බ්ලොග්

HNB FINANCE අධ්‍යාපන ණය හඳුන්වා දෙයි

උසස් අධ්‍යාපනය යනු වැදගත් පිය ගැටයක් වන අතර එය වඩා යහපත් අනාගතයක් උදෙසා සිදු කරනු ලබන ආයෝජනයක්ද වේ. එය ඕනෑම පුද්ගලයෙකු අපේක්ෂා කරන මූලික සුදුසුකම වන නමුදු එ් සඳහා දැනුම, ලාලසාව, කාලය හා කැපවීමට වැඩියෙන් බොහෝ දේ අවශ්‍ය වේ. මූල්‍යමය දුෂ්කරතා පවත්නා කල්හි අධ්‍යාපන අරමුණු හා අනාගත සාර්ථකත්වය සාක්ෂාත් කරගැනීම නිරතුරු පහසු කටයුත්තක් නොවේ. අධ්‍යාපන ණය ඔබට ඔබගේ උසස් අධ්‍යාපන හා ආයතනික ගාස්තු, උපකාරක පන්ති ගාස්තු හා පොත්පත් සඳහා වූ ගාස්තු ගෙවීමට උපකාරවනු පිණිස සැලසුම් කර ඇත.

අධ්‍යාපන ණයක් හඳුන්වා දීම මගින් ,මූල්‍ය අවශ්‍යතාවයන්ගෙන් පෙළෙමින් නොසිට අනාගතය සඳහා දොර කවුළු විවර කරවමින්, HNB FINANCE ආයතනය විසින් ශ්‍රී ලාංකික සිසුන්ගේ උසස් අධ්‍යාපන සිහින සැබෑ කරවීමේ කාර්යය සියතට ගෙන ඇත.

අධ්‍යාපන ණය මුදලක් ලබාගන්නා ආකාරය:

අපගේ අධ්‍යාපන ණය සිසුන්ට සිය උසස් අධ්‍යාපන කටයුතු නොකඩවා ඉදිරියට කරගෙන යාමට අවශ්‍ය මූල්‍ය පහසුකම් සලසා දීමේ හැකියාවෙන් සන්නද්ධව ඇත. ණය මුදල රු. 50,000කින් ඇරඹී රු. 3,000,000 දක්වා විහිදෙන අතර එමගින් බහුතර උසස් අධ්‍යාපන වැඩසටහන් ප්‍රමාණයක මූලික මූල්‍ය අවශ්‍යතා ආවරණය කරනු ඇත. අධ්‍යාපන ණය මුදලක් සඳහා අයදුම් කරන විටදී, සුරැකුම් අවශ්‍යතා සඳහා ඇපකරුවන් 2 දෙනෙකු හෝ ඇප වත්කමක් ඉදිරිපත් කළ යුතුවේ.

අධ්‍යාපන ණය මුදලක් සඳහා අයැදුම් කළ හැක්කේ කා හටද?:

උසස් අධ්‍යාපනය හැදෑරීමේ උනන්දුවක් ඇති වයස අවුරුදු 18-55 දක්වා වූ වයස් පරතරය තුළ සිටින ඕනෑම අයෙකු හට ශිෂ්‍ය ණය මුදලක් සඳහා අයැදුම් කළ හැක. ඔබ සිසුවෙකු නම්, ඔබගේ දෙමව්පියන් හා බද්ධව ණය මුදලක් අයැදුම් කිරීමේ ප්‍රතිලාභය ඔබ වෙත සලසනු ලබන අතර, එය දෙපාර්ශ්වයේම මනසට සැහැල්ලුවක් වනු ඇත.

HNB FINANCE ආයතනය වෙතින් අධ්‍යාපන ණය මුදලක් ලබාගැනීමේ සුදුසුකම් ලබනු පිණිස ඔබ අවිවාහක නම්, ඔබගේ ශුද්ධ අවම ආදායම රු. 30,000ක් විය යුතුවන අතර, විවාහක අයැදුම්කරුවන් අවම වශයෙන් රු. 40,000ක් ඉපැයිය යුතුය.

තවද, අදාළ අධ්‍යාපන ආයතනය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, අධ්‍යාපන අමාත්‍යාංශය, හෝ ආයෝජන මණ්ඩලය වැනි සෙසු රජයේ ආයතන බඳු අදාළ බලයලත් ආයතන විසින් පිළිගත් හා ලියාපදිංචි කළ ආයතනයක් විය යුතු බවටද HNB FINANCE ආයතනය විසින් පනවනු ලබයි.

ආකර්ශනීය ශිෂ්‍ය ණය පොළී අනුපාතයන්: (ප්‍රතිලාභ පැකේජයන් ලෙස වෙනස් කිරීමේ යෝජනාව)

මෙම ණය සැලැස්ම තුළ පවත්නා වඩාත් යහපත් ලක්ෂණ අතරින් එකක් වනුයේ ,ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක බොහෝ අධ්‍යාපන ණය පහසුකම්වලදී මෙන් නොව, HNB FINANCE අධ්‍යාපන ණය ක්‍රමය තුළ අදාළ පාඨමාලා ගාස්තුවෙන් 90% දක්වා මුදලක් ගෙවීමේ පහසුකම් සලසනු ලැබීමයි. ණය මුදල ආපසු ගෙවීමේ කාල පරිච්ඡේදය වසර 7 දක්වා දීර්ඝ කළ හැකි අතර ඔබ විසින් මාසික ගාස්තු ගෙවිය යුතුවේ. මෙම නම්‍යශීලී ක්‍රමය විසින් වැඩි මුදලක් එකවර ගෙවීමේ අතිරේක බරින් ඔබ මුදවනු ලබයි. ශ්‍රී ලංකාවේ සෙසු සිසු ණය පොළී අනුපාතයන් හා සන්සන්දනාත්මකව ගත්කල, ණය මුදල ලබාගැනීමේ අවශ්‍යතාවය සහිත බහුතරයක් වෙත එය ලබාගැනීමේ හැකියාව සලසමින් තරගකාරී පොළී අනුපාතිකයක් පිරිනමන්නෙමු.

අවශ්‍ය ලේඛන:

  • ණය අයැදුම්පත
  • ජාතික හැඳුනුම්පතේ පිටපතක්
  • පදිංචිය සනාථ කිරීමේ ලේඛනයක් (නොපවත්නේ නම් ග්‍රාම නිලධාරී සහතිකය හෝ සාමදාන විනිශ්චයකාරවරයෙකුගේ දිවුරුම් ප්‍රකාශය ඉදිරිපත් කරන්න)
  • අධ්‍යාපන ආයතනයට ඇතුළත් කරගැනීමේ හෝ පිළිගැනීමේ ලිපියක්
  • ගාස්තු සැලැස්ම

සේවා නියුක්තිකයෙකු නම්;

  • ආදායම සනාථ කිරීමේ හා සේවා නියුක්තිය සහතික කිරීමේ ලේඛනයක්
  • පසුගිය මාස තුනක කාලය සඳහා සහතික කරන ලද වැටුප් පත්‍රිකා හා බැංකු ප්‍රකාශන

ව්‍යාපාරයක් නම්;

  • ව්‍යාපාර සනාථකරණ ලේඛන (ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකය හෝ ඒ හා සමාන ලේඛනයක්)
  • ව්‍යාපාර වාර්තා (බදු ලදුපත්, විගණනය කළ ගිණුම්)
  • පසුගිය මාස තුනක බැංකු ප්‍රකාශන