දිරියෙන් දිනූ ජීවිත

ව්‍යාපාරයට ණයක් අවශ්‍ය නම් ඒ සඳහා HNB FINANCE වගේ තව තැනක් නෑ …..

පරම්පරා දෙකක් තිස්සේ පැවති උරුමය වර්තමානයට ගැළපෙන සේ නව වෙළෙඳපොළ රටාවට අනුගත කරන්නට ඇය දරන්නේ අනුපමේය වෙහෙසකි .ඒ වෙහෙස තුළින්ම සිය ව්‍යාපාරය කිසියම් ස්ථාවරයක රඳවන්නට මේ වනවිට ඇයට හැකි වී ඇත.

අත්යන්ත්‍ර රෙදිපිළි වෙළෙඳ පොළේ ප්‍රචලිත වූ ව්‍යාපාරයක් ලෙස සිය ව්‍යාපාරය කිසියම් ස්ථාවරයක රඳවන්නට ඇය ගත් වෙහෙස පිළිබදව අචිනි ලියනගේ මහත්මිය අප හමුවේ කරුණු දැක්වූයේ මෙසේයි….

“…මේ ව්‍යාපාරය මුලින්ම පටන් ගත්තේ අපේ සීයා..අපේ පවුලේ ව්‍යාපාරයක් විදියට පැවතගෙන ආ අත්යන්ත්‍ර රෙදිපිළි නිෂ්පාදනය අද වන විට මේ තත්ත්වය දක්වා දියුණු කරන්නට මමත් මගේ නංගී රුවිනිත් බොහෝ වෙහෙසක් දැරුවා . ලංකාවේ ගම්වල කාන්තාවන් විසින් නිෂ්පාදනය කරනු ලබන අත්යන්ත්‍ර රෙදිපිළි අපි ඔවුන්ගෙන් මිලදීගෙන අපේ ප්‍රදර්ශනාගාර හරහා අලෙවි කිරීමයි කරන්නේ ..ඒ සඳහා අපේම ප්‍රදර්ශනාගාර මහනුවර, කුරුණෑගල, කොළඹ, පැලවත්ත , ඇල්ල ,වගේ ප්‍රදේශවල පිහිටුවා තියෙනවා .ඒ.සුනිමල්ස් හෑන්ඩ්ලූම් නමින් …..ගම්වල කාන්තාවන්ගෙන් මිලදී ගන්න රෙදිපිළි වෙළඳ පොළට සරිලන ආකාරයට සකස් කොට හොඳ නිමාවකින් යුක්ත ව අලෙවි කිරීමයි අපි කරන්නේ…ලංකාවේ අලෙවි කරනවාට අමතරව අපි පිටරටටත්‍ අපේ නිෂ්පාදන අපනයනය කරනවා.

මේ ව්‍යාපාරය සාර්ථකව කරගෙන යන අතරතුර තමයි මහනුවර රජපිහිල්ල මාවතේ ඇවෝරා හෝටලය (Avora) නමින් හෝටලයක් අලුතින් ඉදි කරන්නට අපි කටයුතු කළේ …හෝටලයේ ඉදි කිරීම් වැඩ කටයුතු අවසන් කරලා ඒකට අවශ්‍ය ලී බඩු සහ අනෙකුත් උපාංග මිළදී ගැනීමේදී මුදල් අඩුපාඩුවක් ඇති වුණා …මේ සඳහා ණයක් ගන්න තැනක් හොය හොයා ඉද්දි තමයි අපිට HNB FINANCE ගැන දැනගන්න ලැබුණේ ..අපේ අවශ්‍යතාවයට ගැලපෙන විදිහට කඩිනමින් ණය මුදලක් ගන්න පුළුවන් කියන විශ්වාසය HNB FINANCE සමාගම වෙත ගිය මුල්ම දවසේදීම අපගේ සිත් තුළ ඇති වුණා . එදා ණයමුදල ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු සහ අයදුම්පත් පිරවීමෙන් පස්සේ ආයේ කිසිම දවසක වරින්වර ඒ ආයතනය වෙත ගිහිල්ලා රස්තියාදු වෙන්න අවශ්‍යතාවයක් වුණේ නැහැ..ඉල්ලපු ණය මුදල අඩුවක් නැතුව ලැබුනා ..ඒවගේම හෝටලයෙ වැඩකටයුතු සර්ව සම්පූර්ණව නිමා කර ගන්න ඒ උදව්ව අපිට ලොකු පිටුවහලක් වුණා. දැන් වුණත් ගත්තු ණය මුදලෙ ණය වාරික පියවන්න අපිට HNB FINANCE ආයතනය වෙත යන්න ඕනෙ වෙන්නෙ නෑ ආයතනයේ නිලධාරී මහත්තයෙක් ම අපි ලඟටම ඇවිල්ල ඒ ණය වාරික එකතු කරගැනීම සිදු කරනවා…

ව්‍යාපාරයක් කරන්න ණය මුදලක් ගන්න හිතන ඕනම කෙනෙකුට මම කියන්නේ දෙපාරක් හිතන්නේ නැතුව HNB FINANCE වෙත යන්න කියලයි . ආයතනයේ නිලධාරී මහතුන් ඔබේ ණය අවශ්‍යතාවය කඩිනමින් විශ්වාසවන්තව ඉටුකර දීමට හැම නිතරම කැපවී සිටින බව මගේ අත්දැකීමෙන්ම බය නැතුව කියන්න පුලුවන්

අචිනි ලියනගේ
‘‘සුනිමල්ස්‘‘ හෑන්ඩ්ලූම් සහ හෝටල් ව්‍යාපාරය
රජපිහිල්ල
මහනුවර..