බ්ලොග්

ඔබගේ අලුත් කුඩා ව්‍යාපාරයට ක්ෂුද්‍ර ණය උපකාරී වන්නේ කෙසේද?

ණයක් යනු අපට රළු මූල්‍ය තත්වයන්ගෙන් මිදීමට හැකි කරවන මූල්‍ය මෙවලමකි. කෙසේ වෙතත්, සාම්ප්‍රදායික පුද්ගල ණයක් ලබා ගැනීමේදී නියමාවලි කිහිපයක් ඇති අතර, ණය ගෙවීමට වසර කිහිපයක් ගතවනු ඇත. එහෙත්, ක්ෂුද්‍ර ණය ඒ හා සමාන ම මූල්‍ය උපකරණ වන නමුත් ඒ සඳහා කෙටි ආපසු ගෙවීමේ කාලයක් ඇති අතර අනුගමනය කළ යුතු දැඩි නියමාවලි නැත.

ක්ෂුද්‍ර ණයක් යනු කුමක්ද?

ක්ෂුද්‍ර ණය යනු,  කෙටි කාලීනව කුඩා මුදල් ප්‍රමාණයක් (මෙම මුදල ණය දෙන්නාගේ රෙගුලාසි අනුව තීරණය වේ) ණයට දීම වන අතර, එම මුදල කෙටි කාලයක් තුළ පොළිය ද සමග ආපසු ගෙවිය යුතු වේ. ඔබගේ ණය ගෙවීමේ හැකියාව අනුව ආපසු ගෙවීමේ කාලය මාස 12 සිට මාස 24 දක්වා කාලයක් විය හැකිය.

සාම්ප්‍රදායික ණය ක්‍රම සමග සසඳන විට මෙම වර්ගයේ කෙටි කාලීන ණය ක්‍රමවල ඇති ප්‍රධාන වෙනස වන්නේ ණය කාලය කෙටි වීම සහ ඉහළ මුදල් ප්‍රමාණයන් සම්බන්ධ නොවීමයි.

ක්ෂුද්‍ර ණය මුදලක් ක්‍රියාත්මක වන්නේ කෙසේද?

ණය දෙන්නාගේ කොන්දේසි වලට අනුව ක්ෂුද්‍ර ණය විවිධ ආකාරවලින් ක්‍රියාත්මක වේ. එබැවින්, HNB FINANCE සමාගම විසින් පිරිනමනු ලබන ‘දිරිය’ ක්ෂුද්‍ර ණය වැනි ණය යෝජනා ක්‍රමයක් උදාහරණයක් ගැනීම වඩාත් සුදුසු වේ. පළමුවෙන්ම, ඔබ ක්ෂුද්‍ර ණය මුදලක් ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබන්නේ දැයි බැලීම පිණිස පහත සඳහන් ලියවිලි ඉදිරිපත් කළ යුතු වේ:

  • නිසි ලෙස අත්සන් කරන ලද ණය අයදුම්පත ඉදිරිපත් කරන්න.
  • අනන්‍යතාවය සනාථ කරන ලියවිලි (ජාතික හැඳුනුම්පත, විදේශ ගමන් බලපත්‍රය හෝ රියදුරු බලපත්‍රය) ඉදිරිපත් කරන්න.
  • ස්ථිර ලිපිනය සනාථ කරන ලියවිලි (ලිපිනය සනාථ කෙරෙන බිල්පත් හෝ ග්‍රාම නිලධාරී සහතිකය).
  • මුදල් ප්‍රවාහය සහ ණය ආපසු ගෙවීමේ හැකියාව සනාථ කරන ලියකියවිලි.
  • අදාළ උපකරණ මිලදී ගැනීම සඳහා ඉදිරිපත්ව ඇති මිල ගණන් සහ ඇස්තමේන්තු (ණය මුදල ලබා ගන්නේ උපකරණ මිලදී ගැනීම සඳහා නම්).

මෙම ලියකියවිලි ඉදිරිපත් කර සැකසුම් කරනු ලැබීමෙන් පසුව ඔබට උපරිමය රුපියල් මිලියනයක් දක්වා වූ ණය මුදලක් කොන්දේසි සහිතව ලබා දිය හැකිය. මෙම කොන්දේසි වලට නිශ්චිත පොළී අනුපාතයක්, ආපසු ගෙවීමේ කාල සීමාවක් සහ අනෙකුත් ගාස්තු ඇතුළත් වේ (මෙය ඔබට ලබා දෙනු ලබන ණය මුදල සහ එය ආපසු ගෙවීමේ හැකියාව මත පදනම්ව තීරණය වේ).

ක්ෂුද්‍ර ණය මුදලක ඇති ප්‍රයෝජන සහ අලුත්, කුඩා ව්‍යාපාර සඳහා ඇති ප්‍රතිලාභ

ණය මුදල කුඩා වීම, කෙටි ආපසු ගෙවීමේ කාල සීමාව සහ ණය සැකසීම වේගවත් වීම නිසා ව්‍යාපාරවලට මෙම පහසුකම ඔවුන්ට වාසිදායක ආකාරයෙන් යොදා ගත හැකිය. ඔබේ අලුත්, කුඩා ව්‍යාපාරය සම්බන්ධයෙන් ගත් කල, මෙම ණය පහසුකම පොදුවේ ප්‍රතිලාභ 4 ක් සඳහා යොදා ගත හැක:

  1. තොග සහ සැපයුම් පවත්වා ගැනීම – මූල්‍ය දුෂ්කරතා සහ ඉල්ලුමෙහි වෙනස්වීම් හේතුවෙන් ඔබගේ නව ව්‍යාපාරයට තොග ස්ථාවරව පවත්වා ගැනීම අපහසු විය හැකිය. මෙම ගැටළුව මගහරවා ගැනීම සඳහා ඔබට ක්ෂුද්‍ර ණයක් භාවිතා කළ හැකි අතර, එමගින් ඉල්ලුමෙහි වෙනස්වීම් සිදුවුව ද අඛණ්ඩව ඔබගේ ව්‍යාපාර කටයුතු සිදු කර ගෙන යාම සඳහා අවශ්‍ය තොග සහ සැපයුම් මිලදී ගැනීමට ඔබට හැකි වනු ඇත. ඔබට ලැබෙන අලෙවි ආදායමෙන් ණය ආපසු ගෙවීම සිදු කළ හැකිය.
  2. කාරක ප්‍රාග්ධනය කළමනාකරණය කිරීම – ලාභදායී කාලයක දී පවා මුදල් ප්‍රවාහය පුරෝකථනය කළ නොහැක. උදාහරණයක් ලෙස, ඔබට මුදල් අවශ්‍යතාවයක් තිබුණ ද, ගනුදෙනුකරුවෙකුගේ ගෙවීමක් ප්‍රමාද වුව හොත්, HNB FINANCE සමාගම විසින් පිරිනමනු ලබන ‘සහන’ වැනි ක්ෂුද්‍ර ණයක් ලබා ගැනීම මගින් ඔබට ඉතා කඩිනමින් මුදල් ලැබෙන නිසා ඔබට ඔබගේ ගැටලුව පහසුවෙන් විසඳා ගත හැකිය. ගන්දෙනුකරු ඔබට මුදල් ගෙවූ පසු, ඔබට පහසුවෙන් ණය ආපසු ගෙවිය හැකිය.
  3. වැටුප් ලේඛනය පවත්වා ගැනීම – නව ව්‍යාපාරයක් වන ඔබගේ ව්‍යාපාරයෙහි කාර්ය මණ්ඩලය ධනාත්මක තබා ගැනීමට ඔබට සැමවිටම අවශ්‍ය වනු ඇති අතර ඔවුන්ගේ වැටුප ප්‍රමාද කිරීම ඔවුන්ගේ චිත්ත ධෛර්යයට අහිතකර ලෙස බලපානු ඇත. යම්කිසි මුදල් ප්‍රවාහයක් ඔබ වෙත පැමිණෙන තෙක් සේවකයින්ගේ වැටුප් ගෙවීම සඳහා වන කෙටි කාලීන වැටුප් ගෙවීමේ විසඳුමක් ලෙස ක්ෂුද්‍ර ණය ක්‍රියා කරන බැවින් එය ඔබගේ ව්‍යාපාරයට ක්ෂුද්‍ර ණය පහසුකමකින් ප්‍රයෝජන ගත හැකි අවස්ථාවකි.
  4. ගෘහ භාණ්ඩ හා උපකරණ මිලදී ගැනීම – ඔබගේ නව ව්‍යාපාරය ලීසිං පහසුකමක් ලබා ගැනීම සඳහා සුදුසුකම් නොලබන බැවින් එම ව්‍යාපාරයට අවශ්‍ය උපකරණ මිලදී ගැනීම දුෂ්කර විය හැකිය. ක්ෂුද්‍ර ණයක් ලබා ගැනීම මගින් මෙම ගැටළුව යම් දුරකට සමනය කර ගත හැකිය. මිල අධික උපකරණ මිලදී ගැනීම සඳහා හොඳ විකල්පයක් වන අපගේ ‘දිරිය’ ණය පහසුක මගින් රුපියල් මිලියනයක පමණ ණයක් ලබා ගත හැකිය.

කෙටියෙන් කිවහොත්, ක්ෂුද්‍ර ණය යනු ඔබගේ කෙටිකාලීන මූල්‍ය ගැටලු මගහරවා ගැනීම සඳහා ඔබේ අලුත්, කුඩා ව්‍යාපාරයට ඉතාමත් යෝග්‍ය වන මූල්‍ය මෙවලමක් වේ. පුහුණු වැඩසටහන් සහ ඔබගේ ස්ථානයට ම පැමිණ ලබා දෙන පුහුණුව වැනි අගය එකතු කළ සේවාවන් නිසා HNB FINANCE සමාගම ඔබට ක්ෂුද්‍ර ණය සඳහා වඩාත් වැඩි ප්‍රවේශයක් සපයා දෙයි.