බ්ලොග්

ස්ථාවර තැන්පතු පිළිබඳව ඔබ දැනගත යුතු සියලු දේ

ස්ථාවර තැන්පතු හෙවත් FDs යනු පවත්නා ආයෝජන විකල්පයන් අතරින් ආරක්ෂිතම හා පහසුම විකල්පයක් වේ. ආයෝජකයා විසින් ස්ථාවර තැන්පතු ගිණුමක් ආරම්භකොට මුදල් තැන්පත් කරනු ලබයි. එයට ප්‍රතිචාර වශයෙන්, ගිවිසුම් කාලය අවසන ස්ථාවර පොළී මුදලක් ගෙවීමට වාණිජ ආයතනය බැඳී සිටී. ඔබට ස්ථාවර තැන්පතුවක් බැංකුවක හෝ HNB Finance වැනි බැංකු නොවන මූල්‍යායතනයක හෝ ආරම්භ කළ හැක.

ස්ථාවර තැන්පතුවක් සඳහා අයැදුම් කිරීමට පෙර සැළකිය යුතු දේ

මුදල් තැන්පත් කිරීමට පෙර මූල්‍යායතයනයේ ස්ථාවරත්වය පිළිබඳ සලකා බලන්න: එනම්, එය ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ ලියාපදිංචිව ඇත්තේද, එහි ණය ශ්‍රේණිගත කිරීම් හා අධ්‍යක්ෂ මණ්ඩලයේ/ කළමනාකාරිත්වයේ විශ්වසනීයත්වය ආදියයි. HNB FINANCE PLC යනු හැටන් නැෂනල් බැංකුවට අනුබද්ධ මූල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය ආයතනයක් වන . HNB FINANCE සමාගම ධනාත්මක ණය ශ්‍රේණිගතකරණයක් හිමි, මනා කීර්තියක් හා විශ්වාසයක් දිනාගත් ආයතනයක්ද වේ. තවද, . HNB FINANCE PLC ආයතනය විසින් සිය තැන්පත්කරුවන් හට සුවිශිෂ්ට මට්ටමේ පාරිභෝගික සේවාවන්ද සම්පාදනය කරනු ලබයි.

ස්ථාවර තැන්පතු ගිණුමක් ආරම්භ කරන විටදී, එම තැන්පතුවට අදාළ කාල සීමාවක් හෙවත් කාල පරිච්ඡේදයක්ද ඔබට තීරණය කිරීමට සිදුවේ. ස්ථාවර තැන්පතුවේ ගිවිසුම්ගත කාලය හෙවත් එම කාල සීමාව මාසයේ සිට ආරම්භ වී වසර පහ දක්වා විහිදිය හැක. මූල්‍යායතනය මත පදනම්ව කාල රාමු විකල්ප වෙනස් වේ. නිදසුනක් ලෙස, . HNB FINANCE PLC හි ස්ථාවර තැන්පතුවක් ඇරඹිය හැකි අවම කාල සීමාව මාස තුනකි.

ඔබ විසින් කාල සීමාව තෝරා ගත්තේ යැයි සිතමු. එක් එක් කාල සීමාව සඳහා කලින් තීරණය කරන ලද පොළී අනුපාතිකයන් පවති. පහත සඳහන් පොළී අනුපාතික ආදර්ශ සටහන බලන්න.

කාල සීමාවමාසික (p.a.)ව.ස.පො.අ.කල් පිරීමේදී (p.a.)ව.ස.පො.අ
මාස 0318.5020.1519.5020.97
මාස 0619.0020.7520.0021.00
මාස 1219.5021.3421.2521.25
මාස 2418.0019.5621.0019.16

මෙම සටහනට අනුව, ඔබගේ ස්ථාවර තැන්පතුවේ කාල සීමාව වසරක් නම්, ඔබට වාර්ෂිකව 21.25%ක පොළී අනුපාතිකයක් හිමිවේ. ශ්‍රී ලං.රු. 100,000ක මුදලක් සඳහා ඔබට වසර අවසානයේදී ශ්‍රී ලං.රු. 21,250ක පමණ පොළී මුදලක් ලැබෙනු ඇත.

පොළී මුදල ගණනය කිරීම සඳහා මෙම සමීකරණය භාවිතා කරන්න: A = P(1 + rt)

A යනු යම් කාල පරිච්ඡේදයකට පසු ලබන සමස්ත මුල් මුදල හා පොළී මුදලයි. P යනු මුල් මුදලයි. r යන්නෙන් වාර්ෂික පොළී අනුපාතිකයද, t යන්නෙන් වසර ගණනින් වූ කාල සීමාවද අදහස් වේ.

ඔබට . HNB FINANCE PLC හි ස්ථාවර තැන්පතු පිළිබඳ තොරතුරු ‍මෙතැනින්ලබාගත හැක.

කාල සීමාව අවසන් වීමට පෙර ඔබ විසින් මුදල් ආපසු ලබා ගතහොත් කුමක් සිදුවේද?

තැන්පතු කාල සීමාව අවසන් වීමට පෙර ඔබට ඔබගේ ස්ථාවර තැන්පතුව ඉවත්කර ගැනීමට අවශ්‍ය වුවහොත්, එහිදී ඔබට එකතුවූ මුළු පොළී මුදලම හෝ ඉන් කොටසක් අහිමි වේ. එබැවින් ස්ථිර තැන්පතු ගිණුමක් ආරම්භ කිරීමට පෙර බුද්ධිමත්ව අවශ්‍ය තීරණය ගන්න. තැන්පතු කාල සීමාව තුළ ස්ථාවර තැන්පතු මුදල් ඔබට අවශ්‍ය නොවන බවට වූ විශ්වාසයක් ඔබ තුළ පැවතිය යුතුය.

මෙම ගැටලුව සම්බන්ධයෙන් කටයුතු කිරීමේ එක් ක්‍රමයක් වනුයේ විවිධ කාල සීමාවන් සහිත ස්ථාවර තැන්පතු ගණනාවක් ආරම්භ කිරීමයි. නිදසුනක් ලෙස, ඔබට වසර 1, 2 හා 3 ලෙස කාල සීමාවන් සහිත ස්ථාවර තැන්පතු 3ක් ඇත්තේ නම්, සෑම වසරකම අවසානයේ ප්‍රතිලාභ ලබාගත හැකිවේ.

ස්ථාවර තැන්පතු වර්ග

ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු, හා කෙටි/ දිගු කාලීන ස්ථාවර තැන්පතු ඇතුළත් විවිධාකාර ස්ථාවර තැන්පතු වර්ග පවතී. ඒ එක් එක් ස්ථාවර තැන්පතු වර්ගයෙහි විවිධාකාර වූ පිරිවිතරයන් පවතී. නිදසුනක් ලෙස, සාමාන්‍යයෙන් ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා සෙසු වර්ගවල ස්ථාවර තැන්පතුවලට වැඩි පොළී අනුපාතිකයක් හිමිවේ. ඒ අනුව . HNB FINANCE PLC හි අප අමතා පවත්නා සියලු විකල්ප අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඔබට වඩාත් යෝග්‍ය විකල්පය සොයා ගැනීම වඩාත් යහපත් වේ.

ස්ථාවර තැන්පතු සම්බන්ධ වාසි/අවාසි

වාසි:

  • ඔබට ඔබගේ මුදල් ආයෝජනය කළ හැකි ක්‍රම ගණනාවකි. එනමුත් ඒ ඇතැම් ක්‍රමයන් ක්‍රියාත්මක කිරීම සඳහා ගැඹුරු දැනුමක් හා නොකඩවා සිදුකරන පසු විපරමක්ද අවශ්‍ය වේ. නිදසුනක් ලෙස කොටස් වෙ‍ෙළඳපල ආයෝජනය සලකා බලමු: අයෝජනය සඳහා ලැබෙන ප්‍රතිලාභ මුළුමනින්ම කොටස් උච්චාවචනයන් හැසිරෙන ආකාරය මත රඳා පවතී. එහිදී ඔබට ඔබගේ ආයෝජනයන් අතරින් සමහරක් අහිමි වී යාමේ අවදානමක්ද ඇත. මෙයට ප්‍රතිවිරුද්ධව, ස්ථාවර තැන්පතු මුළුමනින්ම පාහේ අවදානමින් තොර වන අතර, ලාභ ඉපැයීමේදී ඔබ විසින් කිසිදු ප්‍රයත්නයක් දැරිය යුතුද නොවේ.
  • ඔබගේ බැංකුව හෝ බැංකු නොවන මූල්‍යායතනය ශ්‍රී ලංකා මහ බැංකුවේ වරලත් ආයතනයක් වන්නේ නම් හා කීර්තිමත් ආයතනයක්ද වන්නේ නම්, ඔබගේ ආයෝජනය ආරක්ෂිත හා රක්ෂිත තත්ත්වයක පවතී.
  • ● ස්ථාවර තැන්පතුවල පොළී අනුපාතිකය ඉතුරුම් තැන්පතුවල පොළී අනුපාතිකයට වඩා ඉහළ අගයක් ගනී.

අවාසි:

  • අදාළ තැන්පතු කාල සීමාව සම්පූර්ණ වීමට පෙර ඔබගේ මුදල් ආපසු ලබාගන්නේ නම්, එවිට ඔබට අදාළ සම්පූර්ණ පොළී මුදල ලබාගැනීමට නොහැකි වනු ඇත.
  • ● ඇතැම් ලාභදායී ආයෝජනයන් හා සාපේක්ෂව සලකා බලන කල, ස්ථාවර තැන්පතු පොළී අනුපාතයන් සාමාන්‍යයෙන් වඩා අඩු අගයක් ගනී.


මෙහි පුළුල් චිත්‍රය විග්‍රහ කිරීමේදී, ස්ථාවර තැන්පතු යනු යම් ආකාරයක අක්‍රිය ආදායමකි. ඔබ අදාළ ක්‍රියාවලියට සම්බන්ධ වීම අවශ්‍ය නොවන අතර, හුදෙක් ඔබගේ අරමුදල කාලයත් සමග නොකඩවා වර්ධනය වේ.

ඉතිරි කිරීම යනු සාර්ථකත්වයට පත්වන පුද්ගලයෙකුගේ පුරුද්දකි. මුදල් ඉතිරි කිරීමේ හැකියාව යනු සාර්ථක පුද්ගලයෙකු පිළිබඳ සළකුණකි.

HNB FINANCE PLC විසින් ශ්‍රී ලංකාව තුළ හොඳම ස්ථාවර තැන්පතු පොළී අනුපාතිකයන් පිරිනමනු ලබයි. අපගේ ස්ථාවර තැන්පතු සැලසුම් පිළිබඳ වැඩිදුර විස්තර සොයාගනු පිණිස මෙතැනින් අපගේ වෙබ් පිටුවට පිවිස පරීක්ෂාකර බලන්න.