බ්ලොග්

ඔබගේ ව්‍යවසායක සිහින සැබෑ කරගන්න

අන්‍යයන් සඳහා වැඩ කර දෙන ලෝකයක, තමන් වෙනුවෙන් වැඩ කිරීමේ නිර්භීත පියවර ගන්නා, තමන්ගේ ම ව්‍යාපාරයක් ආරම්භ කරන අය ද සිටිති. ඔබ ඔබගේ ආශාව හඹා යන විට අපි ඔබගේ සිහින අවබෝධ කර ගෙන එයට සහාය දෙන්නෙමු.

නව ව්‍යාපාර හිමිකරුවන් අරමුණු කර ගෙන ඔවුන්ගේ අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි සකස් කර ඇති ණය පරාසය අතරින් ස්වශක්ති සහ අභිලාෂ වැනි ණය යෝජනා ක්‍රම තෝරා ගත හැක. ඔබට ගැළපෙන ණය යෝජනා ක්‍රමය සඳහා අයදුම් කිරීමට පෙර ඔබ දැනගත යුතු කරුණු මේවා ය:

ණය ලබා ගැනීම සඳහා ඇති අවශ්‍යතාවය පැහැදිලිව අවබෝධ කර ගන්න

මෙය ඉතා සෘජු තීරණයක් බව පෙනෙන්නට තිබුණ ද, ව්‍යාපාරයක් අලුතින් ආරම්භ කිරීමේදී සලකා බැලිය යුතු බොහෝ දේ ඇත. ස්ථාන තැන්පතු, භාණ්ඩ තොග, යන්ත්‍රෝපකරණ පිරිවැය (අදාළ වන්නේ නම්) වැනි ආරම්භක වියදම් තිබේ. ඉන් පසු කුලී, බදු, වැටුප් වැනි අඛණ්ඩව දැරිය යුතු වියදම් තිබේ. එබැවින් මූල්‍ය පහසුකම් සඳහා අයදුම් කිරීමේදී, ඔබගේ ව්‍යාපාරය ආරම්භ කිරීම සඳහා ඉල්ලුම් කළ යුතු නිශ්චිත ණය මුදල ඔබට දැනගැනීමට හැකි වන පරිදි සහ ඔබේ ව්‍යාපාරය සාර්ථක වන තුරු ඔබට එය අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකි වන පරිදි ඔබට අවශ්‍ය වන වියදම් පිළිබඳව ඔබ පැහැදිලිව දැන සිටීම අත්‍යාවශය වේ.

අවශ්‍ය ලියවිලි

අලුතින් ආරම්භ කරන ලදස ව්‍යාපාරයක් සඳහා මූල්‍ය පහසුකම් ලබා ගැනීමේදී ණය ලබා දෙන ආයතනයට එම ව්‍යාපාරය පිළිබඳ සහතික කර ගැනීමක් සඳහා වැඩි තොරතුරු නොමැති බැවින් ණය ලබා දීමේ දුෂ්කරතාවයන් ඇති වේ. එබැවින් අවශ්‍ය ලියකියවිලි සූදානම් කර ගැනීම අත්‍යාවශ්‍ය වේ.

ව්‍යාපාර සැලැස්මක් සකස් කරන්න

පැහැදිලිව විස්තර කර ඇති ව්‍යාපාර සැලැස්මක් අලුතින් ආරම්භ කරන ව්‍යාපාරයක් සඳහා තිබිය යුතු ප්‍රධානතම ලියවිල්ලක්. ඔබේ ව්‍යාපාර සැලැස්මෙහි මූල්‍ය සහ ගුණාත්මක තොරතුරු තිබිය යුතුය. මූල්‍ය තොරතුරු වලට අනාගත අලෙවිය, ලාභ, ආදායම, මුදල් ප්‍රවාහය වැනි අනාගත පුරෝකථන ඇතුළත් විය යුතුය. ගුණාත්මක තොරතුරුවලට අරමුණු සහ ඔබේ ව්‍යාපාරය මගින් ඔබ සිටින වෙළඳ පොළ තුළ ඇති කරන බලපෑම සහ දායකත්වය ඇතුළත් විය යුතුය. ඔබට ඔබගේ සිහිනය ගැන තිබෙන විශ්වාසය අපට ඒත්තු ගන්වන්න.

ඔබේ ව්‍යාපාරය ලියාපදිංචි කරන්න

ඔබේ ව්‍යාපාරය ලියාපදිංචි කර තිබීම මූල්‍ය පහසුකම් සඳහා අයදුම් කිරීමේදී වැදගත් වන ප්‍රධාන සාධකයකි. ලියාපදිංචි කළ ව්‍යාපාරයක් යන්නෙන් ඔබ අදාළ ආයතනවල ඔබේ ව්‍යාපාරය පිළිබඳ තොරතුරු නිල වශයෙන් ගොනු කර ඇති බව සහ ඔබේ ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සියලු සහතික කිරීම්, බලපත්‍ර සහ අවසරපත්‍ර ලබා ගෙන ඇති බව අදහස් කෙරෙයි.

අවශ්‍ය ලියකියවිලි පිළියෙළ කර ගන්න

ව්‍යාපාර ණය සඳහා අවශ්‍ය කරන ලියවිලි ණය දෙන ආයතනයෙන් ආයතනයට වෙනස් විය හැකිය. කෙසේ වෙතත් සෑම ණය දෙන ආයතනයකට ම අවශ්‍ය වන මූලික ලියකියවිලි කිහිපයක් තිබේ: බැංකු ප්‍රකාශන, ආදායම් ප්‍රකාශන, ඔබේ සුදුසුකම් සහ පළපුරුද්ද ආදිය පිළිබඳ විස්තර, මූල්‍ය පුරෝකථන ආදායි එයට ඇතුළත් වේ.

ඔබ ණය මුදලක් ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබන්නේද?

ආරම්භක ව්‍යාපාරයක් සඳහා ණය මුදලක් ඉල්ලුම් කරන විට, ඔබේ පුද්ගලික ණය ශේණිගත කිරීම හොඳ මට්ටමක තිබීම අත්‍යවශ්‍ය වේ; ණය දෙන ආයතනය විසින් මෙය තක්සේරු කරනු ලැබේ. ඔබේ ණය ශේණිගත කිරීම විශිෂ්ට නොවේ නම්, එය හොඳ මට්ටමකට ගෙන ඒමට පියවර ගන්න. ඔබේ ණය අනුමත කර ගැනීමට මෙය බොහෝ සෙයින් උපකාරී වනු ඇත. සලකා බැලෙන තවත් කරුණක් වන්නේ ඔබට පූර්ව ව්‍යාපාර අත්දැකීම් තිබේද යන්නයි.ඔබට අවුරුදු කිහිපයක පළපුරුද්දක් තිබේ නම් ණය දෙන්නෙකු මෙය ධනාත්මක කරුණක් ලෙස සලකනු ඇත. එමෙන් ම, ඔබේ වාර්ෂික/මාසික ආදායම සහ මුදල් ප්‍රවාහය පරීක්ෂා කරන්න. ණය දෙන්නා විසින් ඔබේ ණය මත අය කරනු ලබන පොළිය පියවා ගැනීමට ඔබට හැකි බව පෙන්වීමට සහ ණය ගෙවීම හසුරවා ගැනීමට ඔබට හැකියාව ඇති බව සහතික කිරීමට මෙය අවශ්‍ය වේ.

ඔබට ගැළපෙන ණය යෝජනා ක්‍රමය තෝරා ගන්න

ඔබ ආරම්භ කිරීමට බලාපොරොත්තු වන ව්‍යාපාර වර්ගයට සහ ඔබගේ අවශ්‍යතාවයන්ට අනුව ණය වර්ගය වෙනස් වනු ඇත. HNB FINANCE සමාගම සුළු පරිමාණ ව්‍යාපාර වලට සහ සුළු පරිමාණයේ සිට මධ්‍යම පරිමාණය දක්වා වූ ව්‍යාපාර වලට ගැළපෙන පරිදි සකස් කර ඇති ව්‍යාපාර ණය පරාසයක් ඔබට පිරිනමයි.

සුළු පරිමාණ ව්‍යාපාර

ඊසි ලෝන්ස්

මෙම ණය යෝජනා ක්‍රමය මගින් ව්‍යවසායකයින්ට අවශ්‍ය හදිසි කාරක ප්‍රාග්ධනයක් සපයා දීම අරමුණු කරයි. එය ස්වභාවයෙන් ඉතා සරල වන අතර, එමගින් ඔබේ අතට ඉකමනින් මුදල් ලබා ගත හැකියි.

අභිලාෂ

මෙම ණය යෝජනා ක්‍රමය තම ව්‍යාපාරය ආරම්භ කිරීම සඳහා වැඩි නම්‍යශීලී බවක් සහ වඩා විශාල ණය පහසුකම් අවශ්‍ය කරන පිරිමි සහ කාන්තා ව්‍යවසායකයින් අරමුණු කර ගත් ණය ක්‍රමයක් වේ. එය අලුතින් ආරම්භ කරන ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීම සහ සහාය දීම අරමුණු කර ගත්, අදාළ ප්‍රජාවට ගැළපෙන ලෙස සකස් කර ඇති ණය පහසුකමක් වේ.

ස්වශක්ති

මෙම ණය පහසුකම තම ව්‍යාපාර පුළුල් කර ගැනීම සඳහා තවදුරටත් මුල්‍ය පහසුකම් අවශ්‍ය කරන, ඉතුරුම් ගිණුම් හිමියන්ගේ සහ ‘දිරිය’ ගනුදෙනුකරුවන්ගේ මූල්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා සැලසුම් කර ඇති ණය පහසුකමක් වේ.

සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර

සවිය

කරදරයකින් තොරව තම ව්‍යාපාරය පුළුල් කර ගැනීමට සහ වැඩි දියුණු කර ගැනීමට අපේක්ෂා කරන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ගේ අවශ්‍යතා වලට ගැළපෙන පරිදි මෙම ණය මුදල සකස් කර ඇත.

HNB FINANCE සමගාම විසින් සපයා දෙනු ලබන සියලු ම මූල්‍ය ණය සඳහා ඔබගේ ස්ථානයට ම පැමිණ සේවා සපයා දෙනු ලබන අතර, ඔබගේ සිහිනය සැබෑ කර ගැනීම සඳහා කිසිදු බාධාවකින් තොර ක්‍රියාවලියක් සහතික කිරීම සඳහා අපගේ ව්‍යවසායකයින්ගේ සියලු ප්‍රශ්න හා විමසීම් වලට උපකාර කිරීමට අපගේ පුහුණු කාර්ය මණ්ඩලය සැම විටම සූදානමින් සිටියි.