බ්ලොග්

පුද්ගලික ණය මුදලක් යනු කවරක්ද? පූර්ණ මා‍ර්ගෝපදේශකයක්

පුද්ගලික ණය යනු කරුණු කිහිපයක් සඳහා අවශ්‍ය මූල්‍යකරණයෙහි ලා පරමාදර්ශී වන ප්‍රයෝජනවත් පහසුකම් වේ. හදිසි වෛද්‍ය බිල්පත් සඳහා හෝ, මිල අධික මිලදී ගැනීම් හෝ අධ්‍යාපන කටයුතු ආදිය සඳහා වේවා, වර්තමානයේ පුද්ගලික ණය වර්ග ගණනාවක් පවතී. කෙසේ වුවද, මෙම ණය වර්ග ක්‍රියාත්මකවන ආකාරය පිළිබඳ නොදැනුවත්භාවය මගින් ඔබට ලාභයනට වඩා අලාභ ඇතිවිය හැක. ඒ වෙනුවෙන් ඔබට උපකාර කරනු පිණිස පුද්ගලික ණය ක්‍රියාත්මකවන ආකාරය හා ඒවා ඔබට ඔබ‍ගේ ප්‍රයෝජනය පිණිය යොදාගත හැකි ආකාරය සම්බන්ධ පූර්ණ මාර්ගෝපදේශයක් මෙහිලා ඉදිරිපත් කෙරේ.

පුද්ගලික ණයක් යන්න පිළිබඳ අර්ථ නිරූපණය

පුද්ගලික ණයක් යන්න සරලව (සාමාන්‍යයෙන් වසර 2ත් 5ත් අතර කාලයක් තුළ) වසර කිහිපයකින් ආපසු ගෙවිය යුතුවන පරිදි මුදල් ණයට ගැනීමක් ලෙස අර්ථ නිරූපණය කෙරේ. මෙකී මුදල් ආපසු ගෙවීම මාසික වාරික ක්‍රමයට සිදුකරන අතර පොළියද සමගින් ගෙවනු ලැබේ. ණය දෙන්නා හා ණය කාල පරිච්ඡේදය මත පදනම්ව පොළී මුදල වෙනස්විය හැක.

පුද්ගලික ණය මුදලක මූලිකාංග

සාමාන්‍යයෙන් පුද්ගලික ණය මුදලක මූලිකාංග 5ක් පවත්නා නමුත් මෙකරුණ ණය ලබාදෙන්නා මත රඳා පැවතිය හැක.

පොළී අනුපාතිකය

ණය පොළී අනුපාතිකයන් යන්න සමස්ත ණය මුදලේ ප්‍රතිශතයක් ලෙස අය කෙරෙන, මුදල් ණය ලබාගැනීමේ පිරිවැය ලෙස අර්ථ නිරූපණය කෙරේ. ණය මුදල, ණය කාල පරිච්ඡේදය හා ඔබගේ ණය ලකුණු ප්‍රමාණය මත පදනම්ව, ණය කාල පරිච්ඡේදය අවන්වන තුරු මෙය සෑම මසකම ණය හිමියා වෙත ගෙවිය යුතුවේ.

ණය කාල පරිච්ඡේදය

ණය කාල පරිච්ඡේදය යනුවෙන් ණය මුදල ඔබ විසින් ආපසු ගෙවිය යුතුවන කාල පරිච්ඡේදය හැඳින්වේ. නිදසුනක් ලෙස, එච්.එන්.බී. ෆිනෑන්ස් සමාගම මගින් ලබාදෙනු ලබන රිලැක්ස් පුද්ගලික ණය මුදලෙහි ණය කාල පරිච්ඡේදය උපරිම වසර 5ක් වේ.

ගාස්තු

මෙය ණය මුදල සකස් කිරීම සඳහා දරනු ලබන පිරිවැයයි. මෙම ගාස්තු අදාළ මූල්‍යායතනය විසින් පුද්ගලික ණය මුදලක් සකස් කරන ආකාරය මත රඳා පවතී. මේවා ප්‍රලේඛන ගාස්තු, නීතිඥ ගාස්තු, සේවා ගාස්තු ආදී ලෙස විහිදිය හැක.

ප්‍රලේඛනය හෙවත් ලේඛන සකස් කිරීම

ණය මුදලක අවදානම් තත්ත්වය අවම මට්ටමක පවත්නා බවට වගබලාගනු පිණිස, ණය මුදල ඉල්ලා සිටින අයැදුම්පතද සමගින් අදාළ පුද්ගලයාගේ වැටුප, ණය ලකුණු ප්‍රමාණය, සුරැකුම් වත්කම සම්බන්ධ නිල ලේඛන ඉදිරිපත් කළ යුතුවේ.

සෙසු ලක්ෂණ

දඩ ගාස්තු, අතිරේක පොළී අනුපාතික හා ණය මුදල ලබාගනු පිණිස යොදාගනු ලබන සුරැකුම් වත්කමෙහි නිශ්චිත කරුණු ඈ ලෙස බැංකු ණය මුදලක හෝ මූල්‍යායතනයක් විසින් සපයනු ලබන ණය මුදලක මූලිකාංග ගණනාවක් පවතී. ඔබ ණය මුදල ලබාගන්නා මූල්‍යායතනය මත පදනනම්ව මෙකරුණු වෙනස්විය හැක.

පුද්ගලික ණය මුදලක් ක්‍රියාත්මකවන ආකාරය

පුද්ගලික ණය මුදලක් ක්‍රියාත්මකවන ආකාරය වටහා ගැනීම ඉතා සරල දෙයකි. නිදසුනක් ලෙස HNB FINANCE ආයතනයේ රිලැක්ස් ණය ක්‍රමය ගත හැක.

ශ්‍රී ලං. රු. 75,000 සිට ශ්‍රී ලං.රු. 3,000,000 දක්වා පරාසයක් තුළ විහිදෙන ණය මුදලක් ලබාගැනීමට ඔබට අවශ්‍ය වන්නේ නම්, එය ලබාගත හැක්කේ ඇපකරුවන් හෝ උකස් දේපළ 2ක් ඉදිරිපත් කිරීමෙන් පමණි. නිශ්චල දේපළ උකස් කිරීම මත රු. 12,000,000 දක්වා ණය මුදලක් ලබාගත හැක.

ණය මුදල සාමාන්‍යයෙන් පොළියද ඇතුළත්ව ණය මුදල ආපසු ගෙවීමේ ඔබ‍ගේ හැකියාව මත තීරණය කෙරේ. මෙය වසර 1-5 දක්වා විහිදෙන කාලයක් විය හැක.

ණය මුදල තහවුරු කොට ඔබ වෙත ලබාදුන් පසු, එයට අදාළ කාල පරිච්ඡේදය අවසන් වනතුරු ඔබ විසින් ඉන්පසු ණය මුදල පොළියද සමගින් ආපසු ගෙවිය යුතුවේ.

ඔබට ණය මුදල ආපසු ‍ගෙවිය නොහැකිවන විටදී, ඉතිරිව පවත්නා මුදල මත පදනම්ව එමගින් දඩ මුදල් හා අතිරේක පොළී මුදල් ගෙවිය යුතුවන තත්ත්වයන් පැනවිය හැක.

පුද්ගලික ණය මුදල් ලබාගැනීමේ අවශ්‍යතා

අපගේ රිලැක්ස් පුද්ගලික ණය මුදල මෙන් පහසු ණය මුදලක් ලබාගැනීම සඳහා සැපිරිය යුතු අවශ්‍යතා කිහිපයක් වේ.

වයසවයස අවුරුදු 24-50 අතර වයස් සීමාවේ පුද්ගලයෝ අයැදුම් කිරීමේ සුදුසුකම් ලබති.  

ණය ලකුණු ගණන පුද්ගලයන් විසින් ශ්‍රී ලංකා ණය ශ්‍රේණිගත කිරීමේ තොරතුරු කාර්යාංශය විසින් අනුමත සතුටුදායක ණය ලකුණු ප්‍රමාණයක් ලබා තිබිය යුතුය.

ආදායම තහවුරු කිරීම පුද්ගලයන් හට දෙන ලද කාල සීමාව තුළ ණය මුදල ආපසු ගෙවීමේ හැකියාව පැවතිය යුතුය. එබැවින්, ප්‍රමාණවත් ආදායම් මූලාශ්‍රයක් පවත්නා බවට තහවුරු කරන ලේඛන පුද්ගලයන් විසින් ඉදිරිපත් කරනු ලැබිය යුතුය.

වත්කම් සුරැකුමණය මුදලේ ප්‍රමාණය මත පදනම්ව, වත්කම් සුරැකුමක් ලෙස ඇපකරුවන් දෙදෙනෙකු හෝ උගස් දේපළ පැවතීම අවශ්‍යය. මෙම අවශ්‍යතාවය පනවනු ලබනුයේ ණය මුදල් ආපසු ගෙවීම් පැහැර හැරීමේදී ඇතිවන අවදානම අවම කරනු පිණිසය.

දැන් ඔබට ඔබගේ ජීවිතය වඩාත් සුව පහසු එකක් බවට පත් කරගනිමින් රිලැක්ස් පුද්ගලික ණය වැනි පුද්ගලික ණය මුදලක් එහි පූර්ණ පරාසය දක්වා ලබාගෙන ප්‍රයෝජනයට ගනු පිණිස මෙම දැනුම යොදාගත හැක.