පුද්ගල ණයක් ලබා ගැනීමට පෙර සලකා බැලිය යුතු කරුණු 6 ක්

ඔබ ඔබගේ පවුලේ අය හොඳ නිවාඩුවක් ගත කිරීමට රැගෙන යාමට සිහින මවමින් සිටිනවාද? එසේත් නැති නම් සමහරවිට ඔබ විශාල විවාහ මංගල උත්සවයක් සැලසුම් කරමින් සිටින බැවින් වැඩකටයුතු සිදු කර ගැනීමට අමතර මුදලක් අවශ්‍යව සිටිනවා විය හැක. හේතුව කුමක් වුවත්, ඔබට කෙටි කාලීන වශයෙන් ඔබගේ මූල්‍ය කළමනාකරණය කර ගැනීම සඳහා සුළු උපකාරයක් අවශ්‍ය නම්, පුද්ගල ණයක් ලබා ගැනීම ඔබගේ මූල්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා ඇති කදිම විසඳුමකි.

කෙසේ වෙතත්, පුද්ගල ණයක් ගැනීම පහසු තීරණයක් නොවේ. ඔබ ඔබගේ ණය සඳහා අයදුම් කිරීමටත් පෙර සලකා බැලිය යුතු බොහෝ සාධක තිබේ. ඔබට ඔබගේ ඉලක්ක සපුරා ගැනීමට උපකාරී වනු පිණිස බැංකු ණයක් ලබා ගැනීමේ දී සලකා බැලිය යුතු ප්‍රධාන කරුණු කිහිපයක් මෙසේ ය:

1. ඔබට පුද්ගල ණයක් ලබා ගත හැක්කේ කොහෙන්ද?

ඔබ පුද්ගල ණයක් ලබා ගැනීම සඳහා යා යුත්තේ කොතැනට දැයි සිතන විට ඔබේ මතකයට එන පළමු ස්ථානය බැංකුව විය හැක. නමුත් ණය ලබා ගැනීම සඳහා ඇති එකම විකල්පය බැංකු නොවන බව දැන ගැනීම වැදගත් ය. අද ඔබට කඩිනමින් ණය ලබා දෙන බව පවසන ණය දෙන ආයතන ගණනාවක් සොයා ගත හැක. ඇත්ත වශයෙන් ම, සමහර ණය දෙන ආයතන මාර්ගගත (ඔන්ලයින්) ණය ද ලබා දෙන අතර එය පහසු විකල්පයක් ලෙස පෙනී යනු ඇත. කෙසේ වෙතත්, මෙම සියලු ආයතන නීත්‍යානුකූල නොවන බැවින් ඇති විය හැකි අවදානම කුමක් වුවත් එය වළක්වා ගත යුතුය.

මූල්‍ය සේවා සහ මූල්‍ය කළමනාකරණ පහසුකම් සපයා දෙන එච්.එන්.බී. ෆිනෑන්ස් සමාගම වැනි මහ බැංකුවේ ලියාපදිංචි වී ඇති මූල්‍ය ආයතන පුද්ගල ණයක් ලබා ගැනීම සඳහා ඔබට ඇති ආරක්ෂිත ම විකල්පය වේ.

2. ඔබ පුද්ගල ණයක් ලබ ගැනීම සඳහා සුදුසුකම් ලැබීමේ නිර්ණායක සපුරාලන්නේද?

පුද්ගල ණයක් ලබ දීම සඳහා ඔබව සුදුසුකම් ලබන්නෙකු වීමට විවිධ ණය දෙන ආයතනවලට විවිධ නිර්ණායක කට්ටල අවශ්‍ය වේ. එසේ කරනු ලබන්නේ ඔබට ප්‍රමාණවත් ආපසු ගෙවීමේ හැකියාවක් තිබෙන බව සහතික කර ගැනීම සඳහා සහ ණය ආපසු නොගෙවූ හෝ වාරික මුදල් හිග වූ අවස්ථා වලදී ගැටුම් අවම කර ගැනීම සඳහා ය.

එච්.එන්.බී. ෆිනෑන්ස් සමග ගනුදෙනු කරන ඔබ වයස අවුරුදු 24 – 50 අතර, ඔබගේ ණය තොරතුරු කාර්යාංශ (ක්‍රිබ්) වාර්තාව සතුටුදායක සහ ප්‍රමාණවත් ආපසු ගෙවීමේ හැකියාවක් සහිත අයෙක් නම්, ඔබ පුද්ගල ණය පහසුකමක් ඉල්ලීම සඳහා සුදුසුකම් ලබයි

3. පොළී අනුපාතය කුමක්ද?

පොළී අනුපාත යනු මූල්‍ය ආයතන විසින් ඔබට ණයට දුන් මුදලට වඩා වැඩිපුර ඔබ ගෙන් අය කර ගන්නා මුදලයි. ඔබ මාසිකව ගෙවිය යුතු පොළී මුදල ඔබ ලබා ගන්නා ණය වර්ගය අනුව තීරණය වේ. එබැවින්, ඔබගේ ණය දෙන ආයතනය තෝරා ගැනීමේ දී, අඩු පොළී අනුපාත පිරිනමන ආයතනයක් තෝරා ගැනීම අත්‍යාවශ්‍ය වේ.

එච්.එන්.බී. ෆිනෑන්ස් හි අපි වෙළඳපොළේ ඇති ඉහළ ම තරගකාරී පොළී අනුපාත පිරිනමන බැවින් ඔබට ඔබගේ ණය පහසුවෙන් ගෙවීමේ හැකියාව ලැබේ.

4. ණය පහසුකම හා සම්බන්ධ අමතර ගාස්තු

සෑම ණය පහසුකමකට ම ඒ හා සම්බන්ධ විවිධ ගාස්තු පරාසයක් ඇත. ලිපිලේඛන ගාස්තු, කලින් පියවීමේ ගාස්තු, තක්සේරු කිරීමේ සහ නීතීඥයින්ගේ ගාස්තු සහ ප්‍රමාද වූ ගෙවීම් සඳහා දණ්ඩ පොළිය ඔබට ගෙවීමට සිදු විය හැකි අමතර වියදම් කිහිපයක් වේ. එබැවින්, ඔබගේ ප්‍රධාන ණය කොන්දේසි වලට අමතරව ඇති කොන්දේසි කියවා ඔබගේ ණය හා සම්බන්ධ අමතර වියදම් මොනවාද යන්න අවබෝධ කර ගැනීම වඩාත් සුදුසු ‍වේ.

5. ණය කොන්දේසි මොනවාද?

ඔබගේ ණය කාලසීමාව ඔබ ආපසු ගෙවිය යුතු මුදල මෙන් ම ණය මුදලෙහි ආයු කාලය පුරාවට ඔබට ගෙවීමට සිදුවන පොළී ප්‍රමාණය තීරණය කරයි.

එච්.එන්.බී. ෆිනෑන්ස් සමාගම ඔබට පුද්ගල ඇපකරුවන් මත ණය ලබා ගැනීමේ දී වසර 5 ක් දක්වා වූ ආපසු ගෙවීමේ කාලයක් සහිතව රු. 75,000 සිට රු. 3,000,000 දක්වා මුදලක් පිරිනමනු ලැබේ. නිශ්චල දේපළ මත ණය ලබා ගැනීමේ දී රු. 12,000,000 ක් දක්වා ලබා ගත හැක.

6. එච්.එන්.බී. ෆිනෑන්ස් ආයතනයෙන් පුද්ගල ණයක් ලබා ගැනීම සඳහා තිබිය යුතු අවශ්‍යතා මොනවාද?

  • සේවායෝජකයාගෙන් ලබා ගත් සේවය තහවුරු කිරීමේ ලිපිය
  • නේවාසික දේපළ මත ලියාපදිංචි ප්‍රාථමික උකස
  • පිළිගත හැකි ඇපකරුවන් දෙදෙනෙකු හෝ උකස
  • තක්සේරු වාර්තා සහ වැටුප් විස්තර
  • ඔබ ඉහත ස ඳහන් සියලු නිර්ණායක සපුරන්නේ නම් සහ අවශ්‍ය ලියකියවිලි ඔබට සපයා ගත හැකි නම්, ඔබගේ ණය අයදුම්පත ඉදිරිපත් කර දින තුනක් ඇතුළත ඔබට එච්.එන්.බී. ෆිනෑන්ස් වෙතින් පුද්ගල ණයක් පුද්ගල ණයක් ලබා ගත හැක. එපමණක් නොව, එච්.එන්.බී. ෆිනෑන්ස් සමාගම ඔබ සිටින ස්ථානයට ම පැමිණ සපයා දෙන සේවාව හරහා අලෙවි විධායක නිලධාරියෙක් ඔබගේ ලියකියවිලි එකතු කර ගැනීම සඳහා පුද්ගලිකව ඔබ හමුවීමට පැමිණෙන බැවින් ඔබගේ මූල්‍ය නිදහස ලබා ගැනීම සඳහා කරදරයකින් තොර ක්‍රියාවලියක් ඔබට සපයා දෙනු ලැබේ. වැඩි විස්තර සඳහා 011 202 4848 අමතන්න.