වසර ගණනාවක දැනුම, කුසලතා සහ අත්දැකීම් එකට ගොනු කරමින්, අපගේ අධ්‍යක්ෂක මණ්ඩලය එක් අරමුණක සිට, එකා මෙන් කටයුතු කරමින්, HNB ෆයිනෑන්ස් ආයතනය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මූල්‍ය සමාගමක් ලෙස ස්ථාපිත කිරීමට ඇප කැප වී කටයුතු කරයි.
HNB FINANCE PLC හි නව සභාපතිවරයා ලෙස ඩිල්ෂාන් රොද්‍රිගෝ මහතා 2021 වසරේ සැප්තැම්බර් 10 වන දින සිට බලපැවැත්වෙන පරිදි පත්කර ඇති අතර ඔහු සමාගමේ ස්වාධින නොවන විධායක නොවන අධ්‍යක්ෂවරයකු ල...
HNB FINANCE PLC හි නව සභාපතිවරයා ලෙස ඩිල්ෂාන් රොද්‍රිගෝ මහතා 2021 වසරේ සැප්තැම්බර් 10 වන දින සිට බලපැවැත්වෙන පරිදි පත්කර ඇති අතර ඔහු සමාගමේ ස්වාධින නොවන විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස ද අදාළ දින සිට කටයුතු කරනු ඇත.
හැටන් නැෂනල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්රධාන විධායක නිලධාරී ජොනතන් අලස් මහතා 2014 වසරේ සිට 2021 සැප්තැම්බර් දක්වා HNB FINANCE PLCහි සභාපතිවරයා ලෙසින් සමාගමේ උන්නතිය උදෙසා අනභිභවනීය සේවාවක් ඉටුකළ අතර මෙම වසරේ සැප්තැම්බර් 10 වනදා සිට HNB FINANCE PLCහි නව සභාපතිවරයා ලෙස ඩිල්ෂාන් රොද්‍රිගෝ මහතා එම තනතුරේ වගකීම් උසුලනු ඇත.
ඩිල්ෂාන් රොද්‍රිගෝ මහතා බැංකු, රක්ෂණ, ආයෝඡුන බැංකුකරණය සහ ඇඟලූම් ඇතුළු විවිධ ක්ෂේත‍්‍රයන්හි උසස් තනතුරු හොබවා ඇත. එමෙන්ම ඔහු දැනට Hatton National Bank PLC හි විධායක අධ්‍යක්ෂ/ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී වශයෙන් සේවය කරන අතර HNB Assurance ” Guardian Acuity Management ” Lanka Financial Services Bureau Ltd සහ Credit Information Bureau ආදී ආයතන වලද ඉහළ තනතුරු දරමින් අනගි සේවයක් ඉටුකරමින් සිටී.
ව්‍යාපාර තිරසර ලෙසින් මෙහෙයවීමේ ප‍්‍රබල හැකියාවක් සහ ශක්තිමත් නායකත්වයක් සතු ඔහු මේ වනවිටත් HNB බැංකුවේ මෙහෙයුම් ක‍්‍රියාවලිය වැඩිදියුණු කිරීමේ කාර්යාවලියට උරදෙමින් ඒ සඳහා ප‍්‍රමුඛ දායකත්වයක් ලබාදෙන්නෙකි.
ඩිල්ෂාන් රොද්‍රිගෝ මහතා මේ වනවිට ශ‍්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනයේ (SLID) සහ ආසියානු බැංකුකරුවන්ගේ සංගමයේ (තායිවානයේ) ප‍්‍රතිපත්ති උපදේශක කමිටුවේ උප සභාපති ලෙස සේවය කර ඇති අතර CIMA, ACCA සහ Risk Professional Forum හි සභාපතිවරයා ලෙස දෙවරක්ම වසර දෙකක කාලයක් සේවය කර ඇත. ඔහු දශකයකට වැඩි කාලයක් විවිධ උපාධි හා පශ්චාත් උපාධි පාඨමාලාවන්හි (CIMA, ACCA, PIM MBA) දේශකයෙකු ලෙස තම දැනුම බෙදාදී ඇත. ඔහු දැනට එහි අධ්‍යාපන ක්ෂේත‍්‍රයන් සඳහා තම දැනුම ලබා දෙන අතරම SLID හි අධ්‍යයන වැඩසටහන් හි ආරාධිත කථිකාචාර්යවරයෙකු ලෙසද කටයුතු කරයි. ඩිල්ෂාන් රුද්‍රිගෝ මහතා CIMA සහ ACCA වැනි එක්සත් රාජධානියේ ගිණුම්කරණ ආයතනයන්හි සාමාජිකත්වය දරන අතර එක්සත් රාජධානියේ ක‍්‍රැන්ෆීල්ඞ් විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධිදාරියෙකි.
ඔහු වරලත් අලෙවිකරණ ආයතනයේ සාමාජිකයෙකුද වරලත් කළමනාකරණ ගණකාධිකාරිවරුන්ගේ ආයතනයේ සහාය සාමාජිකයෙකුද......
ඔහු වරලත් අලෙවිකරණ ආයතනයේ සාමාජිකයෙකුද වරලත් කළමනාකරණ ගණකාධිකාරිවරුන්ගේ ආයතනයේ සහාය සාමාජිකයෙකුද. තවද ඔස්ට්‍රලියාවේ සහතිකලාභී කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරීවරයෙකුද වේ. ඔහු ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයෙන් ව්‍යාපාර හා මූල්‍ය පරිපාලන පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක්ද ලබාගෙන ඇත.
ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය කර්මාන්තය වෙත දැක්වූ දායකත්වය හදූනාගනිමින් ඉන්දියාවේ ලෝක උපදේශන හා පර්යේෂණ සංස්ථාව විසින් පිරිනමන ලද 2014 වසරේ කාර්ය පරිවර්තකයා යන ගෞරවාන්විත සම්මානය ලබාගන්නා ලද්දේ ඔහු විසිනි.
2022 නොවැම්බර් 29 වෙනි දින සිට ක්‍රියාත්මක වන පරිදි බ්‍රාහ්මණගේ ප්‍රේමලාල් මහතා ස්වාධීන නොවන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස එච්.එන්.බී. ෆිනෑන්ස් පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩලයට නැවත...
බ්‍රාහ්මණගේ ප්‍රේමලාල් මහතා | ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂක
2022 නොවැම්බර් 29 වෙනි දින සිට ක්‍රියාත්මක වන පරිදි බ්‍රාහ්මණගේ ප්‍රේමලාල් මහතා ස්වාධීන නොවන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස එච්.එන්.බී. ෆිනෑන්ස් පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩලයට නැවත පත් කරන ලදී.
ප්‍රේමලාල් මහතා මෙයට පෙර එච්.එන්.බී. ෆිනෑන්ස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ වසර 9 ක සේවා කාලයක් සම්පූර්ණ කිරීමෙන් පසු ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය සමාගම් (ආයතනික පාලන) නියෝගය අනුව විශ්‍රාම යාමට පෙර 2020 ජුනි 29 වෙනිදා දක්වා සමාගමේ නියෝජ්‍ය සභාපති/ස්වාධීන නොවන, විධායක නොවන අධ්‍යක්ෂවරයෙක් ලෙස සේවය කළේය.
එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ සහ කැනඩාවේ වරලත් ව්‍යාපාර පරිපාලක ආයතනයේ සාමාජිකයෙක් වන ප්‍රේමලාල් මහතා මැලේසියාවේ විවෘත විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් අලෙවිකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ද ලබාගෙන ඇත.
දශක තුනක කාලයක් පුරා ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ කටයුතු කර ඇති ඒ මහතා ශ්‍රී ලාංකීය ව්‍යාපාරික ක්ෂේත්‍රයේ කැපී පෙනෙන පුද්ගලයෙක් වන අතර, එච්.එන්.බී. ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ දෙවන ප්‍රධානතම කොටස් හිමියා වන සීමාසහිත ප්‍රයිම් ලෑන්ඩ්ස් (පුද්.) සමාගමේ නිර්මාතෘ සහ එම සමූහයේ සභාපතිවරයා ද වේ.
ඒ මහතා දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ලබා තිබෙන අතිවිශාල අත්දැකීම් සම්භාරය සහ ව්‍යවසායකයෙක් ලෙස තවත් බොහෝ කර්මාන්තවල ලබා ඇති පළපුරුද්ද සැලකිල්ලට ගනිමින් ඒ මහතාට zz UCD Entrepreneur of the Year – 2011ZZ සම්මානය පිරිනමන ලදී. එමෙන්ම, ඒ මහතා රටේ වර්ධනයේ ධාවකය මෙහෙයවූ සහ රටේ සැබෑ වත්කම් වන ශ්‍රී ලංකාවේ හොඳම ව්‍යාපාරිකයන් 50 දෙනා අතරට ඇතුළත් කරමින් LMD විසින් 2018 වසරේ “ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින්ගේ”A-ලැයිස්තුවේ ව්‍යාපාරිකයෙකු ලෙසද ඇතුළත් කරනු ලැබීමෙන් ගෞරවයට පාත්‍ර විය.
මේ වන විට ඒ මහතා සීමාසහිත ප්‍රයිම් ලෑන්ඩ්ස් (පුද්ගලික) සමාගමේ සහ භූමි රියැලිටි හෝල්ඩිංග්ස් (පුද්ගලික) සමාගමේ සභාපති/විධායක අධ්‍යක්ෂ ලෙස ද, ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩන්සීස් පී.එල්.සී. සමාගමේ සමසභාපති/අධ්‍යක්ෂ ලෙස ද සීමාසහිත ප්‍රයිම් ලෑන්ඩ්ස් ඕස්ට්‍රේලියා හිමිකාරීත්ව සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලෙස ද කටයුතු කරයි. එමෙන්ම, ඒ මහතා 2021/22 වසර සඳහා ශ්‍රී ලංකා සහාධිපත්‍ය සංවර්ධකයින්ගේ සංගමයේ සභාපතිවරයාද විය.
දිසානායක මහතා බැංකුකරණ අංශය හා ප්‍රාග්ධන වෙළදපලද ආවරණය කරමින් දශක දෙකකට ආසන්න කාර්ය පළපුරුද්දක් ලද්දෙකි......
දිසානායක මහතා බැංකුකරණ අංශය හා ප්‍රාග්ධන වෙළදපලද ආවරණය කරමින් දශක දෙකකට ආසන්න කාර්ය පළපුරුද්දක් ලද්දෙකි. දැනට ඔහු හැටන් නැෂනල් බෑන්ක් පී.එල්.සී. ආයතනයේ ප්‍රධාන උපාය මාර්ග නිලධාරියා වශයෙන් කටයුතු කරයි. එච්.එන්.බී. ෆිනෑන්ස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වනවාට අමතරව” දිසානායක මහතා ඇකුවිටි පාට්නර්ස් පුද්ගලික සමාගමේද අධ්‍යක්ෂවරයෙකු වේ. අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුවේ සභාපතිත්වය දරන දිසානායක මහතා සමාගමේ උපාය මාර්ග හා ආයෝජන සමාලෝචන කමිටුවේද සාමාජිකයෙකු වේ.
දිසානායක මහතා වරලත් මූල්‍ය විශ්ලේශක නාමධාරියෙකු වන අතරම එක්සත් රාජධානියේ වරලත් කළමනාකරන ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ සහාය සාමාජිකයෙකුද වේ. ඔහු කොළඹ විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබද ප්‍රථම උපාධියක්ද ලබාගෙන ඇත.
හසිත විෙජේසුන්දර මහතා ජර්මන් සංවර්ධන සහයෝගිතා ආයතනයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යපාපාරික අංශ සංවර්ධන වැඩසටහනේ උපදේශකවරයෙකු වේ....
හසිත විෙජේසුන්දර මහතා ජර්මන් සංවර්ධන සහයෝගිතා ආයතනයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යපාපාරික අංශ සංවර්ධන වැඩසටහනේ උපදේශකවරයෙකු වේ. ඔහු ජර්මන් සංවර්ධන සහයෝගිතා ආයතනයට අනුයුක්ත සංවර්ධන අංශ ප්‍රවීණයෙකුද වන අතර ක්ෂුද්‍ර මූල්‍ය හා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මූල්‍යකරණය වෙළඳාම නියාමන ගැටළු ආංශික ක්‍රමෝපායන් සමාජ කාර්ය සාධන කළමනාකරණය හා සියල්ලන් අන්තර්ගත මූල්‍යකරණය යන ක්ෂේත්‍රයන්හි දශකයකට වැඩි අත්දැකීම් ලද්දෙකි.
ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාපති උපාධිධරයෙකුද නීතිවේදී උපාධිධරයෙකුද දේශීය හා ජාත්‍යන්තර වෘත්තීය ආයතන ගණනාවක සහාය සාමාජිකත්වයද දරයි. 2009 වර්ෂයේ සිට ශ්‍රී ලංකාවේ ශ්‍රෙෂ්ඨාධිකරණ නීතිඥවරයෙකු වශයෙන් කටයුතු කරන ඔහු මේවන විට කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිිය පිළිබද ශාස්ත්‍රපති උපාධිය හදාරමින් සිටී. විෙජේසුන්දර මහතා ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් මූල්‍ය හා කළමනාකරණ විද්‍යාලය සහ දූගී දූප්පතුන් වෙත සහාය දැක්වීමේ උපදේශන කණ්ඩායම හෙවත් කඨඡ වැනි කීර්තිමත් ජාත්‍යන්තර ආයතනයන්හි ක්ෂුද්‍ර මූල්‍ය හා සුළු හා මධ්‍ය පරිමාණ මූල්‍යකරණය පිළිබද වරලත් පුහුණුකරුවෙකුද වේ. එයට අමතරව ඔහු ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන කිහිපයක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු වශයෙන්ද සේවය කරයි.
ශ්‍රී ලංකාව තුළ ලබා ඇති අත්දැකීම්වලට අමතරව කළාපීය මට්ටමින්ද ඔහු විසින් ප්‍රායෝගික පළපුරුද්දක් ලබා ඇත. ඉන්දූනීසියාවේ තිරසර කළාපීය ආර්ථික වර්ධන හා ආයෝජන වැඩසටහනේ පිලිපීනයේ හරිත ආර්ථික සංවර්ධන ප්‍රවර්ධනායතනයේ ඇගයුම් මෙහෙයුම් කණ්ඩායම් සාමාජිකයෙකු වෙමින් ඔහු විසින් ඒවාහි ව්‍යාපෘති සැලැස්ම හා හැඩගැස්ම සැකසීමෙහි ලා සිය දායකත්වයද ලබාදෙන ලදි . ඉන්දියාව බංග්ලාදේශය, මියන්මාරය, කාම්බෝජය, මැලේසියාව හා පාකිස්තානයද ඇතුළත් රාජ්‍යයන්හි මූල්‍ය පද්ධති පිළිබද මනා දැනුමැත්තෙකු වන ඔහු ඒ ආශ්‍රිත විවිධ පැවරුම් කාර්යයන්හිද නිරත විය.
2021 පෙබරවාරි මස 15 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි රුවන් මනතුංග මහතා එච්.එන්.බී. ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමෙහි ස්වාධීන නොවන, විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස පත් කරන ලදී....
2021 පෙබරවාරි මස 15 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි රුවන් මනතුංග මහතා එච්.එන්.බී. ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමෙහි ස්වාධීන නොවන, විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස පත් කරන ලදී.
මනතුංග මහතා හැටන් නැෂනල් බෑන්ක් පී.එල්.සී සමාගමෙහි ප්‍රධාන අවදානම් නිලධාරී/නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වශයෙන් සේවය කරයි.
ඒ මහතා දශක දෙකකට වැඩි කාලයක් පුරා බැංකු හා මූල්‍ය සේවා අංශවල අත්දැකීම් සම්භාරයක් හිමිකර ගෙන තිබේ. මනතුංග මහතා මෙයට පෙර HSBC Sri Lanka සහ M/s Ernst & Young, Chartered Accountants, Sri Lanka යන ආයතනවල සේවය කර ඇත. ඔහු ශ්‍රී ලංකාවේ වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනයෙහි සහ එක්සත් රාජධානියේ කළමනාකරණ ගණකාධිකාරී වරලත් ආයතනයෙහි අධි සාමාජිකයෙක් ද වේ.
ලලිත් විතාන මහතා 2021 වසරේ සැප්තැම්බර් 10 වන දින සිට HNB FINANCE PLC හි අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරයි. ලලිත් විතාන මහතා වසර 25 කටත් වැඩි කාලයක් ආයතනික අංශයේ කළමනාක...
ලලිත් විතාන මහතා 2021 වසරේ සැප්තැම්බර් 10 වන දින සිට HNB FINANCE PLC හි අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරයි. ලලිත් විතාන මහතා වසර 25 කටත් වැඩි කාලයක් ආයතනික අංශයේ කළමනාකරණ තනතුරු දරා ඇති අතර එම කාලය තුළ ඔහු බැංකුල ව්‍යාපාර හා වෙළෙඳ අංශවල උසස් කළමනාකරණ තනතුරු හොබවා ඇතග ඔහු Brandix Group, Ernst and Young, Amsterdam Rotterdam (Amro) Bank, IBM World Trade, Corporation and Carson Cumberbatch, Ceylon Tea Services Limited සහ Yamaha Corporation in (USA)වැනි බොහෝ ආයතන සමඟ වැඩ කර ඇති අතර අත්දැකීම් සමුදායකට හිමිකම් කියයි.
ලලිත් විතාන මහතා මෑතක් වන තුරුම ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සමූහ ප්‍රධාන මූල්‍ය හා පරිපාලන නිලධාරීවරයා ලෙසත් පසුව ඊට අනුබද්ධිත ශ්‍රී ලංකන් කේටරින් හි ප්‍රධාන විධායක නිලධාරියා ලෙසත් කටයුතු කළේයග ඔහු මේ වන විට Agility Consulting Services (Pvt.) Ltd නිර්මාතෘ හා කළමනාකරණ අධ්‍යක්ෂවරයා ලෙස ද Laugfs Gas PLC, Laugfs Maritime Services (Pvt.) Ltd සහ Softlogic Life Insurance PLC හි අධ්‍යක්ෂවරයෙකු වශයෙන් ද කටයුතු කරමින් සිය වගකීම් ඉටු කරමින් සිටීග ඔහු වර්තමානයේදී Acuity Partners (Pvt.) සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කරන අතර Project Management Institute, Colombo Chapter උපසභාපතිවරයා වශයෙන් ද සිය සේවාව ලබා දෙයි. එමෙන්ම ඔහු ජාතික ඔලිම්පික් කමිටුවේ විධායක සභා සමාජිකත්වය ද දරයි.
ඔහු මින් පෙර ලංකා බැංකුව, දංකොටුව පෝසිලේන් PLC” Merchant Bank of Sri Lanka PLC” Ceylease Limited සහ සෙලාන් බැංකුව ආදී ආයතනයන්හි ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවය කර ඇත. විතාන මහතා ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ ^ TRCSL& කොමසාරිස්වරයෙකු ලෙස ද සේවය කර ඇත.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලන ^MBA& උපාධියක් ලබා ඇති ලලිත් විතාන මහතා එක්සත් රාජධානියේ මැන්චෙස්ටර් මෙට්‍රොපොලිටන් විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී ^BA& ගෞරව උපාධිධාරියෙකිග ඔහු එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ ^FCMA& සහ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ ^FCA& සාමාජිකයෙකිග ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ ව්‍යාපෘති කළමනාකරණ ආයතනයේ ^ PMI & ව්‍යාපෘති කළමනාකරණ වෘත්තිකයෙකු ලෙසද කටයුතු කරයි.
මුරලි ශ්‍රීනිවාස් පොලමරසෙට්ටි මහතා ක්ෂුද්‍ර මූල්‍ය, ක්ෂුද්‍ර රක්ෂණ, ක්ෂුද්‍ර විශ්‍රාම වැටුප්, වියදම දැරිය හැකි/ක්ෂුද්‍ර නිවාස, නිවාස ක්ෂුද්‍ර මූල්‍ය, පානීය ජලය සහ සනීපාරක්ෂාව වැනි ...
මුරලි ශ්‍රීනිවාස් පොලමරසෙට්ටි මහතා | ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ
මුරලි ශ්‍රීනිවාස් පොලමරසෙට්ටි මහතා ක්ෂුද්‍ර මූල්‍ය, ක්ෂුද්‍ර රක්ෂණ, ක්ෂුද්‍ර විශ්‍රාම වැටුප්, වියදම දැරිය හැකි/ක්ෂුද්‍ර නිවාස, නිවාස ක්ෂුද්‍ර මූල්‍ය, පානීය ජලය සහ සනීපාරක්ෂාව වැනි විවිධ ක්ෂේත්‍රවල අත්දැකීම් සහිතව වසර පහළොවකට (15) අධික කාලයක් ආයතනික අංශයේ කළමනාකරණ තනතුරු හොබවා ඇත. ඒ මහතා මේ වන විට ඉන්දියාවේ S.M.I.L.E Microfinance Limited සමාගමෙහි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්රධාන විධායක නිලධාරී ලෙස සේවය කරන අතර, එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර පිහිටි Protimos Foundation ආයතනයෙහි අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කරයි. තවද ඒ මහතා ඉන්දියාවේ බෙංගලුරු නගරයේ යූනුස් සමාජ ව්‍යාපාර අරමුදලේ ආයෝජන කමිටු සාමාජිකයෙක් ද වේ. මුරලි මහතා මීට පෙර ඉන්දියාවේ Mimoza Enterprises Finance Company Limited, ඉන්දියාවේ Signumtree Consultancy Private Limited, එක්සත් රාජධානියේ Hocare Limited, ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවර පිහිටි Acer Engineers Private Limited සහ ඉන්දියාවේ Tripod Impex Private Limited වැනි ඉන්දියාවේ සහ එක්සත් රාජධානියේ සමාගම් ගණනාවක ක්ෂුද්‍ර මූල්‍ය, තොරතුරු තාක්ෂණය, බෝතල් කළ ජලය සහ උපදේශන සේවා වැනි ක්ෂේත්‍රවල විශේෂඥභාවය සහිතව අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවය කර ඇත.
මුරලි මහතා ඉන්දියාවේ ශ්‍රී වෙන්කටේෂ්වර විශ්වවිද්‍යාලයෙන් දේශපාලන විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද, ඉන්දියාවේ මදුරාසි විශ්වවිද්‍යාලයෙන් භෞතික විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධියක් ද ලබාගෙන තිබේ. එමෙන්ම ඒ මහතා හාවඩ් ව්‍යාපාරික පාසලේ විධායක අධ්‍යාපන වැඩසටහන් යටතේ ක්ෂුද්‍ර මූල්‍ය අංශයේ නායකත්වය පිළිබඳ විධායක ඉගෙනුම් වැඩසටහනක් ද සම්පූර්ණ කර ඇත. මුරලි මහතා එක්සත් රාජධානියේ ලීඩ්ස් විශ්ව විද්‍යාලයේ නිර්මාණ පාසලේ බාහිර පීඨ සාමාජිකයෙක් ද විය. මුරලි මහතාගේ ආයතනික පැතිකඩට අමතරව, ඒ මහතා නිසි හව්හරණක් අහිමි දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධානයක් වන Needy Illiterate Children Education ආයතනයේ උපදේශක මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන අතර ඉන්දියාවේ දිළිඳු ජනතාවගේ ජල ප්‍රශ්නයට විසඳුම් සැපයීම සඳහා වූ රාජ්‍ය නොවන සංවිධානයක් වන Partners in Prosperity ආයතනයේ උපදේශක මණ්ඩලයේ සාමාජිකයෙකු ද වේ
මුරලි ශ්‍රීනිවාස් මහතා 2022 වසරේ සැප්තැම්බර් 15 දා සිට HNB Finance PLC හි ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ වරයකු ලෙස කටයුතු කරයි.