අප ගැන දළ විශ්ලේෂණය

සමාජීය වෙනසකට අරමුදලක් - මනුෂත්වයට ආයෝජනයක්

HNB FINANCE PLC 2000 වර්ෂයේදී ආරම්භ කරන ලද අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2011 අංක 42 දරණ මූල්‍ය ව්‍යාපාර පණත යටතේ බලපත්‍ර ලබා ඇත. අප සමාගම ජාතික දිගු කාලීන ශ්‍රේණිගත කිරීම “BBB+ (lka) with a Stable Outlook” ෆිච් රේටින්ග්ස් අනුව තහවුරු කරගත් පරිදි යටතේ පවත්වාගෙන යනු ලබයි. අප ආයතනය ශ්‍රී ලංකාවේ වාණිජමය ක්ෂුද්‍ර මූල්‍යකරණයේ පුරෝගාමී වූ අතර ශ්‍රී ලංකාවේ කුඩා පරිමාණ ව්‍යවසායකයින් සඳහා නව මානයන් හඳුන්වාදෙමින් ක්ෂුද්‍ර මූල්‍ය කර්මාන්තයට සැපයූ දායකත්වය වෙනුවෙන් ජාත්‍යන්තරව පිළිගැනීමටද පාත්‍රවිය.

හැටන් නැෂනල් බැංකුවේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර 650 ක් සමග සවිබල ගැන්වෙමින්, දිවයින පුරා ශාඛා 78 ක් සමගින් සිය ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන HNB FINANCE, මෑතකදී නව ව්‍යාපාර ක්ෂේත්‍රයන් දක්වා ව්‍යාප්ත වී ඇති අතර දැන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය (SME), ඉතුරුම්වලට අමතරව කුඩා පරිමාණ ණය (SSE), රන් ණය, ස්ථාවර තැන්පතු පහසුකම් සහ ලීසිං පහසුකම් ද සපයනු ලබයි.

HNB FINANCE බැංකු නොවන මූල්‍ය ආයතන අතර ප්‍රමුඛස්ථානයට පැමිණ ඇති අතර ගනුදෙනුකරුවන්ට ලබා දෙන සුවිශේෂී සේවාව සහ ඔවුන් සමග නිති රැඳෙමින් ඔවුන්ට දක්වන සුහදශීලි සහයෝගය නිසාවෙන්ම HNB FINANCE මූල්‍ය ක්ෂේත්‍රයේ තව තවත් ඉදිරියටම ගමන් කරයි.

 

දැක්ම

නව්‍යකරණයගෙන් අනූන තාක්ෂණයෙන් බලගැනූවූ මූල්‍ය විසඳුම් මානුෂීය මුහුණුවරකින් සපයන පිළිගත් ප්‍රමුඛයා වීම.


මෙහෙවර.

අපගේ දක්ෂ සහ උද්යෝගීමත් කණ්ඩායම හරහා පාරිභෝගික කේන්ද්‍රීය විවිධාංගීකරණයෙන් යුත් බැංකු සේවා වගකීමෙන් සහ තිරසාරව පාරිභෝගිකයින් වෙත සපයමින්” අප ආයතනයේ සෑම කොටස්කරුවෙකුට වටිනාකමක් ලබා දීම අපගේ ඉලක්කයයි.


අපගේ සාරධර්ම.

අවංකභාවය.
සමාජීය සවිඥානය.
වෘත්තීයමයභාවය.
නව්‍යකරණය.
ගෞරවය.
අදාලත්වය.
සංවේදනය.