ප්‍රවෘත්ති

HNB FINANCE PLC අඛණ්ඩව සිව්වෙනි වසරටත් ශ‍්‍රී ලංකාවේ සේවය කිරීමට සුදුසු විශිෂ්ටතම සමාගම් (Best Workplaces) අතරට

ධනාත්මක සේවා පරිසරයක් සිය සේවකයින්ට ලබා දීම සඳහා දැඩි කැපවීමකින් කටයුතු කරන ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය ආයතනයක් වන HNB FINANCE PLC අඛණ්ඩව සිව්වන වසරටත් මෙරට සේවය සඳහා සුදුසුම විශිෂ්ටතම ආයතන 40 අතරට එක් වීමට සමත්විය.

Best Workplaces සම්මාන උළෙල ජනවාරි 21වන දින හිල්ටන් හෝටලයේදී පැවති අතර මෙහිදී Extra Large Enterprise Category කාණ්ඩයේ ලෝකඩ සම්මානය දිනා ගැනීමට HNB FINANCE PLC සමත්විය. ආචාර්ය රවී ප‍්‍රනාන්දු සහ හැටන් නැෂනල් බැංකුවේ සභාපති දිනේශ් වීරක්කොඩි යන මහත්වරු මෙම සම්මාන උළෙලට ප‍්‍රධාන ආරාධිතයින් ලෙස එක් විය.

‘‘අඛණ්ඩව සිව්වන වසරටත් මෙරට සේවය සඳහා සුදුසුම විශිෂ්ටතම ආයතන 40 අතරට එක් වීමට හැකි වීම අප ලද දැවැන්ත ජයග‍්‍රහනයක්. විශේෂයෙන්ම දැඩි අභියෝග මධ්‍යයේ ගෙවීගිය පසුගිය වසර තුළ සමාගමේ කටයුතු දැඩි කැපවීමකින් සිදුකිරීමට අපගේ කාර්ය මණ්ඩලය විශාල උත්සාහයක් දරනු ලැබූ අතර ඒ තුළින් සමාගම ජයග‍්‍රාහී මාවත වෙත ගෙන යෑමට අපට හැකි වුණා. සේවකයින්ට විශ්වාසදායී සේවා පරිසරයක් ගොඩනැගිය හැකිනම් අතිවිශිෂ්ට ව්‍යාපාරික කාර්යසාධනයක් ඕනෑම ව්‍යාපාරයකට ළගා කර ගත හැකි බව අපි තරයේ විශ්වාස කරන සත්‍යයක්. අපගේ සේවා සංස්කෘතියෙහි ගුණාත්මක හා අසමසම බව මේ ඇගයීම් මගින් වඩාත් තහවුරු වෙනවා’’ යනුවෙන් HNB FINANCE PLC කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී චමින්ද ප‍්‍රභාත් මහතා පැවසීය.

පසුගිය වසර කිහිපය මුළුල්ලේ HNB FINANCE විසින් සේවා සංස්කෘතිය බලාත්මක කිරීම, බඳවා ගැනීම් හා පිළිගැනීම් පටිපාටිය, සමානව සැලකීම, කුසලතා පදනම මත උසස්වීම් ප‍්‍රදානය සහ ඇගයීම, සේවකයින් ඉලක්කයන් වෙත දිරිගැන්විම යනාදී යහපත් ආයතනික මූලධර්මයන් සිය පරිපාලන ව්‍යුහයට ඇතුලත් කර ක‍්‍රියාත්මක කළ අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස පසුගිය වසර 4 පුරාම අඛණ්ඩව මෙම සම්මාන උළෙලේදී ඇගයීමට පාත‍්‍ර වීමට සමාගමට හැකියාව ලැබිණි.

HNB FINANCE වර්ෂ 2017 දී ප‍්‍රමුඛ සේවායෝජකයකු ලෙස පිළිගැනීමට ලක්වූ අතර සේවය කිරීමට විශිෂ්ට ස්ථානයක් ලෙස ලෝකඩ සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය. එසේම 2018 දී Extra Large Sized Enterprisez කාණ්ඩය යටතේ රිදී සම්මානයෙන් පිදුම් ලැබීය. මීට අතිරේකව 2017 දී අභිමානය සහ සේවක මාර්ගෝපදේශනය සඳහා විශේෂ සම්මානයක් HNB FINANCE වෙත ප‍්‍රදානය කරන ලදි. එමෙන්ම 2019 වසරේදී ආසියාවේ සේවය කිරීමට සුදුසුම ආයතන 25 අතරට එක්වූ එකම ශ‍්‍රී ලාංකීය මූල්‍ය සමාගම බවට HNB FINANCE සමාගම පත් විය.

මෙම සම්මානය සඳහා නිර්දේශ කිරීම Great Place to Work කණ්ඩායම ඇතුළු Trust Index® Employee Survey සහ Culture Audit® නම් ස්වාධීන කණ්ඩායම් කීපයක් මගින් සිදු කරනු ලබයි. මෙය තනිකරම සේවකයන් අශ‍්‍රිතව සිදුකරනු ලබන අතර සේවක ප‍්‍රතිපෝෂණය මත පදනම්ව ලබා දෙන සම්මානයකි.

HNB FINANCE පිළිබඳව

වර්ෂ 2000 දී පිහිටුවන ලද HNB FINANCE PLC ශ‍්‍රී ලංකාවේ මහ බැංකුවේ මුදල් මණ්ඩලය මගින් ලියාපදිංචි කරන ලද බලපත‍්‍රලාභී මූල්‍ය සමාගමකි. ෆිච් රේටිං ආයතනය විසින් පිරිනමනු ලබන ජාතික දිගුකාලීන ‘A (lka)’ ශ්‍රේණිගතකරණය සමාගම විසින් හිමිකර ගෙන ඇත. ශාඛා 60 ක් හා සේවා මධ්‍යස්ථාන 10 ක් දිවයින පුරා ස්ථාපිත කර ඇති HNB FINANCE PLC වෙතින් සලසනු ලබන මූල්‍ය සේවාවන් අතර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය (SME), ලීසිං සේවා, රන් ණය, නිවාස ණය, පුද්ගලික ණය, අධ්‍යාපන ණය, ඉතිරිකිරීම්, සහ ස්ථාවර තැන්පතු පහසුකම් යන මූල්‍ය සේවා ප‍්‍ර‍්‍රධාන වේ.