බ්ලොග්

ඔබට අධ්‍යාපන ණයක් ගැනීමට අවශ්‍ය වීමට හේතු පහක්

අධ්‍යාපනය යනු ඔබට ඔබගේ අනාගතය වෙනුවෙන් කළ හැකි යහපත්ම ආයෝජනයන් අතරින් එකකි. කෙසේ වුවද, විශ්වවිද්‍යාල උපාධියක් ලබාගැනීම සදහා අතිශයින් සැලකිය යුතු වියදමක් දැරීමට සිදුවේ. ඔබට ඔබගේ උපාධිය සඳහා අවශ්‍ය මුදල් යෙදවීමේ වඩාත් පහසු ක්‍රමය වන්නේ මුදල් ප්‍රදානයක් හෝ ශිෂ්‍යත්වයක් ලබාගැනීම වන අතර, එහෙත් එවැන්නක් ලබාගැනීමේ හැකියාව සියලු දෙනා සතු නොවේ. මෙවන් තත්ත්වයන් තුළ, අධ්‍යාපන ණයක් ඔබට ඉමහත් සෙයින් උපකාරී විය හැක.

ඔබ උසස් අධ්‍යාපනය ලැබීම පිළිබඳව සලකා බලමින් සිටින්නේ නම් ශිෂ්‍ය ණයක් ඉල්ලුම් කළ යුතුවීමට හේතු 5ක් මෙහිලා අපි ඔබට ඉදිරිපත් කරමු.

1. දෙමවුපියන් සමගින් ඒකාබද්ධව අයැදුම් කිරීම

අලුතින් ශ්‍රම බලකායට ඇතුළුවන සේවා වියුක්ත සිසුන්ට හෝ පුද්ගලයන්හට, අධ්‍යාපන ණයක් ලබාගැනීම කිසිසේත් කළ නොහැකි තරම් දෙයකි. HNB FINANCE වෙතින් අධ්‍යාපනික ණයක් ලබාගැනීමේදී, සිය උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා සිය දෙමව්පියන් සමගින් බද්ධ අයැදුමක් සිදු කිරීමේ හැකියාවේ වාසිය සිසුන් වෙත ලැබේ. දෙමව්පියන්හට සිය ආදායම් සනාථ කිරීමේ ලියවිලි ඉදිරිපත් කොට උසස් අධ්‍යයන කටයුතු සඳහා සිය දරුවන් වෙනුවෙන් ණය මුදල ලබාගත හැක. ඔබ සේවා නියුක්තිකයෙකු නම්, ඔබට ණය මුදල ලබාගැනීමේ සුදුසුකම් ලබනු පිණිස ඔබගේ සේවායෝජකයා වෙතින් තහවුරු කිරීමේ ලිපිය, පසුගිය මාස තුනක කාලයකට අදාළ වැටුප් පත්‍රිකා හා බැංකු ප්‍රකාශන ලබාගෙන ඉදිරිපත් කළ හැක.

2. ආකර්ශනීය ශිෂ්‍ය ණය පොළී අනුපාතික

ඔබ HNB FINANCE වෙතින් ‘‘නැණසර අධ්‍යාපනික ණයක්‘‘ ලබාගන්නේ නම්, ඔබට ශ්‍රී ලංකාව තුළ ලබාගත හැකි හොඳම පොළී අනුපාතිකය ලැබෙන බවට සහතික විය හැක. ඔබගේ මූල්‍ය ස්ථාවරත්වය හා අදාළ අවදානම් තත්ත්වයන් මත පදනම්ව, ඉහළ පොළී අනුපාතිකයන් ඔබගේ අනාගත මූල්‍ය ස්ථාවරත්වයට හානිකර විය හැක. පහසු මාසික වාරික සැලැස්මද සමගින් අපගේ ආකර්ශනීය පොළී අනුපාතිකයන් මගින් සිසුන්හට සිය අනාගත මූල්‍යකරණයන් සාර්ථකව කළමනාකරණය කරගත හැකිවේ. සමාන මාසික වාරිකයන් ඔබට ඔබගේ වියදම් වඩා යහපත් ලෙස සැලසුම් කරගැනීමට හා ඔබට ඔබගේ වියදම්හි ක්ෂණික ඉහළ යාමක් ඇති නොවන බවට තහවුරු කිරීමටද උපකාරී වනු ඇත.

3. ආපසු ගෙවීමේ දිගු කාලය

ඔබගේ අධ්‍යයන කටයුතු වැඩිදුරටත් ඉදිරියට ගෙනයාම යනු ආයෝජනයක් මිස මූල්‍ය බරක් නොවිය යුතුය. බොහෝ විට සිදුවනුයේ විශ්වවිද්‍යාල උපාධිධාරීන් සිය උපාධි අධ්‍යයන කටයුතු අවසාන අදියරට එන විට මූල්‍ය ණය බරින් පීඩාවට පත් විමයි. දේශීය හා විදේශීය යන දෙඅංශයේම අධ්‍යාපන අවශ්‍යතා සඳහා අදාළ වන අපගේ අධ්‍යාපන ණය තුළ ඔබට ඔබගේ පාඨමාලාවන් අවසන් කොට ඔබගේම ඉපැයීම් තුළින් ණය මුදල ගෙවීම ආරම්භ කළ හැකි වන බවට වගබලා ගනිමින් ණය මුදල ආපසු ගෙවීම සඳහා වසර හත දක්වා වූ කාල සීමාවක් ලබාදෙනු ලබයි.

4. පුළුල් වයස් සීමාව

අධ්‍යාපනය සම්බන්ධයෙන් පවත්නා විශාලතම දුර්මතයක් වනුයේ ඔබට ඔබගේ වයස අවුරුදු 20 -30 සමයේදී පමණක් ඔබගේ වැඩිදුර අධ්‍යාපන කටයුතු සිදුකළ හැක්කේය යන්නයි. කෙසේ වුවද, වර්තමාන ලෝකය තුළ අප සියලු දෙනා නිරතුරුව ඉගෙන ගනිමින්, පරිණාමයට ලක් වෙමින් සිටින බැවින් කිසිවකුටත් අධ්‍යාපනය සදහා නිශ්චිත වයස් සීමාවක් ඇත යන කාරණය තව දුරටත් වලංගු වූවක් නොවේ. අද වනවිට අධ්‍යාපන ණය මුදලක් ලබාගැනීම සඳහා සුදුසුකම් ලබනු පිණිස, ඔබේ වයස අවුරුදු 18 සිට 55 දක්වා පුළුල් පරාසයක විහිදී යයි.

5. ඔබගේ පාඨමාලා ගාස්තුවෙන් 90% දක්වා මුදල් සැපයිය හැක

මේ සියල්ල විමසා බලා කරනු ලබන අවසන් විග්‍රහයේදී, ඔබට ලැබෙන ඉහළම වාසිය වනුයේ අප විසින් ඔබගේ පාඨමාලා ගාස්තුවෙන් 90% දක්වා අවශ්‍ය මුදල් සැපයීමයි. සුහුරු, නම්‍යශීලී අධ්‍යාපනික ණයක් ඔබට ඔබගේ පූර්ණ හැකියාවන්ට ළඟා වෙමින් ඔබගේ අරමුණු සාක්ෂාත් කරගැනීමට උපකාරී විය හැක. ඔබ HNB FINANCE හි ‘’නැණසර ණය’’ අයැදුම් කිරීමට කැමැත්තෙන් පසුවන්නේ නම් අද දිනම ඔබගේ අනාගත අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීම සඳහා අප හා සම්බන්ධ වන්න.