ප්‍රවෘත්ති

HNB FINANCE PLC සමාජ දුරස්ථභාවය සහ සෞඛ්‍ය ආරක්ෂාවට මුල් තැනක් ලබා දෙමින් ලෝක ළමා දිනය සමරයි

HNB FINANCE සමාගමේ යාළු ළමා ඉතුරුම් ගිණුමේ මූලිකත්වයෙන් සෑම වසරකදීම ඔක්තෝම්බර් 1 වන දින දරුදැරියන්ගේ මානසික සංවර්ධනය සහ දුෂ්කර පාසැල්හි දරු දැරියන්ගේ අවශ්‍යතා ඉටුකර දීමට ප්‍රමුඛතාව ලබා දෙමින් ලෝක ළමා දින සැමරුම් උත්සව පවත්වනු ලැබූවද මෙවර උද්ගතව ඇති කෝවිඩ් වසංගත තත්වය සැලකිල්ලට ගනිමින් සමාජ දුරස්ථභාවය සහ සෞඛ්‍ය ආරක්ෂාවට මුල් තැනක් ලබා දෙමින් ඉතා චාම් අන්දමින් ලෝක ළමා දිනය සැමරීමට පියවර ගන්නා ලදි.

ඒ අනුව HNB FINANCE වව්නියාව සහ හෝමාගම ශාඛාවන් ගේ මූලිකත්වයෙන් ලෝක ළමා දින සැමරුම් උත්සව දෙකක් වවුනියාව මහරම්බයිකුලම් සහ මීගොඩ දාම්පේ ප්‍රදේශයන්හි පිහිටි පෙර පාසල් දෙකක් කේන්ද්‍ර කරගනිමින් එම පෙර පාසැල්හි දරුදැරියන් ,දෙමාපියන්, ගුරුභවතුන් ගේ සහභාගීත්වය ඇතිව පවත්වන ලදි. දූ දරුවන්ගේ මානසිකත්වය හඳුනාගනිමින් ඔවුන්ගේ කුසලතා දියුණු කිරීම පිළිබඳව මෙහිදී දෙමාපියන් දැනුවත් කිරීමත්, කැමති තේමාවක් යටතේ චිත්‍ර ඇඳීමේ අවස්ථාවක් දරුවන්ට ලබාදීමත් මෙම ළමාදින සැමරුම් උත්සවයන්හි මුඛ්‍ය තේමාවන් අතර විය.

මීගොඩ දාම්පේ කාන්ති පෙර පාසල් ශාලාවේදී පැවැත්වූ ලෝක ළමා දින සැමරුම් උත්සව අවස්ථාවට HNB FINANCE සමාගමේ ප්‍රධාන කාර්යාලයේ සහ හෝමාගම ශාඛාවේ නිලධාරීහූ සහභාගී වූ අතර. කාන්ති පෙර පාසලේ ප්‍රධාන ආචාර්යවරිය වන කාන්ති රම්‍යලතා මහත්මියගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්වින. මෙම අවස්ථාවට පෙර පාසලේ ඉගෙනුම ලබන දරුදැරියන් සහ ඔවුන්ගේ දෙමාපියන් ඇතුළු පිරිසක් සමාජ දුරස්ථභාවය සහ පුද්ගල සෞඛ්‍යට අදාළ නියමයන් ආරක්ෂා කරමින් සහභාගී වූහ.

වව්නියාවේදී පවත්වන ලද ලෝක ළමා දින සැමරුම් උත්සවය ද සෞඛ්‍ය නියාමනයන්ට මුල් තැනක් දෙමින් මහරම්බයිකුලම් ප්‍රදේශයේ පිහිටි අල් අක්ෂා පෙරපාසලේදී පැවැත්වින. අල් අක්ෂා පෙර පාසලේ ප්‍රධාන අචාර්ය ඉශාන් මුනව්ෆරා මහත්මියගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උත්සවය පැවැත්වූ අතර මෙම අවස්ථාවට පෙර පාසලේ ගුරු භවතුන් දූදරුවන් සහ දෙමාපියන් සහභාගී වූහ. . HNB FINANCE සමාගමේ ‘‘යාළු ළමා ඉතුරුම් ගිණුමේ‘‘ අනුග්‍රහයෙන් පැවති සැමරුම් උත්සවයන්ට සමගාමීව මෙම පෙරපාසල් ද්විත්වයේ ඉගෙනුම ලබන සියලූ දරුදැරියන්ට පොත් පත් ඇතුළුව වටිනා අධ්‍යාපනික උපකරණ කට්ටලය බැගින් ප්‍රදානය කරන ලදි.

ලෝක ළමා දින සැමරුම් උත්සව පිළිබඳව අදහස් දැක්වූ HNB FINANCE සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතා ‘‘විවිධ අභියෝග මධ්‍යයේ වූවද අඛණ්ඩව ලෝක ළමා දිනය සැමරීමට සමාගම හැමවිටම උත්සාහ කරන්නේ රටේ අනාගතය ළමා පරපුර නිසයි. යහපත් ආකල්ප සහ යහ ගුණදම් අපේ දරු පරපුරට ලබා දීම තුළ යහපත් ශ්‍රී ලාංකීක පුරවැසි පරපුරක් නිර්මාණය කිරීමේ වගකීමෙන් කොටසක් අප වෙත ද පැවරී ඇති බැවින් මෙවැනි වැඩසටහන් තුළින් එම සමාජ වගකීම ඉටුකිරීමට අපි කැපවී සිටිනවා“ යනුවෙන් පැවසීය.

වර්ෂ 2000 දී පිහිටුවන ලද HNB FINANCE PLC ශ්‍රී ලංකාවේ මහ බැංකුවේ මුදල් මණ්ඩලය මගින් ලියාපදිංචි කරන ලද බලපත්‍රලාභී මූල්‍ය සමාගමකි. ශාඛා 49 ක් හා සේවා මධ්‍යස්ථාන 21 ක් පුරා දිවයින පුරා ස්ථාපිත කර ඇති HNB FINANCE වර්තමානයේදී නව ව්‍යාපාර ක්ෂේත්‍රයන් දක්වා ව්‍යාප්ත වී තිබේ. ඉතිරිකිරීම්, රන් ණය, අධ්‍යාපන ණය, නිවාස ණය, පුද්ගලික ණය, ස්ථාවර තැන්පතු පහසුකම් සහ කල්බදු සේවා යන මූල්‍ය සැලසුම් වලට අතිරේකව HNB FINANCE කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (SME) ණය ලබා දීම ද සිදුුකරනු ලබයි.