බ්ලොග්

නිවාස ණයවල වැදගත්කම

වේගයෙන් ඉදිරියට ගමන් කරන්නාවූ ආර්ථිකයක් තුළ නිවාස ණය යනු නිවසක් මිලදි ගැනීම සඳහාවූ වැදගත් හා ප්‍රයෝජනවත් මූල්‍යමය මෙවලමක් බවට පත්ව ඇත. HNB FINANCE ආයතනය විසින් ලබාදෙනු ලබන නිවහන නිවාස ණය මගින් ශ්‍රී ලංකාවේ සෙසු මූල්‍යායතන හා සන්සන්දනාත්මකව ඔබගේ සිහින නිවහන ගොඩනැගීම සඳහා වූ නම්‍යශීලි විකල්ප ඉදිරිපත් කරන බැවින් එමගින් මෙම  වර්ගයේ ණය මුදල් වඩාත් සිත්ගන්නා සුළු ඒවා බවට පත්කර ඇත.

නිවාස ණයක් යනු කවරක්ද ?

සරලව දක්වන්නේ නම්, ‘නිවාස ණයක්’ යනු නිවසක් මිලදී ගැනීම හෝ ඉදිකිරීම සඳහා අවකාශ සලසමින් ඔබට මුදල් ණයට ලබාගැනීමට ඉඩ සලසමින් බැංකු හෝ මූල්‍යායතන විසින් ලබාදෙන මූල්‍ය මෙවලමකි. වෙනත් ඕනෑම ණය මුදලක් මෙන්ම මෙහිදීද පොළී මුදලක් අය කෙරෙන අතර ණය මුදල යම් කාල පරිච්ඡේදයක් අවසන ආපසු බැංකුවට ගෙවිය යුතුවේ. කඩිනමින් ණය සම්බන්ධ කටයුතු සිදුකර දීම, නිවසටම පැමිණ සේවා සැලසීම හා ඔබට ඔබගේ නිවස ගොඩනැගීමට උපකාර කරනු පිණිස ලබාදෙන සෙසු සහාය සේවාවන්ද නිවාස ණය සමගින් ලබාදිය හැක.

නිවාස ණය ලෙහෙසි හා පහසු වේ

මුදල් ඉතිරි කොට එම මුදල් අවශ්‍යතාවය සඳහා යොදාගැනීම ඔබගේ සිහින නිවහන මිලදී ගැනීමේ හෝ ඉදිකිරීමේ සම්ප්‍රදායික ක්‍රමයයි. නිරන්තරයෙන් ඉහළ නගින නිවාස හා ඉඩම් මිල ගණන් හේතුකොට ඔබගේම නිවසක් මිලදී ගැනීම සඳහා ප්‍රමාණවත් මුදලක් ඉතිරි කිරීම දුෂ්කර කටයුත්තක් බවට පත්ව ඇත. කෙසේ වුවද, නිවාස ණය මගින් ශ්‍රී ලංකාව තුළ ඔබගේ නිවස මිලදී ගැනීම හෝ ගොඩනැගීම සඳහා වූ මූල්‍ය පහසුව සලසනු ලබයි.

HNB FINANCE නිවහන නිවාස ණය ක්‍රමය මගින් ඔබට ඔබගේ නිවස ඉදි කිරීමේදී අදාළ ණය මුදල අදියර ගණනින් ලබාගැනීමේ අවකාශ සලසනු ලබයි. එනමුත්, ඔබ නිවසක් මිලදී ගන්නේ නම්, මුළු ණය මුදලම ලබාදෙනු ඇත. කිසිදු මුදලක් අපතේ නොයනු පිණිස මෙසේ සිදු කරනු ලැබේ.

නම්‍යශීලී ණය මුදල් ආපසු ගෙවීමේ කාල පරිච්ඡේදය

නිවාස ණය අඩු පොළී අනුපාතිකයක්ද සහිතව ඉතා නම්‍යශීලී වූ ණය ආපසු ගෙවීමේ කාල පරිච්ඡේදයක්ද සමගින් ලබාදෙනු ලබන බැවින් එය ඔබගේ මුදල් පසුම්බියටද පහසුවක් වේ. නිවහන නිවාස ණය මගින් වසර 10ක් දක්වා වූ උපරිම ණය ආපසු ගෙවීමේ කාලයක් ලබාදෙන අතර එමගින් දිගු කාලීනව මූල්‍ය බරක් ඇතිකර ගැනීමකින් තොරව මුළු ණය මුදලම ආපසු ගෙවීම සඳහා ප්‍රමාණවත් කාලයක් ලබාදෙනු ලබයි.

තවදුරටත් කුලී ගාස්තු ගෙවිය යුතු නොවේ

නිවාස ණය මුදලක් ලබාගැනීම ප්‍රධාන මූල්‍ය බරක් සේ දිස්විය හැකි නමුත් දිගු කාලීනව සලකා බලන විටදී, සැබෑ තත්ත්වය එහි ප්‍රතිවිරුද්ධ අර්ථය වේ. නිවාස ණය මුදලක් ගෙන එය මුළුමනින්ම ආපසු ගෙවා දැමූ පසු, සාමාන්‍ය උපයෝගිතා සේවා ගාස්තු හැරුණු කොට  ඔබට තවදුරටත් ගෙවල් කුලී වැනි වියදම් පිළිබඳ කරදර වීමට සිදු නොවේ.

නිවස තුළ සුරතල් සතුන් ඇති නොකළ යුතුය ඈ වශයෙන් ඔබගේ නිවෙස් හිමියා විසින් පනවනු ලබන විශේෂ නීති රීතිවලට යටත්ව වාසය කළ කාලය නිමාවී ඇත. දැන් ඔබට ඔබගේම නිවසේ ඔබට අවශ්‍ය පරිදි නිදහසේ ජීවත් විය හැක.

කාලය ගතවීමත් සමග දේපළ ඇගයීමෙන් ලැබෙන ප්‍රතිලාභය

අනපේක්ෂිත ප්‍රමාදයන් හේතුකොට ඔබගේම මුදල් යොදවා නිවසක් තැනීම බොහෝ සෙයින් කල් ගතවන කටයුත්තක් වන අතරම, බාහිර ආර්ථික සාධක හේතුකොට එහිදී එය වඩාත් වියදම්කාරී කටයුත්තක් වීමේ අවදානමක් පවතී. කෙසේ වුවද, නිවාස ණයකදී අවශ්‍ය අවස්ථාවේ ණය මුදල ලබාදීම මගින් එම ගැටලුව වළක්වාලනු ලබයි.

නිවාස ණයක් යොදාගැනීමේදී නිවසක් දැඩි කාල රාමුවක් තුළ නිවැරදි සැලැස්මකට අනුව නිමැවෙන බැවින් ඉදිකිරීම් ප්‍රමාදයන් පිළිබඳ වද වීමට අවශ්‍ය නොවේ. තවද, එය සැලැස්මට අනුව ඉදිවන බැවින්, විශේෂයෙන් ඔබට ඔබගේ දේපළ විකිණීමේ අදහසක් ඇත්තේ නම්, සැබැවින්ම ඔබට දිගු කාලීනව ඔබගේ දේපළෙහි වටිනාකම ඉහළ යාමේ ප්‍රතිලාභයද අත්කරගත හැක.

කෙටි කාලීනව ගත්කල පහසුව හා නම්‍යශීලිත්වය හේතුකොට නිවාස ණයක් යනු වර්තමාන ලෝකයේ ඉතා වැදගත් මෙවලමක් වේ. HNB FINANCE ආයතනය විසින් ලබාදෙනු ලබන නිවහන නිවාස ණය තුළින් ඔබට ප්‍රතිලාභ ගණනාවක් භුක්ති විඳීමේ අවස්ථාව සැලසෙනු පමණක් නොව ඔබගේ සිහින නිවහන පහසුවෙන් ගොඩනගා ගැනීමටද හැකිවනු ඇත. මක් නිසාද යත්, ඔබ විසින් එකරුණු සාක්ෂාත් කරගැනීමට අවශ්‍ය සියලු සේවාවන් අප විසින් සලසාලනු ලබන බැවිනි.