ප්‍රවෘත්ති

HNB FINANCE වෙතින් කෝවිඩ් පාලනයට තී‍්‍රරෝද රථ සඳහා “මගී ආරක්ෂණ ආවරණ”

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සේවා සම්පාදකයකු වන HNB FINANCE PLC සිය ආයතනික සමාජ වගකීම් ප‍්‍රවේශය යටතේ කෝවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය පාලනය සඳහා පියවර ගනිමින් ත‍්‍රීරෝද රථ රියැදුරන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ප‍්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ සහ නුගේගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂණ නිලධාරී මාධව ගොඩගෙදර මහතාගේ සහායද ඇතිව HNB FINANCE හි කළමනාකාර අධ්‍යක්ෂ ප‍්‍රධාන විධායක නිළධාරී චමින්ද ප‍්‍රභාත් මහතාගේ සහ බස්නාහිර පළාත භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කපිල කටුපිටිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් නුගේගොඩ, මිරිහාන පොලිස් කී‍්‍රඩා පිටියේදී සංවිධානය කරන ලදි. මෙහිදී කෝවිඩ් වසංගත තත්වය තුළ මගීන් ගෙන යෑමේදී සහ මගී සේවා පවත්වාගෙන යෑමේදී පිළිිපැදිය යුතු සෞඛ්‍යය පිළිවෙත් පිළිබඳව ත‍්‍රීරෝද රථ රියැදුුරන් දැනුවත් කිරීම මෙම වැඩසටහනේ මුඛ්‍ය අරමුණ විය. මෙම වැඩසටහන සඳහා නුගේගොඩ සහ ඒ අවට මගී සේවා පවත්වාගෙන යනු ලබන ත‍්‍රීරෝද රථ රියදුරන් 250ක් පමණ සහභාගී වූ අතර ඔවුන්ගේ ත‍්‍රීරෝද සඳහා ප‍්‍රමිතියානුකූල මගී ආරක්ෂණ ආවරණ සහ ත‍්‍රීරෝද රථ රියැදුරන් සඳහා ප‍්‍රමිතියානුකූල මුඛ ආවරණ ලබා දීමට ද HNB FINANCE සමාගම කටයුතු කරන ලදි.

කෝවිඩ් වසංගතය සමාජ තුළ පැතිර යෑම වැළැක්වීම සඳහා කෝවිඩ් පැතිර යෑම පාලනය කිරීමේ විශේෂ මෙහෙයුම් කමිටුව සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග පාලන ඒකකය විසින් මගී ප‍්‍රවාහන බස් රථ සහ පුද්ගලික ත‍්‍රීරෝද රථ සඳහා මගීන් වෙන් කෙරෙන ආවරණ අනිවාර්යයෙන්ම තිබිය යුතු බවට තීරණය කරන ලදි. ඒ අනුව ත‍්‍රීරෝද රියදුරන් සහ මගීන් අතර දුරස්ථභාවය රඳවා තබා ගැනීමට මගී ආවරණ යෙදීමට රියදුරන්ට උපදෙස් ලබා දුන් අතර මෙම අවශ්‍යතාව කඩ කරනු ලැබූ ත‍්‍රීරෝද රථ රියදුරන් රුපියල් 25,000ක දඩයකට යටත් කරනු ලැබීය. සමාජ දුරස්ථකරණය සහ කොළඹ නගරය හා ඒ අවට විටින් විට හුදකලා කිරීමත් සමගම ත‍්‍රීරෝද රථ රියදුරන්ගේ ආදායම් මට්ටම් පහළ ගොස් ඇති අවස්ථාවක ප‍්‍රමිතීයානුකූල මගී ආරක්ෂණ ආවරණ ලබා දීම තුළින් ත‍්‍රීරෝද රථ මගින් කෝවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමට සහාය වීම දඩයකට ලක් වීමේ අවදානම මගහැරීමට ත‍්‍රීරෝද රථ හිමිකරුවන්ට සහාය වීම යන කරුණු ද්විත්වයම සපුරාලීමට මෙම පරිත්‍යාගය මගින් HNB FINANCE සමාගමට හැකි විය. මීට අමතරව මෙම වැඩසටහන පිළිබඳ අදහස් දක්වන HNB FINANCE PLC හි අළෙවි ප‍්‍රධානී උදාර ගුණසිංහ මහතා ‘‘ ත‍්‍රීරෝද රථ සේවාව මෙරට මගී ප‍්‍රවාහන කාර්යයේ අත්‍යාවශ්‍යම අංගයක් වන අතර කෝවිඩ් වෛරසයට ගොදුරු වීම පිළිබඳව අවධානය යොමු කිරීමේදී තී‍්‍ර රෝද රථ රියැදුරන් සමාජයේ අධි අවදානමකට ලක්විය හැකි කණ්ඩායමක් ලෙසද සැලකිය හැකියි. ඒ අනුව ඔවුන් වෙත ප‍්‍රමිතියානුකූල මගී ආවරණ ලබා දීම තුළින් ත‍්‍රීරෝද රථවල ගමන් කරන මගීන් වෙත වෛරසය සම්පේ‍්‍රෂණය අවම කිරීමත් මගී ආරක්ෂක ආවරණයේම රදවා ඇති Stay Safe QR Code එක මගින් රථයේ ගමන් ගන්නා මගියාගේ ආරක්ෂාව සහ පහසුව සැලසීමත් මේ තුළින් අප බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ වැඩසටහන අපගේ ශාඛාවන් හරහා ලංකාව පුරා සිදුකිරීමටත් ඒ තුළින් කොවිඩ් වසංගතය පාලනය කිරීමට හැකි උපරිම දායකත්වයක් ලබාදීමටත් සමාජ වගකීම පිළිබඳව දැඩිව සිතන සමාගමක් විදිහට අපි ඉදිරියේදීත් කටයුතු කරනවා’’යනුවෙන් පැවසීය.

මෙවන් දැනුවත් කිරීමේ සහ ත‍්‍රීවිල් රථ සඳහා මගී ආරක්ෂණ ආවරණ ලබාදීමේ වැඩසටහනක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් සහභාගී වූ තී‍්‍රවිල් රථ රියැදුරන්ගේ නොමද පැසසුම් HNB FINANCE PLC වෙත හිමිවූ අතර මේ අවස්ථාවට මිරිහාන පොලිස් මූලස්ථානාධිපති – පොලිස් පරීක්ෂක එච්.ඊ.එම්.තුෂාර මහතා ඇතුළු පොලිස් කාර්යමණ්ඩලයේ නිළධාරීන් සහ HNB FINANCE සමාගමේ නිළධාරීහුද සහභාගී වූහ.

වර්ෂ 2000 දී පිහිටුවන ලද HNB FINANCE PLC ශ‍්‍රී ලංකාවේ මහ බැංකුවේ මුදල් මණ්ඩලය මගින් ලියාපදිංචි කරන ලද බලපත‍්‍රලාභී මූල්‍ය සමාගමකි. ශාඛා 60 ක් හා සේවා මධ්‍යස්ථාන 10 ක් දිවයින පුරා ස්ථාපිත කර ඇති HNB FINANCE PLC වෙතින් සලසනු ලබන මූල්‍ය සේවාවන් අතර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය (SME), ලීසිං සේවා, රන් ණය, නිවාස ණය, පුද්ගලික ණය, අධ්‍යාපන ණය, ඉතිරිකිරීම්, සහ ස්ථාවර තැන්පතු පහසුකම් යන මූල්‍ය සේවා ප‍්‍ර‍්‍රධාන වේ.