Power Saver ඉතුරුම් ගිණුම
ප්‍රධාන කරුණු ලේඛනය
මුදල් ඉතිරි කිරීමෙන් සහ පොලිය උපයා ගැනීමෙන් ඔබට ස්ථාවර ආදායමක් අවශ්‍යද? ඔබගේ දෛනික ශේෂය අනුව තීරණය වන අපගේ ඉතුරුම් ගිණුම්වල පොලී අනුපාත, ඊට අදාල අගයන් අනුව ඔබට තෝරා ගත හැකිය. සෑම මසකම අවසානයේ, දෛනිකව එකතු වූ පොලිය ගණනය කර ඔබගේ ගිණුමට බැර කරනු ලැබේ
• ශ්‍රී ලංකාවේ නේවාසිකව ජීවත් වන වයස අවුරුදූ 18ට ඉහළ ඕනෑම අයෙකුට පවර් සේවර් ඉතුරුම් ගිණුමකට අයැදූම් කළ හැක.
• ශ්‍රී ලංකාවේ පදිංචි වීසා නොමැති විදේශිකයන් සුදුසුකම් නොලබයි
• අයැදුම්පත නිසි පරිදි සම්පූර්ණ කර තිබීම.
• ජාතික හැඳුනුම්පතෙහි පිටපතක් හෝ හැඳුනුම්පතෙහි අංකය සඳහන් රියැදූරු බලපත්‍රයක් හෝ ගමන් බලපත්‍රයක පිටපතක්.
• වර්තමාන පදිංචි ලිපිනය ජා. හැදුනුම්පතෙහි සදහන් ලිපිනය නොවන්නේ නම් පදිංචිය සනාථ කළ හැකි ඉදිරිපත් කිරීමක් (ජල,විදුලි බිල්පත්, ග්‍රාමසේවක සහතිකයක් වැනි)
| ඉතුරුම් ශේෂය |
පොලී අනුපාතය |
වා.ස.පො.අ |
| රු. 2,000.00 ට අඩු |
0% |
0% |
| රු. 2,000.00 – රු.49,999.99 |
3% |
3.04% |
| රු. 50,000.00 – රු.499,999.99 | 4% | 4.07% |
| රු. 500,000.00 ට වැඩි | 8% | 8.30% |
ප්‍රධාන නියමයන් සහ කොන්දේසි
වයස අවුරුදු 18 ට වැඩි ශ්‍රී ලංකාවේ පදිංචිකරුවෙක් වීම.
රු. 2,000.00 ක මූලික තැන්පතුවකින් ගිණුම් විවෘත කළ යුතුය.
ශාඛා කවුන්ටරය හරහා ගනුදෙනුකරු මාසයක් ඇතුළත හතර වතාවකට වඩා මුදල් ආපසු ගන්නේ නම්, අදාළ මාසය සඳහා පොලිය ගිණුමට බැර නොකෙරේ.
Power Saver ගිණුම පුද්ගලයින් සඳහා පමණක් නිර්මාණය කර ඇති අතර ආයතනික ආයතන හෝ සමිති මගින් එය විවෘත කළ නොහැක.
නාමිකයා වෙනස් කිරීමේදී, නාමිකයාගේ ජාතික හැඳුනුම්පතේ (NIC) පිටපතක් සමග ලිඛිත ඉල්ලීමක් සමාගමට භාර දිය යුතුය. ජාතික හැඳුනුම්පත නොමැති නම්, ගිණුම් හිමියා හෝ ඒකාබද්ධ ගිණුම් හිමියන් විසින් ජාතික හැඳුනුම්පත් අංකය සහිත රියදුරු බලපත්‍රයක් හෝ විදේශ ගමන් බලපත්‍රයක් ලබා දිය යුතුය.
ගිණුම් හිමියෙකුගේ මරණයකදී, සමාගමේ වගකීම් නාමිකයාට හෝ නීත්‍යානුකූල උරුමක්කාරයින්ට (නාමිකයෙකු නොමැති විට) නිදහස් කරනු ලැබේ. ඒකාබද්ධ ගිණුම් හිමියෙකුගේ මරණයකදී, අනෙක් ගිණුම් හිමියා විසින් ආයතනයට වහාම දැනුම් දිය යුතුය.
ප්‍රධාන කරුණු ලේඛනය