් යනු මාසිකව, වාර්ෂිකව හෝ කල් පිරීමේදී ලබාගත හැකි, දිවයිනේ හොඳම පොළී අනුපාතිකයන් ලෙස හඳුනාගෙන ඇත. තවද, ඔබ ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකු නම්, ඔබ ඔබගේ ආයෝජනය මත අතිරේක 0.5% ක පොළියක් ලැබීමටද සුදුසුකම් ලබයි. කෙටියෙන් පවසන්නේ නම්, නිසැක වශයෙන්ම ඔබගේ ප්‍රතිලාභ ශ්‍රී ලංකාවේ අන් කිසිදු මූල්‍යායතනයකට වඩා ඉහළ එකක් වනු ඇත.

රක්ෂණය

අදාළ පුද්ගලයා (ආයෝජක) වෙත ඔහුගේ/ඇයගේ ප්‍රතිලාභය ලැබෙන බවට සහතික වනු පිණිස ස්ථාවර තැන්පතුව එ් සඳහා වූ රක්ෂණයක්ද සමගින් ලබාදෙනු ලබයි. ඔබගේ තැන්පතුව එක් තැන්පතුකරුවෙකු හට ශ්‍රී ලං.රු. 600,000 දක්වා ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනාක්‍රමය මගින් රක්ෂණය කෙරේ. තවද, HNB FINANCE ආයතනය යනු ෆිච් රේටිංස් නමැති ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් පිරිනමන ලද ‘AA- (lka)’ ජාතික දිගු කාලීන ශ්‍රේණිගත කිරීමක් සතු ආයතනයකි. මෙම සහතිකය මගින් ස්ථාවර තැන්පතුවල ආරක්ෂිත බව දක්වනු ලබයි.

අඩු අවදානම

ස්ථාවර තැන්පතුවල ආරක්ෂිත ස්වභාවය හේතුකොට, කාල පරිච්ඡේදය අවසානය දක්වා ඔබගේ ඉපැයීම්වලට කොටස් වෙළඳපල වැනි බාහිර බලවේගයන්හි බලපෑමක් ඇති නොවනු ඇත. මක් නිසාද, ස්ථාවර තැන්පතුවක් රක්ෂණයක් හා ස්ථාවර පොළී අනුපාතිකයක්ද ලබාදෙනු ලබන බවට වූ සහතිකයක් සමගින් ක්‍රියාත්මකවන බැවිනි. කෙටියෙන් පවසන්නේ නම්, ස්ථාවර තැන්පතුවක ප්‍රතිලාභ සම්බන්ධ අසුබ තත්ත්වය නමැති අවදානම ඉතා පහළ අගයක් ගනී.

ඉතිරි කිරීමේ හා අයවැයකරණයේ පුරුද්ද දිරි ගන්වනු ලබයි

ඔබ එය අවබෝධ කරගත්තද, නොගත්තද, ස්ථාවර තැන්පතු ඔබ වෙහෙස මහන්සි වී උපයාගත් මුදල් ඉතිරි කිරීම සඳහා ලබාදෙන දිරි දීමනාවක් ලෙස ක්‍රියාත්මකවේ. එහි පවත්නා ද්‍රවශීලතාවය හා අඩු අවදානම හේතුකොට, ස්ථාවර තැන්පතුවක් අවසන් ණයදෙන්නෙකු වශයෙන්ද කටයුතු කරයි. වෙනත් වචනවලින් පවසන්නේ නම්, ඔබට සැලකිය යුතු මුදලක් ඉදිරිපත් කිරීමට අවශ්‍යවන අවස්ථාවක් ඇති වුවහොත් ඔබගේ ස්ථාවර තැන්පතුව කල් පිරීමට පෙර ඉවත් කරගත හැක. සැබැවින්ම, ඔබට දඩ මුදල් හා සෙසු ගාස්තු ගෙවීමට සිදුවනු ඇති නමුත් එය නොසැලකිය යුතු තරම් සුළු අගයක එකකි.  කෙටියෙන් පවසන්නේ නම්, එමගින් ඉතිරි කිරීමේ පුරුද්ද දිරි ගන්වනු ලබයි.

නම්‍යශීලී කාල සීමා නිර්ණායක‍

ස්ථාවර තැන්පතු ඔබගේ කැමැත්තට ගැළපෙන පරිදි නම්‍යශීලී ‘කාල සීමාවන්’ සහිතව නිමැවිය හැක. එය මාස 12 සිට 60 දක්වා විහිදෙන්නක් වුවද, ඔබට ඔබගේ ඉපැයීම් අවශ්‍යම මොහොතේ ආපසු ලබාගත හැකිවන පරිදි HNB FINANCE හි ඔබගේ ස්තාවර තැන්පතු කාල නිර්ණය කළ හැක. සෙසු ආයෝජන විකල්ප මෙන් නොව ස්ථාවර තැන්පතුවල ආයෝජන කාල පරිච්ඡේදය නම්‍යශීලී එකක් එව්.

තැන්පතු ඇපයට තබා ණය ලබාගැනීම

ඔබ විසින් සිදුකරන ලද තැන්පතු ඇපයට තබා ණය ලබාගැනීමේ අවස්ථාව උදාකරදීම HNB FINANCE ආයතනයටම විශේෂී වූ සේවයකි. තැන්පතු මුදලින් 90%ක් දක්වා ණය මුදල් අවම පොළී අනුපාතිකයක් යටතේ මේ හරහා ලබාගත හැක.

කෙටියෙන් පවසන්නේ නම්, විශේෂයෙන් HNB FINANCE ආයතනය තුළ ආරම්භ කරනු ලබන ස්ථාවර තැන්පතුවක් මගින් ඉහළ ආදායමක් පමණක් නොව ආරක්ෂාව, නම්‍යශීලිත්වය හා කිසිදු විශාල අවදානමකින් තොරව ප්‍රයෝජනවත් ණය පහසුකම් ලබාගැනීමේ පහසුවද සහතික කරනු ලබයි.