බ්ලොග්

මූල්‍ය ස්වාධීනත්වය සඳහා සූදානම් වීමට ඔබගේ දරුවන්ට උපකාර කරන්නේ කෙසේද?

මූල්‍ය ස්වාධීනත්වය පිළිබඳ ඉගැන්වීම ඔබට ඔබගේ දරුවන්ට ඉගැන්විය හැකි හොඳම දේ විය හැක.  ඔබේ දරුවන්ට මෙම මට්ටමට ළඟා වීමට ඔවුන්ට උදව් කළ හැකි බොහෝ ක්‍රම තිබේ. සරල ළමා ඉතිරිකිරීමේ ගිණුමක් ආරම්භ කිරීමේ සිට අර්ධකාලීන රැකියාවක් ලබා ගැනීමට ඔවුන් දිරිමත් කිරීම දක්වා වූ අසීමිත ක්‍රම රාශියක් තිබේ. මූල්‍ය ස්වාධීනත්වය සඳහා සූදානම් වීමට ඔබේ දරුවන්ට උදව් කරන වඩාත් ජනප්‍රිය ක්‍රම කිහිපයක් මෙසේ ය.

ඉතිරි කිරීමේ ගිණුමක් ආරම්භ කරන්න

දෙමව්පියන් වශයෙන් ඔබ ඔබේ දරුවන් වයසින් මුහුකුරා ගිය විට සාර්ථකත්වය අත් කර ගැනීමට අවශ්‍ය මෙවලම් ලබා දී තිබීම වැදගත් වේ. මූලික ම කරුණ ලෙස, මූල්‍ය ස්වාධීනත්වය ආරම්භ වන්නේ වියදම් කිරීම සඳහා යම් ආකාරයක අරමුදල් තිබීම මගිනි.

ළමා ඉතිරිකිරීමේ ගිණුමක් මගින් ඔවුන්ට වගකීමක් පිළිබඳ හැඟීමක් ලබා දිය හැකි බැවින් එවැනි ගිණුමකින් ඔවුන්ට බොහෝ දේ ඉගැන්විය හැකි ය. එම නිසා, HNB FINANCE සමාගමේ යාලු ළමා ඉතිරිකිරීමේ ගිණුම වැනි ළමයින් සඳහා හොඳම ඉතිරි කිරීමේ ගිණුමක් තෝරා ගැනීම වැදගත් වේ. තැන්පත් කරනු ලබන මුදල අනුව ආකර්ෂණීය පොළී අනුපාත සහ ප්‍රයෝජනවත් තෑගි ලබා දෙන බැවින් අපගේ ඉතිරිකිරීමේ ගිණුම මගින් මුදල් ඉතිරි කිරීම දිරිගන්වයි. එපමණක් නොව, එවැනි ගිණුමක් ආරම්භ කිරීමේ ක්‍රියාවලිය ද සරල ය.

මුදල් ඉතිරිකරන ආකාරය සහ ගෙවීම් කරන ආකාරය ඉගැන්වීම

ඔබේ දරුවන් වගකීම් භාර ගැනීමට සූදානම් විට, ඔවුන් තමන්ගේ මුදල් වියදම් කළ යුතු ආකාරය දැන සිටිය යුතුය; අත්‍යවශ්‍ය වියදමක් යනු කුමක්ද සහ අත්‍යාවශ්‍ය නොවන දේ කුමක් ද යන්න ඔවුන් දැන සිටිය යුතුය. මුලදී මෙය ඉතා තාක්‍ෂණික බවක් පෙනෙන නමුත් මෙම අත්‍යවශ්‍ය කුසලතා ඉගැන්විය හැකි හොඳම ක්‍රමයක් වන්නේ ගනුදෙනු කිරීමේදී එය ඔබේ දරුවාට ප්‍රායෝගිකව පෙන්වීමයි. කෙසේ වුවත්, ළමයින් උදාහරණ මගින් ඉගෙන ගැනීමට ඉතා දක්ෂ වේ; එබැවින් ඔබ ඔවුන්ට හොඳ ආදර්ශයක් ‍වෙන්න.

උපයෝගිතා බිලිපත් ගෙවිය යුතු ආකාරය ඔවුන්ට උගන්වන්න (උදා: ජල බිල්පත්, විදුලි බිල්පත්, දුරකථන බිල්පත් ආදිය). බදු වාර්තා ගොනු කරන්නේ කෙසේ දැයි ඔවුන්ට උගන්වන්න, එමගින් ඔවුන්ට අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය පිළිබඳ අදහසක් ලබා දෙයි. එමෙන්ම, එමගින් මූල්‍යය අයවැයකරණය කිරීමේ වැදගත්කම ද ඔවුන්ට අවබෝධ කර ගත හැකි වන අතර, ක්‍රියාවලිය තුළ අවශ්‍ය ගෙවීම් සඳහා මුදල් ඉතිරි කිරීමට ද ඔවුන්ට එමගින් උගන්වනු ලැබේ.

අධ්‍යාපනය සඳහා දිරිමත් කරන්න

ස්වයං සංවර්ධනය කේන්ද්‍ර කරගත් ජීවන රටාවක් මගින් සරල පාරිභෝගික වියදම්වලින් ඔබ්බට ගොස් වැඩි ආයෝජන සඳහා මග පෙන්වනු ඇත. අධ්‍යාපනය යනු ඕනෑම කෙනෙකු සඳහා ඇති හොඳම ආයෝජනයකි. තම කුසලතා හා දැනුම වර්ධනය කර ගැනීම සඳහා වියදම් කිරීමට ඔබගේ දරුවන්ව දිරිමත් කරන්න. ඔවුන්ගේ ආශාවන්හි විවිධත්වයක් ඇති කර ගැනීමට හා ඒවා අනුගමනය කිරීමට ඔවුන්ට ඉඩ දෙන්න. අධ්‍යාපනය ඔවුන්ට ලෝකය ගැන විවේචනාත්මකව සිතීමට ඉඩ දෙයි.

මෙය ඔබේ දරුවන්ට ආර්ථිකය විසින් ලබා දී ඇති අවස්ථාවන්ගෙන් ප්‍රයෝජනය ගැනීමට ස්වභාවයෙන් ම ඔවුන්ගේ දැනුම භාවිතා කිරීමට ඉඩ සලසයි. එහි ප්‍රතිඵලයක් ලෙස, කල් ගතවීමේදී ස්ථාවරත්වයක් අත්කර ගැනීම සහතික කිරීම සඳහා බහුවිධ ආදායම් මාර්ග සලසා ගැනීමට මෙයින් අවස්ථා නිර්මාණය කර දෙයි.

අර්ධකාලීන රැකියාවක් සොයා ගැනීම

තම නිවාඩු කාලය තුළදී සරල අර්ධකාලීන රැකියාවක් ලබා ගැනීමට ඔබේ දරුවන්ව දිරිමත් කරන්න එය ඔවුන්ට තමන් වෙනුවෙන් යම් මුදලක් උපයා ගැනීමට ඉඩ සලසයි. මෙමගින් තම අධ්‍යාපනය අවසන් වූ පසු තමන්ට ජීවිතය කෙසේ හැඟෙනු ඇත්ද යන්න පිළිබඳ අවබෝධයක් ලබා දෙයි. ඔවුන් උපයා ගත් මුදලෙහි වටිනාකම ඔවුන්ට අවබෝධ කර ගැනීමට සැලැස්විය හැකි ක්‍රම දෙකක් ඇත.

එක් ක්‍රමයක් නම්, එම මුදල් ඔවුන්ව දිගු ගමනක් රැගෙන යා හැකි පරිදි කුඩා ආයෝජන සඳහා යොදා ගන්නේ කෙසේද යන්න පැහැදිලි කර දීමයි. එමෙන් ම, එම මුදල් ඉතිරි කර ගෙන අවශ්‍ය නිෂ්පාදන මිලදී ගැනීම සඳහා එය වියදම් කරන්නේ කෙසේද යන්න පැහැදිලි කිරීමෙන් ද ඔබට ඔවුන්ට උදව් කළ හැකිය.

එම නිසා, දෙවැනි ක්‍රමය නම්, ඔවුන්ගේ වෘත්තිය ආරම්භයේදී ම අත් වැරදීම් සිදුවීමට ඔවුන්ට ඉඩ හැරීමයි. බොහෝ අවස්ථාවන්හීදී, වියදම් කිරීමට අවශ්‍ය වන්නේ කවර අවස්ථාවේද සහ ඉතිරි කරන්නේ කවර අවස්ථාවේද යන්න ඔබේ දරුවන්ට වැටහෙනු ඇත. නිශ්ශබ්දව සිටීම තරමක් අපහසු විය හැකි නමුත් ඔවුන්ගේ වැරදි ඔවුන්ට මූල්‍යමය වශයෙන් ස්වාධීන වීමේ පාඩම් බවට පත්වේ.

ඔබේ දරුවන් මූල්‍ය ස්වාධීනත්වය සඳහා සූදානම් කිරීමට උපකාරී වන ක්‍රම කිහිපයක් තිබේ. එය සරල මුදල් ඉතිරි කිරීමේ උපක්‍රම, හොඳම ළමා ඉතිරිකිරීමේ ගිණුම හෝ අර්ධ-කාලීන රැකියාවක් ලබා ගැනීම විය හැක; මෙම පාඩම් ඔවුන්ව ඉතා උසස් මට්ටමකට ගෙන යනු ඇති අතර අනාගතයේදී ඔවුන් එය අගය කරනු ඇත.