බ්ලොග්

වාහනයක් මිලදී ගැනීම සඳහා මුදල් සපයා ගත හැකි හොඳම ක්‍රමය

වාහනයක් මිලදී ගැනීමට තීරණය කිරීම සරල තීරණයක් නොවේ. එය ඔබට කළ හැකි වඩාත්ම වැදගත් ආයෝජනවලින් එකක් වන බැවින්, ඔබ ඔබට ලබා ගත හැකිව තිබෙන හොඳම මිලදී ගැනීමේ විකල්ප සැලකිල්ලට ගත යුතුය. සම්පූර්ණයෙන් ම මුදල් ගෙවා මිලදී ගැනීමේ සිට වාහනය සඳහා ලීසිං පහසුකමක් ලබා ගැනීම හෝ ණය මුදලක් සඳහා අයදුම් කිරීම වැනි මූල්‍ය සේවා භාවිතා කිරීම දක්වා ඔබගේ මිලදී ගැනීමේ තීරණය සම්බන්ධයෙන් ඔබට උපකාර කිරීම පිණිස ඔබට තෝරා ගත හැකි මාර්ග කිහිපයක් තිබේ.

ඔබට සම්පූර්ණයෙන් ම මුදල් ගෙවා වාහනයක් මිලදී ගත හැකි වුවද, ඔබට තවදුරටත් එහි ධාවන පිරිවැය සහ රක්ෂණ පිරිවැය ආදිය සලකා බලා ඔබේ මූල්‍ය බර අඩු කර ගත හැකි වාහන ලීසිං විකල්පයක් පිළිබඳව තීරණය කිරීමට අවශ්‍ය විය හැක.

ඔබ එවැනි පහසුකමක් ලබා ගැනීමට තීරණය කරන්නේ නම්, ඔබට ලබා ගත හැකි විවිධ වාහන මූල්‍යකරණ විකල්ප පිළිබඳව ඔබ දැනුවත් විය යුතුය.

ඔබගේ මීළඟ වාහනය මිලදී ගැනීම සඳහා මුදල් සපයා ගත හැකි හොඳම ක්‍රම වලින් කිහිපයක් පහත ලැයිස්තුගත කර ඇත:

1. පුද්ගල ණයක් ලබා ගෙන මෝටර් රථයක් මිලදී ගන්න

බැංකුවකින් හෝ මූල්‍ය සමාගමකින් පුද්ගල ණයක් ලබා ගැනීම සඳහා ලියාපදිංචි වීම එක් විකල්පයක් වේ. ඔබ තෝරාගන්නා ආයතනය අනුව ඔබට වසර 1 සිට වසර 10 දක්වා වූ ආපසු ගෙවීමේ කාලයක් ලබා ගත හැක. විවිධ ආයතන විසින් පිරිනමනු ලබන පොළී අනුපාත වෙනස් වන බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන්න.

HNB FINANCE සමාගම විසින් පිරිනමනු ලබන රිලැක්ස් පුද්ගල ණය පහසුකම වෙළඳපොළේ ඇති හොඳම පොළී අනුපාත කිහිපයක් පිරිනමන අතර, ඔබ වැටුප් ලබන සේවකයෙකු නම් එය ඔබගේ මුල්‍ය අවශ්‍යතා සපුරා ගැනීමට ඇති වේගවත් ම විකල්ප වලින් එකකි. වසර 5 ක උපරිම ආපසු ගෙවීමේ කාලයක් සහිතව උකසක් මත ඔබට රුපියල් මිලියන 12 ක් දක්වා වූ ණය මුදලක් ලබා ගත හැක.

2. විශේෂිත වාහන ණය පහසුකම් සේවාවක් සඳහා ලියාපදිංචි වන්න

HNB FINANCE විසින් පිරිනමනු ලබන Auto Loanණය යෝජනා ක්‍රමය වාහන මිලදී ගැනීමේ අවශ්‍යතා ඇති පාරිභෝගිකයන් සඳහා මූල්‍ය සේවා සපයා දීම පිණිස සකස් කර ඇත. එය වෙළඳපොළේ ඇති අඩුම පොළී අනුපාත යටතේ, අවම ලියකියවිලි අවශ්‍යතා සහිතව, ඔබ සිටින ස්ථානයට ම පැමිණ සහාය ‍සපයමින් ඔබට වාහන මිලදී ගැනීම් සඳහා අවශ්‍ය ණය පහසුකම් ලබා ගැනීමට අවස්ථාව සලසා දෙයි.

ඔටෝ ලෝන් සේවාව මගින් ඔබට ඔබගේ මාසික ආදායම මත පදනම්ව ගණනය කරන ලද වට්ටම් සහිත වාහන රක්ෂණ වාරික සහ පුද්ගලකරණය කළ මාසික ණය වාරික පහසුකම් බුක්ති විඳීමට හැකි වේ. එයට අමතරව, ලියාපදිංචි කළ මෙන් ම ලියාපදිංචි නොකළ වාහන සඳහා ද වසර හතක් දක්වා ආපසු ගෙවීමේ කාලයක් පිරිනමනු ලැබේ.

3. ඔබේ වාහනය සඳහා ලීසිං පහසුකමක් ලබා ගන්න

ලීසිං පහසුකමක් යනු ඔබගේ වාහනය මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් සපයා ගත හැකි තවත් විකල්පයක් වේ. මෙම විකල්පය මගින් ඔබට ඔබ මිලදී ගන්නා වාහනය ම ඇපයට තබා ණය පහසුකම ලබා ගැනීමට අවස්ථාව සලසා දෙයි; එබැවින්, ඔබට මෝටර් රථය හිමිවන්නේ ඔබගේ ගෙවීම් සම්පූර්ණ කිරීමෙන් පසුව ය.

ඔබ වාහනයක් හිමිකර ගැනීමට හෝ තිබෙන වාහනයට වඩා තත්වයෙන් උසස් වාහනයක් හිමිකර ගැනීමට අදහස් කරන්නේ නම්, අප‍ගේ සාමාන්‍ය ලීසිං සේවා ඔබ ලබා ගත යුතුම සේවාවන් වේ. HNB FINANCE සමාගමේ මූල්‍ය පහසුකම් ලබා ගන්නා ඔබට අවම ලියකියවිලි සහිතව, ඔබ සිටින ස්ථානයට ම පැමිණ ලබා දෙන විශේෂ සහාය සහ පුද්ගලකරණය කරන ලද එක්දින සේවා සමගින් කරදරයකින් තොරව ලීසිං පහසුකම් ලබා ගත හැක.

වාහන ලීසිං කිරීමට බලාපොරොත්තු වන අය සඳහා මුල්‍ය උපදෙස්:

1. ඔබගේ ලීසිං පහසුකම ඔබට වියදම් දැරිය හැකි පහසුකමක් බවට පත් කිරීම සඳහා වඩා කෙටි ණය කාල සීමාවක් තබා ගන්න

ණය කාල සීමාව කෙටි වන විට මාසිකව ආපසු ගෙවිය යුතු මුදල වැඩි වන නමුත්, ඔබ පොළී මත අඩු මුදලක් ගෙවන බැවින් එය දිගු කාලීනව ඔබට වඩාත් වාසිදායක වේ. ඔබේ ආපසු ගෙවීමේ සැලැස්ම වඩාත් දැරිය හැකි මිලකට සකස් කර ගැනීම සඳහා ඔබ එය වඩාත්ම දීර්ඝතම ගෙවීම් කාල සීමාව සඳහා සැලසුම් කර ගැනීමට පෙළඹිය හැකි නමුත්, වාහනයක් වැනි වටිනාකම ක්ෂය වන වත්කමක් සඳහා එය බුද්ධිමත් තීරණයක් නොවේ.

2. මූලික ගෙවීම ලෙස විශාල මුදලක් ගෙවීම

ඔබේ වාහනයේ මුළු වියදම සඳහා ලීසිං හෝ ණය පහසුකමක් ලබා ගැනීමට හැකියාව තිබුණ ද, ඔබට වියදම දැරිය හැකි නම්, විශාලතම මූලික මුදලක් ගෙවීම මගින් දිගුකාලීනව ඔබේ මූල්‍ය බර අඩු කර ගත හැක. ඔබ වාහනය සඳහා ලීසිං පහසුකමක් තෝරා ගන්නේ නම් ඔබට ඉක්මනින් ම ඔබේ ණය ගෙවා අවසන් කළ හැක, නැතහොත් ඉක්මනින් ම ඔබට ඔබේ වාහනය සම්පූර්ණයෙන් ම අයිති කර ගත හැක යන්න මෙයින් අදහස් කෙරෙයි.

3. ඔබේ මිලදී ගැනීමේ අවසන් තීරණය ගැනීමට පෙර මූල්‍ය විශේෂඥයෙකුගෙන් විමසන්න

මුලින් ම මුල්‍ය සමාගම සමග සාකච්ඡා කිරීම මගින් ඔබට ඔබේ වාහන අවශ්‍යතාවය සහ ආපසු ගෙවීමේ හැකියාව අනුව ඔබට තිබෙන විවිධ විකල්ප ක්‍රම පිළිබඳව වඩා හොඳ අවබෝධයක් ලබා ගත හැක. හැකි හොඳම තීරණය ගැනීම පිණිස ඔබේ ණය පහසුකම සපයන ආයතනය සමග සාකච්ඡා කර, මෝටර් රථ ණය පහසුකමක් හෝ ලීසිං පහසුකමක් සඳහා වන ඔබගේ ස්ථාවරය පිළිබඳ ඇගයීමක් සිදු කර බලන්න.

ඔබේ ණය හෝ කල්බදු ගිවිසුම සඳහා පූර්ව අනුමැතිය ලබා ගැනීම මගින් ඔබට ඔබ‍ගේ වාහන මිලදී ගැනීමේ ක්‍රියාවලිය කඩිනම් කර ගත හැකි අතර, ඔබට හැකි හොඳම ගනුදෙනුව සිදු කර ගත හැකි බව සහතික කළ හැක.

4. ස්වයංක්‍රීයව වාරික ගෙවීම සකසා ගන්න

ඔබේ වාහන කල්බදු පහසුකම හෝ ණය පහසුකම සඳහා ගෙවිය යුතු මාසික වාරිකයක් ගෙවීම මඟ හැරීයාම වළක්වා ගැනීම සඳහා ඔබට ඔබ‍ගේ ක්‍රෙඩිට් කාඩ් පත් හෝ සෘජු ගිණුම් මාරු කිරීම් හරහා ස්වයංක්‍රීයව වාරික ගෙවීම් සකස් කර ගැනීම හොඳ අදහසක් වේ. එය ඔබට වඩාත් පහසු ක්‍රමයක් වෙනවා පමණක් නොව, යහපත් ණය තොරතුරු කාර්යාංශ (CRIB) වාර්තාවක් පවත්වා ගැනීම සඳහා සහ අමතර පොළී එකතුවීම් තුළින් ඔබට අමතර බරක් එකතුවීම වළක්වා ගැනීම සඳහා ද උපකාරී වනු ඇත.