අප සමාගමේ කාර්යක්ෂම ක්‍රියාකාරීත්වය නිසි ආකාරයෙන් පවත්වා ගැනීමේ ඒකාබද්ධ වගකීම දරා සිටින අපගේ ජ්යෙෂ්ඨ කළමනාකරණ කණ්ඩායම, ශක්තිමත් සහ කැපවුණු පුද්ගලයින්ගෙන් සමන්විත වන අතර ඔවුන් HNB ෆයිනෑන්ස් PLC සමාගමේ සාර්ථකත්වය පිටුපස ඇති ශක්තිමත් අඩිතාලමයි.
ඔහු වරලත් අලෙවිකරණ ආයතනයේ සාමාජිකයෙකුද වරලත් කළමනාකරණ ගණකාධිකාරිවරුන්ගේ ආයතනයේ සහාය සාමාජිකයෙකුද. තවද ඔස්ට්‍රලියාවේ.....
ඔහු වරලත් අලෙවිකරණ ආයතනයේ සාමාජිකයෙකුද වරලත් කළමනාකරණ ගණකාධිකාරිවරුන්ගේ ආයතනයේ සහාය සාමාජිකයෙකුද. තවද ඔස්ට්‍රලියාවේ සහතිකලාභී කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරීවරයෙකුද වේ. ඔහු ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයෙන් ව්‍යාපාර හා මූල්‍ය පරිපාලන පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක්ද ලබාගෙන ඇත.
ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය කර්මාන්තය වෙත දැක්වූ දායකත්වය හදූනාගනිමින් ඉන්දියවේ ලෝක උපදේශන හා පර්යේෂණ සංස්ථාව විසින් පිරිනමන ලද 2014 වසරේ කාර්ය පරිවර්තකයා යන ගෞරවාන්විත සම්මානය ලබාගන්නා ලද්දේ ඔහු විසිනි.
මධුරංග හීන්කෙන්ද මහතා වසර විස්සකට (20) අධික කාලයක පෘථුල අත්දැකීම් සමග බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණත්වය සහිත දක්ෂ නිලධාරියෙකි. ඒ මහතා වරලත් අලෙවිකරණ ආයතනයේ (එක්සත් රාජධානියේ)...
මධුරංග හීන්කෙන්ද මහතා | නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී
මධුරංග හීන්කෙන්ද මහතා වසර විස්සකට (20) අධික කාලයක පෘථුල අත්දැකීම් සමග බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණත්වය සහිත දක්ෂ නිලධාරියෙකි. ඒ මහතා වරලත් අලෙවිකරණ ආයතනයේ (එක්සත් රාජධානියේ) මෙන්ම ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ ද සාමාජිකයෙකු වන අතර, එක්සත් රාජධානියේ කාඩිෆ් නුවර වේල්ස් විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද ලබා ගෙන ඇත. මූල්‍ය සේවාවන්හි අවදානම් කළමනාකරණය පිළිබඳ වරලත් සහතිකයක් හිමිකර ගෙන ඇති හීන්කෙන්ද මහතා සුරැකුම්පත් සහ ආයෝජන සඳහා වන වරලත් ආයතනයේ ආශ්‍රිත සාමාජිකයෙකු ද වේ. එමෙන්ම, ඒ මහතා ඇමරිකා එක්සත් ජනපදයේ බොස්ටන් නුවර හාවඩ් ව්‍යාපාර පාසලේ විධායක සංවර්ධන වැඩසටහනක් ද සම්පූර්ණ කර ඇත.
වරලත් අලෙවිකරණ ආයතනයේ (එක්සත් රාජධානියේ) වරලත් වෘත්තීය පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ලබාගෙන ඇති හීන්කෙන්ද මහතා අලෙවිකරණ වෘත්තීයවේදියෙක් වන අතර, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ අලෙවිකරණ වෘත්තිකයෙක්ද වේ. ඒ මහතා ආසියාවේ සහතිකලත් වෘත්තීයවේදී අලෙවිකරුවෙකු ලෙස ද පිළිගනු ලැබේ. ණය කළමනාකරණය, අලෙවිකරණය, ආයතනික සැලසුම්කරණය, සන්නාමකරණය, ඩිජිටල් සහ අලෙවි උපාය මාර්ග යන ක්ෂේත්‍රවල වසර විස්සකට අධික පළපුරුද්දක් සහිත හීන්කෙන්ද මහතා උද්යෝගිමත් නායකයෙකි. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය මගින් සංවිධානය කරනු ලබන National Sales Congress (NASCO) සම්මාන උළෙලේදී 2010 වසරේදී ‘වසරේ විශිෂ්ඨතම කළමනාකරු’ ලෙස සම්මානයට පාත්‍රවීම ඒ මහතාගේ වෘත්තීය ජීවිතයේ තවත් වැදගත් සන්ධිස්ථානයක් සහ ජයග්‍රහණයක් වේ.
හීන්කෙන්ද මහතා ප්‍රයිම් ෆයිනෑන්ස් සමාගම එච්.එන්.බී. ෆයිනෑන්ස් පීඑල්සී සමග ඒකාබද්ධ වීමට පෙර ප්‍රයිම් ෆයිනෑන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුර දැරුවේය. ප්‍රයිම් ෆයිනෑන්ස් පීඑල්සී සමාගමට සම්බන්ධ වීමට පෙර ඒ මහතා සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆයිනෑන්ස් පීඑල්සී සමාගමේ වසර විස්සක සිය වෘත්තීය ජීවිතය තුළ එම සමාගමේ වත්කම් කළඹ, ණය ක්‍රමෝපායය, නව ව්‍යාපාර සහ අලෙවි උපායමාර්ග අධීක්ෂණය කරමින් සමාගමේ සාමාන්‍යාධිකාරී, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සහ සහකාර සාමාන්‍යාධිකාරී ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්ව තනතුරු කිහිපයක් ම දැරුවේය.
රුවන් මහතා මෙම සමාගමේ වසර 22කට වැඩි පළපුරුද්දක් සහිත වූවෙකි. එච්.එන්.බී. ෆිනෑන්ස් සමාගමේ ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රය තුළ සිය රැකියාව ආරම්භ කරමින් රුවන් මහතා...
රුවන් මහතා මෙම සමාගමේ වසර 22කට වැඩි පළපුරුද්දක් සහිත වූවෙකි. එච්.එන්.බී. ෆිනෑන්ස් සමාගමේ ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රය තුළ සිය රැකියාව ආරම්භ කරමින් රුවන් මහතා සිය මානව සම්පත් කළමනාකරණ විෂය ක්ෂේත්‍රය තුළ කැපවීම හා කුසලතාවය මගින් තමා සංවිධානයට අවශ්‍ය සම්පතක් බවට සනාථ කර ඇත. ඔහු ව්‍යාපාර පරිපාලනය පිළිබද විද්‍යාවේ උපාධිධරයෙකි. එච්.එන්.බී. ෆිනෑන්ස් සමාගමේ වර්තමානයෙහි දරන තනතුර සඳහා ඔහු විසින් සිය පළපුරුද්ද හා හැකියාවන් තුළින් මෙන්ම සිය ශාස්ත්‍රීය බලපෑම මගින්ද සුවිශාල දායකත්වයක් ලබාදී ඇත.
බිමල් මහතා ක්ෂුද්‍ර මූල්‍ය කර්මාන්තය පිළිබද වසර 16කට වැඩි පළපුරුද්දක් සහිත වූවෙකි. එච්.එන්.බී. ෆිිනෑන්ස් ආයතනයෙන් සිය අත්දැකීම් බොහොමයක් ලබා ඇති බිමල් මහතා මූල්‍ය නිෂ්පාදන අලෙවිකරණ...
බිමල් මහතා ක්ෂුද්‍ර මූල්‍ය කර්මාන්තය පිළිබද වසර 16කට වැඩි පළපුරුද්දක් සහිත වූවෙකි. එච්.එන්.බී. ෆිිනෑන්ස් ආයතනයෙන් සිය අත්දැකීම් බොහොමයක් ලබා ඇති බිමල් මහතා මූල්‍ය නිෂ්පාදන අලෙවිකරණය පිළිබද මනා පළපුරුද්දක් ලැබ තමා දරන වර්තමාන තනතුර තුළ සංවිධානයට අවශ්‍ය වත්කමක් බව සනාථ කර ඇත.
අබේසේකර මහතා ප්‍රයිම් ෆයිනෑන්ස් සමාගම එච්.එන්.බී. ෆයිනෑන්ස් පීඑල්සී සමග ඒකාබද්ධ වීමට පෙර ප්‍රයිම් ෆයිනෑන්ස් පීඑල්සී සමාගමේ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී / ප්‍රධාන මූල්‍ය නිලධාරී ...
පාලිත අබේසේකර මහතා – ප්‍රධාන මූල්‍ය නිලධාරී
අබේසේකර මහතා ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සහ ශ්‍රී ලංකා සහතික ලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ ආශ්‍රිත සාමාජිකයෙක් වේ. ඒ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ගණකාධිකරණය සහ මූල්‍ය කළමනාකරණය පිළිබඳ ප්‍රථම උපාධියක් ලබා ගෙන ඇත.
අබේසේකර මහතා ප්‍රයිම් ෆයිනෑන්ස් සමාගම එච්.එන්.බී. ෆයිනෑන්ස් පීඑල්සී සමග ඒකාබද්ධ වීමට පෙර ප්‍රයිම් ෆයිනෑන්ස් පීඑල්සී සමාගමේ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී / ප්‍රධාන මූල්‍ය නිලධාරී වශයෙන් කටයුතු කළේය.
ඒ මහතා පීපල්ස් ලීසිං, LOLC සමූහය, සෙන්ට්‍රල් ෆිනෑන්ස් සහ එල්.බී. ෆිනෑන්ස් පීඑල්සී යන සමාගම්වල කළමනාකාර සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාර තනතුරු දරමින් මූල්‍ය සහ ලීසිං ක්ෂේත්රයේ වසර විස්සකට අධික පළපුරුද්දක් ලබා ඇත.
සුතාකර් මහතා වසර 16 කට වැඩි පළපුරුද්දක් ඇති බැංකු හා මූල්‍ය, ප්‍රමාණාත්මක මූල්‍ය, අවදානම් කළමනාකරණය සහ අනුකූලතා පිළිබඳ ශක්තිමත් පසුබිමක් ඇති කැපවූ වෘත්තිකයෙකි....
සුතාකර් මහතා වසර 16 කට වැඩි පළපුරුද්දක් ඇති බැංකු හා මූල්‍ය, ප්‍රමාණාත්මක මූල්‍ය, අවදානම් කළමනාකරණය සහ අනුකූලතා පිළිබඳ ශක්තිමත් පසුබිමක් ඇති කැපවූ වෘත්තිකයෙකි. Suthakar අවසන් වරට ප්‍රයිම් ෆිනෑන්ස් පීඑල්සී හි නියෝජ්‍ය සාමාන්යාධිකාරී – අවදානම් සහ උපාය මාර්ග / ප්‍රධාන අවදානම් නිලධාරී තනතුර 2022 මැයි 11 දක්වා දැරූ අතර HNB ෆිනෑන්ස් පීඑල්සී හා ප්‍රයිම් ෆිනෑන්ස් පීඑල්සී සහ HNB ෆිනෑන්ස් පීඑල්සී ඒකාබද්ධ කිරීමත් සමඟ HNB ෆිනෑන්ස් PLC සමඟ සම්බන්ධ විය.
සුතාකර් මහතා ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ (AIB – Sri Lanka) සහ සුරැකුම්පත් සහ ආයෝජන සඳහා වූ වරලත් ආයතනයේ (ACSI – UK) සහකාර සාමාජිකයෙකි. ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් මූල්‍ය පිළිබඳ විශේෂඥතාව සමඟ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය, කොළඹ විශ්වවිද්‍යාලයෙන් මූල්‍ය ගණිතය පිළිබඳ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සහ යාපනය විශ්වවිද්‍යාලයෙන් මූල්‍ය පිළිබඳ විශේෂඥ ව්‍යාපාර පරිපාලන උපාධිය ලබා ඇත.
ක්ෂුද්ර මූල්‍ය කර්මාන්තයේ වසර 17කට වැඩි පළපුරුද්දක් සහිත මහින්ද මහතා මෙම සමාගමේ දැනට දරන තනතුරට ක්ෂේත්‍රයේ ප්‍රධාන අංශයන් වෙතින් අත්දැකීම් ගෙන ...
ක්ෂුද්ර මූල්‍ය කර්මාන්තයේ වසර 17කට වැඩි පළපුරුද්දක් සහිත මහින්ද මහතා මෙම සමාගමේ දැනට දරන තනතුරට ක්ෂේත්‍රයේ ප්‍රධාන අංශයන් වෙතින් අත්දැකීම් ගෙන එන්නෙකි. එච්.එන්.බී. ෆිනෑන්ස් සමාගමෙන් සිය වෘත්තීය අරඹා ඔහු විසින් ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් මෙහෙයවීමට අදාළ විවිධ පැතිකඩ සම්බන්ධ පළපුරුද්ද උකහා ගන්නා ලදි . ඔහු සතු පළපුරුද්දට අතිරේක වශයෙන් ක්ෂුද්‍ර මූල්‍ය විෂය සම්බන්ධ ඩිප්ලෝමාවක් මගින් වෘත්තීය සුදූසුකම්ද ලබා ඇත.
ක්ෂුද්ර මූල්‍ය ක්ෂේත්‍රය තුළ වසර 17කට වැඩි පළපුරුද්දක් සහිත පැතුම් මහතා අදාළ කර්මාන්තයේ මෙන්ම ව්‍යාපාරයේද විවිධ පැතිකඩයන්...
ක්ෂුද්ර මූල්‍ය ක්ෂේත්‍රය තුළ වසර 17කට වැඩි පළපුරුද්දක් සහිත පැතුම් මහතා අදාළ කර්මාන්තයේ මෙන්ම ව්‍යාපාරයේද විවිධ පැතිකඩයන් පිළිබද ප්‍රවීණත්වයක් ලබා ඇත. HNB ෆිිනෑන්ස් සමාගම සමගින් වූ ඔහුගේ සේවා කාලය 2001 වර්ෂයේ ක්ෂේත්‍ර විධායකවරයෙකු වශයෙන් ඇරඹි අතර ඔහු තුළ පැවති කුසලතාවයන් හේතුකොට ක්‍රමානුකූලව ඔහුගේ වර්තමාන තනතුර දක්වා ඉදිරි ගමනක නියැළිණි. ඔහු ක්ෂුද්‍ර මූල්‍ය ඩිප්ලෝමාධාරියෙකු වන අතර ණය කළමනාකරණය පිළිබද උසස් ඩිප්ලෝමාධාරියෙකුද වේ.
ප්‍රභාත් මහතා 2002 වර්ෂයේ එච්.එන්.බී. ෆිනෑන්ස් සමාගමට බැදූණු අතර සංවිධානය සමග කටයුතු කළ කාල පරිච්ජේදය තුළ ඔහු විසින් ප්‍රධාන මෙහෙයුම් ක්ෂේත්‍රයන් පිළිබද ...
ප්‍රභාත් මහතා 2002 වර්ෂයේ HNB ෆිනෑන්ස් සමාගමට බැදූණු අතර සංවිධානය සමග කටයුතු කළ කාල පරිච්ජේදය තුළ ඔහු විසින් ප්‍රධාන මෙහෙයුම් ක්ෂේත්‍රයන් පිළිබද සැළකිය යුතු දැනුමක් අත්කර ගන්නා ලදි. වසර 17කට වැඩි කාලයක් පුරා සිය ප්‍රබල ව්‍යාපාරික ඥානය හා ඇල්ම සමගින් ඔහු විසින් නොකඩවා ව්‍යාපාර කටයුතු කරමින් සිටී. ඔහු ක්ෂුද්‍ර මූල්‍ය විෂය පිළිබද ඩිප්ලෝමාධාරියෙකු ණය කළමනාකරණය පිළිබද ඩිප්ලෝමාධාරියෙකු හා කළමනාකරණ අධ්‍යයන පශ්චාත් උපාධි ඩිප්ලෝමාධරයෙකුද වේ.
වසර 24 ඉක්මවා දේශීයව මෙන්ම ජාත්‍යන්තරවද ලබාගත් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ පළපුරුද්ද සමගින් ප්‍රමුඛ පෙළේ සංවිධාන බොහෝ ගණනකට ...
වසර 24 ඉක්මවා දේශීයව මෙන්ම ජාත්‍යන්තරවද ලබාගත් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ පළපුරුද්ද සමගින්” ප්‍රමුඛ පෙළේ සංවිධාන බොහෝ ගණනකට සහාය ලබාදෙන්නාවූ සියලූ ව්‍යාපාරික කටයුතු තුළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නිරාවරණයක් ප්‍රදීප් මහතා සතුවේ. එච්.එන්.බී. ෆිනෑන්ස් සමාගම සමගින් ඔහුගේ සේවා කාලය වසර තුන ඉක්මවයි. කළමනාකරණය පිළිබද පශ්චාත් උපාධි ආයතනයෙන් ව්‍යාපාර කළමනාකරණ ඩිප්ලෝමාවක් ලබා ඇති ඔහු මයික්‍රොසොෆ්ට් සහතිකලත් වෘත්තිකයෙකුද වේ.
බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ වසර 29 ක පළපුරුද්දක් හිමි තුෂාර විජේවර්ධන මහතා ආයතනික කළමනාකරණයේ වසර 11 ක හසල පළපුරුද්දක් සහිත වූවෙකි. ...
බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ වසර 29 ක පළපුරුද්දක් හිමි තුෂාර විජේවර්ධන මහතා ආයතනික කළමනාකරණයේ වසර 11 ක හසල පළපුරුද්දක් සහිත වූවෙකි. ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ ආශ්‍රීත සාමාජිකයෙකි (Member of Professional Bankers Association) .කොළඹ විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව සම්පූර්ණ කර ඇති තුෂාර විජේවර්ධන මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිලාභියෙකි.එසේම SLICM (ශ්‍රී ලංකා ණය කළමනාකරණ ආයතනය) හි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකි. ශ්‍රී ලංකාවේ වෘත්තීය බැංකුකරුවන්ගේ සංගමයේ සාමාජිකයෙකුද වන ඒ මහතා මේ වනවිට HNB FINANCE හි සහකාර සාමාන්‍යාධිකාරී (ණය) ලෙස කටයුතු කරයි.
රාදීකා මහත්මිය වසර දොළහකට (12) අධික කාලයක් වාර්නර්ස් නීතිඥ සමාගමේ ජ්‍යෙෂ්ඨ ආශ්‍රිතයෙකු ලෙස සේවය කර ඇති අතර, එහිදී එම ආයතනය වෙනුවෙන් හැටන් නැෂනල් බැංකුවේ නීතිඥ මණ්ඩලයේ නීතීඥවරියක ලෙ...
නීතිඥවරියක/ප්‍රසිද්ධ නොතාරිස්වරියක/දිවුරුම් කොමසාරිස්වරියක/සමාගම් ලේකම්වරියක වන රාදිකා තිසේරා මහත්මිය කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨය විසින් පිරිනමනු ලබන නීති උපාධිය (එල්.එල්.බී.) ලබා ඇත. ඇයට සුදුසුකම් ලැබීමෙන් පසු එම ක්ෂේත්‍රයේ වසර 20 ක පළපුරුද්දක් තිබේ. රාදීකා මහත්මියට කීර්තිමත් නීති සමාගම්/බැංකු/මූල්‍ය ආයතන/රාජ්‍ය ආයතනවල දේශීය හා විදේශීය ගනුදෙනුකරුවන් සම්බන්ධයෙන් කටයුතු කිරීම පිළිබඳව අත්දැකීම් සම්භාරයක් සහ පුළුල් දැනුමක් තිබේ.
එමෙන්ම ඒ මහත්මිය නිශ්චල දේපළ සම්බන්ධ මූල්‍ය තත්ත්ව විශ්ලේෂණය, නීති කෙටුම්පත් කිරීම සහ ලේඛනය, සහ ප්‍රඥප්ති සහ නීති අර්ථ නිරූපණය පිළිබඳ විශේෂඥවරියකි.
රාදීකා මහත්මිය දැනට සමාගමේ වැඩබලන සහකාර සාමාන්‍යාධිකාරී AGM- නීති අංශයේ ප්‍රධානියා ලෙස සහ සමාගමේ නීති අංශය මෙහෙයවීම ද සිදු කරයි.
මෙම සමාගම සමග සම්බන්ධ වීමට පෙර ඒ මහත්මිය ප්‍රයිම් ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ නීති අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළාය.
මුදල් අමාත්‍යාංශයේ විධායක නිලධාරිනියක් ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කර ඇති රාදිකා මහත්මිය නීති අංශයේ/ SRCC&T අරමුදල් අංශයේ සහ අමාත්‍යතුමාගේ කාර්යාලයේ වසර තුනකට (3) අධික කාලයක් සේවය කර ඇත. එහිදී ඒ මහත්මිය අමාත්‍යාංශයේ නීති/වාණිජ ආදායම් සහ තීරුබදු ගනුදෙනු සහ නඩු කටයුතු සම්බන්ධව කටයුතු කර ඇත.
රාදීකා මහත්මිය වසර දොළහකට (12) අධික කාලයක් වාර්නර්ස් නීතිඥ සමාගමේ ජ්‍යෙෂ්ඨ ආශ්‍රිතයෙකු ලෙස සේවය කර ඇති අතර, එහිදී එම ආයතනය වෙනුවෙන් හැටන් නැෂනල් බැංකුවේ නීතිඥ මණ්ඩලයේ නීතීඥවරියක ලෙස කටයුතු කළාය. ඒ මහත්මිය හැටන් නැෂනල් බැංකුවේ නිවාස ණය ගනුදෙනු සම්බන්ධයෙන් කටයුතු කරමින්, සමාගම වෙනුවෙන් මහ කොළඹ කලාපය තුළ පිහිටි සියලු ම හැටන් නැෂනල් බැංකු ශාඛා සමග සම්බන්ධීකරණය සිදුකළාය.
රාදික මහත්මිය මූල්‍ය ගනුදෙනු ගිවිස ගැනීම/ණය කළමනාකරණය පිළිබඳ නීතිමය පැතිකඩ/ රාජ්‍ය ණය කළමනාකරණය සහ බේරුම්කරණය, සහ විකල්ප ආරවුල් නිරාකරණය පිළිබඳ පාඨමාලා සාර්ථකව නිම කිරීම වෙනුවෙන් ඒ මහත්මියට ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ පුහුණු සහ පර්යේෂණ ආයතනයේ (UNITAR) සහතිකපත්‍ර පිරිනමා ඇත.
මූල්‍ය අංශයේ වෘත්තිකයෙකු වන සමීර මහතා හට ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රය තුළ වසර 15 ඉක්මවූ පළපුරුද්දක් ඇත...
මූල්‍ය අංශයේ වෘත්තිකයෙකු වන සමීර මහතා හට ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රය තුළ වසර 15 ඉක්මවූ පළපුරුද්දක් ඇත. ව්‍යාපාර හා ගිණුම්කරණය පිළිබද විධායක ඩිප්ලෝමාවක් හා ව්‍යාපාර හා මූල්‍ය පිළිබද පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක්ද සමීර මහතා සතුවේ.
එරාජ් මහතා ක්ෂුද්‍ර මූල්‍ය විධායක නිලධාරියෙකු ලෙස එච්.එන්.බී. ෆිනෑන්ස් ආයතනයට සම්බන්ධ වූ අතර, සිය කාර්ය සාධනය, කැපවීම හා කටයුතු සම්බන්ධ ආචාර ධර්ම හේතුකොට සිය තත්ත්වයෙහි වේගවත් වර්ධ...
එරාජ් මහතා ක්ෂුද්‍ර මූල්‍ය විධායක නිලධාරියෙකු ලෙස එච්.එන්.බී. ෆිනෑන්ස් ආයතනයට සම්බන්ධ වූ අතර, සිය කාර්ය සාධනය, කැපවීම හා කටයුතු සම්බන්ධ ආචාර ධර්ම හේතුකොට සිය තත්ත්වයෙහි වේගවත් වර්ධනයක් අත්පත් කරගත්තෙකි. පසුගිය වසර 18 පුරා එච්.එන්.බී.ෆිනෑන්ස් ආයතනය වෙත ලබාදුන් සුවිශේෂී සේවය මත පදනම්ව ශාඛා කළමනාකරු, ප්‍රාදේශීය කළමනාකරු හා ඉනික්බිති ප්‍රධාන කළමනාකරු තනතුරු දක්වාද එරාජ් මහතා උසස් වීම් ලැබීය. පසු කාලීනව එ් මහතා ව්‍යාපාර ණය දෙපාර්තමේන්තු ප්‍රධානී තනතුර දක්වා උසස් කරන ලද අතර එ් තනතුරෙහි කටයුතු කරමින් දහස් ගණනින් වූ ගනුදෙනුකරුවන් හටද ඔවුන්ගේ ව්‍යාපාර වර්ධනය කරගැනීම සඳහා උපකාර කරමින් ආයතනික අරමුණු සාක්ෂාත් කරගැනීම උදෙසා තරුණ වෘත්තිකයන් කණ්ඩායමකට නායකත්වය සපයයි. එරාජ් මහතා ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයෙන් ක්ෂුද්‍ර මූල්‍යකරණය සම්බන්ධ ඩිප්ලෝමාවක් ලබා ඇති අතර වයඹ විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරියෙකුද වේ. උද්‍යෝගිමත් ක්‍රිකට් ලෝලියෙකුද වන එරාජ් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවරුන්ගේ සංගමයේ සාමාජිකයෙකුද වෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රියාකාරී විනිසුරුවරයෙකු වශයෙන්ද කටයුතු කරයි.
බැංකු නොවන මූල්‍ය අංශයේ මනා පළපුරුද්දක් සහිත වෘත්තිකයෙක් වන ලක්ෂ්මන් මහතා එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට්ස් ආයතනයේ සහකාර සාමාන්‍යාධිකාරීවරයෙකු ලෙස වසර දහ නවයකට (19) අධික කාලයක් ස...
ලක්ෂ්මන් රණසිංහ මහතා | සහකාර සාමාන්‍යාධිකාරී/අංශ ප්‍රධානී – නිෂ්පාදන ව්‍යාපාර කළමනාකරණ (රන් ණය)
බැංකු නොවන මූල්‍ය අංශයේ මනා පළපුරුද්දක් සහිත වෘත්තිකයෙක් වන ලක්ෂ්මන් මහතා එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට්ස් ආයතනයේ සහකාර සාමාන්‍යාධිකාරීවරයෙකු ලෙස වසර දහ නවයකට (19) අධික කාලයක් සේවය කර ඇත. ලක්ෂ්මන් මහතා 2018 වර්ෂයේ දී එච්.එන්.බී. ෆිනෑන්ස් සමාගමේ රන් ණය අංශයේ ප්‍රධානියා සහ එම අංශයේ ආරම්භක සාමාජිකයා ලෙස සමාගමට සම්බන්ධ විය. එතැන් සිට ඒ මහතා ක්ෂේත්‍රයේ තමන් සතු ප්‍රවීණත්වය භාවිතා කරමින් මුල සිට ම එම දෙපාර්තමේන්තුව ගොඩනගා, එච්.එන්.බී. ෆිනෑන්ස් සමාගමේ රන් ණය නිෂ්පාදනය සාර්ථකව දියත් කළේය. ලක්ෂ්මන් මහතා රන් ණය අංශයට නායකත්වය ලබා දෙමින්, එච්.එන්.බී. ෆිනෑන්ස් රන් ණය කළඹ වැඩි දියුණු කරන අතර ම, පාරිභෝගිකයින්ට ඉහළ ම සේවාව ලබා දීමේ අභිලාෂය ඇතිව දැඩි කැපවීමෙන් කටයුතු කරයි.
දශක තුනකට අධික කාලයක් පුරා දේශීයව හා විදේශීය රටවල සේවය කර පළපුරුද්ද ලබා ඇති නෙවිල් ජයවර්ධන මහතා කැපවීමෙන් යුතුව, ප්‍රතිඵල ඉලක්ක කරගෙන කටයුතු කරන වෘත්තීය බැංකුකරුවෙකි...
නෙවිල් ජයවර්ධන මහතා | සහකාර සාමාන්‍යාධිකාරී / අංශ ප්‍රධානී – ණය
දශක තුනකට අධික කාලයක් පුරා දේශීයව හා විදේශීය රටවල සේවය කර පළපුරුද්ද ලබා ඇති නෙවිල් ජයවර්ධන මහතා කැපවීමෙන් යුතුව, ප්‍රතිඵල ඉලක්ක කරගෙන කටයුතු කරන වෘත්තීය බැංකුකරුවෙකි. ඒ මහතා ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ (AIB) ආශ්‍රිත සාමාජිකයෙක් ද, ශ්‍රී ලංකා වෘත්තීය බැංකුකරුවන්ගේ සංගමයේ සාමාජිකයෙක් ද වේ. ඒ මහතාට ක්‍ෂුද්‍ර /සුළු හා මධ්‍ය පරිමාණ / සහ මධ්‍ය වෙළඳපොළ ණය ලබාදීම් යන ණය ආශ්‍රිත ක්ෂේත්‍ර පිළිබඳව පිරිපුන් දැනුමක් ඇත.
වසර 24 ඉක්මවා දේශීයව මෙන්ම ජාත්‍යන්තරවද ලබාගත් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ පළපුරුද්ද...
වසර 24 ඉක්මවා දේශීයව මෙන්ම ජාත්‍යන්තරවද ලබාගත් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ පළපුරුද්ද සමගින්” ප්‍රමුඛ පෙළේ සංවිධාන බොහෝ ගණනකට සහාය ලබාදෙන්නාවූ සියලූ ව්‍යාපාරික කටයුතු තුළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නිරාවරණයක් ප්‍රදීප් මහතා සතුවේ. එච්.එන්.බී. ෆිනෑන්ස් සමාගම සමගින් ඔහුගේ සේවා කාලය වසර තුන ඉක්මවයි. කළමනාකරණය පිළිබද පශ්චාත් උපාධි ආයතනයෙන් ව්‍යාපාර කළමනාකරණ ඩිප්ලෝමාවක් ලබා ඇති ඔහු මයික්‍රොසොෆ්ට් සහතිකලත් වෘත්තිකයෙකුද වේ.
කර්මාන්ත ක්ෂේත්‍රයේ වසර 14කට වැඩි අත්දැකීම් සහිත අනුර මහතා මානව සම්පත් කළමනාකරණ සහ පුහුණු හා සංවර්ධන ක්ෂේත්‍රයන්හි කුසලතා ඇත්තෙකි...
කර්මාන්ත ක්ෂේත්‍රයේ වසර 14කට වැඩි අත්දැකීම් සහිත අනුර මහතා මානව සම්පත් කළමනාකරණ සහ පුහුණු හා සංවර්ධන ක්ෂේත්‍රයන්හි කුසලතා ඇත්තෙකි. එච්.එන්.බී ෆිනෑන්ස් සමාගම තුළ සේවය කිරීමෙන් ලද ක්ෂුද්‍ර මූල්‍ය කර්මාන්තමය නිරාවරණයන් මගින් කර්මාන්ත අංශය සදහා අවශ්‍ය අත්දැකීම් ඔහු විසින් ලබාගන්නා ලදි . අනුර මහතා මානව සම්පත් කළමනාකරණ සහතිකලාභියෙකු” ක්ෂුද්‍ර මූල්‍ය ඩිප්ලෝමාධාරියෙකු” හා පුහුණු සහ මානව කුසලතා සංවර්ධනය පිළිබද ජාතික ඩිප්ලෝමාධාරියෙකුද වේ.
ලීසිං ක්ෂේත්රයේ වසර 12කට වැඩි අත්දැකීම් රංගන මහතා සතුවේ. සෙන්ට්‍රල් ෆිනෑන්ස් පී.එල්.සී.හි අලෙවිකරණ සහකාරවරයෙකු වශයෙන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ඔහු කිසි විටෙක හෝ ඉදිරියට තැබූ පය...
ලීසිං ක්ෂේත්රයේ වසර 12කට වැඩි අත්දැකීම් රංගන මහතා සතුවේ. සෙන්ට්‍රල් ෆිනෑන්ස් පී.එල්.සී.හි අලෙවිකරණ සහකාරවරයෙකු වශයෙන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ඔහු කිසි විටෙක හෝ ඉදිරියට තැබූ පය ආපසු නොගත්තෙකි. එච්.එන්.බී. ෆිනෑන්ස් ආයතනයට 2016 වසරේදී එහි පළමු ලීසිං අංශ කළමනාකරු වශයෙන් බැඳුණු රංගන මහතා එහි කල්බදු ව්‍යාපාර සංවර්ධන, අයකිරීම් හා ණය ඇගයුම් වගකීම් දැරීය. ලීසිං අංශය වර්ධනය කිරීමෙහි ලා ප්‍රධාන කාර්ය භාරයක් ඉටුකළ රංගන මහතා එහි ප්‍රතිඵලයක් ලෙස 2018 වසරේදී ජ්‍යෙෂ්ඨ කළමනාකරු – ලීසි තනතුරට උසස් කරන ලදී. මේවන විට ලීසිං දෙපාර්තමේන්තු ප්‍රධානී තනතුර දරන ඔහු ලීසිං කළඹ තවදුරටත් ව්‍යාප්ත කරමින් සිටී.
එක්සත් රාජධානියේ ඇංග්ලියා රස්කින් විශ්වවිද්‍යාලයෙන් ලබාගත් ව්‍යාපාර පරිපාලනපති උපාධිධරයකු වන රංගන මහතා සහතිකලත් (ආසියානු) වෘත්තීය අලෙවිකරුවෙකු හා අලෙවිකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාධරයෙකුද වේ. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ සාමාන්‍ය සාමාජිකයෙකු වන ඔහු වෙත එම ආයතනය විසින් ශ්‍රී ලංකාවේ වෘත්තීය අලෙවිකරු සම්මානයද පිරිනමන ලදී.
උදාර ගුණසිංහ මහතා දුරකථන සන්නිවේදන සහ මූල්‍ය (Telco & Finance) ක්ෂේත්‍රයේ වසර 14කට වැඩි අලෙවිකරණ අත්දැකීම් සහිත ප්‍රවීණ වෘත්තිකයෙකි......
උදාර ගුණසිංහ මහතා දුරකථන සන්නිවේදන සහ මූල්‍ය (Telco & Finance) ක්ෂේත්‍රයේ වසර 14කට වැඩි අලෙවිකරණ අත්දැකීම් සහිත ප්‍රවීණ වෘත්තිකයෙකි. Dialog Axiata , etisalat වැනි බහු ජාතික සමාගම්හි සේවය කොට වෘත්තීමය අත්දැකීම් ලද ඔහු Centrel Finance වැනි දේශීය ව්‍යාපාරයන්හිද සේවය කොට ආයතනික හිනිමඟෙහි ඉහළට ගමන් කළ අයෙකි.
2018 වසරේදී HNB FINANCE ආයතනයට බැඳීමෙන් අනතුරුව, උදාර මහතා විසින් ආයතනික ප්‍රති-සන්නාම ක්‍රියාවලිය තුළ කෙටි කාල පරිච්ඡේදයකදී තීරණාත්මක කාර්ය භාරයක් ඉටු කරන ලදී. එවක් පටන් ඔහු විසින් HNB FINANCE PLC ආයතනය වෙත ගෞරවයන් ගණනාවක් ගෙන එමින් සාර්ථක Online හා Off line අලෙවිකරණ මූලාරම්භයන් ගණනාවක් දියත් කරන ලදී. උදාර ගුණසිංහ මහතා මේවන විට HNB FINANCE හි අලෙවිකරණ දෙපාර්තමේන්තු ප්‍රධානියා වශයෙන් කටයුතු කරයි.
ඔහු එක්සත් රාජධානියේ කාඩිෆ් මෙට් විශ්වවිද්‍යාලයෙන් ලද ව්‍යාපාර පරිපාලනවේදී පශ්චාත් උපාධියක්ද (MBA), එක්සත් රාජධානියේ වරලත් අලෙවිකරණ ආයතනයෙන් ලද වෘත්තීය ඩිප්ලෝමාවක්ද (Dip.M) සහිතව Asia Marketing Federation වෙතින් පිරිනමන ලද සහතිකලත් වෘත්තීය අලෙවිකරු (CPM) තත්ත්වය දරන්නෙක්ද වෙයි. ඔහු එක්සත් රාජධානියේ වරලත් අලෙවිකරණ ආයතනයේ සාමාජිකයෙකු (MCIM) හා ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ සහකාර සාමාජිකයෙකුද (AMSLIM) වේ.
ශානක පෙරේරා මහතා බැංකු අංශයේ වසර 15 ඉක්මවූ දේශීය මෙන්ම විදේශීය අත්දැකීම්ද සහිත වූවෙකි......
ශානක පෙරේරා මහතා බැංකු අංශයේ වසර 15 ඉක්මවූ දේශීය මෙන්ම විදේශීය අත්දැකීම්ද සහිත වූවෙකි. HNB FINANCE PLC ආයතනයට බැඳීමට පෙර ඔහු ශ්‍රී ලංකාවේ හා පිලිපීනයේ H.S.B.C සමූහ ව්‍යාපාරයේද සෙලාන් බැංකුවේද සේවය කර ඇති අතර, බැංකුකරණය, ව්‍යාපාර ක්‍රියාවලි ප්‍රති-ඉංජිනේරුකරණය, ව්‍යාපෘති කළමනාකරණය, විශ්ලේෂණ හා ව්‍යාපාර පරිවර්තන ක්ෂේත්‍රයෙහි මනා අත්දැකීම් සහිත වූවෙකි. කාඩිෆ් මෙට්‍රොපොලිටන් විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනවේදී පශ්චාත් උපාධියක් ලබා ඇති ශානක මහතා Dr. Mikel J Harry Six Sigma Management Institute Asia ආයතනයෙන් Lean Six Sigma Black Belt පිළිබඳ සහතිකයක්ද ලබා ඇත. ඔහු ලීඩ්ස් විශ්වවිද්‍යාලයේ නවෝත්පාදන කළමනාකරණය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව සපුරා ඇත. තවද ඔහු සහතිකලත් Lean Six Sigma Black Belt පුහුණුකරුවෙකුද වේ.
2004 වසරේදී HNB FINANCE ආයතනයට බැඳීමෙන් පසුව, උෂාන් මහතා විසින් ආයතනයේ විවිධ අංශයන් හා සම්බන්ධව බොහෝ අත්දැකීම් සපුරා ගන්නා ලදී.......
2004 වසරේදී HNB FINANCE ආයතනයට බැඳීමෙන් පසුව, උෂාන් මහතා විසින් ආයතනයේ විවිධ අංශයන් හා සම්බන්ධව බොහෝ අත්දැකීම් සපුරා ගන්නා ලදී. ඔහු විසින් ගිණුම්කරණය, මෙහෙයුම්, ණය තොරතුරු කාර්යාංශ අනුකූලතා, ශාඛා ජාල මෙහෙයුම් හා මෑතකදී ව්‍යාපාර ක්‍රියාවලි ප්‍රති ඉංජිනේරුකරණය සම්බන්ධයෙන්ද සිය කුසලතාවයන් ඔප් නංවාගෙන ඇත. වසර 2ක් පුරා සාර්ථක ලෙස ව්‍යාපාර ක්‍රියාවලි ප්‍රති-ඉංජිනේරුකරණ ව්‍යාපෘතිය සඳහා නායකත්වය ලබාදීමෙන් අනතුරුව, ව්‍යාපාර ක්‍රියාවලි ප්‍රති-ඉංජිනේරුකරණ දෙපාර්තමේන්තුවක් හඳුන්වාදෙන ලද අතර, ආයතනය වෙත බොහෝ මෙහෙයුම් කාර්යක්ෂමතාවයන් ගෙන එමින් උෂාන් මහතා මේවන විට එම ව්‍යාපාර ක්‍රියාවලි ප්‍රති-ඉංජිනේරුකරණ දෙපාර්තමේන්තු ප්‍රධානියා වශයෙන් කටයුතු කරයි.
සහතිකලත් Lean Six Sigma Black Belt ධාරියෙකු වන උෂාන් මහතා, ශ්‍රී ලංකා ණය කළමනාකරණ ආයතනයේ ණය කළමනාකරණය පිළිබඳ උසස් ඩිප්ලෝමාවක්ද, එම ආයතනයේම ණය කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාවක්ද, ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ ක්ෂුද්‍ර මූල්‍යකරණය පිළිබඳ ඩිප්ලෝමාවක්ද, එම ආයතනයේම CCMF සහතිකයද, CITI වෙතින් ඇඟළුම් කළමනාකරණ සහතිකයද ලබා ඇති අතර ශ්‍රී ලංකා ණය කළමනාකරණ ආයතනයේ ණය කළමනාකරණය පිළිබඳ උසස් වෘත්තීය ඩිප්ලෝමාව හදාරමින් සිටී.
ලලන්ග සේනවීර මහතා මූල්‍ය හා මෙහෙයුම් ව්‍යාපාර කටයුතු සම්බන්ධ ස්වාධීන හා විෂය මූලික ඇගයීම් ලබාදීම වෙනුවෙන් මනා පුහුණුවක් ලත් වෘත්තිකයෙකි......
ලලන්ග සේනවීර මහතා මූල්‍ය හා මෙහෙයුම් ව්‍යාපාර කටයුතු සම්බන්ධ ස්වාධීන හා විෂය මූලික ඇගයීම් ලබාදීම වෙනුවෙන් මනා පුහුණුවක් ලත් වෘත්තිකයෙකි.
ලලන්ග 2019 වර්ෂයේදී HNB FINANCE සමාගම හා එක්වූ අතර මේවන විට HNB FINANCE සමාගම විසින් නිසි කාර්ය පරිපාටි හා කාර්යයන් කාර්යක්ෂම ලෙස අනුගමනය කරන බවට වගබලා ගනිමින් අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුවේ ප්‍රධානත්වය දරයි.ඔහු බී.ආර්.ද සිල්වා සහ සමාගම හා එම්.ඩබ්ලිව්. මෙන්ඩිස් සහ සමාගම වැනි කීර්තිමත් විගණන ආයතනයන්හි කටයුතු කිරීමෙන් විගණන ක්ෂේත්‍රයෙහි වසර 12කට වැඩි අගනා අත්දැකීම් සම්භාරයක් රැස් කරගෙන ඇත.
ලලන්ග සේනවීර මහතා ඇමරිකා එක්සත් ජනපදයේ අභ්‍යන්තර විගණන ආයතනයේ සහතිකලත් අභ්‍යන්තර විගණකවරයෙකුද, එක්සත් රාජධානියේ වරලත් සහතිකලාභී ගණකාධිකාරීවරුන්ගේ සංගමයේ ආශ්‍රිත සාමාජිකයෙකුද, ශ්‍රී ලංකාවේ සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ ආශ්‍රිත සාමාජිකයෙකුද, එක්සත් රාජධානියේ සුරැකුම් හා ආයෝජන සඳහා වූ වරලත් ආයතනයේ සාමාජිකයෙකුද වේ.
සුජිත් කුමාර මහතා HNB FINANCE PLC. හි නැවත අයකර ගැනීම් ප්‍රධානී ලෙස සේවය කරනු ලබයි . HNB FINANCE හි වසර 16ක සේවා අත්දැකීම් සහිත සුජිත් කුමාර මහතා ආයතනයේ විවිධ අංශයන් හි සේවය කිරීම...
සුජිත් කුමාර මහතා HNB FINANCE PLC. හි නැවත අයකර ගැනීම් ප්‍රධානී ලෙස සේවය කරනු ලබයි . HNB FINANCE හි වසර 16ක සේවා අත්දැකීම් සහිත සුජිත් කුමාර මහතා ආයතනයේ විවිධ අංශයන් හි සේවය කිරීමෙන් ලද කෘතහස්ත අත්දැකීම් සහිත වූවෙකි.
2004 වසරේදී HNB FINANCE සමාගමට ක්ෂේත්‍ර විධායක නිළධාරීවරයකු ලෙස සේවයට එක් වු සුජිත් කුමාර මහතා සිය කැපවීම හා කාර්යශූර නිපුනතාවය හේතුවෙන් පියවරින් පියවර උසස්වීම් ලබමින් ආයතනයේ විවිධ ධූරාවලින් නියෝජනය කරන ලද අතර ක්ෂේත්‍ර කළමනාකරු, කළමනාකරු – (අයකර ගැනීම් සහ නෛතික,) ශාඛා කළමනාකරු, ප්‍රාදේශීය කළමනාකරු සහ ප්‍රධාන කලමනාකරු – නැවත අයකරගැනීම් යන තනතුරුද සුජිත් කුමාර මහතා විසින් දරා තිබේ.
වෘත්තීය පළපුරුද්දට අමතරව ඇක්වයිනාස් උසස් අධ්‍යාපන ආයතනයෙන් කළමනාකරණ ඩිප්ලෝමාව සහ කළමනාකරණය පිළිබඳ උසස් ඩිප්ලෝමාව සම්පූර්ණ කර ඇති සුජිත් කුමාර මහතා අයි.බී.එස්.එල් හි ක්ෂුද්‍ර මූල්‍ය ඩිප්ලෝමාව ද හිමිකරගෙන ඇත. සුජිත් කුමාර මහතා මේ වනවිට එක්සත් රාජධානියේ ග්ලෝස්ටර්ෂයර් විශ්ව විද්‍යාලයේ MBA පාඨමාලාව හදාරමින් සිටී.
ශමීර මහතා 2017 වර්ෂයේ දී ජ්‍යෙෂ්ඨ කළමනාකරුවෙකු ලෙස එච්.එන්.බී. ෆිනෑන්ස් සමාගමේ අවදානම් කළමනාකරණ අංශයට සම්බන්ධවීමට පෙර HSBC සහ NTB වැනි බැංකුවල සේවය කර ඇත....
ශමීර කොතලාවල – ප්‍රධාන කළමනාකරු, අංශ ප්‍රධානී – අනුකූලතා සහ පාලන
ශමීර කොතලාවල මහතා බැංකු හා මූල්‍ය කර්මාන්තයේ වසර පහළොවකට (15) අධික අත්දැකීම් සහිත පළපුරුදු අවදානම් සහ අනුකූලතා වෘත්තීයවේදියෙකි. ඒ මහතාට අවදානම් කළමනාකරණය, අනුකූලතාව, අභ්‍යන්තර පාලනය සහ අධීක්ෂණය, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක සහ පාරිභෝගික බැංකුකරණය සහ ණය අයකර ගැනීම යන ක්ෂේත්‍රවල ශක්තිමත් වෘත්තීය පසුබිමක් තිබේ. ශමීර මහතා 2017 වර්ෂයේ දී ජ්‍යෙෂ්ඨ කළමනාකරුවෙකු ලෙස එච්.එන්.බී. ෆිනෑන්ස් සමාගමේ අවදානම් කළමනාකරණ අංශයට සම්බන්ධවීමට පෙර HSBC සහ NTB වැනි බැංකුවල සේවය කර ඇත.
ලන්ඩන් නුවර කාඩිෆ් මෙට්‍රොපොලිටන් විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනපති (MBA) උපාධියක් ද, ඒකාබද්ධ අවදානම් කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාවක් (DBIRM) ද, ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයෙන් ණය කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාවක් (DCM) ද ලබා ඇති ශමීර මහතා ක්ෂේත්‍රයේ ඉහළ සුදුසුකම් සහිත වෘත්තීයවේදියෙකි. එමෙන් ම ඒ මහතා ජර්මනියේ ෆ්‍රෑන්ක්ෆර්ට් මූල්‍ය සහ කළමනාකරණ විද්‍යාලයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය මූල්‍යකරණය පිළිබඳ සහතිකයක් ද ලබාගෙන තිබෙන අතර, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ ආශ්‍රිත සාමාජිකයෙක් (AMSLIM ) ද වේ.
රසාංගි මහත්මිය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයෙන් (SLIIT) තොරතුරු තාක්ෂණය පිළිබඳ විශේෂ ගෞරව උපාධියක් (BSc Hon. IT) සහ එක්සත් රාජධානියේ හැම්ප්ටන් නගරයේ පිහිටි වූවර් විශ්වවිද්‍යාලයෙන...
රසාංගි විතාන මහත්මිය – CM/HOD – නිෂ්පාදන ව්‍යාපාර කළමනාකරණ (ආයතනික ස්ථාවර තැන්පතු)
වසර දහහතක (17) ස්වකීය වෘත්තීය ජීවිතය තුළ රසාංගි විතානගේ මහත්මිය තැන්පතු ක්ෂේත්‍රය ප්‍රමුඛ කරගනිමින් මුල්‍ය ක්ෂේත්‍රය පිළිබඳ පුළුල් දැනුමක් ලබා ඇත.. ඒෂියන් ෆිනෑන්ස් සමාගමෙන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ රසාංගි මහත්මිය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයෙන් (SLIIT) තොරතුරු තාක්ෂණය පිළිබඳ විශේෂ ගෞරව උපාධියක් (BSc Hon. IT) සහ එක්සත් රාජධානියේ හැම්ප්ටන් නගරයේ පිහිටි වූවර් විශ්වවිද්‍යාලයෙන් MBA උපාධියක් ද ලබාගෙන ඇත. ඒමෙන්ම ඒ මහත්මිය ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයෙන් (IBSL) ඉස්ලාමීය බැංකුකරණය සහ මූල්‍යය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාවක් ද හදාරා ඇත.
දේවාලගේ මහතා සිටිසන්ස් ඩිවලොප්මන්ට් බෑන්ක් සමාගමේ විධායක නිලධාරියෙක් ලෙස මූල්‍ය ක්ෂේත්‍රයේ ස්වකීය වෘත්තිය ජීවිතය ආරම්භ කළේය....
අරූෂ දේවාලගේ මහතා – ප්‍රධාන කළමනාකරු, අංශ ප්‍රධානී – ක්ෂුද්‍ර ලීසිං
දේවාලගේ මහතා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මූල්‍ය සමාගම් කිහිපයක අලෙවිකරණ මෙහෙයුම් ආවරණය කරමින් මූල්‍ය සහ කල්බදු ක්ෂේත්‍රයේ වසර 17 ට අධික පළපුරුද්දක් ලබා ඇත. දේවාලගේ මහතා සිටිසන්ස් ඩිවලොප්මන්ට් බෑන්ක් සමාගමේ විධායක නිලධාරියෙක් ලෙස මූල්‍ය ක්ෂේත්‍රයේ ස්වකීය වෘත්තිය ජීවිතය ආරම්භ කළේය. ශාඛා කළමනාකරු තනතුර දරමින් සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිනෑන්ස් ලිමිටඩ් (CIFL) සමාගමේ සහකාර කළමනාකාර තනතුර දැරීම, කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු – අලෙවිකරණ තනතුර දැරීම සහ කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් පී.එල්.සී. සමාගම විසින් ට්‍රේඩ් ෆයිනෑන්ස් පී.එල්.සී. සමාගම අත්පත් කර ගැනීමෙන් පසුව එම සමාගමට අනුයුක්ත කරනු ලැබ එහි අලෙවිකරණ ප්‍රධානී තනතුර දැරීම සහ ප්‍රයිම් ෆයිනෑන්ස් පී.එල්.සී. සමාගමේ ව්‍යාපාර සංවර්ධන ප්‍රධානී තනතුර දැරීම ඒ මහතාගේ වෘත්තීය ජීවිතය තුළ ඒ මහතා දැරූ කැපී පෙනෙන තනතුරු අතර වේ. දේවාලගේ මහතා බ්‍රැඩ්‍ෆර්ඩ්ෂයර් විශ්වවිද්‍යාලයෙන් අලෙවිකරණය පිළිබඳ ව්‍යාපාර පරිපාලනපති උපාධියක් ලබා තිබේ