HNB FINANCE නිසා අපේ ජීවිත වලට ලැබුණේ විශාල ශක්තියක් බව නම් නොකියාම බැහැ.

වැලිමඩ නුවරඑළිය පාරේ කැප්පෙටිපොළදී පටුමාවතකට හැරෙන අපට ගවරන්මාන ගම්මානය හමුවෙයි. එළවළු හා මල් වගාව ප‍්‍රධාන ජීවනෝපාය කරගනිමින් ඊට මුල්තැනක් දෙන වැලිමඩ ජන ජීවිතය තුළ බොහෝ නිවෙස්හි සුළු වශයෙන් හෝ මේ කවර හෝ වගාවක් දැකිය හැකි වීම සුලභ ලක්ෂණයක්.විපුල කුමාර ගුණරත්න සහ නිලූූෂී සමුද්‍රිකා යන දෙන්නා දෙමහල්ලන් විසින් එක්ව පවත්වාගෙන යනු ලබන සුජී පැල තවානට අප ගොඩවන්නේ මේ දිරිය අඹුසැමි යුවලගේ උත්සාහයෙන් හැඩගැන්වුණු කපුරුපැල තවාන් පසුපස වූ කතාන්දරය අසන්නටය.මේ නිලූෂිගේ හඩ

පැල තවාන පටන් ගත්තේ මහත්තයා. අවුරුදු දහයක් වෙනවා මේ වෙද්දි ව්‍යාපාරය පටන් අරන්. එතකොට දිරිය ණය මුදලක් විදිහට රුපියල් 5000 තමයි මුලින්ම ගත්තෙ.ඉන් පස්සේ ආයතනයත් එක්ක විශ්වාසයෙන් ගනුදෙනු කරපු නිසා බොහෝම පහසුවෙන් අපට අවශ්‍ය ණය මුදල් අවශ්‍ය වෙලාවට ගන්න අපට පුළුවන් වුණා. ක‍්‍රමයෙන් ලක්ෂයේ ණය මුදලෙ ඉඳලා ලක්ෂ තුනේ ණය මුදලත් අපි ගත්තා. ඒ බොරලන්දේ තව යාළුවෙක් එක්ක හවුලේ අළුතින් පටන් ගත්තු රෝස වගාවකට.

HNB FINANCE සමාගම දැන් අවුරුදු 10 විතර ඉඳන් අපේ මූල්‍ය සහකරුවා විදිිහට කටයුතු කරනවා.මේ නිසා ව්‍යාපාර කටයුතු වලදි අනවශ්‍ය රස්තියාදුවීම් වලින් තොරව කිසියම් සැලසුමක් ඇතිව ව්‍යාපාර කටයුතුවල නියැලෙන්න පුළුවන්. ව්‍යාපාරය සඳහා ණය ගත්තා වගේම පහුගිය කාලේ HNB FINANCE සමාගමෙන් ත‍්‍රීවිලර් එකක් ගන්න ලීසිං පහසුකමකුත් ලබාගත්තා. වෙළෙන්දො අපි ළගටම ඇවිත් මිළදී ගැනීම් කරන නිසා වෙළෙද පොළ සොයා යාමේ ප‍්‍රශ්නයක් අපිට ඇති වෙන්නේ නෑ.ආදායම් තත්වය හොද නිසා බෙහොම ඉක්මනට තව ඉඩමක් අරන් මේ වගාව තව පුළුල් කරන්නයි හිතන් ඉන්නේ HNB FINANCE සමාගමත් එක්ක බැඳුණු මේ හිතවත්කම නිසා අපේ ජීවිිත වලට ලැබුණේ විශාල ශක්තියක් බව නම් නොකියාම බැහැ.

නිිලූෂි සමුදිකා
කැප්පෙටිපොළ