ප්‍රවෘත්ති

HNB FINANCE ‘දැනුමෙන් දිනුම’ සේවා ප‍්‍රවර්ධන වැඩසටහනේ ජයග‍්‍රාහකයින් අගයයි

HNB FINANCE PLC සිිය සේවාවන් මහජනතාව අතර ප‍්‍රචලිත කිරීම සඳහා පැවැත්වූ ‘දැනුමෙන් දිනුම’ සේවා ප‍්‍රවර්ධන වැඩසටහනේ ජයග‍්‍රහකයින්ට ත්‍යාග පිරිනැමීම පසුගියදා සිදු කෙරිණ. මෙහිදී HNB FINANCE වෙබ් අඩවියට ප‍්‍රවේශ වී සමාගමේ තොරතුරු සහ සේවාවන් ඇසුරෙන් අසන සරල ප‍්‍රශ්න කිහිපයකට නිවැරදි ලෙස පිළිතුරු ලබා දුන් ජයග‍්‍රාහකයින් අතුරින් 20 දෙනෙකු සමස්ත දිවයිනම නියෝජනය වන පරිදි තෝරා ගන්නා ලදි. තෝරා ගත් ජයග‍්‍රාහකයින්ට අදාළ ත්‍යාගයන් ඔවුනට ආසන්නයෙහි පිහිටි HNB FINANCE ශාඛා කාර්යාලයන්ගෙන් නියමිත සෞඛ්‍යය ආරක්ෂිත ක‍්‍රමවේද අනුගමනය කරමින් ලබා දීමට සමාගම කටයුතු කළේය. සැප්තැම්බර් මාසයේදී දියත් කළ මෙම ඔන්ලයින් ප‍්‍රවර්ධන වැඩසටහන සඳහා විශාල පිරිසක් සහභාගී වූහ.

HNB FINANCE හිි සේවා මහජනතාව වෙත සමීප කරවීම සඳහා සිදුකෙරෙන දීපව්‍යාප්ත වැඩසටහන් මාලාවක එක් අදියරක් ලෙස ක‍්‍රියාත්මක වූ මෙම ‘දැනුමෙන් දිනුම’ ඔන්ලයින් ප‍්‍රවර්ධන වැඩසටහන හරහා සමාගමේ සේවා, තොරතුරු සහ නව ව්‍යාපාරික අවස්ථා රැසක් උත්පාදනය කර ගැනීමට සමාගමට හැකි වූ අතර විශාල පිරිසක් මෙම ඔන්ලයින් ප‍්‍රවර්ධන වැඩසටහනට සම්බන්ධ වෙමින් HNB FINANCE හි තොරතුරු සහ සේවා පිළිිබඳව දැනුවත් වීම සහ සමාගම සමග සම්බන්ධ වෙමින් එම සේවාවන් අත්පත් කර ගැනීමට කටයුතු කිරීම තුළින් සිය සේවාවන් පිළිබඳව නිර්මාණාත්මක ප‍්‍රවේශයකින් පාරිභෝගිකයින් ආමන්ත‍්‍රණය කිරීමට දැරූ උත්සාහය සාර්ථක වී ඇත.

කෝවිඩ් 19 වසංගතය හමුවේ රට වසා තැබූ අවස්ථාවේදී අඛණ්ඩව ඩිජිටල් තාක්ෂණය භාවිතා කරමින් සිය මූල්‍ය සේවා පවත්වාගෙන යෑමට HNB FINANCE සමාගමට හැකි විය. කෝවිඩ් වසංගතයේ අනතුර තවමත් සමාජය තුළ පවතින හෙයින් ඩිජිටල් තාක්ෂණය භාවිතයට ගනිමින් මූල්‍ය සේවා පාරිභෝගිකයින් හමුවට ගෙන යෑමට සමාගම අපේක්ෂා කරන අතර ඒ සඳහා අනුගමනය කළ නිර්මාණාත්මක ප‍්‍රවේශයක් ලෙසට ‘දැනුමෙන් දිනුම’ ප‍්‍රවර්ධන වැඩසටහන සඳහන් කළ හැක.

වර්ෂ 2000 දී පිහිටුවන ලද HNB FINANCE PLC ශ‍්‍රී ලංකාවේ මහ බැංකුවේ මුදල් මණ්ඩලය මගින් ලියාපදිංචි කරන ලද බලපත‍්‍රලාභී මූල්‍ය සමාගමකි. ශාඛා 49 ක් හා සේවා මධ්‍යස්ථාන 21 ක් දිවයින පුරා ස්ථාපිත කර ඇති HNB FINANCE PLC වර්තමානයේදී නව ව්‍යාපාර ක්ෂේත‍්‍රයන් ගණනාවක් දක්වා ව්‍යාප්ත වී තිබේ. ඉතිරිකිරීම්, රන් ණය, අධ්‍යාපන ණය, නිවාස ණය, පුද්ගලික ණය, ස්ථාවර තැන්පතු පහසුකම් සහ කල්බදු සේවා යන මූල්‍ය සැලසුම් වලට අතිරේකව HNB FINANCE කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (SME) ණය ලබා දීම ද සිදුකරනු ලබයි.