දිරියෙන් දිනූ ජීවිත

හෝටලය වැඩිදියුණු කරගන්න වගේම නිවස ඉදිකරගන්නත් මට සහයට හිටියෙ HNB FINANCE සමාගම…..

කොළඹ නුවර පාරේ කෑගල්ල මොලගොඩ පහුකරන අපට පාරේ වම්පසට වන්නට ඉදිකළ හෝටලයක් හා ඊට යාබද ව තැනූ සිල්ලර වෙළෙඳසැලක් හමුවෙයි. හෝටලයේ ලහි ලහියේ කෑමබීම සපයන්නන්ට ඉස්පාසුවක් නොදෙන ගනුදෙනුකරුවන් පිරිස එහි කෑම බීමවල රස ගුණ ගැන අපට ඉඟිසපයන නිහඬ සාක්ෂිකරුවෝ වැන්න. හෝටලයට පසෙකින් පිහිටි සිල්ලර කඩයට යන එන පාරිභෝගිකයන් අඩුවන තුරු අප එහි ඉදිරිපසට වී බලා සිටියේ ජයසිංහ මහතා කැෂියර් කූඩුවෙන් මඳක් හෝ ඉස්පාසුවක් ලබාවි යන හැඟීමෙනි. එහෙත් එය සැබෑ නොවන සිහිනයකි. . ඔහුව ගනුදෙනු කටයුතු කරන අතරේ ම අපේ සාකච්ඡාවට එක් කරගන්නවා හැරෙන්නට අපට වෙනත් ගත හැකි විකල්පයක් නොවීය.

“….මම මීට අවුරුදු දහයකට විතර කලින් මෙතන බොහොම පුංචිවට තේ කඩයක් පටන් ගත්තා .ඒත් ඒ කඩේ අවුරුදු කීපයක් කරගෙන යද්දි මට හිතුනා මේක තව ටිකක් ලොකු කරලා පිළිවෙලක් කර ගත්තොත් හොඳයි කියලා . ඒ අනුව ඒ ගැන හිතමින් ඉන්දැද්දි තමයි මට එක දවසක් HNB FINANCE සමාගම ගැන මගේ යාළුවෙකු මාර්ගයෙන් දැන ගන්න ලැබුණේ ව්‍යාපාරිකයෙකුට ඉතා ඉක්මනින් සහ පහසුවෙන් ණය මුදලක් ගන්න ඊට වැඩිය තැනක් නෑ කියන එක තමයි මගේ යාලුවගේ අදහස වුනේ..ඒ ගැන තව ටිකක් විපරම් කරලා මීට අවුරුදු හය හතකට විතර කලින් දවසක HNB FINANCE සමාගමට ගිහිල්ලා ඒකෙ නිලධාරී මහත්තුරු හමුවුනා….එදා අප අතර සිද්ධ වුණු පළවෙනි සාකච්ඡාවේදී ම මට තේරුම් ගියා මගේ අවශ්‍යතාවයට ගැලපෙන හොදම තැන මෙතැන කියන එක …ඒ අනුව මම මගේ කඩේ වැඩිදියුණු කරගන්නට අවශ්‍යය ණය මුදල HNB FINANCE සමාගමෙන් ලබා ගත්තා.

..එදා ඇරඹුණු ඒ ගනුදෙනුව ඉන්පස්සෙ මගෙ එකම මූල්‍ය සහකරුවා බවට HNB FINANCE සමාගම පත්වෙන තරමටම වැඩිදියුණු එකක් වුණා …එදා ඒ ඇරඹුණු සම්බන්ධයේ ප්‍රතිඵලය තමයි මේ කඩයයි හෝටලයයි ….ඉන්පස්සෙ කීපවතාවක් මම මගේ ව්‍යාපාරික අවශ්‍යතා සඳහා HNB FINANCE සමාගමෙන් ණය මුදල් ලබා ගත්තා ..ඒ අතරිනුත් විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මගේ නිවස ඒ වෙනකොට තිබුණේ ඉතා කුඩාවට මට ඕන වුණා ඒ ගෙයි කඩලා අලුතින් දෙමහල් නිවසක් ඉදිකරන්න ..ඒ කටයුත්තේදීත් මම සහාය පැතුවේ HNB FINANCE සමාගමෙන්…

HNB FINANCE සමාගමත් සමග ගනුදෙනු කිරීම අපි වගේ ව්‍යාපාරිකයන්ට ඉතා පහසුයි මොකද අපි ලබා ගත්ත ණය මුදල්වල නැවත වාරික ගෙවීමේ දී පවා අපිට එම ආයතනයට ගිහිල්ලා රස්තියාදු වෙන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ එහි නිලධාරි මහත්තුරු අපි ළඟටම ඇවිල්ලා එම අදාල ණය වාරික කලට වේලාවට ලබා ගන්නවා ඒ සුවිශේෂී සේවාව ඇත්තටම අපිට අපේ ව්‍යාපාරයට කාලය ඉතුරු කර දීමක් .. මේ නිසා ඕනෑම මොහොතක මං මගේ හිතවතුන්ට ඔවුන්ගේ මූල්‍ය අවශ්‍යතා සඳහා HNB FINANCE සමාගම හඳුන්වා දෙන්න පැකිලෙන්නේ නෑ …”ජයසිංහ මහතා එසේ පැවසුවේ හෝටලයට පසුපස යාබද වත්තෙහි ඉදි වුණු ඔහුගේ නවතම දෙමහල් මන්දිරය වෙත අපව කැඳවාගෙන යමිනි…

– ලක්ෂ්මන් ජයසිංහ
“ලකී කැෆේ” හෝටලය සහ සිල්ලර වෙළෙඳසැල
මොලගොඩ,
කෑගල්ල ,