ප්‍රවෘත්ති

HNB FINANCE ‘අපේ ගෙදර අවුරුදු’ ඩිජිටල්කරණ වැඩසටහන මෙවරත්

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC පසුගිය වසරේ මෙන්ම මෙම වසරේ දී ද සිංහල සහ දෙමළ අලූත් අවුරුදු සමය වෙනුවෙන් දැනුම හා විනෝදය සපිරි සාම්ප‍්‍රදායික අවුරුදු ක‍්‍රීඩා සහ අනෙකුත් අවුරුදු විශේෂාංග රැසකින් සමන්විත ඩිජිටල් අවුරුදු ප‍්‍රවර්ධන වැඩසටහන දියත් කරනු ලැබීය. 2020 වසරේ සිංහල අලූත් අවුරුද්ද නිමිති කොට ඇරඹි මෙම වැඩසටහන එහි සාර්ථකත්වය නිසාම මෙම වසරේදී ද පැවැත්වීමට HNB FINANCE සමාගම කටයුතු කරන ලදි.

HNB FINANCE ‘අපේ ගෙදර අවුරුදු’ ප‍්‍රවර්ධන වැඩසටහන තුළින් සියලූම ශ්‍රී ලාංකිකයින්ට ඔවුන්ගේ නිවෙස්වල පහසුවෙන් හිඳිමින් ඒවාට සහභාගී වීී තරග කළ හැකි විය. කොට්ට පොර, කනාමුට්ටිය බිඳීම, ලිස්සන ගහ, අලියට ඇහැ තැබීම, අවුරුදු මැරතන් මෙන්ම අවුරුදු රස පැණ ආදී තරග රාශියකින් මෙය සමන්විත විය. තවද, මෙම ඩිජිටල් අවුරුදු ක‍්‍රීඩා පරිශීලකයින්ට දිනුම් ඇදීමක් සඳහා ලියාපදිංචි වීමට අවස්ථාවක් ද ලබා දුන් අතර භාගත (download) හැකි පරිදි සකස් කළ අවුරුදු ලිත සහ අවුරුදු පණිවිඩය ද මේ සමග ලබා දෙන ලදි.

මේ පිළිබඳව HNB Finance හි අලෙවි ප‍්‍රධානී උදාර ගුණසිංහ මහතා අදහස් දක්වමින් ‘‘කොවිඞ්-19 වසංගතය මේ වන විට සෞඛ්‍ය, සමාජීය සහ ආර්ථිකමය ප‍්‍රතිවිපාක රාශියකට හේතු වී ඇති අතර පසුගිය වසරේදී ඉතිහාසයේ ප‍්‍රථම වරට ශ්‍රී ලාංකිකයින් වන අපට නිවසට සීමා වී අවුරුදු සැමරීමට සිදු වුනා. HNB FINANCE හි ‘අපේ ගෙදර අවුරුදු’ ඩිජිටල් තාක්ෂණික වේදිකාව කාලීන අවශ්‍යතාවක් හඳුනාගනිමින් සියලූ ශ‍්‍රී ලාංකිකයින් වෙත හඳුන්වාදුන් ප‍්‍රශස්ත වැඩසටහනක් වීමත් පසුගිය වසරේ දී 100,000කට අධික තරගකරුවන් සංඛ්‍යාවක් සහභාගීවීම නිසාම මෙවර අලූත් අවුරුද්ද නිමිති කරගෙන මෙම ඩිජිටල් අවුරුදු වැඩසටහන යළි දියත් කිරීමට අපි විසින් පියවර ගනු ලැබුවා’’ යනුවෙන් පැවසුවේය.
HNB FINANCE හි ‘අපේ ගෙදර අවුරුදු’ ඩිජිටල් වැඩසටහන සමග මැයි මස දෙවන සතිය දක්වා අන්තර්ජාලය ඔස්සේ පාරිභෝගිකයින්ට සහභාගීවීමට අවකාශ සලසා දී තිබුණු අතර තරගවලින් ජයග‍්‍රහන ලැබූවන් අතුරින් අහඹු ලෙසින් තෝරා ගත් ජයග‍්‍රාහකයින් සඳහා ආකර්ෂණිය ත්‍යාග පිරිනැමීමටද ්‍යභඊ ත්‍සබ්බජැ සමාගම පියවර ගනු ඇත.

HNB FINANCE පිළිබඳව
වර්ෂ 2000 දී පිහිටුවන ලද HNB FINANCE PLC ශ‍්‍රී ලංකාවේ මහ බැංකුවේ මුදල් මණ්ඩලය මගින් ලියාපදිංචි කරන ලද බලපත‍්‍රලාභී මූල්‍ය සමාගමකි. ෆිච් රේටිං ආයතනය විසින් පිරිනමනු ලබන ජාතික දිගුකාලීන ‘A (lka)’ ශ්‍රේණිගතකරණය සමාගම විසින් හිමිකර ගෙන ඇත. ශාඛා 60 ක් හා සේවා මධ්‍යස්ථාන 10 ක් දිවයින පුරා ස්ථාපිත කර ඇති HNB FINANCE PLC වෙතින් සලසනු ලබන මූල්‍ය සේවාවන් අතර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය (SME) ලීසිං සේවා, රන් ණය, නිවාස ණය, පුද්ගලික ණය, අධ්‍යාපන ණය, ඉතිරිකිරීම්, සහ ස්ථාවර තැන්පතු පහසුකම් යන මූල්‍ය සේවා ප‍්‍ර‍්‍රධාන වේ.