logo
011 2024848

අධ්‍යක්ෂක මණ්ඩලය

කුසලතා, දැනුම සහ අත්දැකීම්

වසර ගණනාවක දැනුම, කුසලතා සහ අත්දැකීම් එකට ගොනු කරමින්, අපගේ අධ්‍යක්ෂක මණ්ඩලය එක් අරමුණක සිට, එකා මෙන් කටයුතු කරමින්, HNB ෆයිනෑන්ස් ආයතනය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මූල්‍ය සමාගමක් ලෙස ස්ථාපිත කිරීමට ඇප කැප වී කටයුතු කරයි.

ආචාර්ය ප්‍රසාද් සමරසිංහ මහතා සභාපති

2026 අගෝස්තු මාසයේදී HNB ෆිනෑන්ස් පීඑල්සී (HNB FINANCE PLC) හි සභාපතිවරයා ලෙස ආචාර්ය ප්‍රසාද් සමරසිංහ මහතා පත් කරන ලදී....

ආචාර්ය ප්‍රසාද් සමරසිංහ මහතා | සභාපති

2026 අගෝස්තු මාසයේදී ඩොක්ටර් ප්‍රසාද් සමරසිංහ මහතා HNB FINANCE PLC හි සභාපතිවරයා ලෙස පත් කරන ලදී.

ඔහු 2024 පෙබරවාරි මාසයේදී හැටන් නැෂනල් බෑන්ක් (Hatton National Bank PLC) හි නාමික අධ්‍යක්ෂවරයෙකු ලෙස HNB FINANCE PLC හි අධ්‍යක්ෂ මණ්ඩලයට සම්බන්ධ විය. තොරතුරු තාක්ෂණය, විදුලි සංදේශ ඉංජිනේරු විද්‍යාව, සයිබර් ආරක්ෂණය, ඩිජිටල් යටිතල පහසුකම්, ව්‍යවසාය පද්ධති, ආයතනික පාලනය, අවදානම් කළමනාකරණය සහ නියාමන අධීක්ෂණය යන ක්ෂේත්‍රයන්හි වසර තිහකට ආසන්න ජ්‍යෙෂ්ඨ මට්ටමේ පළපුරුද්දක් ඔහු සතු ය. ඔහු බැංකු, විදුලි සංදේශ, තාක්ෂණ සහ ආයතනික ක්ෂේත්‍රයන්හි ජ්‍යෙෂ්ඨ විධායක සහ අධ්‍යක්ෂ මණ්ඩල මට්ටමේ තනතුරු රැසක් හොබවා ඇත.

ඩොක්ටර් සමරසිංහ මහතා ඕස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයෙන් (The Australian National University, Canberra) විදුලි සංදේශ පිළිබඳ ආචාර්ය (Ph.D.) උපාධියක් ද, මොරටුව විශ්වවිද්‍යාලයෙන් ඉංජිනේරු පශ්චාත් උපාධියක් (Master of Engineering) සහ පළමු පන්තියේ ගෞරව සහිතව ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ ඉංජිනේරු විද්‍යාවේදී විද්‍යාපති (Bachelor of Science) උපාධියක් ද ලබා ඇත.

ඔහු ගෝලීය වශයෙන් පිළිගත් Certified Information Systems Security Professional (CISSP) සහ Certified Cloud Security Professional (CCSP) සහතිකපත්‍ර හිමිකරුවෙකු වන අතර, CPA Australia හි CPA සුදුසුකම ද දරන අතර එහි සම්මානනීය සාමාජිකයෙකු (Distinguished Member) ද වේ.

ඔහු හැටන් නැෂනල් බෑන්ක් (Hatton National Bank PLC) සහ Chemanex PLC හි අධ්‍යක්ෂ මණ්ඩලයන්හි ද සේවය කරයි. මීට පෙර ඔහු Hayleys PLC හි ස්වාධීන නොවන විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කර ඇත. එමෙන්ම ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීම ඇතුළුව වැදගත් රාජ්‍ය අංශයේ සහ නියාමන තනතුරු ගණනාවක් ද ඔහු හොබවා ඇත.

චමින්ද ප්‍රභාත් මහතා කළමනාකරණ අධ්‍යක්ෂක

ප්‍රභාත් මහතා වෘත්තියෙන් මූල්‍යකරුවෙකු වන අතර ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් පාසලේ ජාත්‍යන්තර සහතික ලත් ක්ෂුද්‍ර මූල්‍ය විශේෂඥයෙකි. ඔහුට පෞද්ගලික අංශයේ වසර 25කට වැඩි පළපුරුද්දක් ඇත....

චමින්ද ප්‍රභාත් මහතා | කළමනාකරණ අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිළධාරි

ප්‍රභාත් මහතා වෘත්තියෙන් මූල්‍යකරුවෙකු වන අතර ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් පාසලේ ජාත්‍යන්තර සහතික ලත් ක්ෂුද්‍ර මූල්‍ය විශේෂඥයෙකි. ඔහුට පෞද්ගලික අංශයේ වසර 25කට වැඩි පළපුරුද්දක් ඇත. ඕස්ට්‍රේලියාවේ දකුණු ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් (මූල්‍ය පිළිබඳ විශේෂ) ලබා ඇත. ප්‍රභාත් මහතා කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ වරලත් ආයතනයේ Fellow Member (FCMA, UK & CGMA),  ශ්‍රී ලංකා ණය කළමනාකරණ ආයතනයේ Fellow Member – FICM (SL), සහ වරලත් අලෙවිකරණ ආයතනයේ  සාමාජිකයෙකු(MCIM) වේ. ඔහු ඕස්ට්‍රේලියාවේ සහතික කළ කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ (CMA, AUS) සහතික කළ කළමනාකරණ ගණකාධිකාරීවරයෙකි. එමෙන්ම ඔහු ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයෙන් ව්‍යාපාර සහ මූල්‍ය පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ලබා ඇත. ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය කර්මාන්තයට ඔහු කළ දායකත්වය අගයමින් ප්‍රදානය කරන ලද ඉන්දියාවේ World Consulting Research Corporation (WCRC) විසින් පිරිනමන “2014 Game Changer of the Year” යන ගෞරවනීය සම්මානය දිනා ඇත.

ලලිත් විතාන මහතා ජ්‍යෙෂ්ඨ ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂ

ලලිත් විතාන මහතා 2021 වසරේ සැප්තැම්බර් 10 වන දින සිට HNB FINANCE PLC හි අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරයි. ලලිත් විතාන මහතා වසර 25 කටත් වැඩි කාලයක් ආයතනික අංශයේ කළමනාක...

ලලිත් විතාන මහතා | ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂ

ලලිත් විතාන මහතා 2021 වසරේ සැප්තැම්බර් 10 වන දින සිට HNB FINANCE PLC හි අධ්‍යක්ෂ මණ්ඩලයේ  අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරයි. ලලිත් විතාන මහතා වසර 25 කටත් වැඩි කාලයක් ආයතනික අංශයේ කළමනාකරණ තනතුරු දරා ඇති අතර එම කාලය තුළ ඔහු බැංකුල ව්‍යාපාර හා වෙළෙඳ අංශවල උසස් කළමනාකරණ තනතුරු හොබවා ඇතග ඔහු Brandix Group, Ernst and Young, Amsterdam Rotterdam (Amro) Bank, IBM World Trade, Corporation and Carson Cumberbatch, Ceylon Tea Services Limited සහ Yamaha Corporation in (USA)වැනි බොහෝ ආයතන සමඟ වැඩ කර ඇති අතර අත්දැකීම් සමුදායකට හිමිකම් කියයි.

ලලිත් විතාන මහතා මෑතක් වන තුරුම ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සමූහ ප්‍රධාන මූල්‍ය හා පරිපාලන නිලධාරීවරයා ලෙසත් පසුව ඊට අනුබද්ධිත ශ්‍රී ලංකන් කේටරින් හි ප්‍රධාන විධායක නිලධාරියා ලෙසත් කටයුතු කළේයග ඔහු මේ වන විට Agility Consulting Services (Pvt.) Ltd නිර්මාතෘ හා කළමනාකරණ අධ්‍යක්ෂවරයා ලෙස ද Laugfs Gas PLC, Laugfs Maritime Services (Pvt.) Ltd සහ Softlogic Life Insurance PLC හි අධ්‍යක්ෂවරයෙකු වශයෙන් ද කටයුතු කරමින් සිය වගකීම් ඉටු කරමින් සිටීග ඔහු වර්තමානයේදී Acuity Partners (Pvt.) සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කරන අතර Project Management Institute, Colombo Chapter උපසභාපතිවරයා වශයෙන් ද සිය සේවාව ලබා දෙයි. එමෙන්ම ඔහු ජාතික ඔලිම්පික් කමිටුවේ විධායක සභා සමාජිකත්වය ද දරයි.
ඔහු මින් පෙර ලංකා බැංකුව, දංකොටුව පෝසිලේන් PLC” Merchant Bank of Sri Lanka PLC” Ceylease Limited සහ සෙලාන් බැංකුව ආදී ආයතනයන්හි ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවය කර ඇත. විතාන මහතා ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ ^ TRCSL& කොමසාරිස්වරයෙකු ලෙස ද සේවය කර ඇත.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලන ^MBA& උපාධියක් ලබා ඇති ලලිත් විතාන මහතා එක්සත් රාජධානියේ මැන්චෙස්ටර් මෙට්‍රොපොලිටන් විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී ^BA& ගෞරව උපාධිධාරියෙකිග ඔහු එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ ^FCMA& සහ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ ^FCA& සාමාජිකයෙකිග ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ ව්‍යාපෘති කළමනාකරණ ආයතනයේ ^ PMI & ව්‍යාපෘති කළමනාකරණ වෘත්තිකයෙකු ලෙසද කටයුතු කරයි.

මුරලි ශ්‍රීනිවාස් පොලමරසෙට්ටි මහතා ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ

මුරලි ශ්‍රීනිවාස් පොලමරසෙට්ටි මහතා ක්ෂුද්‍ර මූල්‍ය, ක්ෂුද්‍ර රක්ෂණ, ක්ෂුද්‍ර විශ්‍රාම වැටුප්, වියදම දැරිය හැකි/ක්ෂුද්‍ර නිවාස, නිවාස ක්ෂුද්‍ර මූල්‍ය, පානීය ජලය සහ සනීපාරක්ෂාව වැනි ...

මුරලි ශ්‍රීනිවාස් පොලමරසෙට්ටි මහතා | ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ

මුරලි ශ්‍රීනිවාස් පොලමරසෙට්ටි මහතා ක්ෂුද්‍ර මූල්‍ය, ක්ෂුද්‍ර රක්ෂණ, ක්ෂුද්‍ර විශ්‍රාම වැටුප්, වියදම දැරිය හැකි/ක්ෂුද්‍ර නිවාස, නිවාස ක්ෂුද්‍ර මූල්‍ය, පානීය ජලය සහ සනීපාරක්ෂාව වැනි විවිධ ක්ෂේත්‍රවල අත්දැකීම් සහිතව වසර පහළොවකට (15) අධික කාලයක් ආයතනික අංශයේ කළමනාකරණ තනතුරු හොබවා ඇත. ඒ මහතා මේ වන විට ඉන්දියාවේ S.M.I.L.E Microfinance Limited සමාගමෙහි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ලෙස සේවය කරන අතර, එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර පිහිටි Protimos Foundation ආයතනයෙහි අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කරයි. තවද ඒ මහතා ඉන්දියාවේ බෙංගලුරු නගරයේ යූනුස් සමාජ ව්‍යාපාර අරමුදලේ ආයෝජන කමිටු සාමාජිකයෙක් ද වේ. මුරලි මහතා මීට පෙර ඉන්දියාවේ Mimoza Enterprises Finance Company Limited, ඉන්දියාවේ Signumtree Consultancy Private Limited, එක්සත් රාජධානියේ Hocare Limited, ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවර පිහිටි Acer Engineers Private Limited සහ ඉන්දියාවේ Tripod Impex Private Limited වැනි ඉන්දියාවේ සහ එක්සත් රාජධානියේ සමාගම් ගණනාවක ක්ෂුද්‍ර මූල්‍ය, තොරතුරු තාක්ෂණය, බෝතල් කළ ජලය සහ උපදේශන සේවා වැනි ක්ෂේත්‍රවල විශේෂඥභාවය සහිතව අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවය කර ඇත.

මුරලි මහතා ඉන්දියාවේ ශ්‍රී වෙන්කටේෂ්වර විශ්වවිද්‍යාලයෙන් දේශපාලන විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද, ඉන්දියාවේ මදුරාසි විශ්වවිද්‍යාලයෙන් භෞතික විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධියක් ද ලබාගෙන තිබේ. එමෙන්ම ඒ මහතා හාවඩ් ව්‍යාපාරික පාසලේ විධායක අධ්‍යාපන වැඩසටහන් යටතේ ක්ෂුද්‍ර මූල්‍ය අංශයේ නායකත්වය පිළිබඳ විධායක ඉගෙනුම් වැඩසටහනක් ද සම්පූර්ණ කර ඇත. මුරලි මහතා එක්සත් රාජධානියේ ලීඩ්ස් විශ්ව විද්‍යාලයේ නිර්මාණ පාසලේ බාහිර පීඨ සාමාජිකයෙක් ද විය. මුරලි මහතාගේ ආයතනික පැතිකඩට අමතරව, ඒ මහතා නිසි හව්හරණක් අහිමි දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධානයක් වන Needy Illiterate Children Education ආයතනයේ උපදේශක මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන අතර ඉන්දියාවේ දිළිඳු ජනතාවගේ ජල ප්‍රශ්නයට විසඳුම් සැපයීම සඳහා වූ රාජ්‍ය නොවන සංවිධානයක් වන Partners in Prosperity ආයතනයේ උපදේශක මණ්ඩලයේ සාමාජිකයෙකු ද වේ

මුරලි ශ්‍රීනිවාස් මහතා 2022 වසරේ සැප්තැම්බර් 15 දා සිට HNB Finance PLC හි ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ වරයකු ලෙස කටයුතු කරයි.

රමණිකා උනම්බුව මෙනවිය ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂ

රමණිකා උනම්බුව මෙනවිය 2025 ජූනි 4 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි HNB Finance PLC හි අධ්‍යක්ෂ මණ්ඩලයට ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂවරියක ලෙස පත් කරන ලදී....

රමණිකා උනම්බුව මෙනවිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනයෙන් (PIM) මානව සම්පත් කළමනාකරණය පිළිබඳ MBA උපාධියක් සහ ප්‍රංශයේ පැරිස් ඇමරිකන් විශ්වවිද්‍යාලයෙන් (American University of Paris) ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියක් (BA) ලබා ඇත.

ස්ථිර සේවයෙන් විශ්‍රාම ගැනීමට පෙර, උනම්බුව මෙනවිය Nations Trust Bank හි මානව සම්පත් අංශයේ විධායක උප සභාපතිනිය ලෙස කටයුතු කළාය. Nations Trust Bank හි ගත කළ වසර 22ක වෘත්තීය ජීවිතය තුළ, ඇය ආයතනික බැංකුකරණ (Corporate Banking) සහ මානව සම්පත් යන අංශ දෙකෙහිම ජ්‍යෙෂ්ඨ සහ ආයතනික කළමනාකරණ තනතුරු ද හොබවා ඇත.

Nations Trust Bank හි සේවයට එක්වීමට පෙර, රමණිකා උනම්බුව මෙනවිය කොළඹ පිහිටි American Express Bank හි ආයතනික බැංකුකරණ සම්බන්ධතා කළමනාකාරිනියක (Corporate Banking Relationship Manager) ලෙස සේවය කළාය.

සිවරාජා නන්දකුමාර් මහතා ස්වාධීන නොවන , විධායක නොවන අධ්‍යක්ෂ

සිවරාජා නන්දකුමාර් මහතා 2026 ජූලි 23 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි HNB Finance PLC හි අධ්‍යක්ෂ මණ්ඩලයට ස්වාධීන නොවන, විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස පත් කරන ලදී....

සිවරාජා නන්දකුමාර් මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනයෙන් (PIM) ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් (MBA) ලබා ඇති අතර, ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ (IBSL) බැංකුකරණය සහ මූල්‍ය ක්ෂේත්‍රය පිළිබඳ සහකාර සාමාජිකයෙකු ද වේ.

නන්දකුමාර් මහතා දැනට හැටන් නැෂනල් බැංකු සමාගමේ (HNB) විධායක උප සභාපති / ප්‍රධාන ව්‍යාපාර මෙහෙයුම් නිලධාරී (EVP/CBOO) ලෙස කටයුතු කරයි. එහිදී ඔහු බැංකුවේ මධ්‍යගත මෙහෙයුම් සහ හවුල් සේවා (shared services) ඇතුළු මෙහෙයුම් කටයුතු සඳහා සමස්ත නායකත්වය, උපායමාර්ගික මඟ පෙන්වීම සහ අධීක්ෂණය ලබා දෙයි.
එසේම, ඔහු ලංකා මූල්‍ය සේවා කාර්යාංශයේ (LFSBL) ස්වාධීන නොවන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරමින් උපායමාර්ගික පාලනය සහ අධීක්ෂණය සඳහා දායකත්වය සපයයි. මීට අමතරව, ඔහු LFSBL හි අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුවේ ක්‍රියාකාරී සාමාජිකයෙකු ද වේ.

හැටන් නැෂනල් බැංකු සමාගම තුළ වසර 34කට අධික විශිෂ්ට සේවා කාලයක් හිමි නන්දකුමාර් මහතා, ශාඛා බැංකුකරණය, මෙහෙයුම් කළමනාකරණය, ප්‍රාදේශීය නායකත්වය, පෞද්ගලික බැංකුකරණය සහ ව්‍යාපාර සංවර්ධනය යන ක්ෂේත්‍රවල ජ්‍යෙෂ්ඨ කළමනාකරණ සහ ආයතනික නායකත්ව තනතුරු රැසක් හොබවා ඇත. සිය වෘත්තීය ජීවිතය පුරාවටම ඔහු බැංකුවේ වර්ධනය, මෙහෙයුම් විශිෂ්ටත්වය, පාරිභෝගික ප්‍රවේශය සහ ව්‍යාපාර පුළුල් කිරීමේ වැඩසටහන් සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇත.

ඔහු සතු පුළුල් අත්දැකීම්, නායකත්ව කුසලතා සහ බැංකු මෙහෙයුම් පිළිබඳ ගැඹුරු අවබෝධය, බැංකුවේ උපායමාර්ගික අරමුණු සාක්ෂාත් කර ගැනීම සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීමෙහිලා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි.

තුමුදු සුපුන් ඩයස් මහතා ස්වාධීන නොවන , විධායක නොවන අධ්‍යක්ෂ

තුමුදු සුපුන් ඩයස් මහතා 2026 ජූලි 23 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි HNB Finance PLC හි අධ්‍යක්ෂ මණ්ඩලයට ස්වාධීන නොවන, විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස පත් කරන ලදී....

තුමුදු සුපුන් ඩයස් මහතා එක්සත් රාජධානියේ ‘The Chartered Institute of Marketing’ (CIM) ආයතනයෙන් අලෙවිකරණය (Marketing) පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ලබා ඇත. ඔහු එම ආයතනයේ ‘Chartered Marketer’ (පිළිගත් අලෙවිකරණ වෘත්තික) තත්ත්වය දරන අතර, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ (SLIM) සාමාන්‍ය ජීවිත කාලීන සාමාජිකයෙකි.

ඩයස් මහතා දැනට හැටන් නැෂනල් බැංකු (HNB) සමාගමේ විධායක උප සභාපති සහ ජාල ව්‍යාපාර (Network Business) අංශයේ ප්‍රධානී ලෙස කටයුතු කරන අතර, බැංකුවේ ශාඛා ජාලය සහ බෙදාහැරීමේ මාර්ග සඳහා උපායමාර්ගික නායකත්වය සහ සමස්ත මඟපෙන්වීම ලබා දෙයි.

හැටන් නැෂනල් බැංකුව තුළ වසර 34කට අධික විශිෂ්ට සේවා කාලයක් සපුරා ඇති ඔහු, ප්‍රධාන වශයෙන් අලෙවිකරණය සහ ජාල කළමනාකරණ ක්ෂේත්‍රයන්හි ජ්‍යෙෂ්ඨ සහ ආයතනික කළමනාකරණ තනතුරු රැසක් හොබවා ඇති අතර, බැංකුවේ වර්ධනයට සහ සේවා ව්‍යාප්තියට විශාල දායකත්වයක් ලබා දී ඇත.

රේණුක විජයවර්ධන මහතා ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂ

2026 සැප්තැම්බර් 8 වන දින සිට බලපැවැත්වෙන පරිදි, එච්.එන්.බී. ෆයිනෑන්ස් පී.එල්.සී. (HNB Finance PLC) සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස රෙනූක විජයවර්ධන ...

රෙනූක විජයවර්ධන මහතා | ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂ

රෙනූක විජයවර්ධන මහතා ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරයෙකු මෙන්ම සුරැකුම්පත් වෙළඳපොළ නියාමනය, ආයතනික පාලනය, අධීක්ෂණය සහ නීතිමය අනුකූලතාවය, ප්‍රාග්ධන වෙළඳපොළ යටිතල පහසුකම් සහ නිපැයුම් පිළිබඳ දශක තුනකට වැඩි අත්දැකීම් ඇති ප්‍රමුඛ ප්‍රාග්ධන වෙළඳපොළ විශේෂඥයෙකි. ඔහු කොළඹ කොටස් වෙළඳපොළෙහි (CSE) ප්‍රධාන නියාමන නිලධාරියා (Chief Regulatory Officer) ලෙස වසර 31 කට වැඩි විශිෂ්ට සේවා කාලයක් නිමාකරමින් 2025 ජූලි මාසයේදී විශ්‍රාම ලැබීය.

කොළඹ කොටස් වෙළඳපොළෙහි සේවය කළ කාලය තුළ, විජයවර්ධන මහතා එහි නියාමන කටයුතු, නියාමන ප්‍රතිපත්ති, සමාගම් ලැයිස්තුගත කිරීම්, කොටස් තැරැව්කාර සමාගම් අධීක්ෂණය, වෙළඳපොළ මෙහෙයුම්, වෙළඳපොළ නිරීක්ෂණය සහ ලැයිස්තුගත සමාගම්වල අනුකූලතාවය අධීක්ෂණය කිරීම සඳහා උපායමාර්ගික නායකත්වයක් ලබා දුන්නේය. ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපොළේ වර්ධනයට සහ විශ්වාසනීයත්වයට රුකුල් දුන් නියාමන සහ ප්‍රතිපත්ති රාමු සකස් කිරීමට මෙන්ම, නියාමකයින්, නිකුත් කරන්නන්, කොටස් තැරැව්කරුවන්, ආයෝජන බැංකු, ලැයිස්තුගත සමාගම් සහ ආයෝජකයින් සමඟ සබඳතා පවත්වා ගැනීමටද ඔහු පෙරමුණ ගත්තේය.

කොළඹ කොටස් වෙළඳපොළ වෙත නව ප්‍රාග්ධන වෙළඳපොළ නිපැයුම් රැසක් හඳුන්වා දීම, නව ලැයිස්තුගත කිරීමේ රාමු සහ අධ්‍යක්ෂ මණ්ඩල හඳුන්වා දීම, මෙන්ම ගෙවීමට එදිරිව බෙදාහැරීම (Delivery versus Payment – DvP), මධ්‍යම ප්‍රමුඛ පාර්ශවීය නිෂ්කාශනය (Central Counter Party Clearing – CCP) සහ ඩිජිටල්කරණ වැඩසටහන් වැනි වැදගත් වෙළඳපොළ යටිතල පහසුකම් සඳහා වන නියාමන හා ප්‍රතිපත්ති රාමු සංවර්ධනය කිරීම ඇතුළු ප්‍රධාන වෙළඳපොළ සංවර්ධන පියවර ගණනාවකට ඔහු සක්‍රීයව දායක විය.

ශාන්ති ඥානප්‍රගාසම් මහත්මිය ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂිකා

ශාන්ති ඥානප්‍රගාසම් මහත්මිය 2026 සැප්තැම්බර් 08 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි HNB Finance PLC හි අධ්‍යක්ෂ මණ්ඩලයට ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂවරියක ලෙස පත් කරන ලදී....

ශාන්ති ඥානප්‍රගාසම් මහත්මිය | ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂිකා

ශාන්ති ඥානප්‍රගාසම් මහත්මිය කාගිල්ස් බෑන්ක් පී.එල්.සී. (Cargills Bank PLC), වෙල්ත් ට්‍රස්ට් පී.එල්.සී. (Wealth Trust PLC) සහ විෂන් ෆන්ඩ් ලංකා (ප්‍රයිවට්) ලිමිටඩ් හි අධ්‍යක්ෂ මණ්ඩලවල ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂවරියක ලෙස සේවය කරයි. බැංකු ක්ෂේත්‍රයේ වසර 40 කට වැඩි පුළුල් අත්දැකීම් ඇති ඇය, භාණ්ඩාගාර කළමනාකරණය, අවදානම් කළමනාකරණය, ණය, මධ්‍යගත මෙහෙයුම් සහ වෙළඳ මූල්‍ය යන අංශවල ආයතනික නායකත්ව තනතුරු කිහිපයක් දරා ඇත. ඇය එන්.ඩී.බී. බෑන්ක් පී.එල්.සී. (NDB Bank PLC) හි ප්‍රධාන සමූහ අවදානම් නිලධාරී, උප සභාපති (පොදු සේවා) සහ ප්‍රධාන ණය නිලධාරී ලෙස සේවය කර ඇත. මීට පෙර හැටන් නැෂනල් බැංකුවේ (HNB) සේවය කළ ඇය, ස්ථාවර ආදායම්, විදේශ විනිමය සහ ව්‍යුත්පන්න යන අංශවල භාණ්ඩාගාර කළමනාකරණය සහ වෙළඳාම පිළිබඳ වගකීම දරමින් ප්‍රධාන අවදානම් නිලධාරී සහ භාණ්ඩාගාර සහ වෙළඳපල ප්‍රධානී යන තනතුරු දරා ඇත. ඇයගේ වෘත්තීය ජීවිතය තුළ, හේලීස් පී.එල්.සී. (Hayleys PLC) හි සමූහ භාණ්ඩාගාරික, මහජන බැංකුවේ නියෝජ්‍ය භාණ්ඩාගාර ප්‍රධානී සහ ශ්‍රී ලංකා ඇමරිකන් එක්ස්ප්‍රස් බෑන්ක් ලිමිටඩ් හි භාණ්ඩාගාර අධ්‍යක්ෂ සහ ගෝලීය වෙළඳපල පිළිබඳ මෙරට ප්‍රධානියා යන තනතුරු ද දරා ඇත.

ඇයගේ අත්දැකීම් අතරට භාණ්ඩාගාර පද්ධති ඇගයීම සහ ක්‍රියාත්මක කිරීම, IFRS වැනි නිශ්චිත ගිණුම්කරණ ප්‍රමිති වෙනස් කිරීමේ ව්‍යාපෘති මෙහෙයවීම, ණය, අවදානම් කළමනාකරණය, භාණ්ඩාගාරය ආශ්‍රිත තාක්ෂණික විෂයයන්, ගිණුම්කරණය, නායකත්වය සහ උපදේශනය යන අංශ සම්බන්ධයෙන් බැංකුකරුවන්ට, විගණකවරුන්ට සහ ගණකාධිකාරීවරුන්ට පුහුණුව ලබා දීම ඇතුළත් වේ. ඇයගේ උසස් අධ්‍යාපනයට මදුරාසි විශ්වවිද්‍යාලයෙන් ලබාගත් විද්‍යාවේදී (සත්ත්ව විද්‍යාව පිළිබඳ ප්‍රථම පන්තියේ) උපාධියක් සහ එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ (CIMA UK) මෙන්ම වරලත් ගෝලීය කළමනාකරණ ගණකාධිකාරී (CGMA) ආයතනයේ සාමාජිකත්වයද ලබා ඇත.එමෙන්ම, ඇය පැරිසියේ ACI මූල්‍ය වෙළඳපල සංගමයෙන් (ACI Financial Markets Association Paris) අලෙවිකරු සහතිකයක්ද (Dealer Certification) ලබාගෙන ඇත.

 

නබීහා මොහොමඩ් මහත්මිය ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂිකා

නබීහා මොහොමඩ් මහත්මිය 2026 සැප්තැම්බර් 8 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි HNB ෆයිනෑන්ස් පීඑල්සී (HNB Finance PLC) හි අධ්‍යක්ෂ මණ්ඩලයට ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂවරියක ලෙස පත් කරන ...

නබීහා මොහොමඩ් මහත්මිය | ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂිකා 

නබීහා මොහොමඩ් මහත්මිය ශ්‍රී ලංකාව, එක්සත් ජනපදය සහ කැනඩාව පුරා වසර 12 කට වැඩි අත්දැකීම් ඇති ආයතනික මූල්‍ය, ආයෝජන සහ උපායමාර්ගික වෘත්තිකයෙකි. ඇයගේ වෘත්තීය අත්දැකීම් ආයතනික උපායමාර්ගිකකරණය, සමාගම් ඒකාබද්ධ කිරීම් සහ අත්පත් කර ගැනීම්, ගනුදෙනු උපදේශනය, පුද්ගලික කොටස් ආයෝජන සහ නිශ්චල දේපල සංවර්ධනය යන අංශ දක්වා විහිදෙයි.

නබීහා මහත්මිය මේ වන විට Lynear Wealth Management හි උපායමාර්ග සහ වර්ධනය පිළිබඳ ප්‍රධානියා (Head of Strategy and Growth) ලෙස සේවය කරයි.

Lynear හා සම්බන්ධ වීමට පෙර, ඇය ශ්‍රී ලංකා මුදල් අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකයේ ප්‍රධාන ගනුදෙනු උපදේශක (Lead Transaction Advisor) ලෙස සේවය කළාය. එහිදී ඇය සත්කාරක, රක්ෂණ මෙන්ම ඛනිජ තෙල් හා ගෑස් යන අංශයන් හරහා ඇමරිකානු ඩොලර් මිලියන 600 කට අධික වටිනාකමකින් යුත් ප්‍රමුඛ පෙළේ අයිතිය පැවරීමේ ගනුදෙනු (divestiture transactions) 5ක් මෙහෙයවීමට මූලිකත්වය ගෙන කටයුතු කළාය.

මීට පෙර, නබීහා මහත්මිය CHEC Port City Colombo සහ John Keells Holdings හි උපායමාර්ගික සහ ආයතනික මූල්‍ය තනතුරු හොබවමින් ප්‍රධාන උපායමාර්ගික සහ ආයෝජන මුලපිරීම් සඳහා දායක වී ඇත.

නබීහා මහත්මිය CFA වරලත් වෘත්තිකයෙකු (CFA Charterholder) වන අතර, කැනඩාවේ ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයෙන් (University of Toronto) ආර්ථික විද්‍යාව සහ ජෛව රසායනය යන විෂයයන් ද්විත්වයම ප්‍රධාන කොටගත් (double major) ගෞරව විද්‍යාවේදී උපාධියක් ලබා ඇත. ඇය ශ්‍රී ලංකා CFA සංගමය (CFA Society Sri Lanka) සමඟ ක්‍රියාකාරීව සම්බන්ධ වී සිටින අතර එහි අපේක්ෂක කවුන්සිලයේ සභාපතිනිය ලෙස ද කටයුතු කරයි.

ආචාර්ය තිසුරි වන්නිආරච්චි ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂිකා 

ආචාර්ය තිසුරි වන්නිආරච්චි මහත්මිය 2026 සැප්තැම්බර් 8 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි HNB ෆයිනෑන්ස් පීඑල්සී (HNB Finance PLC) හි අධ්‍යක්ෂ මණ්ඩලයට ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂවරියක ...

ආචාර්ය තිසුරි වන්නිආරච්චි | ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂිකා

ආචාර්ය තිසුරි වන්නිආරච්චි ශ්‍රී ලංකාව තුළ මෙන්ම ජාත්‍යන්තරවද සංවර්ධන මූල්‍ය, රාජ්‍ය ආයෝජන මෙහෙයුම්, ප්‍රතිපත්ති සහ ආයතනික ප්‍රතිසංස්කරණ මෙන්ම සමාජ ආරක්ෂණය පිළිබඳ දශකයකට වැඩි අත්දැකීම් සම්භාරයක් හෙබි තැනැත්තියකි.

ඇය දැනට ශ්‍රී ලංකාවේ ප්‍රධාන බහුපාර්ශ්වික සමාජ ආරක්ෂණ ප්‍රතිපත්ති සහ ආයෝජන මූල්‍යකරණ වැඩසටහනක් සඳහා ජාතික වැඩසටහන් සම්බන්ධීකාරිකාවක ලෙස කටයුතු කරයි. ඇය මීට පෙර දකුණු ආසියාව, මැදපෙරදිග සහ උතුරු අප්‍රිකාව, සහ නැගෙනහිර ආසියාව සහ පැසිෆික් කලාප පුරා ලෝක බැංකුව සමඟ මෙන්ම ආර්ථික ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සහ ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු ශ්‍රී ලංකා රජය සමඟ ද කටයුතු කර ඇත. 2022 වසරේ ආර්ථික අර්බුදයට ප්‍රතිචාර දැක්වීමේ දී අස්වැසුම වැඩසටහන සහ එහි සමාජ ලේඛනය සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම ඇතුළුව, ශ්‍රී ලංකාවේ ජාතික සමාජ ආරක්ෂණ පද්ධතිය ශක්තිමත් කිරීමෙහිලා ආචාර්ය වන්නිආරච්චි ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කර ඇත.

ඇය කොළඹ විශ්වවිද්‍යාලයෙන් රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආචාර්ය උපාධියක් ද (PhD), එක්සත් ජනපදයේ බෙනින්ටන් විද්‍යාලයෙන් (Bennington College) සහ ජපානයේ කන්සායි ගයිඩායි විශ්වවිද්‍යාලයෙන් (Kansai Gaidai University) දේශපාලන ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියක් ද (BA) ලබා ඇත. එමෙන්ම ඇය ජාතික වශයෙන් ඇගයීමට ලක් වූ කෘති කිහිපයක ම කතුවරිය ද වන්නීය.