බ්ලොග්

2022 සඳහා හොඳම අලුත් අවුරුදු මුල්‍ය අධිෂ්ඨාන 6

නව වසර එළඹෙමින් තිබීමත් සමග, නව ඉලක්ක පිහිටුවා ගැනීමට ද කාලය එළඹ තිබේ. අපිට අපගේ වෘත්තිය, සෞඛ්‍යය, යෝග්‍යතාවය සහ පුරුදු සම්බන්ධ ඉලක්ක තිබීම සාමාන්‍ය දෙයක් වන නමුත් තමන්ගේ අලුත් අවුරුදු අධිෂ්ඨාන වලට මුල්‍ය සැලසුම් ඇතුළත් කර ගන්නේ ඉතා සුළු පිරිසක් පමණි.
ඔබගේ මූල්‍ය තත්වය ඔබේ ජීවිතයේ සියලු අංශ තීරණය කරන බැවින් ඔබ සෑම වසරක දී ම මූල්‍ය අධිෂ්ඨානයක් පිහිටුවා ගත යුතු යැයි නිර්දේශ කරනු ලැබේ. ඔබගේ මූල්‍ය ඉලක්ක නියම කර ගැනීම ඔබගේ මූල්‍ය තත්වය වැඩිදියුණු කිරීමේ ආරම්භක ලක්ෂ්‍යය වේ.

ඔබට ආරම්භයක් ගැනීමට උපකාරී වනු පිණිස ඉදිරි නව වසර සඳහා ඔබට නියම කර ගත හැකි මූල්‍ය අධිෂ්ඨාන 6 ක් මෙන්න:

1. වැඩියෙන් ඉතිරි කරන්න

මූලික ම කරුණ ලෙස ඔබගේ ඉපැයීම් ඉතිරි කරන්න! මුදල් ඉතිරි කිරීම ඔබේ මූල්‍ය තත්වය උපරිම මට්ටමට වැඩි කර ගැනීම සඳහා වඩාත් ම පැහැදිලි උපාය මාර්ගය ලෙස පෙනෙනවා විය හැක. ඉතුරුම් ගිණුමක් පවත්වා ගැනීම ඔබට සෑම මසක ම ඔබගේ මුදල් වලින් කොටසක් වෙන් කර හදිසි අරමුදලක් ලෙස තබා ගැනීමට උපකාරී වේ. පිළිගත් ආයතනයක ඉතුරුම් ගිණුමක් විවෘත කිරීම මගින් ඔබට ඔබගේ වියදම් අඩු කර ගනිමින් බැංකු කාඩ්පත් ත්‍යාග සඳහා භාවිතා කළ හැක.
එච්.එන්.බී. ෆිනෑන්ස් සමාගම ඔබට පහසුවෙන් ඔබගේ ඉතුරුම් තැන්පතු පවත්වාගෙන යා හැකි සහ ඔබගේ තැන්පතු වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැකි සාමාන්‍ය ඉතුරුම් ගිණුමක් පිරිනමයි. මෙම ඉතුරුම් ගිණුම මගින් ඔබගේ දෛනික ශේෂය මත තරගකාරී ඉතුරුම් ගිණුම් පොළී අනුපාත ගණනය කර, මාසිකව එය ඔබගේ ගිණුමට බැර කරනු ලැබේ.

2. වියදම් කිරීමේ පුරුදු පිළිබ ඳ ඇගයීමක් කරන්න

ඔබගේ වියදම් කිරීමේ පුරුදු පිළිබඳව සටහන් තබා ගැනීම මූල්‍ය සැලසුම්කරණයේ පළමු පියවර වන අතර, ඒවා වාර්තා කිරීම ආරම්භ කිරීමට නව වසරට වඩා හොඳ කාලයක් නැත. ඔබ වඩාත් අධික ලෙස වියදම් කරන්නේ කුමන දේ සඳහා ද යන්න පිළිබඳ ඇගයීමක් කරන්න; එය බොජුන්හල් වෙත ගොස් ආහාර ගැනීම සඳහා හෝ සාප්පු සවාරි යාම සඳහා විය හැක; ඔබේ මුදල් වියදම් වන්නේ කොතැනදී දැයි හඳුනා ගන්න. ඔබ දායක මුදල් ගෙවන සේවාවන් සලකා බලන්න. අපි බොහෝ විට සඟරා සඳහා දායකත්වයේ සිට අන්තර්ජාල සේවා දක්වා වූ අපි තවදුරටත් ප්‍රයෝජනයට නොගන්නා සේවාවන් සඳහා ද දායක වී සිටිමු.
මුදල් වැරදි ලෙස කළමනාකරණය කිරීම මූල්‍ය අස්ථාවරත්වයට ප්‍රධානත ම හේතුවක් වේ. ඔබගේ වියදම් පුරුදු පිළිබඳ සමස්ත ඇගයීමක් සිදු කිරීම අනවශ්‍ය වියදම් අඩුකර ඔබට අත්හැරිය හැකි වියදම් අතහැර දැමීම පහසු කරයි.

3. වියදම් කිරීමේ අයවැයක් වෙන් කරන්න

ඔබගේ වියදම් සඳහා සතියෙන් සතිය හෝ මාසිකව අයවැයක් සකස් කරන්න. අයවැයකරණය ඔබට සීමාකාරී බවක් දනවන නමුත් එය ඔබගේ වියදම් පිළිබඳ වාර්තා තබා ගැනීමට ඇති හොඳම ක්‍රමය වන අතර, එය සෑම මසක ම ඔබගේ මුදල් යන්නේ කොතැනකටද යන්න තීරණය කිරීමට යොදා ගත හැකි වටිනා මෙවලමකි.
සවිස්තරාත්මක අයවැය සැලැස්මක් ගෙවිය යුතු කුලී, උපයෝගිතා බිල්පත් සහ සිල්ලර බඩු වැනි පැහැදිලිව ලියා ඇති ස්ථාවර වියදම් වලින් සමන්විත විය යුතු වේ. මෙම වියදම් මත පදනම්ව බොජුන්හල් වලින් ආහාර ගැනීම සහ විනෝදාස්වාදය වැනි නම්‍යශීලී වියදම් සඳහා ඔබට මුදලක් වෙන් කර ගත හැක. අයවැය ක්‍රියාවලිය අනවශ්‍ය වියදම් අඩු කර ගැනීම සඳහා ඔබගේ වියදම් දැරිය යුතු ආකාරය පිළිබඳ මග පෙන්වීමට උපකාරී වේ. 50-20-30 අයවැය රීතියේ සඳහන් වන ආකාරයට ඔබ ඔබේ ආදායමෙන් 50% ක් අත්‍යාවශ්‍ය දේ සඳහා වෙන් කිරීම ඉතා සුදුසු වන අතර, 30% ක් අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ හෝ අවශ්‍යතා සඳහා ත්, 20% ක් ඉතිරි කිරීම් සඳහාත් වෙන් කළ යුතු ය.

4. ඔබගේ මුදල් ආයෝජනය කරන්න

ආයෝජනය කිරීම ඔබට ඔබගේ මුදල් ආරක්ෂිත ස්ථානයක තබා තිබීමට පමණක් නොව, එය වර්ධනය කර ගැනීමට ද උපකාරී වෙයි. ආයෝජනය කිරීම ආරම්භ කිරීමට ඔබට කොටස් සහ වෙළඳපොළ ආර්ථිකයන් පිළිබඳ දැනුමක් තිබීම අවශ්‍ය නොවේ. ආයෝජනය කිරීම ආරම්භ කිරීමට පහසු ම විකල්පය වන්නේ ස්ථාවර තැන්පතු හරහා ය.
ස්ථාවර තැන්පතු සඳහා පොළී අනුපාත බැංකුවල සාමාන්‍ය පොළී අනුපාතයට වඩා බෙහෙවින් වැඩි ය. බොහෝ බැංකු සහ මූල්‍ය සේවා සපයන්නන් ස්ථාවර තැන්පතු පහසුකම් සපයා දෙන අතර, ඔබ ඒ සඳහා පිළිගත් ආයතනයක් තෝරාගැනීමට මතක තබා ගන්න. එච්.එන්.බී. ෆිනෑන්ස් ස්ථාවර තැන්පතු ඔබට හදිසි අවස්ථාවකදී ඔබේ මුදල් ආපසු ලබා ගැනීමට අවශ්‍ය වුව හොත් ඔබේ ස්ථාවර තැන්පතුව මත ණය ලබා ගැනීමේ පහසුකම ද සමගින් හොඳම පොළී අනුපාත සහ කල්පිරීමේ දී කඩිනමින් සහ පහසුවෙන් ආපසු මුදල් ආපසු ලබා ගැනීමේ පහසුකම ද පිරිනමයි.

5. ඔබේ ක්‍රෙඩිට් කාඩ් ගෙවා අවසන් කරන්න

ලොව පුරා ක්‍රෙඩිට් කාඩ් ණය ඉහළ යමින් පවතින අතර, එම උගුලට හසු නොවීමට ඔබට කළ හැකි බොහෝ දේ ඇත. ඔබට ක්‍රෙඩිට් කාඩ්පත් කිහිපයක් තිබේ නම්, ඒවා සම්පූර්ණයෙන් ම ගෙවා අවසන් කර ඔබේ සාමාන්‍ය වියදම් සඳහා එක් කාඩ් පතක් පමණක් භාවිතා කිරීමට උත්සාහ කරන්න. ඔබට දැනට පවතින ක්‍රෙඩිට් කාඩ් පතේ ණය සීමාව අවසන් වන සෑම අවස්ථාවක ම නව ක්‍රෙඩිට් කාඩ්පතක් විවෘත නොකරන්න; එය ණය අර්බුදයකට තුඩු දිය හැකියි.
ඔබගේ ණය සීමාවෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගැනීම පිණිස සෑම විටම ඔබගේ ක්‍රෙඩිට් කාඩ් බිල්පත් නියමිත වේලාවට ගෙවන්න. ඔබේ ගෙවීම් ඉතිහාසය ඔබේ සමස්ත ණය ලකුණු තීරණය කරන බැවින් ඔබ නියමිත වේලාවට ඔබේ ශේෂය ගෙවන බව පමණක් නොව, සෑම අවස්ථාවකදී ම එය සම්පූර්ණයෙන් ම ගෙවන බව සහතික කර ගත යුතුය. මෙය ඔබගේ ණය මාසයෙන් මාසයට ඉදිරියට ගෙන යාමේ ප්‍රතිඵලයක් ලෙස ගෙවීමට සිදු වන පොළී ගාස්තු හෝ අමතර ගාස්තු අඩු කිරීමට උපකාරී වේ. ඔබට එය සම්පූර්ණයෙන් ගෙවීමට නොහැකි නම්, ප්‍රමාද ගාස්තු සහ අනෙකුත් දඩ මුදල් ගෙවීමට සිදු වීම වළක්වා ගැනීම සඳහා ඔබ නියමිත වේලාවට මුදල් ගෙවීම කළ යුතුය.

6. ඔබේ ණය මදල් අඩුකර ගන්න

අධ්‍යාපන ණයක් හෝ නිවාස උකස් කර ලබාගත් ණයක් වේවා, ඔබගේ නමින් යම් ණයක් ඇත්නම්, හැකි ඉක්මනින් ඒවා ගෙවා අවසන් කිරීමට ප්‍රමුඛත්වය දෙන්න. ඔබට සම්පූර්ණයෙන් ම ණයෙන් නිදහස් වීමට නොහැකි නම්, ගෙවීමට ඇති ශේෂය හෝ අවම කර ගැනීමට උත්සාහ කරන්න.
ඔබට එය කිරීමට යම් යම් කැපකිරීම් කිරීමට සිදු වුව ද, ඔබ ගෙවීමට ඇති ණය මුදල අඩුකර ගැනීමට මූල්‍ය සැලැස්මක් සකස් කර ගැනීම සැබවින් ම වැදගත් වේ. සමහර විට ඔබට සෑම මසකම ටිකක් වැඩිපුර ගෙවීමෙන් එය ආරම්භ කළ හැක. මෙය කාලයත් සමග ඔබගේ ණය මුදලෙහි කාලය අඩු කිරීමට උපකාරී වෙයි.
නව වසර සඳහා මෙම අධිෂ්ඨාන ඇති කර ගැනීම මගින් ඔබට කෙටි කාලයකින් ම සම්පූර්ණ මූල්‍ය නිදහස ළඟා කර ගැනීමේ මාර්ගයට පිවිසීමට හැකි වනු ඇත. පැහැදිලි, නිරවද්‍ය සහ මුදුන්පත් කර ගැනීමට හැකි වන මූල්‍ය අධිෂ්ඨාන මාලාවක් ස්ථාපිත කිරීමට මෙය අවස්ථාවක් කර ගන්න.