HNB Finance youlead

ප්‍රවෘත්ති

YouLead වැඩසටහන ඇරඹෙයි

USAID හෙවත් එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ නියෝජිතායතනයේ YouLead මූලාරම්භය සමග HNB FINANCE ආයතනය හවුල්කාරිත්වයක් ආරම්භ කරයි

-ව්‍යවසායිකාවන්, ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් (MSME’s) හා ණය විධායක නිලධාරීන් සඳහා වන වැඩමුළු හා සම්මන්ත්‍රණ

රටේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ගනුදෙනුකරුවන් හා ව්‍යවසායිකාවන් වෙනුවෙන් විශේෂීකරණය වූ වැඩමුළු හා සම්මන්ත්‍රණ පෙළක් පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සේවා සම්පාදනායතනය වන HNB FINANCE ආයතනය විසින් එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන නියෝජිතායතනය සමගින් හවුල්කාරිත්වයක් ආරම්භ කරන ලදී.

“රටේ සංවර්ධනය හා දිවයින පුරා අපගේ ගනුදෙනුකාර පදනම ව්‍යාප්ත කරලීම සමගින් අනුගත වන්නාවූ වර්ධන පිළිබඳ HNB FINANCE ආයතනයේ අපි විශ්වාසය රඳවා සිටින්නෙමු. YouLead සමගින් පවත්වනු ලබන හවුල්කාරිත්වය විසින් අප හා අපගේ වටිනා පාරිභෝගික පදනම වෙත අතිශයින් අවශ්‍ය වන්නාවූ මූල්‍යමය දැනුම අත්පත් කරගැනීමේ අද්විතීය වේදිකාවක් හා අවස්ථාවක් ලබාදෙනු ලබයි. සිය ව්‍යාපාරයනට සහාය හා වර්ධන හැකියාවන් ලබාදෙමින් අවසන සෙසු වැඩෙමින් පවත්නා ව්‍යවසායකයන් වෙතද ඔවුන්ගේ ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා අවශ්‍ය මැදිහත්කරණය හා නායකත්වයද ලබාදීම සඳහා අපගේ පාරිභෝගිකයන්, විශේෂයෙන් ව්‍යවසායිකාවන් හා ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයේ නියැළි පුද්ගලයන් වඩාත් හොඳින් සූදානම් කිරීම මෙම වැඩමුළු මගින් සිදු කෙරෙනු ඇති බවට විශ්වාස කරන්නෙමු”යි HNB FINANCE ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතා විසින් ප්‍රකාශ කරන ලදී.

මෙම සම්මන්ත්‍රණ හා වැඩමුළු මාලාව මගින් සාර්ථකව ව්‍යාපාරයක් නිර්මාණය කොට, පවත්වා ගනිමින් සංවර්ධනය කරන ආකාරය පිළිබඳ වටිනා තාක්ෂණික හා මූල්‍ය දැනුමක් ලබාදීම ඉලක්ක කරයි. ගනුදෙනුකරුවන් හට සිය මූල්‍ය අරමුණු සාක්ෂාත් කරගැනීමට අවශ්‍ය මඟ පෙන්වීම ලබාදීම සඳහා වූ කුසලතා මුවහත් කරනු පිණිස HNB FINANCE ආයතනයේ ණය විධායක නිලධාරීහූ වැඩමුළු හා සම්මන්ත්‍රණ ගණනාවකට සහභාගි වූහ.

” YouLead ව්‍යාපෘතිය විසින් සිය වෘත්තීය අභිලාශයන් හා ආර්ථික අනාගතයන් සියතට ගනු පිණිස ශ්‍රී ලංකාවේ නිපුණතා පූර්ණ තරුණ තරුණියන් සංවර්ධනය කරමින් බලගැන්වීම අපේක්ෂා කරනු ලබයි. ව්‍යවසායකත්වය එම අනාගතයේ අත්‍යවශ්‍ය කොටසක් වන අතර, ඇතැම් විට අපගේ සීඝ්‍රයෙන් වෙනස්වෙමින් පවත්නා ලෝකයේ ඉදිරියට ගමන් කිරීමේ මාර්ගයක් සොයා ගැනීමට වඩාත් හොඳින් ස්ථානගතව සිටින පිරිස තරුණයන් වේ. එච්.එන්.බී.හි ප්‍රයත්නයනට සහාය පළ කිරීමට හැකිවීම පිළිබඳ සතුටට පත්වන අතර, මෙම තරුණ ව්‍යවසායකයන් අතරින් ඇතැමෙක් හෙට දිනයේ නවෝත්පාදකයන් හා මහා සේවායෝජකයන් බවටද පත්වනු ඇතැයි අපේක්ෂා කරමි”යි ව්‍යාපෘති අධ්‍යක්ෂ චාල්ස් කොන්කෝනි මහතා විසින් ප්‍රකාශ කරන ලදී.

YouLead යනු ශ්‍රී ලංකාවේ තරුණ සේවා නියුක්තිකත්වය වර්ධනය කිරීමේ අරමුණින් තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපනය හා පුහුණුව ප්‍රවර්ධනය කරනු උදෙසා ජාත්‍යන්තර විධායක සේවා සේනාංකය (IESC) විසින් ක්‍රියාත්මක කරනු ලබන, එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ නියෝජිතායතනයේ අරමුදලින් ක්‍රියාත්මක වැඩසටහනකි. සිසුන්, ගුරුවරුන්, ආයතන හා තරුණ ව්‍යවසායකයන් වෙත සහාය දක්වමින් ඔවුන් බලගන්වන්නාවූ කටයුතුවල නියැළෙමින් වඩාත් නිපුණතා පූර්ණ හා නම්‍යශීලී කාර්ය බලකායක් නිර්මාණය කිරීම YouLead හි අරමුණයි. තරුණ ව්‍යවසායකයන්ගේ ව්‍යාපාර කුසලතා හා ඔවුන්ගේ ව්‍යාපාර සැලසුම්වල ගුණාත්මකභාවයද නංවාලනු පිණිස ඔවුන් සමගින් මෙන්ම මූල්‍ය ආයතනයන්හි තරුණ නායකත්වයෙන් යුත් ව්‍යවසාය ආරම්භ කිරීම සඳහා ණය ලබාදීමේ හැකියාව වර්ධනය කරනු පිණිස YouLead එම ආයතන සමගින්ද සමීපව කටයුතු කරනු ඇත. සේවා නියුක්තීන් කරා ක්ෂණිකව සංක්‍රමණය වෙමින් ආරම්භක දිනයේ සිටම ඵලදායී සේවා නියුක්තිකයන් වීමේ හැකියාව ලබාදෙන අලෙවි කළ හැකි කුසලතාවයන් ශ්‍රී ලංකාවේ තරුණයන් විසින් ඉගෙන ගන්නා බවට සහතික කරනු පිණිස YouLead පුද්ගලික අංශය සමගින්ද සමීපව කටයුතු කරයි.

2000 වසරේදී ස්ථාපනය කරන ලද එච්.එන්.බී. ෆිනෑන්ස් ආයතනය ‍ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය විසින් ලියාපදිංචි මූල්‍ය සමාගමක් ලෙස බලපත්කරණය කර ඇත. හැටන් නැෂනල් බැංකුවේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර 650ක බලයද සහිතව ශාඛා 48ක් හා සේවා ස්ථාන 21ක් හරහා පුළුල් වූ, දීප ව්‍යාප්ත පැතිරීමක් සහිත HNB FINANCE ආයතනය මෑත අතීතයේදී නව ව්‍යාපාර ක්ෂේත්‍රයන් කරාද විහිදී ගොස් ඇති අතර, මේවන විට ඉතුරුම්, රන් ණය, ස්ථාවර තැන්පතු පහසුකම් හා කල්බදු නිෂ්පාදනයනට අමතරව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SME) ණයද ලබාදෙයි.