බ්ලොග්

ඉතිරිකිරීමේ ගිණුමක් ආරම්භ කිරීමට පෙර සලකා බැලිය යුතු කරුණු 6 ක්

ඉතිරිකිරීමේ ගිණුමක් යනු ඔබගේ මුදල් මූල්‍ය ආයතනයක තැන්පත් කිරීමට ඇති පහසු ම සහ වඩාත් ම ප‍්‍රයෝජනවත් ක‍්‍රමයයි. එක් එක් පුද්ගලයාට ඉතිරිකිරීමේ ගිණුමක් පවත්වා ගැනීම සඳහා විවිධ අරමුණු තිබිය හැක: ඔබගේ අනාගතය සඳහා යම් මුදලක් ඉතිරි කර ගැනීම, අන්තර්ජාල ගනුදෙනුවල පහසුව සඳහා ඉතිරිකිරීමේ ගිණුමක් පවත්වාගෙන යාම එවැනි අරමුණු වලට උදාහරණ වේ. කෙසේ වෙතත්, අපේක්ෂාව කුමක් වුවත්, සෑම අයෙකුට ම අවම වශයෙන් එක් ඉතිරිකිරීමේ ගිණුමක් හෝ තිබීම සහ ඒ පිළිබඳව ගැඹුරු දැනුමක් තිබීම අත්‍යවශ්‍ය වේ. ඔබට අවශ්‍ය කුමන වර්ගයේ ගිණුමක්ද, නැත හොත් කුමන මූල්‍ය ආයතනයක්ද යන්න තෝරා ගැනීම දුෂ්කර තීරණයක් විය හැකිය. ඉතිරිකිරීමේ ගිණුමක් ආරම්භ කිරීමට පෙර ඔබ දැනගත යුතු කරුණු වෙන් වෙන්ව සලකා බලමු.

ඔබගේ වර්තමාන මූල්‍ය තත්ත්වය සහ ඔබගේ ඉලක්ක පිළිබඳ ඇගයීමක් කරන්න

ඉතිරිකිරීමේ ගිණුමක් ආරම්භ කිරීමෙන් ඔබ අපේක්ෂා කරන්නේ කුමක්ද? ඉතිරිකිරීමේ ගිණුම් හදිසි මුදල් අවශ්‍යතා, මාසික වියදම් කළමනාකරණය, අන්තර්ජාල ගනුදෙනු ආදිය සඳහා ඇති හොඳම තේරීම වේ. අනෙක් අතට, ඔබ ඉහළ ප‍්‍රතිලාභ ලබා ගැනීම සඳහා මූල්‍ය ආයතනයක මුදල් ආයෝජනය කිරීමට අපේක්ෂා කරන්නේ නම්, ඒ සඳහා ඇති හොඳම විකල්පය ඉතිරිකිරීමේ ගිණුම නොවේ. ස්ථාවර තැන්පතුවල ආයෝජනය කිරීම පිළිබඳ මෙතැනින් දැන ගන්න.

විවිධ ජන කණ්ඩායම්වල අභිලාෂයන් සහ රුචිකත්වයන් සපුරාලන විවිධ ආකාරයේ ඉතිරිකිරීමේ ගිණුම් තිබේ. ඔබට වඩාත්ම ගැළපෙන ගිණුම් වර්ගය තීරණය කිරීමට ඔබ එක් එක් ගිණුම් වර්ගයෙහි ඇති වෙනස්කම් සහ ඒවායෙහි ඇති සුවිශේෂී ප‍්‍රතිලාභ මොනවාදැයි දැනගත යුතුය. එච්.එන්.බී. ෆිනෑන්ස් සමාගම පිරිනමන සාමාන්‍ය ඉතිරිකිරීමේ ගිණුමට අමතරව විශේෂිත ඉතිරිකිරීමේ ගිණුම් දෙකක් තිබේ:මියුලැසි කාන්තා ඉතිරිකිරීමේ ගිණුම සහ යාළු ළමා ඉතිරිකිරීමේ ගිණුම, එම ගිණුම් වේ.

වඩා ඉහළ පොළී අනුපාත සොයන්න

ඔබගේ ඉතිරිකිරීමේ ගිණුමෙන් ලැබෙන ප‍්‍රතිලාභ සහතික කරන එකම සාධකය ඉහළ පොළී අනුපාත පමණක් ම නොවේ, මූල්‍ය ආයතනය පොළිය ගණනය කරන ආකාරය ද එයට බලපායි. ඔබගේ ඉතිරිකිරීමේ ගිණුම මාසික වියදම් සඳහා වෙන් කර ඇත්නම්, එය බොහෝ ගනුදෙනු වලට සම්බන්ධ වන බැවින් එහි ශේෂය නිතර අඩු වැඩි වෙයි. එම නිසා, මූල්‍ය ආයතනය දිනපතා පොළිය ගණනය කරන්නේ නම් එය සැමවිටම වඩාත් වාසිදායක ය.

එච්.එන්.බී. ෆිනෑන්ස් සමාගම වෙළඳපොළේ ඇති ඉහළ ම පොළී අනුපාත පිරිනමන අතර, පොළිය දෛනික ශේෂය මත ගණනය කර මාසිකව බැර කරනු ලැබේ.

අවම ආරම්භක ශේෂය සහ තිබිය යුතු අවම ශේෂය වැදගත් වේ

ඔබ ගිණුමක් ආරම්භ කරන විට අවම ශේෂයක් තැන්පත් කළ යුතු වේ. ඔබ ගිණුම වසා දැමීමට ද තීරණය කළ හැකි බැවින් සමහර මූල්‍ය ආයතන ඔබට ඉතිරිකිරීමේ ගිණුමේ අවම ශේෂයක් පවත්වා ගැනීමට ද නියම කරයි. මූල්‍ය ආයතනය සහ ඔබ තෝරා ගන්නා ගිණුම් වර්ගය අනුව මෙම මුදල් ප‍්‍රමාණ වෙනස් වේ.

අප ආයතනයේ සාමාන්‍ය ඉතිරිකිරීමේ ගිණුමක් පවත්වාගෙන යාම සඳහා ඔබට අවශ්‍ය වන්නේ රු. 500 ක අවම ශේෂයක් පමණි.

ඔබගේ ඉතිරිකිරීම් සඳහා පහසු ප‍්‍රවේශය

ශාඛා කවුන්ටර සහ ATM (ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර) වෙත ඇති ප‍්‍රවේශය සලකා බැලිය යුතු තවත් සාධකයකි. ඔබ තෝරා ගන්නා මූල්‍ය ආයතනය සතුව ප‍්‍රමාණවත් ශාඛා කවුන්ටර සහ ATM යන්ත‍්‍ර සංඛ්‍යාවක් සහිතව පුළුල් ආවරණයක් තිබේද? මූල්‍ය ආයතනය විවෘතව තැබෙන වේලාවන් ඔබට පහසුයිද? ස්ථාවර තැන්පතුවලට මෙන් නොව, ඔබට ඔබගේ ඉතිරිකිරීමේ ගිණුමට පහසුවෙන් ප‍්‍රවේශ විය හැකි වීම අනිවාර්ය වේ. හොඳ ශාඛා ජාලයක් සහ ATM යන්ත‍්‍ර ජාලයක් සහිත මූල්‍ය ආයතනයක් තෝරා ගැනීම මගින් ඔබට ඔබගේ මුදල් ආපසු ගැනීම, තැන්පත් කිරීම, අරමුදල් මාරු කිරීම සහ අනෙකුත් අවශ්‍ය කටයුතු කඩිනමින් ඉටු කර ගැනීම පහසු වේ.

ගාස්තු දැනගන්න

නැතිවූ ATM කාඞ්පතක් වෙනුවට අලූතින් කාඞ්පතක් නිකුත් කිරීම, බැංකු ප‍්‍රකාශන මුද්‍රණය කර දීම ආදී සමහර සේවා සඳහා ඔබගෙන් මුදල් අය කරනු ලැබේ. සමහර මූල්‍ය ආයතන ශාඛා කවුන්ටර වලින් මුදල් ආපසු ගැනීම සීමා කර ඇති අතර, අමතර මුදල් ආපසු ගැනීම් සඳහා ගාස්තු අය කරයි. මෙම ගාස්තු සුළු සහ ඉඳහිට අයකර ගනු ලබන ගාස්තු මෙන් ඔබට පෙනෙනු ඇත. නමුත් ඒ පිළිබඳ දැනුවත් වීම ඔබගේ මුදල් පාලනය කිරීමට ඔබට උපකාරී වේ.

ඉහළ පාරිභෝගික සේවාව ප‍්‍රධාන වේ

ඔබට කුමන ආකාරයේ කරදර ඇති විය හැකි දැයි අනාවැකි කිව නොහැක. උදාහරණයක් ලෙස, ඔබ අතපසුවීමකින් වැරදි මූල්‍ය ආයතනයක ගිණුමකට මුදල් තැන්පත් කළහොත් ඔබ කුමක් කරන්නේද? ඔබගේ ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඞ්පත නැති වුවහොත් ඔබ ගන්නා ක්ෂණික ක‍්‍රියාමාර්ගය කුමක්ද? එවැනි හදිසි අවස්ථාවලදී පහසුවෙන් උසස් පාරිභෝගික සේවාවක් ලබා ගැනීමට හැකිවීම අතිශය වැදගත් වේ.

එපමණක් නොව, මූල්‍ය ආයතනය විසින් පිරිනමනු ලබන දීමනා සහ එහි ප‍්‍රතිපත්ති වෙනස් කිරීම් පිළිබඳ ඔබට අවශ්‍ය ඕනෑම අවස්ථාවක තොරතුරු ලබාගත හැකි පාරිභෝගික සේවාවක් තිබීම මූල්‍ය ආයතනය සහ ඔබ අතර දැඩි සම්බන්ධතාවයක් ගොඩනගයි.

වැඩි විස්තර දැනගැනීමට සහ කෙටිම කාලයකින් අඩුම ලියවිලි අවශ්‍යතාවයක් සහිතව ඉතිරිකිරීමේ ගිණුමක් ආරම්භ කිරීමටඅප සමග සම්බන්ධ වෙන්න.