නිවාස ණයක් ලබා ගැනීමට පෙර සලකා බැලිය යුතු වැදගත් කරුණු 6ක්

නිවසක් හෝ දේපළක් මිලදී ගැනීම ඔබගේ ජීවිතයේ දී ඔබ ගන්නා වැදගත් ම ආයෝජන තීරණ වලින් එකක් වේ. එම නිසා, බොහෝ අය නිවසක් මිලදී ගැනීම වැනි විශාල මිලදී ගැනීමක් සමග ඇති වන මූල්‍ය බරෙන් සහනයක් ලබා ගැනීම පිණිස නිවාස ණයක් ලබා ගැනීමට තීරණය කරති.

ජීවිත කාලයට ම වැදගත් වන මෙවැනි ආකාරයේ ආයෝජනයක් කිරීමට තීරණය කරන විට ඇතැම් කරුණු සැලකිල්ලට ගැනීම අත්‍යාවශ්‍ය වේ. නිවාස ණයක් ගැනීම හා සම්බන්ධ කරුණු මොනවාද යන්න සහ දිගු කාලීනව ඔබට කොපමණ පිරිවැයක් දැරීමට සිදුවන්නේද යන්න අවබෝධ කර ගැනීම ඉතාමත් සුදුසු වේ. එමෙන් ම, ඔබගේ නිවාස ණය අවශ්‍යතාවය සපුරාගත හැකි හොඳ ම විකල්පය සොයා ගැනීම ද ඉතා වැදගත් වේ.

නිවාස ණයක් ලබා ගැනීමට පෙර සලකා බැලිය යුතු කරුණු:

1. පවතින සියලු ම නිවාස ණය විකල්ප පිළිබඳව අධ්‍යයනය කර බලන්න

නිවාස ණය ලබා ගැනීම සඳහා අයදුම් කිරීමට පෙර ඔබ එම අධ්‍යයනය සිදු කිරීම වඩාත් සුදුසු වන අතර, එම ණය ඔබගේ අවශ්‍යතාවයන්ට ගැළපෙන්නේ දැයි අවබෝධ කර ගැනීමට එය උපකාරී වේ. එයට අමතරව, එම නිවාස ණය සඳහා අදාළ විය හැකි ණය පොළී අනුපාතය සහ ණය දෙන ආයතනය විසින් ඉදිරිපත් කරනු ලබන කොන්දේසි සහ නියමයන් මොනවාද යන්න පිළිබඳ වැඩිදුර සොයා බැලීමට ද එම අධ්‍යයනය උපකාරී වෙයි. විවිධ උකස් ණය දෙන්නන් ඔවුන්ගේ ආයතනවලට අනුව ඔබට විවිධ කොන්දේසි සහ නියමයන් ඉදිරිපත් කරති; එබැවින් ඔබගේ ණය විකල්පය තෝරාගැනීමේ දී ඒවා පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් වේ.

ආයතනයෙන් ආයතතනයට වෙනස් විය හැකි, ණය ගැනීම සඳහා සුදුසුකම් ලැබීමේ නිර්ණායක කෙරෙහි අවධානය යොමු කරන්න. බැංකු ආයතන විසින් සපයා දෙනු ලබන නිවාස ණය පහසුකම් සඳහා අනෙකුත් මූල්‍ය සේවාවන්ට වඩා වැඩියෙන් ලියකියවිලි අවශ්‍ය වීම ද විශේෂත්වයක් වේ.

බැංකු විසින් පිරිනමනු ලබන නිවාස ණය ලබා ගැනීමේ දී මෙන් නොව, එච්.එන්.බී. ෆිනෑන්ස් සමාගම ඔබට සරල සහ කරදරයකින් තොර ක්‍රියාවලියක් ඉදිරිපත් කරයි. ඔබ වයස අවුරුදු 60 ට අඩු සහ ප්‍රමාණවත් ආපසු ගෙවීමේ හැකියාවක් සහිත අයෙකු නම්, පහත සඳහන් අවශ්‍යතා සමග ඔබගේ ණය අයදුම්පත ඉදිරිපත් කිරීම මගින් ඔබට පහසුවෙන් එච්.එන්.බී. ෆිනෑන්ස් නිවාස ණයක් ලබා ගත හැක:

  • රැකියාව සහ වැටුප සනාථ කිරීමේ ලියවිලි හෝ ස්වයං රැකියාවක් කරන්නේ නම් ව්‍යාපාරයේ විස්තර
  • නේවාසික දේපළ මත ලියාපදිංචි ප්‍රාථමික උකස
  • පිළිගත හැකි ඇපකරුවන් දෙදෙනෙක්
  • 2. ඔබට වියදම දැරිය හැකි ණය පහසුකමක් තෝරා ගන්න

    ඔබ ලබා ගන්නා ණය මුදලෙහි ආයු කාලය පුරාවට ඔබ කොපමණ මුදලක් ගෙවිය යුතුද සහ අදාළ වන ගාස්තු හෝ පොළී ගාස්තු කොපමණද යනාදී ණය කොන්දේසි ඔබ තෝරා ගන්නා ආයතනය සහ ලබා ගන්නා ණය වර්ගය අනුව තීරණය වේ. ණය කොන්දේසි සහ පොළී අනුපාත සඳහා ඔබගේ සුදුසුකම් නීර්ණය කිරීමේදී ණය දෙන්නන් ඔබගේ ණය ඉතිහාසය සහ වත්මන් ගෙවීම් ඉතිහාසය සලකා බලති. විවිධ ආයතන ඔබට විවිධ ණය කොන්දේසි ඉදිරිපත් කරයි; එබැවින්, නිවාස ණයක් තෝරාගැනීමේ දී ණය ගිවිසුම හොඳින් කියවා සියලුම පොළී අනුපාත ඇතුළත්ව තිබේද යන්න සලකා බලන්න.

    ඔබ‍ගේ ප්‍රදේශයේ ජීවන වියදම සහ පාසල් වල‍ට සහ ප්‍රවාහනය සඳහා ගෙවිය යුතු වියදම් වැනි ඔබ විසින් නිතිපතා සිදු කළ යුතු ගෙවීම් ද සැලකිල්ලට ගෙන ඇති බව සහතික කර ගන්න. ඔබ‍ගේ මූල්‍ය තත්වයට අනුව ඔබගේ නිවාස ස්ථානය තෝරා ගැනීම ඔබට වියදම් දැරිය හැකි මුදලකට ලබා ගත හැකි හොඳම ණය මුදල තීරණය කිරීමට උපකාරී වේ.

    3. ඔබගේ වියදම් කිරීමේ පුරුදු ගැන කල්පනාකාරී වන්න

    ඔබ නිවාස ණයක් සඳහා ලියාපදිංචි වන විට, ඔබගේ ණය ආපසු ගෙවීම ඔබගේ මාසික වියදමට එකතු වන බව අමතක නොකිරීම ඉතා වැදගත් වේ. ඔබට ඔබගේ සියලු ම ගෙවීම් නියමිත වේලාවට ගෙවිය හැකි බව සහතික කිරීම සඳහා විධිමත් අයවැයක් පවත්වා ගැනීම සුදුසු ය. ඔබ ප්‍රවේශමෙන් වියදම් කළ යුතු අතර, ඔබගේ සියලු ණය හැකි ඉක්මනින් ගෙවීමට හැකි වනු පිණිස ඔබගේ ආදායම ගලායාම පාලනය කිරීමට අවශ්‍ය පූර්වාරක්ෂක ක්‍රම අනුගමනය කළ යුතු ය.
    ණය කාලසීමාව තුළ දී, ඔබගේ පුද්ගලික ණය ගෙවීම්වලට බලපෑමක් ඇති නොවනු පිණිස ගෙවීම් ප්‍රමාදවීම වළක්වා ගැනීමට අවශ්‍ය සියලු පියවර ගෙන, ඔබගේ තිබෙන ණය සම්පූර්ණයෙන් ම ගෙවා අවසන් වන තෙක් වෙනත් සැලකිය යුතු ආයෝජන සිදු කිරීමෙන් වළකින්න.

    4. සුදුසු ආපසු ගෙවීමේ කාල සීමාවක් සහ වාරික අනුපාතයක් තෝරාගන්න

    ඔබ නිවාස ණයක් ලබා ගන්නේ නම්, ඔබට කවර දිනයක කොපමණ මුදලක් ගෙවිය හැකි දැයි තේරුම් ගැනීම ඉතා වැදගත් වේ. අය කළ හැකි උපරිම මුදල ඔබගේ “වර්තමාන වගකීම” ලෙස හැඳින්වේ. මෙම සීමාව එක් එක් ණය දෙන ආයතනය අනුව වෙනස් විය හැකි අතර, කොන්දේසි සහ නියමයන් ද සුළු වශයෙන් වෙනස් විය හැක. එසේ වුවත්, යම් අවබෝධයක් ඇතිකර ගැනීම මගින් ඔබට ණය ගෙවීම පැහැර හැරීමකින් තොරව කාලයක් පුරා කොපමණ මුදලක් ගෙවීමට හැකියාව තිබේද යන්න තීරණය කිරීමට හැකි විය යුතුය. ඔබට ගෙවීමට සිදු වන මාසික වාරික මුදල ඔබ ගිවිස ගන්නා ආපසු ගෙවීමේ කාලය මත තීරණය වේ. ඔබ කරන මූලික ගෙවීම විශාල වන විට, ඔබට ගෙවීමට සිදු වන වාරික මුදල් සම්බන්ධයෙන් ඔබට ඇතිවන පීඩනය ද අඩු වේ.
    ණය ආපසු ගෙවීම සඳහා දීර්ඝ කාලයක් තෝරා ගැනීමෙන් ඔබට ගෙවීමට සිදු වන මාසික වාරිකයේ ප්‍රමාණය අඩු කර ගත හැක. කෙසේ වෙතත්, මෙය පොළී අනුපාතවලට අහිතකර ලෙස බලපෑ හැකි අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඉහළ පොළී අනුපාතය හේතුවෙන් දීර්ඝ කාලීනව වාරික ගෙවීමේ දී ඔබට වැඩිපුර විශාල මුදලක් ආපසු ගෙවීමට සිදුවේ.

    5. අමතර ගාස්තු කිසිවක් තිබේ නම් ඒ පිළිබඳ සලකා බලන්න

    මාසික වාරික හැරුණු විට, පරිපාලන සහ ණය සැකසුම් කාර්යයන් සඳහා ඔබට වෙනත් ගාස්තු ගෙවීමට සිදු විය හැක. ඔබ වියදම් කිරීමට සැලසුම් කරගෙන සිටින කාර්යයන් කඩාකප්පල් වන අයුරින් ඔබට අනපේක්ෂිත බිල්පත් ගෙවීමට සිදු වීම වළක්වා ගැනීම පිණිස, ඔබගේ ණය අයදුම්පත ඉදිරිපත් කිරීමට පෙර ඒ පිළිබඳව ඔබගේ ණය දෙන ආයතනය සමග පැහැදිලිව සාකච්ඡා කරන බව සහතික කර ගන්න.
    දැනට යම් සේවා ගාස්තුවක් ගෙවීමට තිබේ නම්, එය එක් වරක් පමණක් ගෙවන ගාස්තුවක්ද නැත හොත් පුනරාවර්තන ගෙවීමක් දැයි සොයා බැලීමට වග බලා ගන්න. කිසියම් මාසික ගාස්තුවක් ගෙවීමට තිබේ නම්, ඔබගේ මූල්‍ය සැලසුම් කිරීමේ දී ඔබගේ මාසික අයවැය ගණනය කරන විට එය සැලකිල්ලට ගන්න.

    6. අවශ්‍ය ලියකියවිලි සියල්ල පිළිබ ඳ හොඳින් දැනුවත් වෙන්න

    ඔබගේ නිවාස ණය හා සම්බන්ධ සියලු කොන්දේසි සහ නියමයන් පිළිබඳ ඔබට මනා අවබෝධයක් තිබෙන බව සහතික කර ගන්න. ඔබ අත්සන් කරන සියලු ම ලියකියවිලි හොඳින් කියවා, ඉදිරියේ දී ඔබට අදාළ වන කොන්දේසි නියම කෙරන පාද සටහන් හෝ අමතර ලියවිලිවල සඳහන් කරුණු කෙරෙහි අවධානය යොමු කරන්න. පහසු නිවාස ණය ලබා දෙන සියලු ම ආයතන ඔබට ලබා දිය හැකි දණ්ඩන පිළිබඳ තොරතුරු සෘජුව ම ලබා නොදෙන බැවින්, ඔබට ලබා දිය හැකි සියලුම දණ්ඩන පිළිබඳ අවධානය යොමු කරන්න.
    ඔබ අයදුම් කරන ණය පහසුකම හා සම්බන්ධ නීති රීති සහ රෙගුලාසි පිළිබඳව, ණය මුදල සම්පූර්ණයෙන් ම ගෙවා අවසන් වන්නේ කෙසේද යන්න පිළිබඳව සහ අනාගත ණය සඳහා අනුමැතිය ලබා ගැනීමට ඔබට ඇති හැකියාව කෙරෙහි බලපාන වෙනත් සීමා හෝ අවශ්‍යතා පිළිබඳව ඔබ අවබෝධ කර ගන්නා බව සහතික කර ගන්න.

    එච්.එන්.බී ෆිනෑන්ස් නිවාස ණය තෝරා ගන්නේ ඇයි?

    නිශ්චල දේපළ යනු ආයෝජනයක් වන නමුත් සියලු ආයෝජන මෙන් එහි ද අවදානම් තිබේ. ශුභාරංචිය නම්, නිසි අධ්‍යයනය සහ පෙරසූදානම මගින් ඔබට අවදානම් අවම කර ලාභයක් උපයා ගත හැකි වීමයි. ඔබ ඔබගේ දේපළ මිලදී ගැනීම සඳහා ණය පහසුකමක් ලබා ගැනීමට පෙර, නිවාස මිලදී ගැනීම සහ ණය දීම සම්බන්ධ ක්‍රියාවලිය අවබෝධ කර ගැනීම අත්‍යාවශ්‍ය වේ.

    එච්.එන්.බී. ෆිනෑන්ස් සමාගම විසින් පිරිනමනු ලබන HNB FINANCE නිවහන – නිවාස ණය. සඳහා ලියාපදිංචි වීම මගින් ඔබට මෙම අවදානම් අවම කර ගෙන ඔබගේ නිස්කලංක පුද්ගලික අවකාශය හිමිකර ගැනීමේ ජීවන සිහිනය සැබෑ කර ගත හැකිය. මෙම ණය පහසුකම මගින් ඔබට වසර 10 ක උපරිම ආපසු ගෙවීමේ කාලයක් සහිතව නිශ්චල දේපළ උකසක් මත රුපියල් මිලියන 10 ක් දක්වා ණය මුදලක් ලබා ගැනීමේ හැකියාව ලැබේ.

    නිවහන නිවාස ණය යෝජනා ක්‍රමයේ ඇති අනෙකුත් ප්‍රතිලාභ වන්නේ අවම ලියවිලි සහිතව, කඩිනමින් ණය සැකසීම සඳහා ලියවිලි ලබා ගැනීමට එච්.එන්.බී. ෆිනෑන්ස් සමාගම ඔබ සිටින ස්ථානයට ම පැමිණ පිරිනමනු ලබන පහසු සේවාව වේ. මෙම විශේෂිත ණය පහසුකම හරහා, එච්.එන්.බී. ෆිනෑන්ස් සමාගම ඔබගේ සිහින නිවස තැනීමට, මිලදී ගැනීමට හෝ අලුත්වැඩියා කිරීමට පහසු ම නිවාස ණය පහසුකම ඔබට සපයා දෙයි.