රන් ණය පහසුකමක් යනු කුමක්ද සහ එය ක්‍රියාත්මක වන්නේ කෙසේද?

ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා රටවල රත්‍රන් එහි මුල්‍යමය වටිනාකම නිසා පමණක් නොව එයින් ප්‍රකාශ වන හැඟීම් නිසා ද ගෞරවයට පාත්‍ර වේ. බොහෝ පුද්ගලයින්ට රන් ආභරණ උරුම වන අතර, අනාගත ආයෝජන ලෙස රන් කාසි මිලදී ගැනීම හෝ තෑගි ලෙස ලැබීම ද සිදු වේ. එහෙත් මෙම වටිනා ලෝහය හදිසි මූල්‍ය අවශ්‍යතාවයක දී මුදල් ප්‍රවාහ උත්පාදනය කිරීම සඳහා භාවිතා කළ හැකි විශිෂ්ට වත්කමක් බව ඔබ දන්නවාද? රන් ණය පිළිබඳව සහ ඒවා ගැන ඔබ දැනගත යුතු සියල්ල පිළිබඳ තවදුරටත් කියවන්න.

රන් ණය යනු කුමක්ද?

රන් ණය, නැතහොත් ‘රත්‍රන් ඇපයට තබා ලබා ගන්නා ණය’, යනු ණය ගැනුම්කරුවන්ට වෙනත් වත්කමක් වෙනුවට තම රන් භාණ්ඩ උකසට තබා ණය දෙන ආයතනයකින් ලබා ගත හැකි ණය පහසුකමක් වේ. රත්‍රන් පරීක්‍ෂා කර අගය තක්සේරු කළ පසු ණය ලබා දෙනු ලබන අතර, ලබා දෙන ණය මුදල රත්‍රන් වල මුළු වටිනාකමෙන් යම් ප්‍රතිශතයකි. රන් ණය ක්‍රමය කෙටි කාලීන මූල්‍ය සහාය ලබා ගැනීම සඳහා ඇති වේගවත් ම සහ පහසු ම ක්‍රමයක් වන බැවින් එය ශ්‍රී ලංකාවේ ඉතා සුලභ ලෙස භාවිතා වන ක්‍රමයක් වේ.

රන් ණය පහසුකමක් ක්‍රියාත්මක වන්නේ කෙසේද?

රන් ණය පහසුකමක් ලබා ගැනීම අනෙකුත් ණය වර්ගවලට සාපේක්ෂව වෙනස් ක්‍රියා පටිපාටියක් අනුගමනය කරමින් සිදු කරනු ලැබේ. ආදායම තහවුරු කිරීමේ ලියවිලි හෝ ඇපකරුවන් ආදිය අවශ්‍ය නොවන මෙම ණය ක්‍රමය ඇත්ත වශයෙන්ම උකස් කිරීමේ ක්‍රියාවලියට සමාන වන අතර එහිදී ඔබ ඔබේ රන් භාණ්ඩ භාර දී ණය මුදලක් ලබාගෙන පිටව යයි.

අති නවීන යන්ත්‍ර සූත්‍රවලින් සමන්විත එච්.එන්.බී. ෆිනෑන්ස් සමාගමෙහි ඉහළ පළපුරුද්දක් සහිත කාර්ය මණ්ඩලය අපගේ ගනුදෙනුකරුවන්ට අවම කරදරයක් සහිතව ඉහළ ම ගුණාත්මක භාවයකින් යුතු සේවාවක් පිරිනැමීමට සැමවිට ම සූදානම්ව සිටිති. ඔබ කළ යුතු වන්නේ ඔබගේ රන් භාණ්ඩ (සාමාන්‍යයෙන් කැරට් 18-24 අතර) තක්සේරුව සනාථ කිරීමේ ඕනෑම සාක්ෂියක් සමග රැගෙන ඒමයි. පරීක්ෂා කිරීමෙන් පසුව අපි ඔබට අනුමත කරන ලද ණය මුදලක් ලබා දෙන අතර, ඒ අනුව ඔබට ඔබගේ රත්‍රන් සඳහා මුදල් ලැබේ.

ණය ගිවිසුමට අනුව, ඔබ අදාළ පොළිය සමග ණය මුදල ගෙවා අවසන් කළ යුතු අතර, ඉන් පසුව, ඔබ ඇපයට තබා ඇති රන් භාණ්ඩ ඔබට ආපසු ලබා ගැනීමට හැකි වේ. එච්.එන්.බී. ෆිනෑන්ස් සමාගමෙහි සියලු ම රන් ගනුදෙනු සහ පරීක්‍ෂණ සඳහා විශේෂ කාර්ය පටිපාටි ස්ථාපනය කර ඇති අතර, මෙම වටිනා ලෝහයට කිසිදු හානියක් සිදු නොවන බව සහතික කිරීම සඳහා උපරිම ආරක්ෂාව සපයා දී ඇත.

රන් ණය සඳහා සුදුසුකම් ලබන්නේ කවුද?

අපගේ රන් ණය සේවාව හොඳම මූල්‍ය සේවා වලින් එකක් බවට පත් වන්නේ එය වේගවත් සහ පහසු වනවා සේ ම ඒ සඳහා පුළුල් ලෙස ප්‍රවේශ විය හැකි වීම නිසා ය. වයස අවුරුදු 16 ට වැඩි ශ්‍රී ලාංකික පුරවැසියන්ට අපගේ දිවයින පුරා පිහිටි සියලු ම ශාඛා හරහා මෙම සේවාව ලබා ගත හැකිය. ඔබට රැගෙන ඒමට අවශ්‍ය වන්නේ ඔබගේ හැඳුනුම්පත සමග ඔබගේ රන් භාණ්ඩ (ස්වර්ණාභරණ, කාසි හෝ බිස්කට්) පමණි.

රන් ණය කාල සීමාව කොපමණද?

අනෙකුත් ණය පහසුකම් හා සසඳන විට රන් ණය කාල සීමාව ඉතා කෙටි වේ. කෙසේ වෙතත්, එම ණය ආපසු ගෙවීමේ ක්‍රමය ඉතා නම්‍යශීලී වේ. එච්.එන්.බී. ෆිනෑන්ස් සමාගමේ ගනුදෙනුකරුවන්ට තමන්ට වඩාත් ගැළපෙන ආපසු ගෙවීමේ ක්‍රමයක් තෝරාගත හැක. මෙය දින දහයක්, මාස තුනක්, මාස හයක් හෝ අවුරුද්දක් පවා විය හැක! එසේම, අපගේ ගනුදෙනුකරුවන්ට අපගේ රන් ණය සේවාව සපයන ඕනෑම ශාඛාවකින් ණය වාරික සහ පොළිය ගෙවීමට හැකි වේ. තවද, අපගේ ගනුදෙනුකරුවන්ට eZ cash සහ mCash හරහා ගෙවීම් කිරීමේ විකල්පය ද සපයා ඇත. එපමණක් නොව, ඔබ රන් භාණ්ඩ එකකට වඩා වැඩි ගණනක් සඳහා රන් ණය පහසුකමක් ලබාගෙන ඇති විට ඔබ ගෙවන මුදල අනුව එක් රන් භාණ්ඩය බැගින් නිදහස් කර ගැනීමට ද හැකි වේ.

එච්.එන්.බී. ෆිනෑන්ස් රන් ණය පහසුකමක් ලබා ගැනීමෙහි ඇති වාසි

එච්.එන්.බී ෆිනෑන්ස් රන් ණය පහසුකමක් ලබා ගැනීමෙන් ප්‍රතිලාභ රැසක් හිමි වේ. ඉන් කිහිපයක් පහත සඳහන් පරිදි වේ:

  • අඩුම පොළී අනුපාත – රන් භාණ්ඩ ඇපයක් ලෙස ක්‍රියා කරන බැවින් රන් ණය පොළී අනුපාත වෙළඳපොළෙහි ඇති අඩුම පොළී අනුපාත වෙයි. එමෙන් ම, මෙම
    ආකර්ශනීය පොළී අනුපාත සාපේක්ෂව අඩු ආපසු ගෙවීමේ වාරික බවට පරිවර්තනය වේ.
  • රන් භාණ්ඩ සඳහා නොමිලේ රක්ෂණාවරණයක් – ඔබ එච්.එන්.බී. ෆිනෑන්ස් සමාගමෙන් රන් ණයක් ලබා ගන්නා විට අපි ඔබගේ රන් භාණ්ඩවල උපරිම ආරක්ෂාව
    අපි සහතික කරමු.
  • ලියවිලි ගාස්තු, සේවා ගාස්තු හෝ වෙනත් සැඟවුණු ගාස්තු නැත – එච්.එන්.බී. ෆිනෑන්ස් සමාගමෙහි කරදරයකින් තොර කඩිනම් සැකසුම් කිරීම නිසා රන් ණය
    ක්‍රියාවලිය අවම කරදරයක් සහිතව සිදු කෙරෙයි.
  • රහස්‍යභාවය සහතික කිරීම – ලබා ගන්නා සෑම තොරතුරක් ම සෑම විටම ආරක්ෂිතව සහ පෞද්ගලිකව තබා ගනු ලැබේ.
  • භාවිතය නම්‍යශීලී වීම – අනෙකුත් ණය පහසුකම් මෙන් නොව, රන් ණය මගින් ඔබ ලබා ගන්නා මුදල් ඔබට කැමති ආකාරයකට භාවිතා කළ හැක. මෙම ණය
    ඕනෑම ආකාරයක වියදම් පියවා ගැනීම සඳහා අරමුදල් සැපයීමට භාවිතා කළ හැක.
  • නිෂ්ක්‍රීය වත්කම් ද්‍රවශීලී කිරීම – අවසාන වශයෙන්, රත්‍රන් යනු නිතර භාවිතා නොකෙරෙන නිෂ්ක්‍රීය වත්කමක් වන බැවින්, ඔබ දැඩි මූල්‍ය දුෂ්කරතාවයකට මුහුණ දී
    සිටින්නේ නම් එය ඔබට ප්‍රාග්ධනය ලබා ගැනීමේ කදිම විසඳුමකි.
  • වත්කම් වහාම ආපසු ලබා ගැනීමේ හැකියාව – ඔබට කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව ඔබගේ රන් භාණ්ඩ නැවත ලබා ගත හැක.
  • රන් භාණ්ඩ මුදා ගැනීමේ පහසුකම – ඔබ වෙනත් මුල්‍ය ආයතනවලට උකස් කර ඇති, ඔබ විසින් හිමිකම් පෑම් ඉදිරිපත් නොකරන ලද රන් භාණ්ඩ වෙන්දේසි කිරීමට
    පෙර මුදා ගැනීම සඳහා ද එච්.එන්.බී. ෆිනෑන්ස් සමාගමේ සහාය ලබා ගත හැක.
  • රන් භාණ්ඩ මුදා ගැනීමේ පහසුකම – ඔබ වෙනත් මුල්‍ය ආයතනවලට උකස් කර ඇති, ඔබ විසින් හිමිකම් පෑම් ඉදිරිපත් නොකරන ලද රන් භාණ්ඩ වෙන්දේසි
    කිරීමට පෙර මුදා ගැනීම සඳහා ද එච්.එන්.බී. ෆිනෑන්ස් සමාගමේ සහාය ලබා ගත හැක.
  • කඩිනම් සහ සුරක්‍ෂිත සේවාව – ගනුදෙනුකරුවන්ගේ ආරක්‍ෂාව සහතික කිරීම සඳහා COVID-19 වැළැක්වීමේ පියවරයන්ට අනුකූලව මිනිත්තු 3 ක කාලසීමාවක් ඇතුළත
    සේවා සපයාදීම සහතික කරනු ලැබේ.
  • බොහෝ අය තම රන් භාණ්ඩ මූල්‍ය ආයතනවලට උකස් කිරීමේදී ඉතාමත් ප්‍රවේශම් සහගත වුවද, පැහැදිලිව ම එයින් ලැබිය හැකි නිසැක ප්‍රතිලාභ කිහිපයක් තිබේ. රන් ණය පහසුකම ඔබගේ රන් භාණ්ඩ හොඳින් ආරක්ෂා වී ඇති බව සහතික කරන අතර ම, කඩිනමින් සහ පහසුවෙන් මුදල් ලබා ගැනීමට හැකි ක්‍රමයක් වේ. සැඟවුණු ගාස්තු නොමැති, කරදරයකින් තොර ක්‍රියාවලියක් හරහා ඔබත් aඑච්.එන්.බී. ෆිනෑන්ස් සමාගමෙන් රන් ණය පහසුකමක් ලබා ගෙන ඔබගේ ඉදිරි සැලසුම් අද ම ක්‍රියාවට නංවන්න.