ප්‍රවෘත්ති

HNB FINANCE PLC වැලිමඩ ශාඛාව නව නිවහනකට පිවිසෙයි.

වසර 20 ක් පුරා ශ්‍රී ලාංකීය පාරිභෝගික ජනතාව වෙත නම්‍යශීලී මූල්‍ය සේවාවන් තිළිණ කළ HNB FINANCE PLC වැලිමඩ ශාඛාව අංක 44, නුවර පාර වැලිමඩ යන ලිපිනයෙහි වඩාත් ඉඩ පහසුකම් සපිරි ගොඩනැගිල්ලකට පසුගියදා ගෙන යන ලදි.

රටේ පවතින නිරෝධායන නීතිවලට අනුව යමින් ඉතා සීමිත ආරාධිතයින් පිරිසකගේ සහභාගීත්වයකින් යුතුව ඉතා චාම් අන්දමින් සිදුකරන ලද අභිනව HNB FINANCE වැලිමඩ ශාඛාව විවෘත කිරීම ප්‍රාදේශීය කළමනාකාර ගාමිණී ආරියසිංහ සහ නියෝජ්‍ය ප්‍රාදේශීය කළමනාකාර කුශාන්ත වීරසිංහ යන මහත්වරුන් අතින් සුබ මොහොතින් සිදු කෙරුණු අතර එම අවස්ථාවට HNB FINANCE හි වැලිමඩ ශාඛාවේ නිළධාරීහුද සහභාගී වූහ.

වැලිමඩ ශාඛාව අලූුත් ස්ථානයක විවෘත කිරීම පිළිබඳව අදහස් දක්වන HNB FINANCE PLC හි කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතා ‘‘විශේෂයෙන්ම කෘෂි සහ සත්ව ගොවිපළ කර්මාන්ත ආශ්‍රිත ආර්ථීකයක් පවතින වැලිමඩ නගරය තුළ අපගේ සේවා මෙම ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්වය නංවාලීම සඳහා පෙරටත් වැඩි දායකත්වයක් ලබා දෙනු ඇතැයි මම අපේක්ෂා කරනවා. එමෙන්ම දිගුකාලයක් පුරා පාරිභෝගික භවතුන් සමග ගොඩනගා ගත් විශ්වාසයේ සබැඳියාව මත වඩාත් ඉඩ පහසුකම් සපිරි නව කාර්යාල පරිශ්‍රයකට පැමිණීමටත් HNB FINANCE අලූතින් ඇරඹූ රන් ණය සේවාව සහ අනෙකුත් මූල්‍ය සේවාවන් සමගින් සියලූම මූල්‍ය සේවාවන් එක වහලක් යටින් සපුරා ගැනීමේ හැකියාවත් අප ගනුදෙනුකාර භවතුන් වෙත ලබාදීමට අපට හැකිව තිඛෙනවා‘‘ යනුවෙන් පැවසීය.

වර්ෂ 2000 දී පිහිටුවන ලද HNB FINANCE PLC ශ්‍රී ලංකාවේ මහ බැංකුවේ මුදල් මණ්ඩලය මගින් ලියාපදිංචි කරන ලද බලපත්‍රලාභී මූල්‍ය සමාගමකි. ශාඛා 60 ක් හා සේවා මධ්‍යස්ථාන 10 ක් දිවයින පුරා ස්ථාපිත කර ඇති HNB FINANCE PLC වෙතින් සලසනු ලබන මූල්‍ය සේවාවන් අතර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය (SME) ලීසිං සේවා, රන් ණය, නිවාස ණය, පුද්ගලික ණය, අධ්‍යාපන ණය, ඉතිරිකිරීම්, සහ ස්ථාවර තැන්පතු පහසුකම් යන මූල්‍ය සේවා ප්‍රධාන වේ.