ප්‍රවෘත්ති

SLT Zero One සම්මාන උළෙලේදී HNB FINANCE රන් සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලබයි

HNB FINANCE මූල්‍ය සේවා අංශයේ සිය ඩිජිටල් සේවා විශිෂටත්වය තවදුරටත් තහවුරු කරමින් SLT Zero One සම්මාන උළෙලේදී රන් සම්මාන ත්‍රිත්තවයක් හිමිකර ගැනීමට සමත් විය. HNB FINANCE හි වෙබ් අඩවිය සම්මාන උළෙලේ හොඳම වෙබ් අඩවිය ලෙස රන් සම්මානය දිනා ගත් අතර විශිෂට තම ඩිජිටල් අලෙවි සේවා වැඩසටහන සහ මූල්‍ය ක්ෂෙත්‍රෙය් හොඳම වෙබ් අඩවියට හිමි රන් සම්මානයන් ද HNB FINANCE විසින් දිනා ගන්නා ලදි.

SLT Zero One සම්මාන උළෙල පුද්ගලයින්, ආයතන සහ සන්නාමයන්ගේ ඩිජිටල් සේවා සැපයීමේ විශිෂ්ටත්වය ඇගයීමට ලක් කරන මෙරට ප්‍රමුඛතම සම්මාන උළෙල ලෙස බුහුමනට පාත්‍ර වී ඇත. මෙවර සම්මාන උළෙල සඳහා මූල්‍ය, සුව සේවා, සංචාරක සහ සත්කාරක, මාධ්‍ය, පාරිභෝගික සේවා, නිෂපාදන සහ භාණඩ ප්‍රවාහන හා ආශ්‍රිත සේවා යන කාණ්ඩ යටතේ පුද්ගලික සහ රාජ්‍ය ආයතන 503ක් සම්මාන සඳහා අයදුම් කර තිබිණ.

දැඩි ඇගයීමේ ක්‍රියාවලියකින් අනතුරුව HNB FINANCE විසින් ඉහත සඳහන් කළ අංශ තුනෙන්ම රන් සම්මාන දිනා ගැනීමට සමත් වූ අතර විශිෂටතම ඩිජිටල් අලෙවි සේවා වැඩසටහනට හිමි රන් සම්මානය HNB FINANCE හි ණය සේවා වැඩසටහන දිනා ගත් අතර එහිදී එම වැඩසටහන දියත් කළ ආකාරය, නවොත්පාදනය සහ වැඩසටහනේ සාර්ථකත්වය යන ප්‍රධාන සාධකයන් මෙහිදී ඇගයීමට ලක් විය.

SLT Zero One සම්මාන උළෙලේ සිය ̈ කාණ්ඩයන්ෙ ග් විශිෂට තම වෙබ් අඩවියට හිමි සම්මානය HNB FINANCE විසින් හිමිකර ගත් අතර එහිදී වෙබ් අඩවියේ නිරමාණකරණය, වෙබ් අඩවියේ සංවරධන කටයුතු සහ එහි ක්‍රියාකාරීත්වයේ සුමට බව, භාවිතයේ පහසුව සහ ප්‍රතිඵලදායී බව යන ප්‍රධාන සාධකයන් ඇගයීමට ලක් කෙරිණ. මෙහිදී සලකා බැලු සිය ̈ ප්‍රධාන සාධකයන්ගේ ඉහළම ඇගයීම ලබා ගැනීමට සමත් වූ අතර මේ නිසාම සම්මාන උළෙලේ සිය ̈ කාණඩයන් අතර විශිෂ්ට තම වෙබ් අඩවියට හිමි රන් සම්මානය දිනා ගැනීමට HNB FINANCE සමාගමට හැකි විය. ඩිජිටල් සේවා ඇගයීම ට ලක් කරන මෙරට වඩාත් ගෞරවයට පාත්‍ර වූ වැනි සම්මාන උළෙලකදී රන් සම්මාන ත්‍රිත්වයක් හිමි කර ගැනීම වසර 20ක ඉතිහාසය තුළ අප ලද සුවිශේෂී ජයග්‍රහනයක් ලෙස අවිවාදයෙන්ම සඳහන් කරන්න පුළුවන්. විශෙෂයෙන්ම මෙම සම්මාන උළෙලට සහභාගී වූ 500ට අධික මෙරට දැවැන්ත ආයතන අතුරින් පළමු ස්ථානය හිමිකර ගැනීම සැබවින්ම HNB FINANCE හි විශිෂටත්ව ය ශ්‍රී ලාංකිකයින් අභිමුව තැබීමට ලද මනරම් අවස්ථාවක් ලෙසටත් හැඳින්වි ය හැකියි. 2020 වර්ෂය ඇරඹීමට මීට වඩා ජයග්‍රහනයක් අපට අවශ්‍ය නොවන්නේ 2020 වර්ෂය අපගේ සේවාවන් පූර්ණ ඩිජිටල්කරණයකට පත් කෙරන නිසයි. මූල්‍ය සේවා ක්ෂෙත්‍රයේ පුරෝගාමී ආයතනයක් ලෙස HNB FINANCE සමාගම නිරතුරුව අපගේ සේවා වඩාත් පාරිභෝගික අවශ්‍යතා සපුරාලන ආකාරයට ක්‍රියාත්මක කිරීමට කැපවී සිටින අතර මෙහිදී ඩිජිටල්කරණයට ලබා දිය හැකි සහාය අපමණයි. සේවා ගුණාත්මකබව වේගවත් හා නිරවද්‍ය බව සහ වැය සඵල්‍යතාවකින් යුතුව පිරිවැය කළමනාකරණය වැනි කටයුතු ඩිජිටල්ක රණය තුළින් අපට සාක්ෂාත් කර ගත හැකියි. මෙබඳු වාසි ගණනාවක් ඇති බැවින් අපගේ සේවා ඩිජිටල්කරණය කිරීම සඳහා අරඹා ඇති වැඩ පිළිවෙල තවත් වේගවත් කිරීමට අපට මග සාදා දෙනවා. තාක්ෂණය සඳහා අප විසින් සිදු කරන ආයෝජන තුළ දීර්ඝ කාලීනව මූල්‍ය ක්ෂෙත්‍රයේ සේව ප්‍රමිතීන් ඉහළ නැංවීමට අපට හැකි වනු ඇතැයි මම විශ්වාස කරනවා යනුවෙන් HNB FINANCE හි කළමනාකාර අධ්‍යඬරැප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතා පැවසීය.

වර්ෂ 2000 දී පිහිටුවන ලද HNB FINANCE LIMITED ශ්‍රී ලංකාවේ මහ බැංකුවේ මුදල් මණ්ඩලය මගින් ලියාපදිංචි කරන ලද බලපත්‍රලාභී මූල්‍ය සමාගමකි. ශාඛා 48 ක් හා සේවා මධ්‍යස්ථාන 21 ක් සහිතව දිවයින පුරා ස්ථාපිත කර ඇති HNB FINANCE වර්තමානයේදී නව ව්‍යාපාර ක්ෂේත්‍රයන් දක්වා ව්‍යාප්ත වී තිබේ. ඉතිරිකිරීම්, රන් ණය, අධ්‍යාපන ණය, නිවාස ණය, පුද්ගලික ණය, ස්ථාවර තැන්පතු පහසුකම් සහ කල්බදු සේවා යන මූල්‍ය සැලසුම් වලට අතිෙර්කව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය: ණය ලබා දීම ද සිදුුකරනු ලබයි.