ප්‍රවෘත්ති

HNB FINANCE PLC අනුරාධපුර ශාඛාව තමන්ගේම නව නිවහනකට

වසර 20 ක් පුරා ශ‍්‍රී ලාංකීය පාරිභෝගික ජනතාව වෙත නම්‍යශීලී මූල්‍ය සේවාවන් තිළිණ කළ HNB FINANCE PLC හි අනුරාධපුර ශාඛාව පසුගියදා ඔවුන්ටම අයත් සිව්මහල් ගොඩනැගිල්ලකට පිවිසියේය. අභිනව ශාඛාව නොම්මර 64, අභය පෙදෙස නව නගරය යන ස්ථානයෙහි පිහිටා ඇත.

HNB FINANCE හි කළමණාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිලධාරී චමින්ද ප‍්‍රභාත් මහතා ගේ ප‍්‍රධානත්වයෙන් රටේ පවතින නිරෝධායන නීතිවලට අනුකූලව අනුරාධපුර ශාඛාවේ සමාරම්භය සිදු කෙරිණ. අභිනව ශාඛාවේ සමාරම්භයට සමගාමීව අනුරාධපුර නගරය කේන්ද්‍ර කර ගනිමින් විශේෂ ප‍්‍රවර්ධන වැඩසටහනක් දියත් වූ අතර එහිදී HNB FINANCE හි සේවා පිලිබඳව මහජනතාව දැනුවත් කරන ලදි.

අනුරාධපුර ශාඛාවේ සමාරම්භක අවස්ථාවට එක් වෙමින් අදහස් දැක්වූ HNB FINANCE PLC හි කළමනාකාර අධ්‍යක්‍ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී චමින්ද ප‍්‍රභාත් මහතා ‘‘HNB FINANCE අනුරාධපුර ශාඛාව නව නිවහනකට පිවිසීමත් සමගම ආර්ථික , සංස්කෘතික සහ ආගමික වශයෙන් ශ‍්‍රී ලංකාවේ ඉහළම වටිනාකමක් සහිත මෙම ප‍්‍රදේශයේ අපගේ සේවා වඩාත් කාර්යක්ෂම හා ඵලදායී ලෙස ප‍්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්වය නංවාලීම සඳහා උපකාරී වනු ඇතැයි මම විශ්වාස කරනවා. එමෙන්ම දිගුකාලයක් පුරා පාරිභෝගික භවතුන් සමග ගොඩනගාගත් විශ්වාසයේ සබැඳියාව මත වඩාත් ඉඩ පහසුකම් සපිරි නව කාර්යාල පරිශ‍්‍රයකට පැමිණීමටත් HNB FINANCE රන් ණය සේවාව සහ අනෙකුත් මූල්‍ය සේවාවන් සමගින් සියලූම මූල්‍ය සේවාවන් එක වහලක් යටින් සපුරා ගැනීමේ හැකියාවත් අප ගනුදෙනුකාර භවතුන් වෙත ලබාදීමට අපට හැකිව තිබෙනවා’’ යනුවෙන් පැවසීය.

HNB FINANCE පිළිබඳව

වර්ෂ 2000 දී පිහිටුවන ලද HNB FINANCE PLC ශ‍්‍රී ලංකාවේ මහ බැංකුවේ මුදල් මණ්ඩලය මගින් ලියාපදිංචි කරන ලද බලපත‍්‍රලාභී මූල්‍ය සමාගමකි. ෆිච් රේටිං ආයතනය විසින් පිරිනමනු ලබන ජාතික දිගුකාලීන ‘A (lka)’ ශ්‍රේණිගතකරණය සමාගම විසින් හිමිකර ගෙන ඇත. ශාඛා 60 ක් හා සේවා මධ්‍යස්ථාන 10 ක් දිවයින පුරා ස්ථාපිත කර ඇති HNB FINANCE PLC වෙතින් සලසනු ලබන මූල්‍ය සේවාවන් අතර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය (SME), ලීසිං සේවා, රන් ණය, නිවාස ණය, පුද්ගලික ණය, අධ්‍යාපන ණය, ඉතිරිකිරීම්, සහ ස්ථාවර තැන්පතු පහසුකම් යන මූල්‍ය සේවා ප‍්‍ර‍්‍රධාන වේ.