විශ‍්‍රාම ගැනීම සැලසුම් කිරීම සඳහා ඉතා වටිනා මාර්ගෝපදේශයක්

විශ‍්‍රාම ගැනීම සැලසුම් කිරීම සඳහා ඉතා වටිනා මාර්ගෝපදේශයක්

විශ‍්‍රාම ගැනීම යනු ඔබ රැකියාව කිරීම නවත්වා අවසානයේ දී ඔබ වෙහෙස මහන්සි වී උපයා ගත් ඔබගේ ශ‍්‍රමයෙහි ප‍්‍රතිඵල බුක්ති විඳින කාලයයි. බොහෝ විට එය ඔබගේ ජීවිතයේ ස්වර්ණමය අවධිය ලෙස සැලකෙයි. කෙසේ වෙතත්, අනාගතයේදී ඔබට ප‍්‍රීතිමත් විශ‍්‍රාම දිවියක් උදා කර ගැනීමට නම්, ඔබ විශ‍්‍රාම සැලැස්මක් සකස් කර ගත යුතුය.
අනාගතය ගැන සිතීම, විශේෂයෙන් ම එය මූල්‍ය සැලැස්මක් වන විට, එය ඔබව පසුබට කරවන කාර්යයක් විය හැකිය. විශ‍්‍රාම ගැනීම සැලසුම් කිරීම පිළිබඳ HNB ෆිනෑන්ස් සමාගමෙහි මාර්ගෝපදේශය මගින් ඔබට ඔබගේ විශ‍්‍රාම දිවිය සුවපහසු ලෙස ගත කළ හැකි බව ඔබ සහතික කරයි.

විශ‍්‍රාම සැලැස්මක් තිබීමෙහි වාසි

විශ‍්‍රාම සැලැස්මක් තිබීමේ ලොකුම වාසිය වන්නේ ඔබ අද සිට ම ඔබගේ අනාගත සුරක්ෂිතභාවය තහවුරු කර ගැනීමයි. විශ‍්‍රාම කාලය සැලසුම්කරණය කිරීම බැ?රුම් කාර්යයක් ලෙස පෙණුන ද, එය ඔබ සිතනවාට වඩා බොහෝ පහසු ය. ඔබ ප‍්‍රධාන වශයෙන් ම කළ දෙය වූයේ වැඩ කිරීම, ඉතිරි කිරීම සහ අවසානයේදී විශ‍්‍රාම ගැනීමයි. මූලික වශයෙන් වසර ගණනාවක් තිස්සේ එය එලෙසම පැවතුණි. එසේම, දීර්ඝ ආයු අපේක්ෂාවන් සහ ආර්ථික වර්ධනය මන්දගාමී වීමට/ඇණ හිටීමට හේතු වූ වසංගත වැනි පෙර පරම්පරාවන් මුහුණ නොදුන් තත්වයන්ට මුහුණ දීමට වර්තමාන ලෝකයට සිදු වී තිබේ. විශ‍්‍රාම දිවිය සඳහා ඉතිරි කර තැබීමේ ප‍්‍රතිලාභ කිහිපයක් මෙසේය:

• ඔබට ඔබගේ ආයෝඡුන සැලසුම් කළ හැකියි: ඔබ විශ‍්‍රාම ගැනීමෙන් පසුව ඔබට තවදුරටත් ස්ථාවර ආදායමක් නොලැබෙන බැවින් ඔබට අමතර මුදලක් උපයා ගත හැකි හොඳම ක‍්‍රමයක් වන්නේ ආයෝඡුනය කිරීමයි. විශ‍්‍රාම සැලැස්මක් සමග ඔබට ආයෝඡුනය කිරීම සඳහා ද මුදලක් වෙන් කළ හැකියි.
• පූර්ව විශ‍්‍රාම තීරණ ගැනීම වඩා පහසුය: සමහර විට ඔබට පසුකාලීනව වෘත්තීය උපාධියක් හෝ වෘත්තීය සුදුසුකම් ලබා ගැනීමට අවශ්‍ය විය හැකිය; ඔබ කල්තබා ඉතිරි කිරීමට පටන් ගන්නේ නම් එයින් අදහස් වන්නේ ඔබේ අනාගත සැපපහසුවට බලපෑමක් සිදු නොවන බවයි. නිදසුනක් වශයෙන්, විශ‍්‍රාම ගැනීමට තවත් අවුරුදු 15 ක් ඇති පුද්ගලයෙකුට සාපේක්ෂව ඔබට විශ‍්‍රාම ගැනීමට ඇත්තේ තවත් වසර 5 ක් පමණක් නම්, ඔබට මෙම තීරණය ගැනීමේ වරප‍්‍රසාදය නොලැබෙන ඇත.
• ඔබ ඕනෑම දෙයකට සූදානම් අයෙක් වනු ඇත: සමහර විට ඔබට ඔබගේ විශ‍්‍රාම කාලය තුළදී අනපේක්ෂිතව වියදමක් දැරීමට සිදු විය හැක. සමහර විට එය ඔබගේ ආදරණීය අයෙකුට උපකාර කිරීම හෝ වෙනත් දෙයක් විය හැක; ඔබගේ මූල්‍ය සුරක්ෂිතතාවයට හානියක් නොවන ලෙස ඔබට එම අවශශ්‍යතාවය ඉටු කර ගත හැකිය.

ඔබ ඉතිරි කිරීම ආරම්භ කළ යුත්තේ කවර කාලයකද?

ඔබගේ විශ‍්‍රාම දිවිය සඳහා ඉතිරි කිරීම ආරම්භ කළ යුත්තේ කවර කාලයක සිටද යන්න පිළිබඳ දැඩි නියම කිරීමක් නැත; නමුත් ඔබ හැකි ඉක්මනින් එය ආරම්භ කිරීම වඩාත් සුදුස ය. ඕනෑම අවස්ථාවක ඉතිරි කිරීම ආරම්භ කිරීමට හැකි වුවත් එය පමණට වඩා ප‍්‍රමාද විය හැකි බව මතක තබා ගත යුතුයි. ඔබ වයස අවුරුදු විසිගණන් වලදී ඉතිරි කිරීමට පටන් ගන්නේ නම්, එය මසකට රුපියල් 500 ක් වුවද, වසර ගණනාවක් පුරාවට ඔබේ මුදල් එකතු වෙමින් ඔබේ ඉතුරුම් මුදල වර්ධනය වන බව එයින් සහතික කෙරේ. ඔබට ඔබගේ ඉතුරුම් ගිණුමේ මාසිකව ඉතිරි කරන මුදල ද ක‍්‍රමයෙන් වැඩි කළ හැකි අතර, එය තව තවත් වාසිදායක වනු ඇත. මේ ආකාරයෙන් ඔබට වයස අවුරුදු තිස් ගණන් හෝ හතලිස් ගණන් වලදී ද විශ‍්‍රාම ගැනීම සඳහා ඉතිරි කිරීම ආරම්භ කළ හැක; එහෙත්, ඔබ වැඩි කළක් ඉතුරු කරන විට ඔබගේ ඉතුරුම් වලින් විශ‍්‍රාම කාලය සඳහා ඉතිරි කිරීමට සිදු වන මුදල වඩ වඩාත් විශාල විය හැකිය.

ඉතිරි කිරීම ආරම්භ කරන්නේ කෙසේද?

විශ‍්‍රාම ගැනීම සඳහා ඔබගේ මුදල් යෙදවීම සූදානම් කිරීමේ ප‍්‍රධාන ක‍්‍රම දෙකක් තිබේ: ඉතුරුම් ගිණුමක මුදල් තැන්පත් කිරීම හෝ ස්ථාවර තැන්පතුවක මුදල් ආයෝජනය කිරීම එම ක‍්‍රම දෙකයි. එම එක් එක් ක‍්‍රම දෙකට ම අනන්‍ය වූ වාසි සහ අවාසි ඇත; නමුත් දිගු කාලීන ස්ථාවර තැන්පතු වඩාත් වාසිදායකය.
සාමාන්‍යයෙන් අනාගතය සඳහා මුදලක් වෙන් කිරීමට අදහස් කරන ඕනෑම අයෙකු පළමුවෙන් ම ඉතුරුම් ගිණුමක් විවෘත කරයිග ඔබේ මූල්‍ය ඉලක්කය වන්නේ විශ‍්‍රාම ගැනීම සඳහා ඉතිරි කිරීම නම් එය කදිම විකල්පයකි. HNB ෆිනෑන්ස් ආයතනයෙහි අප සතුව ඉතුරුම් ගිණුම් තුනක් ඇත;සාමාන්‍ය ඉතිරි කිරීම් ගිණුම , විශේෂයෙන් ම කාන්තාවන් සඳහා ම සැලසුම් කරන ලද මියුලැසි ගිණුම සහ විශේෂයෙන් ළමයින් සඳහා සැලසුම් කළ යාලූ ඉතුරුම් ගිණුම එම ගිණුම් තුන වේ.

ඉතුරුම් ගිණුමක් ආරම්භ කිරීමේ ප‍්‍රතිලාභ වලින් සමහරක් පහත සඳහන් පරිදි වේ:

• අඩු ආරම්භක හා නඩත්තු අවශ්‍යතා: ගිණුම පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය අවම ශේෂය රුපියල් 250 ක් වේ.
• පහසුවෙන් ප‍්‍රවේශ විය හැකි වීම: දිවයින පුරා පිහිටි අපගේ ශාඛා ජාලය හරහා ඔබට පහසුවෙන් මුදල් තැන්පත් කිරීමට, ආපසු ගැනීමට සහ වෙනත් ගිණුමකට මුදල් මාරු කිරීමට හැකිය. එමෙන් ම, ඔබේ HNB ෆිනෑන්ස් ATM කාඞ් පත මගින් ඔබට පැය 24 පුරා ම ඔබේ ගිණුමට ප‍්‍රවේශ විය හැකිය.
• ඉතුරුම් ගිණුම්වල පොළිය එකතු වෙයි: HNB ෆිනෑන්ස් හි අපි දෛනික ශේෂය මත පොළිය ගණනය කර මාසිකව බැර කරන බැවින් අපි ඉහළ ම ඉතුරුම් ගිණුම් පොළී අනුපාත ලබා දෙන්නෙමු.

ස්ථාවර තැන්පතුවක් යනු වඩාත් දිගු කාලීන ඉතිරි කිරීමේ ක‍්‍රමයකි. සරලව කිවහොත්, ස්ථාවර තැන්පතු යනු නිශ්චිත කාලයකට පසුව ස්ථාවර ප‍්‍රතිලාභ සහතික කෙරෙන මූල්‍ය ආයෝඡුන වේ. ආයෝඡුන කාලය මත පදනම්ව ගණනය කරනු ලබන පොළියක් ද සමග මෙම ප‍්‍රතිලාභය ලැබේ. ස්ථාවර තැන්පතු ගිණුමක් සඳහා සාමාන්‍ය ඉතුරුම් ගිණුමකට වඩා වැඩි පොළී අනුපාතයක් හිමිවන බැවින් එය වඩාත් සුරක්ෂිත ආයෝජන විකල්පයක් වේ.

ස්ථාවර තැන්පතු වලින් ලැබෙන වාසි කිහිපයක් මෙසේය:

• වඩා ඉහළ පොළීී අනුපාත ඔබට වඩාත් වාසිදායක ප‍්‍රතිලාභ ලබා දෙයි. ස්ථාවර තැන්පතු සඳහා වඩාත් තරගකාරී පොළීී අනුපාත හිමිවෙනවා පමණක් නොව, HNB ෆිනෑන්ස් සමාගම හොඳම ස්ථාවර තැන්පතු පොළීී අනුපාත පිරිනමන අතර එය මාසිකව, වාර්ෂිකව හෝ කල් පිරීමේදී උපයා ගත හැකිය. එපමණක් නොව, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ආයෝඡුනය සඳහා 0.5% ක අමතර පොළියක් ද හිමි වේ.
• ඔබට ස්ථාවර පොළීී අනුපාතයක් සහතික කෙරෙන බැවින් ස්ථාවර තැන්පත් මගින් ඔබට සතුටුදායක නොවන ප‍්‍රතිලාභයක් ලැබීමේ අවදානම අඩු වන අතර, ඔබගේ තැන්පතු කාල සීමාව අවසන් වන තුරු ඔබගේ ඉපැයීම් කොටස් වෙළඳපොළ වැනි බාහිර බලවේගයන්ගේ බලපෑමට ලක් නොවන බව එයින් අදහස් කෙරෙයි.
• ඔබගේ තැන්පතු, එනම් ස්ථාවර තැන්පතු සහ සාමාන්‍ය ඉතුරුම් යන දෙවර්ගය ම, එක් තැන්පත්කරුවෙකුට රු. 1,000,000 දක්වා වූ ප‍්‍රමාණයකට ශ‍්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක‍්‍රමය යටතේ රක්ෂණය කරනු ලැබේ. HNB ෆිනෑන්ස් සමාගමට ෆිච් රේටිංග්ස් ^Fitch Ratings) ආයතනය විසින් ‘A (lka)’ ජාතික දිගු කාලීන ශ්‍රේණිගත කිරීම ලබා දී ඇති අතර (2021 සැප්තැම්බර් වන විට HNB ෆිනෑන්ස් සමාගමෙහි සිදු කරන ස්ථාවර තැන්පතු සුරක්ෂිත බව එයින් අදහස් කෙරෙයි.
• තැන්පත්කරුවන්ට අවමය රු. 500 ක් තරම් අඩු ආරම්භක ශේෂයක් සහිතව HNB ෆිනෑන්ස් සමාගමෙහි ගිණුමක් ආරම්භ කර පවත්වාගෙන යා හැකිය.

අවසන් වශයෙන්, ඔබගේ තේරීම කුමක් වුව ද, ඔබේ අනාගතය සුරක්ෂිත බව සහතික කර ගැනීම සඳහා එය හැකි ඉකිමණින් ක්‍රියාත්මක කරන්න. එවිට ඔබට ඔබේ ස්වර්ණමය කාලය සැබැවින්ම බුක්ති විඳිය හැකිය. විශ‍්‍රාම සැලසුම් පිළිබඳ වැඩි විස්තර දැන ගැනීමට අදම අප හා සම්බන්ධ වන්න.