බ්ලොග්

මුදල් ණයට ගැනීම සඳහා තිබෙන හොඳම මාර්ග 6

ඔබ හදිසි වියදම් කිහිපයක් දැරීමට සිදුව ඇති නිවසේ සිටින දෙමව්පියෙක් වුව ද, තමන්ගේ මූල්‍ය අවශ්‍යතා සම්බන්ධයෙන් සුළු අමතර උපකාරයක් අවශ්‍යව ඇති වැටුප් ලබන සේවකයෙක් වුව ද, ඔබට යම් අවශ්‍යතාවයක් ඇති වුව හොත් මුදල් ණයට ගැනීම සඳහා විකල්ප ගණනාවක් තිබේ. බැංකු සහ මූල්‍ය සමාගම් වැනි සාම්ප්‍රදායික මූල්‍ය ආයතන විසින් පිරිනමනු ලබන සේවාවන්හි සිට ක්‍රෙඩිට් කාඩ්පත් මගින් ලබා ගන්නා ණය දක්වා වූ පුළුල් පරාසයකට අයත් මූල්‍යකරණ විකල්ප ඒ අතරින් කිහිපයක් වේ.

ඔබේ මුදල් අවශ්‍යතාවයේ දී ඔබට උපකාර කිරීම සඳහා තිබෙන, වඩාත් ජනප්‍රිය ණය මූලාශ්‍ර කිහිපයක් පහත විස්තර කර ඇත.

1. බැංකු හෝ මූල්‍ය ආයතන විසින් පිරිනමනු ලබන පුද්ගල ණය

බොහෝ බැංකු සහ මූල්‍ය සමාගම් පුද්ගල ණය පහසුකම් පිරිනමන අතර, විශේෂයෙන් ම ඔබ වැටුප් ලබන සේවකයෙක් නම් ඔබට ඉතා පහසුවෙන් පුද්ගල ණය පහසුකමක් සඳහා අයදුම් කළ හැකියි. ණය මුදලක් ලබා ගත් පසු ඔබ ණය දෙන්නාට පොළී ගෙවීමට බැඳී සිටින අතර, ණය මුදල සහ ණය කාලසීමාව වැනි ණය කොන්දේසි මත පදනම්ව එම පොළී ප්‍රමාණය වෙනස් විය හැක. තවද, ඔබ ලබා ගන්නා පුද්ගල ණය පහසුකම සපයන ආයතනය අනුව ද පොළී අනුපාත වෙනස් වේ. උදාහරණයක් ලෙස, HNB ෆිනෑන්ස් වැනි මූල්‍ය සමාගම් විසින් පිරිනමනු ලබන පොළී අනුපාත සාමාන්‍ය බැංකු පොළී අනුපාතවලට වඩා අඩු ය.

HNB ෆිනෑන්ස් සමාගම වෙතින් ඔබට මෙරට දී ලබා ගත හැකි හොඳම පොළී අනුපාත ලැබෙන බව සහතික කර ගනිමින් කඩිනමින් සහ කාර්යක්ෂමව රිලැක්ස් පුද්ගල ණය පහසුකම ලබා ගත හැක.

ඔබට පුද්ගල ඇප දෙකක් මත රුපියල් මිලියන 2 ක් දක්වා හෝ දේපළ උකසක් මත රුපියල් මිලියන 12 ක් දක්වා වූ ණය මුදලක් ලබාගෙන ණය ආපසු ගෙවීම සඳහා වසර පහක් දක්වා වූ කාලයක් ලබා ගත හැක.

2. උකස් සහ රන් ණය

ඔබට හොඳ ණය වාර්තාවක් නොමැති නම්, ඔබට ඇති තවත් විකල්පයක් වන්නේ උකස් සාප්පුවකින් මුදල් ණයට ගැනීමයි. ඇතැම් මූල්‍ය සේවා සපයන්නන් සහ බැංකු ද ඔබට ඔබගේ ස්වර්ණාභරණ හෝ වෙනත් වටිනා භාණ්ඩ උකස් කර ණය ලබා ගැනීමේ විකල්පය සපයා දෙයි. නමුත් ඔබගේ භාණ්ඩවල වටිනාකම තක්සේරු කිරීමට ණය දෙන්නාට යම් කාලයක් අවශ්‍ය වන අතර, එම භාණ්ඩ උකසට තබා ලබාගත හැකි ණය මුදල එම තක්සේරුව අනුව තීරණය වේ. ඔවුන් පිරිනමන මුදල ඔබ පිළිගන්නේ නම්, යම් නිශ්චිත ණය කාල සීමාවක් තුළ ආපසු ගෙවීමට එකඟ වන දැන්වීම් පත්‍රයක් අත්සන් කර ඔබට වහාම මුදල් රැගෙන යා හැකිය.

HNB ෆිනෑන්ස් සමාගමේ අපි වෙළඳපොළේ තිබෙන වඩාත්ම තරඟකාරී පොළී අනුපාත වලින් කිහිපයක් සහිත රන් ණය සේවාවක්ඔබට පිරිනමන්නෙමු. ගනුදෙනුකරුවන්ට තමන්ගේ රන් භාණ්ඩ ඇපයක් ලෙස තබා ඒ මත ණය මුදලක් ලබා ගත හැක. HNB ෆිනෑන්ස් සමාගම සතු අති නවීනතම යන්ත්‍රෝපකරණ සහ පළපුරුදු කාර්ය මණ්ඩලය මගින් ඔබට කෙටි ම කාල සීමාවක් තුළ ඉහළ ම ගුණාත්මකභාවයෙන් යුත් සේවාවක් සපයා දීම සහතික කළ හැක. ඔබගේ වටිනා භාණ්ඩ සඳහා 100% ක ආරක්ෂාවක් සහතික කර ඇති අතර, පූර්ව දැනුම් දීමකින් තොරව ඔබට ඔබගේ භාණ්ඩ නිදහස් කර ගත හැක.

3. මාර්ගගත ණය දෙන්නන්

බැංකු සහ මූල්‍ය ආයතන වැනි සාම්ප්‍රදායික ණය දෙන්නන් සමග සංසන්දනය කරන විට, අන්තර්ජාලය ඔස්සේ ණය දෙන්නන් වඩාත් පහසු යැයි කියා ගන්නා අතර, ඔවුන් ඔබට ක්ෂණිකව මුදල් ණයට ගැනීමේ පහසුකම සපයා දෙයි. සෑම ණය පහසුකම් වර්ගයක් ම එක හා සමාන නොවන බව සැලකිල්ලට ගැනීම වැදගත් වන අතර, ඇතැම් පහසුකම් වල අනෙක් ඒවාට වඩා වැඩි අඩුපාඩු තිබේ.

ඔබට හැකි හොඳම පොළී අනුපාතය ලබා ගැනීමට අවශ්‍ය වුවද, ඉක්මනින් මුදල් ලබා ගැනීමට අවශ්‍ය වුවද, ඔබ තෝරා ගන්නා විකල්පය සලකා බලා, ඒ සම්බන්ධ අවදානම ප්‍රවේශමෙන් තක්සේරු කර බැලීමට වග බලා ගන්න. ඔබේ ණය ලබා ගැනීමේ පහසුව සහ වේගවත් බව වැඩි වන තරමට ඒ සම්බන්ධ අවදානම ද වැඩි විය හැකි බව මතක තබා ගන්න.

4. ණය යෙදුම්

ඔබට සුළු අවශ්‍යතා වඩාත් වැඩියෙන් තිබේ නම්, වර්තමාන වෙළඳ පොළේ විවිධ වූ මුදල් අත්තිකාරම් යෙදුම් තිබේ. එවැනි ඇතැම් ආයතන ඔවුන්ගේ පහසුකම තුළ ලියාපදිංචි වීම සඳහා ඔබගේ වැටුප් පත්‍රිකා සහ බිල්පත් තොරතුරු හරහා ආදායම පිළිබඳ සාක්ෂි ඉල්ලා සිටිය හැකි අතර, ඉන් පසුව ඔබට දින 1 සිට 3 දක්වා කාලයක් ඇතුළත සුළු ණය ලබා ගැනීමේ පහසුකම ලබා ගත හැක.

ගනුදෙනුවක් සඳහා අය කරන ගාස්තුව එක් එක් ණය අයදුම්පත්‍රය අනුව වෙනස් විය හැකි බැවින් ඔවුන්ගේ සේවාවන් ලබා ගැනීම සඳහා ලියාපදිංචි වීමට පෙර ඒ පිළිබඳ යම් පර්යේෂණයක් සිදු කිරීම වඩාත් සුදුසුය.

5. ක්‍රෙඩිට් කාඩ් පතකින් මුදල් අත්තිකාරම් ලබා ගැනීම

ඔබට ක්‍රෙඩිට් කාඩ්පතක් තිබේ නම්, එම කාඩ්පත හරහා මුදල් අත්තිකාරම් ලබා ගැනීම සරල ක්‍රියාවලියකි. ඔබ ඔබේ ක්‍රෙඩිට් කාඩ් ප්‍රකාශයනයේ ඇති මුදල් සම්පූර්ණයෙන් ගෙවා අවසන් කර ඇත්තේ නම් සහ ඔබේ සේවා සපයන ආයතනය සමග යහපත් වාර්තාවක් පවත්වා ගෙන ගොස් ඇත්නම්, ඔබට ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයක් හරහා හෝ සෘජුව ම ඔබේ බැංකුව වෙත පැමිණ පහසුවෙන් මුදල් අත්තිකාරමක් ලබාගත හැක.

ඔබට ලබා ගත හැකි මුදල් අත්තිකාරම් සීමාව ඔබගේ ණය සීමාව සහ ඔබ බැංකුව සමග ඇති සම්බන්ධතාවය මත පදනම් වේ. ක්‍රෙඩිට් කාඩ්පත් හරහා මුදල් අත්තිකාරම් ලබා ගැනීමේ දී ඔබ අනෙකුත් බොහෝ ණය පහසුකම්වලට වඩා ඉහළ පොළී අනුපාත ගෙවන බව සැලකිල්ලට ගන්න,.

6. ස්ථාවර තැන්පතු මත ණය

ඔබට ඔබගේ ස්ථාවර තැන්පතුව මත ණය මුදලක් ලබාගත හැකි බව ඔබ දන්නවාද? HNB ෆිනෑන්ස් සමාගමේ ස්ථාවර තැන්පතු යෝජනා ක්‍රමයෙහි ඔබේ මුදල් ආයෝජනය කිරීමේ ඇති හොඳම වාසිය නම් ඔබට අවශ්‍ය ඕනෑම විටෙක ඔබේ තැන්පතුව මත කඩිනමින් ණය මුදලක් ලබා ගැනීමට හැකි වීමයි.

HNB ෆිනෑන්ස් ස්ථාවර තැන්පතුවක් හිමි ඔබට ඉතා පහසු ක්‍රියාවලීයක් හරහා කරදරයකින් තොරව ඔබේ තැන්පතු වටිනාකමෙන් 90% ක් දක්වා වූ ළණය මුදලක් ලබා ගත හැක.