Asian Banking & Finance සම්මාන උළෙලේදී HNB FINANCE සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

ශ‍්‍රී ලාංකීය මූල්‍ය සමාගම් අතර සිය නාමය ඉදිරියට ගෙන එමින් 2020 වසරේ පැවති Asian Banking & Finance සම්මාන උළෙලේදී ප‍්‍රමුඛතම සම්මාන ද්විත්වයක් හිමිකර ගැනීමට HNB FINANCE සමාගම සමත් විය. ශ‍්‍රී ලංකාවේ මූල්‍ය සමාගම් අතුරින් විශිෂ්ටතම අලෙවි සහ සන්නාම ප‍්‍රවේශය ලෙසත් ශ‍්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර විශිෂ්ටතම වෙබ් අඩවිය ලෙසින් ද මෙවර ඇගයුම් ලද එකම ශ‍්‍රී ලාංකීය මූල්‍ය සමාගම බවට පත්වීමට ද HNB FINANCE සමාගමට හැකි විය. කෝවිඩ් වසංගතය හේතුවෙන් ඉතිහාසයේ පළමු වරට අන්තර්ජාලය ඔස්සේ ඩිජිටල් සම්මාන ප‍්‍රදානෝත්සවයක් ලෙසින් පැවති Asian Banking & Finance සම්මාන උළෙල සඳහා මෙවර ද ආසියාවේ ප‍්‍රමුඛතම බැංකු හා මූල්‍ය සේවා විශාල සංඛ්‍යාවක් අයදුම්පත් ඉදිරිපත් කර තිබුණි.

HNB FINANCE සමාගම අන්තර්ජාලය තුළ සහ ඉන් පිටතත් සිදුකරන අලෙවි සහ සන්නාම ප‍්‍රවේශයන් තුළින් හිමිකර ගන්නා ව්‍යාපාරික ප‍්‍රතිලාභ, නවෝත්පාදනයන් සහ මෙම ව්‍යාපෘතින් ක‍්‍රියාත්මක කිරීමේදී දක්වන විශිෂ්ටත්වය මෙන්ම අසමසම ඩිජිටල් මූල්‍ය සේවා සැපයීම් පිළිබඳව අවස්ථා ගණනාවකදී සාර්ථකත්වයට පත් වූ අතර මේ සඳහා සම්මාන රැසක් හිමිකර ගැනීමට ද සමත් විය. පසුගිය කාලසීමාව තුළ HNB FINANCE විසින් හඳුන්වාදුන් නව මූල්‍ය සේවාවන් පාරිභෝගික අවශ්‍යතාවන් සමග හොඳින් සමපාත වූ අතර උපායමාර්ගික ආයෝජනයන් සහ ප‍්‍රතිසන්නාමකරණ ක‍්‍රියාවලිය සමාගමේ සමස්ත මෙහෙයුම් ක‍්‍රියාවලියට විශාල ශක්තියක් එක් කරන ලදි.

‘‘බැංකු සහ මූල්‍ය ක්ෂේත‍්‍රයේ ඉහළම ඇගයීමක් ලෙස සැලකෙන Asian Banking & Finance සම්මාන උළෙලේදී ප‍්‍රමුඛතම සම්මාන ද්විත්වයක් හිමිකර ගැනීමට හැකි වීම අපගේ ව්‍යාපාරික ගමන් මගේ සන්ධිස්ථානයක් මෙන්ම විශාල ගෞරවයක් ලෙස හැඳින්විය හැකියි. ආසියාවේ දැවැන්ත බැංකු සහ මූල්‍ය සමාගම් රැසක් සම්මාන සඳහා අයදුම්කරන මෙම සම්මාන උළෙලේදී ඇගයීමට පාත‍්‍ර වීම තුළ පසුගිය කාලසීමාවේදී අප විසින් සිදු කළ ආයෝජනයන්ගේ නිරවද්‍යතාව සනාථ වන බව මැනවින් තහවුරු වී තිබෙනවා. එමෙන්ම අපගේ සේවා ඩිජිටල්කරණය වීම තුළ ජාත්‍යන්තර මට්ටමේ සේවා අත්දැකීමක් අපගේ පාරිභෝගිකයින්ට ලබා දීමට ද හැකිව තිබෙනවා’’ යනුවෙන් HNB FINANCE හි කළමණාකාර අධ්‍යක්‍ෂ සහ ප‍්‍රධාන විධායක නිලධාරී චමින්ද ප‍්‍රභාත් මහතා පැවසීය.

අඛණ්ඩව 9 වැනි වරටත් පසුගියදා පැවති Asian Banking & Finance සම්මාන උළෙල ආසියානු කලාපයේ බැංකු සහ මූල්‍යායතන ඇගයීමට ලක් කෙරෙන ප‍්‍රමුඛතම සම්මාන උළෙලක් ලෙස හැඳින්විය හැක. මෙහිදී මෙම කලාපයේ රටවල් 30 කට අයත් බැංකු සහ මුල්‍යායතනයන් වෙතින් ඉදිරිපත් කෙරෙන විශිෂ්ට සේවා, ව්‍යාපෘති, ගනුදෙනු සහ ප‍්‍රවේශයන් ඇගයීමට ලක්කෙරේ. ASEAN, Ernst and Young, Deloitte & Touche LLP, PwC, KPMG, APAC, වැනි ජාත්‍යන්තර විගණන සහ මුල්‍ය සේවා ආශ‍්‍රිත සමාගම්වල සාමාජිකයින්ගෙන් සැදුම්ලත් ජූරියක් විසින් සම්මානලාභීන් තෝරා ගැනේ.

වර්ෂ 2000 දී පිහිටුවන ලද HNB FINANCE PLC ශ‍්‍රී ලංකාවේ මහ බැංකුවේ මුදල් මණ්ඩලය මගින් ලියාපදිංචි කරන ලද බලපත‍්‍රලාභී මූල්‍ය සමාගමකි. ශාඛා 48 ක් හා සේවා මධ්‍යස්ථාන 21 ක් සහිතව දිවයින පුරා ස්ථාපිත කර ඇති HNB FINANCE වර්තමානයේදී නව ව්‍යාපාර ක්ෂේත‍්‍රයන් දක්වා ව්‍යාප්ත වී තිබේ. ඉතිරිකිරීම්, රන් ණය, අධ්‍යාපන ණය, නිවාස ණය, පුද්ගලික ණය, ස්ථාවර තැන්පතු පහසුකම් සහ කල්බදු සේවා යන මූල්‍ය සැලසුම් වලට අතිරේකව HNB FINANCE කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය SME ණය ලබා දීම ද සිදුුකරනු ලබයි.