ගැළපෙන ණය ක්‍රමයක් සමගින් දියුණුව අත්කර ගන්න

සීමා හා නියමාවලි මගින් ගනුදෙනු වලට තවදුරටත් බාධා නොවන සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ දියුණුව මගින් තවදුරටත් විප්ලවීය වෙනසක් සිදු වී ඇති ලෝකයක, පුද්ගලයින්ට ලෝකය තුළ මුහුණ දීමට සිදු වී ඇති බොහෝ සාධක සලකා බැලීමේදී, ඉටු කිරීමට තරමක් අපහසු තරම් මට්ටමකට මානව අවශ්‍යතා විශාල වශයෙන් වැඩි වී ඇත. කෙසේවෙතත්, විශාල බරක් පැටවීමකින් තොරව මෙම අවශ්‍යතා ඉටුකර ගැනීමට කෙනෙකුට හැකි වන පරිදි සේවාවන් සපයා දීම මගින් එම දුෂ්කරතා සමනය කිරීමට HNB FINANCE සමාගමෙහි අපි උත්සාහ කරන්නෙමු. ඔබගේ සෑම අවශ්‍යතාවක්ම ඉටු කර ගැනීමට හැකි වනු පිණිස අප විසින් පරිනමනු ලබන ණය යෝජනාක්‍රම 5 ක් පහත විස්තර කර ඇත:

රන් ණය

ඕනෑම අවශ්‍යතාවයක් සඳහා මුදල් ලබා ගත හැකි පහසු ම ක්‍රමයක් වන ‘රන් ණය’ යෝජනා ක්‍රමය මගින් ඔබේ රන් භාණ්ඩ ඇපකරයක් ලෙස තබා ගෙන කඩිනමින් හා පහසුවෙන් ඔබට මුදල් ලබා දෙයි. HNB FINANCE සමාගමෙහි මෙම ණය සේවාව වඩාත් සුවිශේෂී වන්නේ අප විසින් පිරිනමනු ලබන ආකර්ෂණීය පොළී අනුපාත, ඔබේ වටිනා රන් ආභරණ සඳහා ලබා දෙනු ලබන රක්ෂණය සහ වසරක් දක්වා වූ නම්‍යශීලී ආපසු ගෙවීමේ කාලය වැනි ආකර්ෂණීය ලක්ෂණ හේතුවෙනි. එපමණක් නොව, මෙම සේවාව භාවිතා කරන ඔබට වටිනා ත්‍යාග දිනා ගැනීමමේ අවස්ථාව ද හිමි වේ.

ඉහළ ම වෘත්තීයභාවයක් සහිතව ඔබට මෙම සේවාව පිිරිනමනු ලැබේ. HNB FINANCE සමාගම ඔබගේ රන් භාණ්ඩවලට ඉතා සුළු සීරීමක් හෝ සිදු නොවන බව සහතික කිරීම පිණිස අතී නවීනතම උපකරණ භාවිතයෙහි දක්ෂ, රණ් භාණ්ඩ කර්මාන්තයෙහි මනා පළපුරුද්දක් ඇති, ඉහළ පුහුණුවක් සහිත රන් භාණ්ඩ තක්සේරුකරුවන් මගින් මෙම සේවාව ලබා දෙනු ලැබේ.

ඔබගේ රන් භාණ්ඩ නිදහස් කර ගැනීම ද ණය ලබා ගැනීමෙ මෙන් ම පහසු ය. ඔබ භාණ්ඩ එකක‍ට වඩා වැඩි ගණනක් සඳහා රන් ණය ලබා ගෙන ඇත් නම්, වඩාත් නම්‍යශීලී ලෙස පූර්ව දැනුම්දීමක් ලබා දීමකින් තොරව භාණ්ඩ එකින් එක නිදහස් කර ගැනීමට‍ HNB FINANCE සමගාම ඔබට ඉඩ සලසා ඇත. එමෙන් ම, වෙළඳපොළෙහි රන් මිල ඉහළ යාමක් සිදුවුව හොත් පාරිභෝගිකයින්ට ඔවුන්ගේ ණය පහසුකම ඉහළ නංවා ගත හැකිවීමේ වාසිය ද ඇත.

නිවාස ණය

මිනිසාගේ මූලික අවශ්‍යතාවයන්ගෙන් එකක් වන සහ කුඩා කල සිට ම අපගේ සිත්වලට කාවැදී ඇති ඉලක්කයක් වන නිවසක් ඉදිකර ගැනීම වර්තමානයේ පවුල සහ රැකියාව වැනි දෑ වෙනුවෙන් අපට සිදු කිරීමට ඇති බොහෝ කැපවීම් හේතුවෙන් ඉතා දුෂ්කර කාර්යයක් විය හැකිය. HNB FINANCE සමාගම එහි විශේෂිත ණය පහසුකමක් වන ‘නිවහන’ ණය සේවාව තුළින් ඔබට ඒ සඳහා සරල විසඳුමක් සපයා දෙන අතර එමඟින් ඔබට ඔබේ සිහින නිවහන හැකි අවම ප්‍රමාදයන් සහිතව ඉදි කර ගැනීමට අවස්ථාව උදා කර දෙයි.

මෙම ණය පහසුකම අවම නියමාවලියක් අනුගමනය කළ යුතු වන අයුරින් සහ නම්‍යශීලී ආපසු ගෙවීමේ කාල සීමාවන් සමග ඔබට පිරිනමනු ලබන අතර,  ඔබ ඔබගේ ණය මුදල කාර්යක්ෂමව භාවිතා කරන බව සහතික කර ගැනීම සඳහා එය ඔබේ සිහින නිවස ඉදිකිරීමේ අදියරෙන් අදියරෙහිදී මුදා හරිනු ලැබේ. එපමණක් නොව, HNB FINANCE සමාගම ඔබ සිටින ස්ථානයට ම පැමිණ සේවා සපයා දෙන බැවින් සහ අනෙකුත් නිවාස අතර ඔබගේ නිවස කැපී පෙනෙන බවට සහතික කර ගැනීම පිණිස සමස්ත ක්‍රියාවලිය පුරාම ඔබට අවශ්‍ය මග පෙන්වීම ලබා දෙන බැවින් මේ සියල්ල ම ඔබගේ පෞද්ගලිකත්වය මත සැකසිය හැකිය.

අධ්‍යාපන ණය

ආයතනික හිණිමගෙහි මුදුන් පෙත්තට ම ළඟා වීම පිණිස ඔබ ඔබේ අධ්‍යාපනය තවදුරටත් ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තුවෙන් සිටින්නේද? නැතහොත් ඔබ පර්යේෂණ හා ප්‍රකාශන අංශයෙහි ඔබ සතු නිපුණත්වය තවදුරටත් වර්ධනය කර ගැනීමට අපේක්ෂා කරන්නේද? එහෙත්, බොහෝ විට මෙම අධ්‍යාපන කටයුතු සඳහා වැය කළ යුතු වන මුදල ඉතා අධික වන අතර, එය තවමත් තම මග සොයා යමින් සිටින අපේක්‍ෂා සහගත බොහෝ සිසුන්ට දරා ගැනීමට ඉතා අපහසුය.

HNB FINANCE සමාගම විසින් ආකර්ශනීය පොළී අනුපාත සමගින් නම්‍යශීලී ආපසු ගෙවීමේ කාලසීමාවන් ද සමග පිරිනමනු ලබන ‘නැණසර’ ණය පහසුකම ඔබේ අධ්‍යාපන අභිලාෂයන් කරා ළඟා වීමට ඔබට ඉඩ සලසයි. මෙම පහසුකම යටතේ HNB FINANCE සමාගම පාඨමාලා ගාස්තුවෙන් 90% ක් දක්වා වූ මුදලක් ණය වශයෙන් ලබා දීම උසස් අධ්‍යාපන අවස්ථා සොයන සිසුන්ට වඩාත් ආකර්ශනීය කරුණක් වන අතර, රු. 50,000 සිට රු. 3,000,000 දක්වා වූ මුදලක් එලෙස ලබා ගත හැකිය. ඔබ කැමති ක්ෂේත්‍රයක වෘත්තිකයෙකු වීමට ඔබ තුළ ඇති අභිලාෂය ‘නැණසර’ ණය පහසුකම නිසා ඔබේ අතේ දුරට පැමිණ ඇත.

ව්‍යාපාර ණය

ශ්‍රී ලංකාව බොහෝ පුද්ගලයින්ට ඔවුන්ගේ අද්විතීය ව්‍යාපාරික අදහස් ජාතික හා ජාත්‍යන්තර තලයට ගෙන ඒම සඳහා ව්‍යවසායක කේන්ද්‍රස්ථානයක් බවට සීඝ්‍රයෙන් පත්වෙමින් තිබේ. දිවයිනේ ජනතාවගේ හදවත් තුළ සහ මනසෙහි බොහෝ අපේක්ෂාවන් සහ අභිලාෂයන් පැවතිය ද, බොහෝ දෙනනෙකුට ඔවුන්ගේ සැලසුම් සාර්ථක කර ගැනීමට බොහෝ විට අපහසු වේ. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ඔවුන්ගේ බාධක ජය ගැනීම සඳහා HNB FINANCE සමාගම නම්‍යශීලී ව්‍යාපාරික ණය පහසුකම් කිහිපයක් පිරිනමයි.

ඔබගේ අවශ්‍යතාවන්ට අනුව, HNB FINANCE සමාගම විසින් පිරිනමනු ලබන ‘ඊසි ලෝන්’ වැනි විශේෂිත ණය පහසුකම් ඇති අතර එමගින් ඔබට ඔබේ මෙහෙයුම් සඳහා සැලකිය යුතු කාරක ප්‍රාග්ධනයක් ලබා ගත හැකිය. ‘අභිලාෂ’ ණය පහසුකම මගින් ව්‍යවසායකයින්ට වඩා විශාල ණය පහසුකම් සහිත මූල්‍ය නම්‍යශීලීතාවයක් ලබා ගැනීමට ඉඩ සලසයි. ඔබ ඉතිරි කිරීම් ගිණුම් හිමියෙකු නම් ඔබට ඇපකරුවන් නොමැතිව රු. 400,000 ක් දක්වා වූ ණය මුදලක්  ලබා ගැනීමට ‘ස්වශක්ති’ ණය පහසුකම මගින් ඉඩ සලසා දෙයි. එමෙන් ම, ‘සවිය’ ණය පහසුකම මගින් ඔබට ඔබේ ව්‍යාපාරය ඊළඟ මට්ටමට උසස් කිරීම හා පුළුල් කිරීම සඳහා සැලකිය යුතු ප්‍රමාණයක ණය මුදලක් ලබා ගත හැකිය. HNB FINANCE සමාගම සමග එක්වීම ඔබේ ව්‍යාපාරයට සීඝ්‍ර වර්ධනයක් සහතික කර දෙයි.

පුද්ගල ණය

ඔබ විදෙස් ගත වීමට හෝ වාහනයක් මිලදී ගැනීමට අපේක්ෂා කරන්නේ නම්, HNB FINANCE සමාගම ඔබගේ අවශ්‍යතාවය සපුරා ගත හැකි වනු පිණිස වසර 5 ක් දක්වා වූ නම්‍යශීලී ආපසු ගෙවීමේ යෝජනා ක්‍රම සහිත පුද්ගල ණය පහසුකම් පිරිනමන අතර, එමගින් නිශ්චල දේපළ ඇපයක් මත රු. 12,000,000 ක් දක්වා වූ ණය මුදලක් හෝ පුද්ගල ඇපකරුවන් දෙදෙනෙකු ඉදිරිපත් කිරීම මත රු. 3,000,000 ක් දක්වා වූ ණය මුදලක් පිරිනමයි. HNB FINANCE සමාගම ඔබගේ ස්ථානයට ම පැමිණ සේවා සපයා දෙමින් කඩිනමින් ණය සැකසීම සිදු කරන බැවින් පාරිභෝගිකයාට කරදරයකින් තොරව ණය පහසුකම් ලබා ගත හැකිය.

HNB FINANCE සමාගම ඔබගේ ජීවිතයේ සාර්ථකත්වය සඳහා ඔබ තබන සෑම පියවරකදී ම ඔබට උපකාරී වෙමින්, ඔබට අවම කරදරයක් සිදු වන පරිදි, ඔබට උපරිම වාසි පිරිනමමින් ඔබගේ සියලු අවශ්‍යතා ඉටු කර දෙයි.