බ්ලොග්

අලුතින් ආරම්භ කරන ව්‍යාපාරයක් සඳහා මූල්‍ය පහසුකම් ලබා ගත හැකි ක්‍රම 4 ක්

අලුතින් ආරම්භ කරන ව්‍යාපාරයක් යනු ඕනෑම අයෙකුගේ අපේක්ෂා සහගත ව්‍යාපෘතියකි. කාලය හා මුදල් සම්බන්ධයෙන් ගත් විට, ඒ සඳහා විශාල උත්සාහයක් අවශ්‍ය වේ. බොහෝ අවස්ථාවන්හීදී, පුද්ගලයින් කාලය යෙදවීමට සූදානම්ව සිටින නමුත් ඔවුන්ට ප්‍රමාණවත් මූල්‍ය සහායක් නොමැත. එහෙත් ඔවුන් තුළ බලාපොරොත්තුව ඇත.

වර්තමාන ලෝකයේ, ඔබ අලුතින් ආරම්භ කරන ව්‍යාපාරයට අවශ්‍ය අරමුදල් ලබා ගැනීම සඳහා ක්‍රම කිහිපයක් තිබේ. වඩා ජනප්‍රිය ක්‍රම 4 ක් මෙසේ ය:

ක්ෂුද්‍ර ණය

ක්ෂුද්‍ර ණය ක්‍රමයෙහි ඉලක්කය මේ වන විට මෙහෙයුම් ආරම්භ කර ඇති ව්‍යවසායකයින් වන අතර, එම නිසා මෙම ණය සඳහා ලිහිල් කොන්දේසි ඇත. එපමණක් නොව, මෙවැනි ස්වභාවයේ බැංකු ණය ක්‍රම වලට බොහෝ විට ව්‍යවසායකයාට ආපසු ගෙවිය හැකි කුඩා මුදල් ප්‍රමාණයන් අයත් වේ.

HNB FINANCE සමාගම විසින් පිරිනමනු ලබන ‘දිරිය ක්ෂුද්‍රණය’ අලුතින් ආරම්භ කරන ව්‍යාපාරය සඳහා ඉතා හොඳ විකල්පයක් වේ. මෙම කුඩා ව්‍යාපාර ණය පහසුකම මගින් ඔබට කරදරයකින් තොරව රු. 50,000 සිට රු 300,000 දක්වා වූ ණය මුදලක් ලබා ගත හැකිය. එමෙන් ම, අඩු ණය පොළී අනුපාත තිබේමේ ප්‍රතිලාභය ද ඔබට හිමි වේ. එපමණක් නොව, ඔබට සතිපතා හෝ මාසිකව ණය ආපසු ගෙවිය හැකි අතර, ණය ගෙවා අවසන් කිරීම සඳහා මාස 24 ක කාලයක් ලබා ගත හැක.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ සුළු පරිමාණ ව්‍යාපාර ණය

මෙම ණය යෝජකා ත්‍රම මගින් සාමාන්‍යයෙන් ඉහළ මුදල් ප්‍රමාණයක් ලබා ගත හැකි අතර ක්ෂුද්‍ර ණය හා සංසන්දනය කිරීමේ දී ඒ සඳහා වඩා දැඩි කොන්දේසි තිබේ. HNB FINANCE සමාගම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහස සුළු පරිමාණ ව්‍යාපාර නගා සිටුවීමේ අරමුන ඇතිව විවිධ ණය පහසුකම් සපයා දෙයි.

අපගේ ‘ඊසි ලෝන්’ ණය යෝජනා ක්‍රමය යනු හදිසි කාරක ප්‍රාග්ධනයක් අපේක්ෂා කරන අයට වඩාත් සුදුසු වන සුළු පරිමාණ ව්‍යාපාර ණය වර්ගයකි. මේ යටතේ ඔබට රුපියල මිලියන 10 ක උපරිම ණය මුදලක් ලබා ගත හැකිය. මෙම ණය පහසුකම සකස් කර ඇත්තේ අවශ්‍ය අරමුදල් කෙටි කාලයක් තුළ සපයා දීම සඳහා වන බැවින් ව්‍යවසායකයාට සුපුරුදු පරිදි අඛණ්ඩවමෙහෙයුම් කරගෙන යාමට ඉඩ සැලසෙයි. මේ සඳහා අපි නම්‍යශීලී ආපසු ගෙවීමේ ක්‍රම සහ තරගකාරී පොලී අනුපාත සමගින් ඔබගේ ස්ථානයට ම පැමිණ සේවා සපයා දෙන අතර, ඒ සඳහා අවශ්‍ය කරන ලියකියවිලි සරල හා පහසු වේ. අපගේ ‘ස්වශක්ති’ ණය යෝජනා ක්‍රමය ද ඒ හා සමාන ණය පහසුකමක් වන අතර, වඩා නම්‍යශීලී කොන්දේසි සහ නියමයන් සහිත එම පහසුකමෙහි වෙනස වන්නේ වඩා අඩු මුදලක් ලබා ගත හැකි වීමයි.

අපගේ ‘සවිය’ ණය යෝජනා ක්‍රමය වැනි පහසුකමක් මගින් තමන්ගේ ප්‍රාග්ධනය සහ මෙහෙයුම් පරිමාණය පුළුල් කර ගැනීමට අපේක්ෂා කරන, අලුතින් ආරම්භ කර ඇති ව්‍යාපාර ඉලක්ක කර ඇත. බොහෝ සෙයින් අපගේ සුළු පරිමාණ ණය ක්‍රම මෙන් ම, මෙම සුළු හා මධ්‍ය පරිමාණ ණය ක්‍රමය මගින් ද අපගේ පුහුණු කාර්ය මණ්ඩලය විසින් ඔබගේ අවශ්‍යතාවයට සරිලන පරිදි, ඔබගේ ස්ථානයට ම පැමිණ, අවම ලියකියවිලි අවශ්‍යතාවයක් සහිතව අරමුදල් ලබා ගැනීමට ඔබට ඉඩ සලසා දෙයි. මෙයට අමතරව, ඔබට වසර 5 ක් දක්වා වූ නම්‍යශීලී ආපසු ගෙවීමේ කාල සීමාවක් සමගින් උපරිමය රුපියල් මිලියන 20 ක් දක්වා වූ ණය මුදලක් ලබා ගැනීමට අවස්ථාව තිබේ. තම කර්මාන්තය තුළ වඩාත් ස්ථාවර වීමට අපේක්ෂා කරන ව්‍යවසායකයින්ට මෙය වඩාත් සුදුසු වේ.

ව්‍යාපාර ප්‍රාග්ධන ආයෝජකයින්

අලුතින් ආරම්භ කරන සුළු ව්‍යාපාර සැලකූ විට, අවශ්‍ය මුදල් සපයා ගැනීම සඳහා ව්‍යාවසායකයින් විසින් ගනු ලබන අවදානම ඉතා වැදගත් වේ. කෙසේ වෙතත්, සැමවිටම එවැනි අවදානම් ගණනය කරනු ලැබේ.

අවදානම් අඩුකර ගැනීමේ නවතම ක්‍රම වලින් එකක් වන්නේ ආයෝජකයින් සොයා ගැනීමයි. ‘මුදලින් සම්මාදම් වන ආයෝජකයින්’ ලෙස ද සමහර අවස්ථාවලදී හඳන්වනු ලබන මෙම පුද්ගලයින් හෝ සමාගම් ආරම්භක ව්‍යාපාර හරහා විවිධ කර්මාන්තවල විවිධාංගීකරණය වීමට අපේක්ෂා කරති. අනාගතයේදී ලාභයෙන් කොටසක් උපයා ගැනීමේ අදහසින් ව්‍යාපාර සඳහා මූල්‍ය පහසුකම් සැපයීම ඔවුන්ගේ අරමුණ වේ. එය ණයක් ලෙස සිතන්න. බැංකු ණය පොළී අනුපාත ගෙවීම වෙනුවට, ඔබට එම ආයෝජකයින්ට හිමිකම් කොටසක් ගෙවීමට සිදුවේ.

විශේෂයයෙන් ම ඔබ ඔබගේ අලුත් ව්‍යාපාරය ආරම්භ කළ විගස, ඔබගේ දැක්ම හා සමාන දැක්මක් ඇති ආයෝජකයෙකු සොයා ගැනීම ඔබට දුෂ්කර විය හැකිය. ඔබ ඔවුන් සමග නිවැරදි කොන්දේසි සහ නියමයන්ට එළඹීම සඳහා පර්යේෂණය කර, ඔවුන් සමග සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට ද අවශ්‍ය වනු ඇත.

සමූහ අරමුදල් යෙදවීම

අලුතින් ආරම්භ කරන ව්‍යාපාරයක අවදානම අඩු කිරීමේ නව්‍ය ක්‍රමයක් වන්නේ සමූහ අරමුදල් සැපයීමයි. කිහිප දෙනෙකුගෙන් අරමුදල් ලැබෙන බැවින් මෙය ඔබගේ සාමාන්‍ය ආයෝජනය නොවේ. මෙම මූදල් බොහෝ විට කුඩා ප්‍රමාණ වලින් ලැබෙයි.

එහි අවදානම අඩුවීමට එක් හේතුවක් වන්නේ සමූහ අරමුදල් යොදවන්නන් ඔබගේ අලුතින් ආරම්භ කරන ව්‍යාපාරයෙහි කිසිදු පාලනයක් ලබා නොගැනීමයි. කෙසේ වෙතත්, නිෂ්පාදිතය දියත් කරන විට ඔවුන් යම් තිළණයක්, නැතහොත් යම් ආකාරයක සම්මාණයක් අපේක්ෂා කරති. එහෙත් මෙවැනි ආකාරයේ මූල්‍යකරණයක එක් ප්‍රධාන අඩුපාඩුවක් වන්නේ ඒ සඳහා කාලය ගතවීමයි. එපමණක් නොව, ඔබේ නිෂ්පාදනය කෙතරම් නව්‍ය වන්නේද යන්න සාමාන්‍ය පුද්ගලයාට ඒත්තු ගැන්වීම ද දුෂ්කර විය හැකිය.

ඔබගේ අලුතින් ආරම්භ කරන ව්‍යාපාර සඳහා මුදල් සපයා ගැනීමේ තවත් ක්‍රම කිහිපයක් තිබේ. කෙසේ වෙතත්, ඔබ වඩාත් පාලිත විසඳුම් සොයන්නේ නම්, ඉහත සඳහන් කළ ක්‍රම බෙහෙවින් නිර්දේශ කෙරේ. ඔබ ව්‍යාපාර ණයක් අපේක්ෂා කරන්නේ නම්, අප විසින් පිරිනමනු ලබන දේ ඔබට පරීක්ෂා කර බැලිය හැක. අපගේ සේවාවන් පිළිබඳව ඔබට කිසියම් ප්‍රශ්නයක් ඇත්නම් අප හා සම්බන්ධ වන්න. ඒ කුමක් වුවත්, ඔබ ඔබේ ව්‍යාපාරය සාර්ථක කර ගනු දැකීම අපගේ අපේක්ෂාවයි!