ප්‍රවෘත්ති

HNB FINANCE PLC ‘හරියට කියමුද’ ප‍්‍රවර්ධන වැඩසටහනේ ජයග‍්‍රාහකයින් තෝරා ගැනේ

HNB FINANCE PLC හිි ප‍්‍රධාන කාර්යාලීය ශාඛාවේ සමාරම්භයට සමගාමීව සමාජ මාධ්‍ය ජාල උපයෝගී කරගනිමින් HNB FINANCE සමාගම විසින් සංවිධානය කළ ‘හරියට කියමුද’ ඔන්ලයින් ප‍්‍රවර්ධන වැඩසටහනේ ජයග‍්‍රාහකයින්ට ත්‍යාග පිරිනැමීම පසුගියදා සිදුකෙරිණ. මෙම ප‍්‍රවර්ධන වැඩසටහන හා සම්බන්ධ වූ දහස් සංඛ්‍යාත නිවැරදි විසදුම් එවූ පිරිස අතුරින් කුසපත් ඇදීමෙන් ජයග‍්‍රාහකයින් 5 දෙනෙකු තෝරා ගන්නා ලදි.

HNB FINANCE විසින් සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය මගින් සිදු කරන අළෙවි හා සේවා ප‍්‍රවර්ධන වැඩසටහන්, ශාඛා විවෘත කිරීම්, රන් ණය සේවා ඇරඹීම් ඇතුළුව නවතම තොරතුරු පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන පාරිභෝගිකයින් අතර උද්යෝගයක් ඇතිකරවීම සහ දැනුම්වත් කිරීම මෙම ප‍්‍රවර්ධන වැඩසටහනේ අරමුණ විය. මෙහිදී මුහුණු පොතට හෝ සමාගමේ වෙබ් අඩවියට පිවිස සමාගමේ නවතම තොරතුරු සොයන අතර මීළඟ ශාඛාව ආරම්භ කරන ප‍්‍රදේශය නිවැරදිව නම් කිරීම මගින් ත්‍යාග දිනා ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයින්ට ලබා දී තිබිණි. මෙහිදී මීළඟ ශාඛාව ආරම්භ කරන ස්ථානය පිළිබඳව HNB FINANCE සමාගම විසින් ඉඟියක් පාරිභෝගිකයින්ට ලබා දී තිබූ අතර එම ඉඟියට අනුව නිවැරදි ස්ථානය පාරිභෝගිකයින් විසින් නම් කළ යුතුවිය.

විශේෂයෙන්ම කෝවිඩ් 19 වසංගත තත්වය හමුවේ සංචරණය සහ සමාජ දුරස්ථභාවය පවත්වාගැනීම පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ සමාගම සිය අලෙවි සහ සේවා ප‍්‍රවර්ධන වැඩසටහන් රැසක් ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට කටයුතු කරන ලදි. විශේෂයෙන්ම මුළු රටම වසා දැමුණු අපේ‍්‍රල් මාසයේදී නිවෙස්වල සිටම ඔන්ලයින් තාක්ෂණය භාවිතා කරමින් සාමුහිකව සහභාගී විය හැකි අවුරුදු ජන ක‍්‍රීඩා තරග රාශියක් පැවැත්වීය. එමෙන්ම ඩිජිටල් තාක්ෂණය භාවිතා කරමින් පැවැත්වු ‘දැනුමෙන් දිනුම’ තරගයද නව අත්දැකීමක් රැසක් තිළිණ කළ ප‍්‍රවර්ධන වැඩසටහනක් විය.

‘හරියටම කියමුද’ HNB FINANCE හි ඔන්ලයින් ප‍්‍රවර්ධන වැඩසටහනෙන් ජයග‍්‍රහන හිමිකර ගත් ජයග‍්‍රාහකයින් 5 දෙනාහට ඔවුන්ට හිමි ත්‍යාග HNB FINANCE හි සමීපතම ශාඛාවන්ගෙන් පවත්නා සෞඛ්‍යය ආරක්ෂණ ක‍්‍රමෝපායන්ට අනුකූලව ලබා දීමට කටයුතු කරන ලදි.

වර්ෂ 2000 දී පිහිටුවන ලද HNB FINANCE PLC ශ‍්‍රී ලංකාවේ මහ බැංකුවේ මුදල් මණ්ඩලය මගින් ලියාපදිංචි කරන ලද බලපත‍්‍රලාභී මූල්‍ය සමාගමකි. ශාඛා 49 ක් හා සේවා මධ්‍යස්ථාන 21 ක් දිවයින පුරා ස්ථාපිත කර ඇති HNB FINANCE PLC වෙතින් සලසනු ලබන මූල්‍ය සේවාවන් අතර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය (SME), ලීසිං සේවා, රන් ණය, නිවාස ණය, පුද්ගලික ණය, අධ්‍යාපන ණය, ඉතිරිකිරීම්, සහ ස්ථාවර තැන්පතු පහසුකම් යන මූල්‍ය සේවා ප‍්‍ර‍්‍රධාන වේ.