Gold Plan – රන් සැලසුම

ඔබට අවශ්‍ය ඕනෑම රන් ආභරණයක් වර්තමාන වටිනාකමට අනුව මිලදී ගන්න

වර්තමානය ලෝක වෙළඳපොලේ රන් මිල වැඩි වීමත් සමඟ එයට සාපේක්‍ෂව ලංකාවේ රන් මිල ද සීග්‍ර ලෙස වැඩි වීමක් දක්නට ලැබේ. මේ හේතුවෙන් ග්‍රාමීය ප්‍රදේශවල සිටින ජනතාවට හා නාගරික ප්‍රදේශවල ජීවත් වන මධ්‍යම පාන්තික ජනතාවට එකවර මුදල් ගෙවා රන් භාණ්ඩයක් මිලදී ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇත. එම නිසා ජනතාවට තමන් කැමති රන් භාණ්ඩයක් කොටස් වශයෙන් මුදල් ගෙවා හිමිකර ගැනීම සඳහා අවස්ථාව ලබා දෙන රන් ණය යෝජනා ක්‍රමය “Gold Plan ” හෙවත් “රන් සැලසුම” ලෙස හඳුන්වනු ලබයි. මෙවැනි ණය යෝජනා ක්‍රමයක් මගින් ඔවුන්ගේ රන් ප්‍රමාණය වැඩි කරගැනීමටත්, ඔවුන්ගේ දරුවන්ගේ උත්සව හා මංගල්‍ය අවශ්‍යතා සඳහා රන් භාණ්ඩ මිලදී ගැනීමටත් අවස්ථාව උදාවේ. එමෙන්ම ණය යෝජනා ක්‍රමය අවසන් වූ පසු එම ගනුදෙනුකරුවන්ගේ අනාගත ක්‍ෂණික මූල්‍ය අවශ්‍යතා සපුරාලීමට ද මෙය වඩා වැදගත් වේ.

Gold Plan‘රන් සැලසුම රන් ණය යෝජනා ක්‍රමය

ඔබගේ අනාගත රන් අවශ්‍ය තාවන් සදහා රන් ණයක්

අප පරිබෝගිකයන්ගේ අනාගත අවශ්‍යතාවන් වන මංගල උත්සව , විශේෂ අවස්ථා හා රන් ඉතුරුම් සදහා මෙම රන් නය ක්‍රමය බාවිතා කරමින් ඔවුන්ගේ අනාගත රන් අවශ්‍යතාවන් සපුරා ගත හැක.

මෙම රන් ණය ක්‍රමය හරහා මිලදී ගැනීමට බලාපොරොත්තු වන රන් බණ්ඩා වලට නිසි රන් ප්‍රමිතිය හා බර ඔබට විශ්වසනීය ලෙස තහවුරු කර ගත හැකිවීම.

මූලික විශේෂාංග

ප්‍රතිලාබ
  • අඩුම පොලී අනුපාත යටතේ ඔබ කැමති පහසු ගෙවීමේ යෝජනා ක්‍රම 4 ක් යටතේ ඔබ කැමති යෝජනා ක්‍රමයක් තෝරාගැනීමට ඇති හැකියාව.
    එනම් මාස 6,12, 18 සහ 24
  • මෙම රන් ණය ක්‍රමය ලබාගත් ගනුදෙනුකරුවන්ට ගිවිසගත් කාලයට පෙර අවසන් කිරීමට ඇති හැකියාව.
  • ගිවිසගත් කාලයට පෙර අවසන් කරන රන් ණය සදහා 100% පොළී සහනයක් ලබාදීම.
  • රන් අබරණයේ කැරට් ප්‍රමාණය නොමිලයේ තක්සේරු කරදීම
  • ඔබ ප්‍රදේශයේ පිළිගත් ඔබ කැමති ස්වර්ණාබරණ ආයතනයකින් රන් ආබරණ තෝරා ගත හැකිවීම.
  • අනාගත අවශ්‍යතාවයන් සදහා කල් ඇතිව රන් අබරණ තෝරාගැනීමෙන් ඉහල යන රන් මිලට විසදුම් ලැබීම.
  • ඉතුරුම් කිරීමේ ක්‍රමයක් ලෙස බාවිතා කිරීමෙන් වැඩි ප්‍රතිලාබයක් මෙමගින් හිමිකර ගත හැකිවීම.
  • අනාගත හදිසි මුදල් අවශ්‍යතා සදහා විසදුමක් වීම.

සුදුසුකම්

වයස අවුරුදු 18ට වැඩි ශ්‍රී ලංකික පුරවැසියකු මෙම රන් ණය ක්‍රමයට සුදුසුකම් ලබයි.


අවශ්‍යතා

  • රන් අබරණ ,රන් කාසි හා රන් බිස්කට්
  • හැදුනුම්පත
  • ස්වර්ණබරණ ආයතනයට 30% අත්තිකාරම් මුදල් හා අනෙකුත් අයකිරීම් ගෙවූ කුවිතාන්සිය.

 


කොන්දේසි සහ නියමයන්

  • ඔබ ආසන්නයේම ඇති අපගේ ශාඛාවකට පැමිණ ගාස්තු සහ කොන්දේසි පිළිබව වැඩි විස්තර ලබා ගත හැක.
  • වැඩි විස්තර සඳහා ඔබ ආසන්නයේම ඇති HNB ෆයිනෑන්ස් ශාඛාවේ කළමණාකරු මුණ ගැසිය හැකි අතර 011 2024848 යන අංකය
    ඔස්සේ අපගේ ඇමතුම් මධ්‍යස්ථානයටද ඇමතිය හැක.

අපගේ ශාඛා

අයදුම්පත බාගත කර ලඟම ඇති HNB Finance ශාඛාව වෙත බාරදෙන්න.
මෙම සේවාව සපයනු ලබන්නේ ශාඛා 50 ක පමණි. ශාඛා සියල්ල දැනගැනීමට දැන්ම බාගත කරගන්න.