බ්ලොග්

ඉතිරිකිරීමේ ගිණුමක් මගින් පසුබෑමක් සඳහා කල්තබා සැලසුම් කිරීම

ඉතිරි කිරීමේ ගිණුමක් පුද්ගලයින්ට ස්ථාවර මූල්‍ය තත්වයක් පවත්වා ගැනීමට විවිධ ආකාරවලින් උපකාරී වන බැවින් ඉතිරි කිරීමෙ ගිණුම් වර්තමානයේ ඉතා වැදගත් මූල්‍ය මෙවලම් බවට පත්වී තිබේ. ඉතිරිකිරීමේ ගිණුම්වල එක් ප්‍රධාන වාසියක් වන්නේ ආර්ථික පසුබෑමක් ඇති කාලවලදී එය පහසුකමක් ලෙස භාවිතා කිරීමට හැකි වීමයි. කෙසේ වෙතත් එය එසේ වාසිදායක වන්නේ එය බුද්ධිමත්ව භාවිතා කරන්නේ නම් පමණි. HNB FINANCE සමාගමේ සාමාන්‍ය ඉතිරිකිරීමේ ගිණුමක් විවෘත කිරීමට තෝරා ගැනීම මගින් ඔබට ඉදිරියේ ඇතිවිය හැකි ආර්ථික පසුබෑමකින් නැගී සිටීම සඳහා සුදුසු මෙවලම් ඔබ සතු වනු ඇත. ඉදිරියේදී ආර්ථික පසුබැසීමක් ඇති වනු ඇතැයි සිතන අවස්ථාවකදී ශ්‍රී ලංකාවේ හොඳම මූල්‍ය සමාගමක සහාය ඇතිව ඔබට ඉතිරිකිරීමේ ගිණුමක් සමගින් ඉදිරිය සැලසුම් කර ගත හැකි ක්‍රම කිහිපයක් මෙසේ ය:

මූල්‍ය ආරක්ෂණ ජාලයක් ලෙස භාවිතා කරන්න

විශේෂයෙන් ම ඔබ ගිණුමෙහි තැන්පත් කරන මුදල් වල ප්‍රධාන කාර්යයන් දෙකක්, එනම් පූර්වාරක්ෂක චේතනාව සහ සමපේක්ෂණ චේතනාව ඇති බැවින්, ඉතිරිකිරීමේ ගිණුම් බොහෝ විට මූල්‍ය ආරක්ෂණ ජාලයක් ලෙස ක්‍රියා කරයි. වෙනත් වචන වලින් කිව හොත්, හදිසි අවස්ථාවකදී ඔබ ඔබගේ මුදල් වහාම පරිභෝජනය සඳහා වියදම් නොකර ඔබට එය ඉතිරි කිරීමට අවශ්‍ය වීම ස්වභාවික ය. ඔබගේ ඉතිරි කිරීම් ගිණුමට සැලකිය යුතු ස්ථාවර මුදලක් වෙන් කිරීම මගින්, ඔබ ඔබේ ඉපැයීම් වලින් ඉතිරි කොටස ඔබේ මෙහෙයුම් වියදම් සඳහා භාවිතා කරන අතරතුර, අනාගතයේදී ආර්ථික පසුබැසීමක් වැනි තත්වයක් ඇති වුව හොත් ඒ සඳහා වැඩියෙන් ඉතිරි කිරීමට ඉඩ සලසයි. ඔබ ආර්ථික පසබෑමකට මුහුණ දුන් විට සහ ඔබේ ආදායම් මාර්ගයක් අඩුවී ඇති විට ඔබගේ ඉතිරි කිරීමේ ගිණුම ඔබට අවම වශයෙන් දෛනික ජීවිතයේ මෙහෙයුම් වියදම් පියවා ගත හැකි බව සහතික කරන ආරක්ෂණ ජාලයක් ලෙස ක්‍රියා කරයි. ඔබගේ ඉතිරි කිරීමේ ගිණුම සෑම විටම ආරක්ෂිත බැවින් ඔබ ඉතිරිකිරීමේ ගිණුම භාවිතා කිරීමට නොහැකි වීම ගැන කනස්සල්ලට පත් විය යුතු නැත.

ව්‍යාපාර අවස්ථා සඳහා ආයෝජන මෙවලම

රට ආර්ථික අවපාතයක බලපෑමට ලක්වීමට ආසන්න අවස්ථාවක් ඇති වුව හොත් ඔබට ඔබේ ඉතිරි කිරීම් ගිණුම දක්ෂ ලෙස භාවිතා කිරීම මගින් සුවිශේෂී ව්‍යාපාරික අවස්ථා කිහිපයක් සඳහා ආයෝජනය කිරීමට අවස්ථාව තිබේ. එවැනි ආර්ථික අවපාතයක් ඇති වන කාලයක දී ලැබෙන විශාලතම අවස්ථාවන්ගෙන් එකක් වන්නේ පාරිභෝගික භාණ්ඩ වෙළඳපොල වන අතර, ආහාර සහ වෙනත් නිෂ්පාදන වැනි එදිනෙදා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය එයට ඇතුළත් වේ. අතිරික්ත ඉතිරිකිරීම් තිබීමෙන්, ආර්ථික අවපාත තත්වයක් තුළ පාරිභෝගික භාණ්ඩ වෙළඳපොළෙහි අනිවාර්යයෙන්ම ඇතිවිය හැකි අකාර්යක්ෂමතා පරතරය පිරවීම සඳහා ආයෝජනය කිරීමේ හැකියාව ද ඔබට ලැබෙනු ඇත. එම නිසා, ඔබට ඔබගේ ඉතුරි කිරීම් දුෂ්කර කාලවලදී ආදායම් උපයා ගැනීම සඳහා භාවිතා කිරීමට පමණක් නොව, වැඩි දෙනෙකුගේ යහපත යොදා ගැනීමට ද හැකි වේ.

පොළිය තුළින් ස්ථාවර ආදායමක් උත්පාදනය වීම

HNB FINANCE සමාගමෙහි ඉතිරිකිරීමේ ගිණුමක් ආරම්භ කිරීමේ එක් සුවිශේෂී වාසියක් වන්නනේ ආර්ථික අවපාතය ඇති තත්වයකදී පවා ඔබට ස්ථාවර ආදායමක් ලෙස ක්‍රියා කරන ආකර්ශනීය පොළී අනුපාත සඳහා ඔබට හිමිකම් ලැබීමයි. රුපියල් මිලියනයකට වඩා වැඩි ඉතුරුම් ගිණුම් ශේෂයන් සඳහා අපි සියයට හයකට වඩා වැඩි පොළී අනුපාතයක් ලබා දෙන අතර, නුදුරු අනාගතයේ දී ඔබ ආර්ථික පසුබැසීමක් ඇති වනු ඇතැයි අනුමාන කරන්නේ නම් එය ඔබට සතුටුදායක ආදායම් මාර්ගයක් ලෙස ක්‍රියා කරයි. වෙනත් වචන වලින් කිවහොත්, අද වැඩියෙන් ඉතිරි කිරීම ඔබට ද්විතීයික ආදායම් උත්පාදකයක් සහතික කර දෙන අතර ම, එය දුෂ්කර කාලවලදී එයට මුහුණ දීමට ඔබව වඩාත් හොඳින් සූදානම් කරයි.

ස්ථාවර ජීවන තත්වයක් පවත්වා ගැනීමට හැකි කරවන මෙවලමක් වීම

HNB FINANCE සමාගමේ සාමාන්‍ය ඉතිරිකිරීමේ ගිණුම භාවිතා කිරීමේදී ඔබ ජීවන වියදම ලෙස කොපමණ මුදලක් වැය කරන්නේ දැයි තීරණය කිරීමට එය ඔබට උපකාරී වනු ඇත. එසේ කළ හැකි වන්නේ සෑම ගනුදෙනුවක් පිළිබඳව ම කෙටි පණිවුඩ හරහා විද්‍යුත් ක්‍රමයට ඔබට දැනුම් දෙනු ලබන බැවින්, පසුව එම පණිවුඩ කියවා බැලීමෙන් ආර්ථික අවපාතයක් පවතින කාලයකදී ඔබට වඩාත් ම වැදගත් වන්නේ කුමන ගනුදෙනුද යන්න සහ නොසලකා හැරිය හැකි වන්නේ කවර ගනුදෙනුද යන්න තේරුම් ගැනීමට ඔබට හැකි වන නිසා ය. මේ අනුව, ආර්ථිකය හොඳින් ක්‍රියාත්මක නොවන තත්වයක් තුළ ද හානියක් සිදු නොවන උපයෝගීතා ජීවන රටාවකට හැඩගැසීමට ඔබට හැකිවේ. වෙනත් වචන වලින් කිවහොත්, ඉතුරුම් ගිණුම ඔබට දුෂ්කර කාලවලදී පවා ස්ථාවර ජීවන තත්වයක් පවත්වා ගැනීමට ඉඩ සලසා දෙයි.

HNB FINANCE විසින් පිරිනමනු ලබන සාමාන්‍ය ඉතිරිකිරීමේ ගිණුම ඔබ මහන්සියෙන් උපයා ගත් මුදල් සුරක්ෂිතව තබා ගැනීම සහතික කරන පහසුකමක් ලෙස පමණක් නොව, ආර්ථික අවපාතයක් වැනි ආර්ථික දුෂ්කරතා සහිත කාලයකදී පවා එයට සාර්තකව මුහුණ දීමට උපකාරී වන මෙවලමක් ලෙස ද ක්‍රියා කරයි.