ප්‍රවෘත්ති

HNB FINANCE PLC ස්ලිම් ඩිජිස් සම්මාන උළෙලේදී ඇගයුම් ලබයි.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE සිය විශිෂ්ට සේවා තත්වය යළිත් ශක්තිමත් ලෙස සනිටුහන් කරමින් පසුගියදා නිමාවට පත්වූ SLIM DIGIS 2.0 හිදී ලෝකඩ සම්මානයක් හිමි කර ගැනීමට සමත් විය. HNB FINANCE ආයතනයේ අන්තර්ජාල සෙවුම් ප‍්‍රශස්තකරණය සහ අන්තර්ජාල සෙවුම් අලෙවිකරණය (Search Engine Optimization and Search Engine Marketing) යන ක‍්‍රියාවලීන් මෙහිදී ඇගයීමට ලක් විය. වාර්ෂික SLIM DIGIS සම්මාන උළෙලේදී ඇගයීමට ලක් වූ එකම මුල්‍ය සමාගම HNB FINANCE විය.

HNB FINANCE විසින් ඉදිරිපත් කරනු ලැබූ “Building an organic footprint” යන උපායමාර්ගික ඩිජිටල් අලෙවිකරණ වැඩසටහන SLIM DIGIS සම්මාන උළෙලේදී මෙසේ සම්මානයට පාත‍්‍ර වූ අතර මෙම සම්මාන උළෙල ජනවාර් 21 වන දින සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්විණ.

“HNB FINANCE වෙබ් අඩවියෙහි අන්තර්ජාල සෙවුම් ප‍්‍රශස්තකරණය සහ අන්තර්ජාල සෙවුම් අලෙවිකරණය (Search Engine Optimization and Search Engine Marketing) යන ක‍්‍රියාවලීන් SLIM DIGIS සම්මාන උළෙලේදී ඇගයීමට ලක් වීම අප ලද ගෞරවයක් ලෙස නිසැකවම හැඳින්විය හැකියි. සමාගමක් සිය ඉලක්ක වෙත ගමන් කිරීමේ දී ඒ සඳහා විශාල ජවයක් ඩිජිටල් අලෙවිකරණය තුළින් ලබා දිය හැකියි. විශේෂයෙන්ම කෝවිඩ් වසංගතය හමුවේ සංචරණය සීමා වීම සමග ඩිජිටල් අලෙවිකරණය ඉතා ඵලදායී සහ නිර්මාණශීලී ලෙස අපගේ අලෙවි උපායමාර්ග ශක්තිමත් කිරීමට දායක වූවා. පාරිභෝගික අත්දැකීම සඳහා ඉහළ වටිනාකමක් ලබා දෙන ආයතනයක් ලෙස අපි හැමවිටම අපගේ සේවා කළඹ පිළිබඳව ඩිජිටල් මාධ්‍යයන් ඔස්සේ දැනුවත් කිරීම් සිදු කරනවා. ඩිජිටල් සේවා හැකියාවන් ප‍්‍රවර්ධනය සඳහා අප විසින් සිදු කළ ආයෝජනයෙහි ප‍්‍රතිලාභය මෙවැනි සම්මාන තුළින් නිසැකවම පිලිබිඹු වන බව මගේ අදහසයි’’ යනුවෙන් HNB FINANCE PLC හි අලෙවි ප‍්‍රධානී උදාර ගුණසිංහ මහතා පැවසීය.

ගෝලීය වසංගතය සමග ලෝකය ඩිජිටල්කරණය වෙත වේගයෙන් ඇදී ගිය පසුබිමක ගනුදෙනුකරුවන්ගේ අත්දැකීම් වර්ධනය කිරීම සහ සියලූ පාර්ශ්වකරුවන් සමග ගැඹුරු, වඩා අර්ථවත් සම්බන්ඳතා පවත්වාගෙන යෑමට නව්‍ය තාක්ෂණය මත පදනම් වූ මූල්‍ය විසඳුම් ලබා දීමට HNB FINANCE සමාගමට හැකිව තිබේ. ඩිජිටල් ක්ෂේත‍්‍රයේහි වඩාත් ක‍්‍රියාශීලීව කටයුතු කරන සමාගම සාර්ථක පාරිභෝගික අත්දැකීම්, ආයතනික සමාජ වගකීම් ව්‍යාපෘතීන්, සහ පාරිභෝගිකයින්ගේ මූල්‍ය සාක්ෂරතාව ප‍්‍රවර්ධන කිරීම සඳහා අඛණ්ඩව සිදුකරනු ලබන වැඩ මුලූ තුළින් ශ‍්‍රී ලාංකිකයින් සවිබල ගැන්වීමට ද HNB FINANCE කටයුතු කර ඇත.

SLIM DIGIS සම්මාන උළෙල ශ‍්‍රී ලංකීය ඩිජිටල් අලෙවිකරණ ක්ෂේත‍්‍රයේ ඉහළ පිළිගැනීමක් සහිත සම්මාන උළෙලක් වන අතර සියලූ අයදුම්පත් ඩිජිටල් අලෙවිකරණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රාමාණික විශේෂඥභාවයක් සහිත වෘත්තිකයින්ගේ දැඩි ඇගයීමට ලක් වූ අතර සම්මානලාභීන් තෝරා ගැනීම සඳහා මෙම ක්ෂේත‍්‍රයේ ජාත්‍යන්තර ප‍්‍රමිතීන් භාවිතයට ගන්නා ලදි. මෙම සම්මාන උළෙලේදී බැංකු සහ මූල්‍ය, රක්ෂණ, දුරකථන සන්නිවේදන, දේපොළ වෙළෙඳ, සංචාරක සත්කාර, ආදී ක්ෂේත‍්‍රයන් විසින් ඉදිරිපත් කරන ලද අලෙවි ව්‍යාපෘතින් ඇගයීමට ලක් කරන ලදි. ඩිජිටල් අලෙවිකරණ ක්ෂේත‍්‍රයේ ගෝලීය ප‍්‍රමිතින් වෙත ළගා වීම අරමුණු කර ගනිමින් ශ‍්‍රී ලංකාවේ ආයතනයන් එම ප‍්‍රමිතීන් වෙත ගෙන යෑම දිරිගැන්වීම සහ ශ‍්‍රී ලංකාවේ ඩිජිටල් අලෙවි ක්ෂේත‍්‍රයේ නිම්වළලූ පුළුල් කිරීමටද ශ‍්‍රී ලංකා අළෙවිකරුවන්ගේ ආයතනය සිය දායකත්වය ලබා දෙයි.

About HNB FINANCE

වර්ෂ 2000 දී පිහිටුවන ලද HNB FINANCE PLC ශ‍්‍රී ලංකාවේ මහ බැංකුවේ මුදල් මණ්ඩලය මගින් ලියාපදිංචි කරන ලද බලපත‍්‍රලාභී මූල්‍ය සමාගමකි. ශාඛා 60 ක් හා සේවා මධ්‍යස්ථාන 10 ක් දිවයින පුරා ස්ථාපිත කර ඇති HNB FINANCE PLC වෙතින් සලසනු ලබන මූල්‍ය සේවාවන් අතර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය (SME), ලීසිං සේවා, රන් ණය, නිවාස ණය, පුද්ගලික ණය, අධ්‍යාපන ණය, ඉතිරිකිරීම්, සහ ස්ථාවර තැන්පතු පහසුකම් යන මූල්‍ය සේවා ප‍්‍ර‍්‍රධාන වේ.