බ්ලොග්

ව්‍යාපාර ණයක් ලබා ගැනීමට හේතු 8 ක්

ඔබට ව්‍යාපාර ණයක් ලබා ගැනීමට හේතු විය හැකි කරුණු 8 ක් මෙහි විස්තර කර ඇත:

ඔබ ඔබගේ ම කුඩා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අදහස් කරන ව්‍යාපාරිකයෙක් විය හැකිය, එසේත් නැතිනම් ඔබගේම ව්‍යාපාරය පුළුල් කර ගැනීමට අදහස් කරන පළපුරුදු ව්‍යාපාරිකයෙක් වියහැකිය. ඔබ කුමන තරාතිරමක ව්‍යාපාරිකයකු වුවද, ව්‍යාපාර ණයක් හෝ බැංකු ණයක් ලබා ගැනීම ඔබගේ ව්‍යාපාරයට අරමුදල් යෙදවීම සඳහා ඇති පහසුම ක්‍රමයයි. ව්‍යාපාර ණයක් ඉල්ලුම් කිරීමට හේතුවන කරුණු ගණනාවක් තිබිය හැකි නමුත් ඔබ එම ණය මුදල ලබා ගත යුත්තේ නිවැරදි හේතූන් මතය.

ඔබට ව්‍යාපාර ණයක් ලබා ගැනීමට හේතු විය හැකි කරුණු 8 ක් මෙහි විස්තර කර ඇත:

1. ව්‍යාපාරයක් ආරම්භ කිරීමට

ඔබගේ ව්‍යවසායකත්ව සිහිනය යථාර්ථයක් කර ගැනීමට ඔබට අවශ්‍ය නමුත් ඔබට එය ඉටුකර ගැනීමට අවශ්‍ය අරමුදල් නොමැති වීම ඔබ මුහුණදෙන ප්‍රධාන ගැටළුව විය හැකියි. ඔබට ශක්තිමත් ව්‍යාපාර සැලැස්මක් තිබේ නම්, සහ එය සාර්ථකව ක්‍රියාත්මක කිරීමට ඔබ සතු හැකියාව පිළිබඳ ඔබට විශ්වාසයක් තිබේ නම්, ඔබට ව්‍යාපාර ණයක් ඉල්ලුම් කිරීමට පසුබට වීමට හේතුවක් නැත.

අලුතින් ව්‍යාපාර ආරම්භ කිරීමට සහ පවතින ව්‍යාපාර පුළුල් කර ගැනීමට අදහස් කරන ව්‍යවසායකයින්ට වඩාත්ම ගැළපෙන මූල්‍ය සහාය සපයා දෙන ඉතා පහසු ව්‍යාපාර ණයක් HNB FINANCE සමාගමෙන් දැන් ඔබට ලබාගත හැකියි.

2. අලුතින් සේවකයින් බඳවා ගැනීමට

සමහරවිට ඔබගේ වර්තමාන තාක්ෂණ කණ්ඩායම සීමාවාසිකයින්ගෙන් සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයෙන් සමන්විත ‍වෙනවා විය හැකි අතර, ඔබට ඔබගේ සමාගම ඉහළ ම තලයට ගෙන ඒමට හැකි අත්දැකීම් සහිත නිපුණ වෘත්තීයවේදීන් කිහිප දෙනෙක් බඳවා ගැනීමට කාලය පැමිණ ඇති බව හැ‍ඟෙනවා විය හැක. අවාසනාවකට මෙන්, මෙම නිපුණ වෘත්තීයවේදීන් අඩු වැටුපකට බඳවාගත නොහැක. නමුත් ඔබ ඔවුන්ව බඳවා ගතහොත් ඔබගේ සමාගමේ ඉපැයීමේ හැකියාව සැලකිය යුතු ලෙස ඉහළ නංවා ගත හැකි බවට ඔබට විශ්වාසයක් ඇත.

එවැනි අවස්ථාවන්හීදී, ඔබගේ ව්‍යාපාරයේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම සඳහා ඉහළම ප්‍රවීණතාවය ඇති සේවකයින් බඳවා ගැනීමට හැකි වන පරිදි ඔබගේ ව්‍යාපාරයේ අවශ්‍යතාවය අනුව මුදල් යෙදවීම සඳහා ණය මුදලක් ලබා ගැනීමට ඉල්ලුම් කිරීම බුද්ධිමත් ක්‍රියාමාර්ගයක් වනු ඇත.

3. ඔබගේ ව්‍යාපාරය පුළුල් කිරීමට

ඔබගේ ව්‍යාපාරය නව දිශාවන් ඔස්සේ ව්‍යාප්ත කරමින්, එහි සීමාවන් පුළුල් කිරීමේ අවශ්‍යතාවය ඔබට දැනෙන කාලය මෙය විය හැකියි. ඇතැම්විට ඔබට විශාල වෙ‍ෙළඳපොළකට පිවිසීමට, නව නිෂ්පාදන පරාසයක් එකතු කිරීමට හෝ දෙවන අලෙවිසැලක් විවෘත කිරීමට අවශ්‍ය වී තිබෙනවා විය හැක. මේ සියල්ල සඳහාම සැලකිය යුතු අරමුදල් ප්‍රමාණයක් අවශ්‍ය වන අතර, ඔබට අවශ්‍ය මූල්‍ය සහාය ලබා ගැනීමට ඇති පහසුම ක්‍රමය වන්නේ ව්‍යාපාර ණයක් ලබා ගැනීමයි.

අපගේ ගනුදෙනුකරුවන්ට ව්‍යාපාර ණයක් ලබා ගත හැකි විවිධ ක්‍රම තිබේ. උදාහරණයක් ලෙස, ඔවුන්ට උකස් ණයක් ඉල්ලුම් කිරීමට, ඇපකරුවන් ඉදිරිපත් කර ණය මුදලක් ඉල්ලීමට, හෝ මුදල් අනුබලය මත (ඉතුරුම් තැන්පතු පදනම් කරගත්) ණය මුදලක් ලබා ගැනීමට හැකි අතර ඒ සියල්ල ම ප්‍රායෝගික විසඳුම් විය හැක. ඉතිරි කිරීමේ ගිණුම් හිමියන් සඳහා HNB FINANCE සමාගම විසින් සපයා දෙනු ලබන ව්‍යාපාර ණය තම ව්‍යාපාර තවදුරටත් පුළුල් කර ගැනීම සඳහා අරමුදල් අවශ්‍ය කරන පාරිභෝගිකයින් වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කර තිබීම විශේෂත්වයකි.

4. ඔබගේ අලෙවිකරණ උපායමාර්ගය පුළුල් කර ගැනීමට

ඔබගේ ව්‍යාපාරයට එහි ඉලක්ක වෙත ගමන් කිරීම සඳහා අමතර තල්ලුවක් අවශ්‍ය බව ඔබට මේ වනවිටත් අවබෝධ වී තිබෙනවා වන්නට පුළුවන. හුදෙක් පාරිභෝගික තෘප්තිය සහ කටකථා ඔස්සේ සිදු කෙරෙන නිර්දේශ කිරීම් මගින් ඔබගේ ව්‍යාපාරය දියුණු වනු ඇතැයි බලාපොරොත්තුවෙන් ඔබගේ සේවා ප්‍රමිතීන් උසස් මට්ටමකින් පවත්වා ගැනීම කෙරෙහි පමණක් අවධානය යොමු කිරීම තවදුරටත් ප්‍රමාණවත් නොවේ. වර්තමාන යුගයේ දී, මහජනයා වෙත ප්‍රවේශවීම පුළුල් කිරීම ඉලක්ක කර ගත් අලෙවිකරණ උපක්‍රම සහ උපායමාර්ග තුළින් ව්‍යාපාර දියුණු කළ හැකිය. සමහරවිට ඔබට ඔබගේ ව්‍යාපාරය වැඩිදියුණු කර ගැනීමට සැලසුම් තිබෙනවා විය හැකියි. එහෙත් ඒ සදහා ඔබට වෙළෙද පොළේ අනෙකුත් තරගකාරී ආයතන සහ නිශ්පාදනයන් අතරින් ඔබගේ ව්‍යාපාරයේ අනන්‍යතාව තහවුරු කරගතහැකි අන්දමේ වඩාත් පුළුල් හා කැපී පෙනෙන වෙළඳ නාම දෘශ්‍යතාවයක් (Brand Visibility) අවශ්‍ය වනු ඇත.

එයට විසඳුම ශක්තිමත් අලෙවිකරණ සහ ප්‍රවර්ධන වැඩපිළිවෙලක් බව ඔබ දන්නා නමුත් අවාසනාවකට එය ඉතාමත් වියදම් අධික වේ. ව්‍යාපාර ණයක් ලබා ගැනීම මගින් ඔබගේ අලෙවිකරණ උපාය මාර්ග වැඩිදියුණු කර ගැනීමෙන් ඔබට ඔබගේ ව්‍යාපාරය පුළුල් කර ගැනීමට සහ අනෙක් අතට නියමිත කාල සීමාව තුළදී ඔබගේ ණය හොඳින් ගෙවා දැමීමට ප්‍රමාණවත් ලාභයක් උපයා ගනිමින් ඔබගේ ඉලක්ක වෙත ළඟාවීමට ඔබට හැකි වනු ඇත.

5. ඔබගේ භාණ්ඩ තොග වැඩි කර ගැනීමට

ඔබ කාලීන අයිතම විශාල ප්‍රමාණයක් අලෙවි කරන සිල්ලර වෙළඳසැලක් පවත්වාගෙන යන්නේ නම්, ඔබගේ වර්තමාන තොග සඳහා ඔබ සිදු කර ඇති ආයෝජනයෙහි ප්‍රතිලාභ ලැබීමට පෙර ඔබට ඊළඟ වාරය සඳහා අවශ්‍ය තොග කලින් ඇණවුම් කර කලින් මුදල් ගෙවීමට සිදු වන අවස්ථා බොහෝ තිබේ. එම නිසා, ඔබගේ අරමුදල් සියල්ල ඔබ සතු තොග සඳහා වැය කර ඇති අතර, ඔබ සතුව ඇති එම තොග අලෙවි වන තුරු තබා ගැනීමට ඔබට අමතර සහායක් අවශ්‍ය වේ. ණය මුදලක් ලබා ගැනීම මගින් ඔබට මෙම වාරයේ තොග අලෙවිවන ‍තෙක් අවශ්‍ය කටයුතු හොඳින් කරගෙන යාමටත්, ඊළඟ වාරය සඳහා අවශ්‍ය කරන සියලු ම තොග රැස්කර ගෙන ඊළඟ වාරයට ඔබ සූදානම්ව සිටින බව සහතික කර ගැනීමටත් හැකි වේ.

6. ඔබගේ ව්‍යාපාරය වෙනත් ස්ථානයකට ගෙන යාමට

සමහර විට ඔබගේ ව්‍යාපාරය නව ස්ථානයකට ගෙන යාමට කාලය පැමිණ තිබිය හැකි අතර, එය වඩාත් සමෘද්ධිමත් වටපිටාවක් සහිත ප්‍රදේශයකට ගෙන යාම ඔබගේ ව්‍යාපාර ආකෘතියට වඩාත් යෝග්‍ය වන්නේ යැයි ඔබට හැ‍ඟෙනවා විය හැක. නමුත්, එය සිදු කරන විට එම නව ප්‍රදේශයේ කුලිය බෙහෙවින් වැඩි විය හැකි අතර, ප්‍රවාහනය, ඇසුරුම් කිරීම සහ අවශ්‍ය ශ්‍රමය කුලියට ගැනීම ඇතුළු විවිධ කාර්යයන් සඳහා වියදම් දැරීමට අරමුදල් අවශ්‍ය කරයි. මෙවැනි අවස්ථාවක ව්‍යාපාර ණයක් ලබා ගැනීමෙන් ඔබගේ කටයුතු වඩාත්පහසු වනු ඇත.

7. ඔබගේ ව්‍යාපාර පරිශ්‍රය ප්‍රතිසංස්කරණය කර ගැනීමට

ඔබගේ කාර්යාල පරිශ්‍රයේ පරිසරය අනාගත ගනුදෙනුකරුවන් ආකර්ෂණය කර ගැනීම සඳහා ප්‍රමුඛතම වැදගත්කමකින් යුත් කරුණක් වන බැවින්, ඔබගේ කාර්යාල පරිසරය ඔබගේ ව්‍යාපාරය පිළිබඳ බොහෝ දේ පවසයි. එම නිසා, ඔබ‍ගේ කාර්යාල පරිශ්‍රයේ පෙනුම සහ එයින් ඇතිකරවන හැඟීම ඉතාමත් ආකර්ෂණීය බව සහතික කර ගත යුතු වේ.

එපමණක් නොව, ප්‍රසන්න සේවා පරිසරයක් තිබීම සේවකයින්ගේ කාර්යක්ෂමතාවය වැඩි කිරීමට හේතු වන අතර එය ව්‍යාපාරයේ දියුණුවට ද ඉවහල් වෙයි. සතුටින් සිටින සේවකයින් සැමවිටම ඔබගේ ගනුදෙනුකරුවන් සහ සංවිධානය ගැන ද සැලකිලිමත් වෙති.

මෙය අත්‍යාවශ්‍ය සාධකයක් වන හෙයින්, ඔබගේ ව්‍යාපාරයේ වැඩ කරන පරිසරය නිරන්තරයෙන් වැඩි දියුණු කිරීම ඉතාමත් වැදගත් වන අතර, ඒ සඳහා අරමුදල් අවශ්‍ය වේ. HNB FINANCE ව්‍යාපාර ණය මගින් ඔබගේ සිහින ඉක්මනින් හා පහසුවෙන් සැබෑ කර ගැනීමට හැකි හොඳම විසඳුම ලබා දෙනු ඇත.

8. ඔබගේ ව්‍යාපාරයේ තාක්ෂණය වැඩි දියුණු කර ගැනීමට

තාක්ෂණය ඔබගේ ව්‍යාපාරයේ ප්‍රධාන අංගයක් විය හැකිය. එබැවින් නවීන තාක්ෂණය අත්කර ගැනීම සඳහා ආයෝජනය කිරීම ඔබගේ ව්‍යාපාරයට ඉහළ කාර්යක්ෂමතාවයක් ළඟාකර ගැනීමට මෙන් ම යල් පැන ගිය තාක්ෂණය හේතුවෙන් නිෂ්පාදන යන්ත්‍රවල සිදුවන අපතේ යාම අඩු කර ගැනීමට‍ ද උපකාරී වෙයි.

මෙය ණය මුදලක් ලබා ගැනීම සඳහා නිසැකව ම හොඳ හේතුවක් වන අතර එමගින් අවසානයේ දී ඔබගේ ව්‍යාපාරයට ප්‍රතිලාභ ලැබෙන බව ඔබට දැක ගත හැකිය. HNB FINANCE සමාගම විසින් පිරිනමනු ලබන ව්‍යාපාර ණය පහසුකම් ව්‍යවසායකයින්ට සහ ව්‍යාපාරිකයින්ට කරදරයකින් තොරව, කඩිනමින් ව්‍යාපාර ණයක් ලබා ගෙන තම ව්‍යාපාර දියුණු කර ගැනීමට සහ පුළුල් කර ගැනීමට අවස්ථාව උදාකර දෙයි.

HNB FINANCE සමාගම හරහා ඔබට ආකර්ෂණීය පොළී අනුපාතයක් යටතේ, අවුරුදු 5 ක් දක්වා වූ ණය ආපසු ගෙවීමේ කාලයක් සහිතව රුපියල් මිලියන 20 ක් දක්වා වූ ව්‍යාපාර ණයක් පහසුවෙන් ලබා ගත හැකි අතර මේ තුළින් ඔබගේ ව්‍යාපාරික සිහිනය යථාර්තයක් බවට පත්කර ගැන්මේ අවස්ථාව නිතැතින්ම උදාවනු ඇත.

ඔබගේ සියළු මූල්‍ය අවශ්‍යතාවන් සදහා උපරිම ණය මුදලක්අ වම පොළී ප්‍රතිශතයක් සමගින් දිවයින පුරා විහිදුණු ශාඛා ජාලයක විශ්වාසනීය, සුහදශීලී, කඩිනම් සේවාවක තෘප්තිය HNB FINANCE ව්‍යාපාර ණය සමගින් ඔබත් අත්විදින්න.