බ්ලොග්

ඔබගේ දරුවා සඳහා වඩාත් සුදුසු ළමා ඉතුරුම් ගිණුම තෝරාගන්න

වගකිවයුතු මවක/පියෙකු වශයෙන් ඔබගේ වගකීම වනුයේ ඔබගේ දරුවාගේ මතු අනාගතය උදෙසා ඔහු/ඇය වෙනුවෙන් ස්ථාවර මූල්‍ය පසුබිමක් සකස් කිරීමයි. කෙසේ වුවද, ඔබගේ එදිනෙදා ජීවිතයේදී ඔබට දැරීමට සිදුවන වියදම් හේතුකොට එම කාර්යය දුෂ්කර එකක් විය හැක. ඔබගේ දරුවාගේ මතු අනාගතයේ සුරක්ෂාව සහතික කරනු පිණිස යම් ආකාර වූ සහායක් පවතින්නේ නම් එය නිරතුරු සාදරයෙන් පිළිගනු ලබන අතර, ‘යාලු-ළමා ඉතුරුම්’ යෝජනාක්‍රමය ලෙස ඔබගේ දරුවා වෙනුවෙන් ස්ථාවර මූල්‍ය සහායක් සහතික කිරීම සඳහා උපකාරීවන සර්ව සම්පූර්ණ විසඳුමක් HNB FINANCE ආයතනය විසින් ඔබ වෙත පිරිනමනු ලබයි.

ආකර්ශනීය පොළී අනුපාතයන්

මෙම ගිණුම මගින් ආකර්ශනීය පොළී අනුපාතයන් මගින් ආදායමක්ද උත්පාදනය කරනු ඇත. සිය පාසැල් ගමනේ ආරම්භක වියේ පසුවන ඔබගේ දරුවා වෙනුවෙන් මුදල් ඉතිරි කර සිය අනාගතය වෙනුවෙන්ද මුදල් ඉතිරි කිරීමේ පුරුද්ද ඔහු/ඇය තුළට කාවැද්දීම ඔබට දැන් සිදුකළ හැක. එවන් අරමුදල් ඒකරාශි කිරීම් මගින් වයස අවුරුදු 28ට එළැඹෙන අවස්ථාව වන විට ඔබගේ දරුවාගේ මූල්‍ය අවශ්‍යතාවයන් සඳහා රුකුලක් ලැබෙනු ඇති අතර, ඒ අනුව දෙමව්පියන් වෙත පවත්නා මූල්‍ය වැය බර වඩාත් පහත වැටෙනු ඇත.

ඉහළ අධ්‍යාපනය සඳහා දිරිදීම්

යහපත් ජීවිතයක් සාක්ෂාත් කරගැනීම පිණිස මනා අධ්‍යාපනයක් ලබාගැනීම ඉතා වැදගත් වන්නාවූ ඉතා තරගකාරී ලෝකයක, ‘යාලු ළමා ඉතුරුම් ගිණුම’ මගින් ඔබගේ දරුවා විසින් හදාරා ප්‍රවීණත්වයට පත්වීමට කැමැත්තක් දක්වන ක්ෂේත්‍රය ඔහුටම/ඇයටම තීරණය කිරීමේ ඉඩකඩ ලබාදෙනු ලබයි. ඔබගේ දරුවා‍ ප්‍රාථමික අධ්‍යාපනය ලබන සමයේදී අප ආයතනයේ මෙම ගිණුම ආරම්භ කිරීම මගින් උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා ප්‍රමාණවත් මුදල් රැස්කරන අතරම, ඔවුන්ගේ උසස් අධ්‍යාපනය සඳහා HNB FINANCE ආයතනයේ සෙසු මූල්‍ය සේවාවන්ගෙන්ද ප්‍රයෝජන ගැනීමේ ඉඩ ප්‍රස්ථා ලබාදෙනු ලබයි. වෙනත් අයුරකින් ප්‍රකාශ කරන්නේ නම්, දරුවාගේ තෘතීය අධ්‍යාපන කටයුතු සඳහා ගිණුමේ නම්‍යශීලිත්වය දිරි දීමනාවක් වනු ඇත.

කටයුතු සිදු කිරී‍මේ පහසුව

අප සමගින් ළමා ඉතුරුම් ගිණුමක් ආරම්භ කිරීමේදී ඔබ හා ඔබගේ දරුවා වෙත අත්වන වාසිය වනුයේ පහසුවෙන් ලේඛන පිරිසැකසුම්කරණය හා ඉන්පසු අනුගමනය කළයුතුවන සරල පිළිවෙත් සමූහයයි. ඔබ විසින් කළ යුුවන එකම දෙය වනුයේ ඔබගේ දරුවාගේ උප්පැන්න සහතිකය හා ඔබගේ ජාතික හැඳුනුම්පත වැනි තෙ‍ාරතුරු සනාථ කිරීමේ ලේඛනද වැනි අවශ්‍ය ලේඛන සමගින් සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍ර අප වෙත ලබාදීමයි. සමාලෝචනය සිදු කිරීමෙන් අනතුරුව, මව/පියා වෙත පාස් පොතක් නිකුත් කෙරෙනු ඇති අතර, ඔබගේ දරුවා විසින් මෙම මුදල් ස්වාධීනව ප්‍රයෝජනයට ගැනීම සඳහා ඔහු/ඇය වයස අවුරුදු 18ට එළැඹෙන තෙක් එය මුදල් තැන්පත් කෙරෙන සෑම අවස්ථාවකදීම යාවත්කාලීන කෙරෙනු ඇත.

දරුවන් සඳහා වන ආරක්ෂක ජාලය

අප ආයතනය තුළ ළමා ඉතුරුම් ගිණුමක් පවත්වාගෙන යාමේ වාසි අතරින් එකක් වනු‍යේ ආරක්ෂාව සහතික වීමයි. වෙනත් අයුරකින් ප්‍රකාශ කරන්නේ නම්, ඔබගේ දරුවාගේ ඉතරුම් අහිමි වී‍මේ අවදානමකින් තොරව වර්ධනය වේ. අරමුදල් නිතිපතා වර්ධනය වීම මගින් ඔබගේ දරුවාට අවශ්‍ය කාලයකදී ඒවායින් ප්‍රයෝජන ගැනීමට ඉඩකඩ සලසන ආරක්ෂක ජාලයක් සැකසීමේ අවස්ථා විවර කරවයි. තවද, ඔබගේ දරුවා අදාළ මුදල් ප්‍රයෝජනයට ගැනීමට තරම් වයස්ගත වූ පසු යොදාගත හැකි අවසන් විකල්පයක් ලෙසද එය ක්‍රියාත්මක වේ.

ඉහත සඳහන් සියලු ප්‍රයෝජන සහිත ‘යාලු – ළමා ඉතුරුම්’ ගිණුමක් ආරම්භ කිරීම මගින් දීර්ඝ කාලීනව සමබර හා ආරක්ෂිත දිවියක් අත් විඳීමේ ඉඩකඩ ඔබගේ දරුවා වෙත සම්පාදනය කරනු ලබයි. අප විසින් ලබාදෙනු ලබන අන් බොහෝ වූ අනාගත ප්‍රතිලාභයන්ද සමගින්, මෙම සේවය ඔබගේ දරුවා හට පරමාදර්ශී දිවියක් ගත කිරීමේ සර්ව සම්පූර්ණ අවස්ථාවක් ලෙස ක්‍රියාත්මක වේ.