බ්ලොග්

ඉතිරිකිරීමේ ගිණුමක් වැදගත් වීමට හේතු 5 ක්

ඔබ ඔබගේ එදිනෙදා වියදම සඳහා ලැබෙන මුදල ඉතිරි කරන ශිෂ්‍යයෙකු හෝ වැසි දිනයකදී වියදම් කිරීම සඳහා මුදලක් ඉතිරි කරන, නිවසේ රැඳී සිටින දෙමව්පියෙකු විය හැක – මුදල් ඉතිරි කිරීමේ ක්‍රියාව ඔබට ඔබතුළම ගොඩනගා ගත හැකි, ඔබගේ ජීවිත කාලය පුරාවට ම වැදගත් වන හොඳම පුරුදු වලින් එකක් වේ. ඔබ නව මෝටර් රථයක් හෝ නව නිවසක් මිලදී ගැනීමට සිහින දකිමින් වෙහෙස මහන්සි වී වැඩ කරන සේවකයෙකු නම්, ඔබට ඔබගේ සිහිනය සැබෑ කර ගැනීමට ඇති හොඳම ක්‍රමය වන්නේ ඔබගේ මාසික ආදායමෙන් කොටසක් ඉතිරි කර ගැනීමයි.

බැංකුවක හෝ මුල්‍ය ආයතනයක ඉතිරි කිරීමේ ගිණුමක් පවත්වා ගැනීම මගින් ඔබට ඔබගේ පුද්ගලික ඉතිරි කිරීමේ සියල්ල පහසුවෙන් තැන්පත් කර ප්‍රවේශම් සහිතව තබා ගත හැකි අතර, ඔබට අවශ්‍ය ඕනෑම අවස්ථාවක එම මුදල් ආපසු ලබා ගත හැකිය. ඔබ ඔබට ඉතිරි කිරීමේ ගිණුමක් තිබීම අත්‍යවශ්‍ය මන්දැයි කියා සිතමින් සිටින්නේ නම්, මෙම මාර්ගෝපදේශය ඔබගේ සිත හදා ගැනීමට උපකාරී වනු ඇත.

ඔබ ඉතිරි කිරීමේ ගිණුමක් පවත්වාගෙන යා යුත්තේ මන්ද යන්නට ප්‍රධාන හේතු පහක් මෙන්න:

1. එමගින් පොළියක් උත්පාදනය කරයි

ඔබ ඉතිරි කිරීමේ ගිණුමක මුදල් තැන්පත් කර පවත්වාගෙන යාම මගින් ඔබට ලැබෙන පොළිය හරහා යම් ආදායමක් උපදවා ගැනීමට ඔබට හැකි වේ. පොළිය යනු ඔබගේ තැන්පතුව රඳවා ගන්නා ආයතනය විසින් ඔවුන් පිරිනමනු ලබන පොළී අනුපාතය මත පදනම්ව යම් නිශ්චිත කාල සීමාවක් අවසානයේදී ඔබට ලබා දෙන, ඔබ තැන්පත් කර ඇති මුදලෙන් යම් අනුපාතයකි. ඉතිරි කිරීමේ ගිණුම් පොළී අනුපාත මුල්‍ය ආයතනයෙන් ආයතනයට වෙනස් වේ. එයට අමතරව, ඔබ පවත්වාගෙන යන ගිණුම් සීමාව මත පදනම්ව, ඔබට එයටත් වඩා ඉහළ පොළී අනුපාත ලබා ගැනීමට ද අපේක්ෂා කළ හැක.

පොදුවේ ගත් කල, ඔබගේ ඉතිරි කිරීම් වලට රු.100,000 ට වැඩි තැන්පතු සඳහා 4.5% ක් තරම් ඉහළ පොළී අනුපාතයක් ලබා දෙන HNB ෆිනෑන්ස් වැනි මූල්‍ය ආයතන මගින් පිරිනමනු ලබන පොළී අනුපාතයට සාපේක්ෂව සලකා බැලීමේදී, බැංකු වලින් පිරිනමනු ලබන පොළී අනුපාතය වඩා අඩු වේ. එබැවින් ඔබගේ ඉතිරි කිරීම් සාමාන්‍ය බැංකු ආයතනයක ඉතිරි කිරීම් ගිණුමක පවත්වාගෙන යනවාට වඩා ඉහළ පොළී අනුපාතයක් පිරිනමනු ලබන ඉතිරි කිරීමේ ගිණුමක පවත්වා ගැනීම තුළින් යම් කාලයක් තුළ මෙම පොළිය එකතු වීමෙන් ඔබ නොදැනුවත්ව ම සැලකිය යුතු අමතර ආදායමක් උපදවා ගැනීමට ඔබට හැකි වේ.

HNB ෆිනෑන්ස් සමාගමේ සාමාන්‍ය ඉතිරිකිරීමේ ගිණුමෙහි එක් ප්‍රධානම ලක්‍ෂණයක් වන්නේ ඔබගේ දෛනික ශේෂය සඳහා පොළී අනුපාත ගණනය කිරීම සහ ඒවා මාසිකව ඔබගේ ගිණුමට බැර වීමයි. එයට අමතරව, ඔබට HNB ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATM) කාඩ්පත හරහා දවසේ පැය 24 පුරාම ඔබගේ ගිණුමට ප්‍රවේශ විය හැකි අතර, ඔබගේ ගිණුමේ සියලු ගනුදෙනු කෙටි පණිවුඩ සේවාව (SMS) හරහා ඔබට නොමිලේ දැන ගැනීමට ද හැකි වේ.

2. මුදල්වල සුරක්ෂිතභාවය

ඉතිරි කිරීමේ ගිණුමක් මගින් ඔබගේ මුදල් බාහිර බලවේගයන්හි තර්ජන වලින් ආරක්ෂා කරන අතර, ඔබගේ මුදල් සඳහා රක්‍ෂණයක් ද සපයා දෙන බැවින් එය ඔබගේ අරමුදල් නඩත්තු කිරීම සඳහා ඉතාමත් ම සුදුසු ක්‍රමය වේ. එමෙන් ම එය ඔබගේ ප්‍රාග්ධනය ආයෝජනය කිරීම සඳහා ඇති ඉතා සුරක්ෂිත ක්‍රමයක් ද වේ. අස්ථාවර වෙළඳපොළ තත්වයන් හේතුවෙන් ඔබට දැඩි අලාභයන් පවා සිදු විය හැකි කොටස් හා බැඳුම්කර වල ආයෝඡනය කිරීම මෙන් නොව, ඉතිරි කිරීමේ ගිණුමක් පවත්වා ගැනීමෙන් ඔබ කිසිදු ආකාරයක සූදුවකට සම්බන්ධ වීමක් සිදු නොවෙයි.

එයට අමතරව, ඉතිරි කිරීමේ ගිණුම් මගින් පාරිභෝගිකයින්ට ඕනෑම අවස්ථාවක තම මුදල් වෙත ප්‍රවේශ වීමේ හැකියාව ලබා දෙයි. ජංගම ගිණුම් හෝ ස්ථාවර තැන්පතු මෙන් නොව, ඔබට අවශ්‍ය ඕනෑම විටෙක ඔබට ඉතිරි කිරීමේ ගිණුමක ඇති මුදල් ආපසු ලබා ගත හැකිය.

HNB ෆිනෑන්ස් සමග ඉතිරි කිරීමේදී ඔබ ඔබගේ ඉතිරි කිරීම් වල සුරක්ෂිතභාවය පිළිබඳ බිය විය යුතු නැත. HNB ෆිනෑන්ස් යනු ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික වාණිජ බැංකුවක් වන, HNB යන නාමයෙන් සැවොම හඳුන්වන, හැටන් නැෂනල් බැංකුවේ අනුබද්ධ ආයතනයකි. HNB ෆිනෑන්ස් පී.එල්.සී. සමගම 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතට අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී ආයතනයක් වේ. ඔබ මහන්සියෙන් උපයන මුදල් යම් ආයතනයක ආයෝජනය කිරීමට පෙර සැම විටම එම ආයතනයේ සුදුසුකම් පිළිබඳ පසුබිම් පරීක්‍ෂාවක් සිදු කරන්න.

3. ගෙවීම් කිරීමේ හා ලැබීමේ පහසුව

ඔබ ගිවිසුම් මත වැඩ කරන අයෙක් නම් ඔබට මුදල් ලබා ගැනීමට ඇති විවිධ ආයතන වලින් ලැබිය යුතු මුදල් එකතු කිරීම මහත් කරදරයක් විය හැකිය. එහෙත් ඔබට ඉතිරි කිරීමේ ගිණුමක් තිබේ නම්, ඔබගේ මුදල් සෘජුව ම ඔබගේ ගිණුමට තැන්පත් කළ හැකි බැවින්, ඔබගේ ගෙවීම් ලබා ගැනීම සඳහා ඔබට විවිධ ස්ථාන වලට ගමන් කිරීමට සිදු වීමේ අවශ්‍යතාවය ඇති නොවේ.

ඒ හා සමානව ම, ඔබ ලබා ගෙන ඇති සේවාවන් සඳහා ගෙවීමක් කිරීමට ඔබට අවශ්‍ය නම්, ඉතිරි කිරීමේ ගිණුම් මගින් ඔබට පහසුවෙන් මුදල් හුවමාරු කිරීමේ පහසුකම ලබා දෙන අතර, එමගින් ඔබට සෘජුවම අන්තර්ජාල බැංකුගත කිරීමක් හරහා හෝ ඕනෑම බැංකු ශාඛාවකට පැමිණ එම ගෙවීම් කළ හැකිය.

4. ඔබගේ මුදල් සංවිධානය කරගන්න

ඉතිරි කිරීමේ ගිණුමක් පවත්වාගෙන යාමේදී ඔබට ඔබගේ අතිරික්ත මුදල් සියල්ල තැන්පත් කිරීම සඳහා නිශ්චිත ස්ථානයක් තිබෙන බැවින් සහ බැංකු ගණුදෙනු වල ඉතිහාසය පරීක්ෂා කර බැලීම තුළින් ඔබගේ වියදම් කිරීමේ පුරුදු පිළිබඳව ඔබට දළ අදහසක් ලබා ගත හැකි වන බැවින් ඔබගේ මූල්‍ය කටයුතු වඩාත් හොඳින් සංවිධානය කර ගැනීමට ඔබට හැකි වේ. ඔබගේ මුදල් යන්නේ කොතැනටද යන්න නිරීක්ෂණය කිරීමට එය ඔබට උපකාරී වන අතර, ඒ අනුව ඔබට ඔබගේ අනාගතය සඳහා මූල්‍ය සැලසුම් සකස් කිරීමට සහ හදිසි අවස්ථා සඳහා යම් මුදලක් වෙන් කර තැබීමට ද ඉඩ සලසයි.

උදාහරණයක් ලෙස, ඔබට ඔබගේ දරුවන් සඳහා යාළු ළමා ඉතුරුම් ගිණුමක් ආරම්භ කිරීම මගින් ඔවුන්ගේ අනාගතය සැලසුම් කිරීමට හැකි වන අතර, එය ඔවුන්ට කුඩා කාලයේ සිටිම ඉතිරි කිරීමේ පුරුද්ද ඇති කිරීමට උපකාරී වනවා පමණක් නොව, ඔවුන් වැඩිවියට පත්වූ විට ඔවුන්ට නැගීසිටීමට උපකාර කිරීම සඳහා යම් අරමුදලක් තිබෙන බව ද සහතික කරයි. HNB ෆිනෑන්ස් යාළු ළමා ඉතිරි කිරීමේ ගිණුම ලංකාවේ ඇති හොඳම ළමා ඉතිරිකිරීමේ ගිණුමක් වන අතර, එමගින් ඉහළම පොළී අනුපාත පිරිනමමින්, ඔබගේ කුඩා දරුවන්ගේ විනෝදය සඳහා වයලීන, ඩ්‍රෝන සහ බයිසිකල් වැනි වටිනා, ආකර්ෂණීය ත්‍යාග රැසක් ද පිරිනමනු ලැබේ.

5. අද්විතීය විශේෂාංග සහ අගය එකතු කළ සේවාවන්

HNB ෆිනෑන්ස් ඉතිරි කිරීමේ ගිණුම මගින් පහසු ස්ථාවර නියෝග පහසුකම් මෙන්ම, HNB ෆිනෑන්ස් ATM කාඩ් පත හරහා පැය 24 පුරාම ඔබගේ ගිණුමට ප්‍රවේශ වීමේ හැකියාව ද ලබා දෙන අතර, අතර ඔබගේ ගිණුමේ සිදු කෙරෙන සෑම ගනුදෙනුවක් පිළිබඳව ම කෙටි පණිවුඩ හරහා ඔබට නොමිලයේ දැනුම් දෙයි.

HNB ෆිනෑන්ස් සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුම සහ මියුලැසි කාන්තා ඉතිරි කිරීමේ ගිණුම ඔබට ඉතිරි කිරීම් දිරිගැන්වීම සඳහා ඉහළ පොළී අනුපාත පිරිනමයි.

ඔබත් අදම HNB ෆිනෑන්ස් සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුමක් ආරම්භ කිරීමෙන් ශ්‍රී ලංකාවේ ඇති හොඳම ඉතිරි කිරීමේ ගිණුම සමග සම්බන්ධ වන්න. වෙළඳපොළේ ඇති වඩාත් ම තරගකාරී පොළී අනුපාත ලබා දෙන අපගේ ඉතිරි කිරීමේ ගිණුම් විකල්ප තුනෙන් එකක් තෝරා ගන්න.

HNB ෆිනෑන්ස් සමාගමෙහි ඔබගේ ම ඉතිරි කිරීමේ ගිණුම ආරම්භ කිරීම පිළිබඳ වැඩිදුර විස්තර