ප්‍රවෘත්ති

HNB FINANCE රන් ණය සේවා මධ්‍යස්ථානයක් පදවියට

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE සිය රන් ණය සේවා තවදුරටත් ව්‍යාප්ත කරමින් සිය නවතම රන් ණය මධ්‍යස්ථානය පදවිය HNB FINANCE ශාඛා පරිශ්‍රය තුළ විවෘත කළේය. බණ්ඩාරනායක මංසන්ධිය, පදිවිය යන ලිපිනයෙහි පිහිටා ඇති මෙම මෙම රන් ණය මධ්‍යස්ථානය සතියේ දිනවල උදෑසන 8.30 සිට පස්වරු 5 දක්වා ගනුදෙනු කටයුතු සඳහා විවෘතව පවතී.

වසර ගණනාවක් පුරා පදවිය හා ඒ අවට ප්‍රදේශයන් වෙත සිය සේවා පවත්වාගෙන යන HNB FINANCE පදවිය ශාඛාව , අභිනවයෙන් විවෘත වූ රන් ණය මධ්‍යස්ථානය සමගින් රන් ණය සේවා පාරිභෝගිකයින් වෙත ලබාදීමට කටයුතු කරනු ඇත. මේ අනුව පදවිය නගර සීමාව හා ඒ අවට ජනතාව වෙත මුල්‍ය සමාගමක් වෙතින් ලබාගත හැකි සියලූ මූල්‍ය සේවා ලබාදෙන ප්‍රමුඛතම මූල්‍ය සමාගම බවට HNB FINANCE පත් වනු ඇත. අභිනව HNB FINANCE පදවිය රන් ණය මධ්‍යස්ථානය HNB FINANCE හි කළමනාකාර අධ්‍යඬ/ප්‍රධාන විධායක නිළධාරී චමින්ද ප්‍රභාත් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විවෘත කෙරුණි. මෙම අවස්ථාවට HNB FINANCE හි සහකාර සාමාන්‍යාධිකාරී ශාඛා ප්‍රභාත් කත්‍රීආරච්චි සහ ප්‍රධාන කළමනාකාර රන් ණය ලඬමන් රණසිංහ යන මහත්වරුන් ඇතුළුව විශාල පිරිසක් එක් වූහ.

රන් ණය ක්ෂෙත්‍රය බැංකු සහ මූල්‍ය සමාගම් අතර ප්‍රචලිතව ඇතත් වඩාත් විධිමත්ව හා විශවසනීය ලෙස මෙම සේවාව සැපයීම සඳහා ඉදිරිපත් ව සිටින මූල්‍ය සමාගම් අතර HNB FINANCE සමාගම වේගයෙන් ඉදිරියට පැමිණෙමින් සිටින්නේ ගනුදෙනුකරුවන් කෙරෙහි දක්වන සැලකිල්ල සහ ගනුදෙනුව අභිබවා යන සුහද සේවාව යන කරුණු හේතුවෙනි. විශේෂයෙන් HNB FINANCE මගින් සපයනු ලබන සියළුම මූල්‍ය සේවාවන් සේම HNB FINANCE රන් ණය සේවාවද ඉතා සීඝ්‍රයෙන් පාරිභෝගික ප්‍රසාදය සහ ආකර්ශනය දිනා ගැනීමට සමත්ව තිබීම විශේෂත්වයකි.

ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් මෙම අවස්ථාවට සහභාගී වූ HNB FINANCE හි කළමනාකාර අධ්‍යඬ/ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතා අදහස් දක්වමින් කෘෂිකර්මාන්තය ජීවනාලිය වූ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය නගරය යුද්ධය අවසන් වීමත් සමගම ශීඝ්‍ර සංවර්ධනයක් ලැබූ ප්‍රදේශයක් ලෙස හැඳින්විය හැකියි. වී ගොවිතැන සහ වෙනත් ගොඩ භෝග වගාවන් මෙහි ප්‍රජාවගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය බවට පත් ව තිඛෙනවා. අපගේ පදවිය ශාඛාව මගින් පිරිනමන අනෙකුත් මූල්‍ය සේවා අතරට අද සිට රන් ණය සේවාව ද එකතු වීම තුළින් මෙම ප්‍රදේශයේ ජනතාවගේ ක්ෂණික මුදල් අවශ්‍යතාවන් කඩිනමින් ඉටුකර ගැනීමට හැකි වන අතරම ඔවුන්ගේ රන් භාණ්ඩ වඩාත් ආරක්ෂිතව තබා ගනිමින් පාරිභෝගික විශ්වාසය උපරිම අයුරින් සුරැකීමට අපට හැකි වෙනවා. මෙම රන් ණය සේවාව ව්‍යාපාරිකයින්ට මෙන්ම පොදුවේ මෙම ප්‍රදේශයේ සියලූ පාරිභෝගිකයින් වෙත විශාල සේවාවක් සලසනු ඇතැයි මම අපේක්ෂා කරනවා යනුවෙන් පැවසීය.

වර්ෂ 2000 දී පිහිටුවන ලද HNB FINANCE LIMITED ශ්‍රී ලංකාවේ මහ බැංකුවේ මුදල් මණ්ඩලය මගින් ලියාපදිංචි කරන ලද බලපත්‍රලාභී මූල්‍ය සමාගමකි. ශාඛා 48 ක් හා සේවා මධ්‍යස්ථාන 21 ක් පුරා දිවයින පුරා ස්ථාපිත කර ඇති HNB FINANCE වර්තමානයේදී නව ව්‍යාපාර ක්ෂේත්‍රයන් දක්වා ව්‍යාප්ත වී තිබේ. ඉතිරිකිරීම්, රන් ණය, අධ්‍යාපන ණය, නිවාස ණය, පුද්ගලික ණය, ස්ථාවර තැන්පතු පහසුකම් සහ කල්බදු නිෂ්පාදන යන මූල්‍ය සැලසුම් වලට අතිරේකව HNB FINANCE කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (SME) ණය ලබා දීම ද සිදුුකරනු ලබයි.

සමාප්තයි.