දියුණුවෙන්න කැමති කෙනෙකුට මේ වගේ තැනක් තවත් නෑ

කෑගල්ල දංගොල්ල මුතුබණ්ඩා ගල්වල යනු ප‍්‍රදේශයේ කවුරුත් දන්නා කියන තැනකි. ඒ එය ප‍්‍රදේශයේ විශාලතම ගල්වලවල් කිහිපය අතරින් එකක් වීීම නිසා නොව මලවිඅච්චිලාගේ මුතුබණ්ඩා යනු ප‍්‍රදේශයේ ජනප‍්‍රිය චරිතයක් වීම නිසාය. වසර විිස්සකට වැඩිි කාලයක් පුරා කළුගල් ව්‍යාපාරය ජීවිකා වෘත්තිය කරගත් මුතුබණ්ඩා සිය ව්‍යාපාරය සම්බන්ධයෙන් අප සමග පැවසුවේ මෙබදු අදහසකි.

“මං මෙතැන ගල්වල කරන්න පටන් අරන් දැන් අවුරුදු අටක් විතර වෙනවා.ව්‍යාපාරය සඳහා ණයක් ගන්න ඕන වුණාම මං ඒ ඒ වෙලාවට මට සමීපවුණු බැංකු වෙත ගියා.ඒත් දැන් අවුරුදු කීපයක ඉඳන් මම ගනුදෙනු කරන මූල්‍ය සමාගම බවට පත්වෙලා තියෙන්නේ HNB FINANCE සමාගම. මම මේ සමාගම ගැන දැනගත්තේ නංගිගෙ මාර්ගයෙන්. එදා ඉදන් මම ගනුදෙනු කරන්නෙ HNB FINANCE සමාගමත් එක්ක. ඒකේ සවිිය ණය ක‍්‍රමය මගේ ව්‍යාපාර කටයුතු වලට ලොකු අස්වැසිල්ලක් වගේම හයියක්. මම ළග මේ වෙද්දි එකොළොස් දෙනෙක් ස්ථිරව වැඩ කරනවා. මේ ව්‍යාපාරය මේ හා සම්බන්ධව නිත්‍යානුකූලව අවසර ලබාගත යුතු සියළුම ආයතනයන්ගේ අවසරය අරගෙන පවත්වාගෙන යන එකක්. ණය මුදල් ගන්න තියෙන පහසුව වගේම ඒවා නැවත ගෙවීමේදීත් තියෙන පහසුව ගැන මෙහිදි විශේෂයෙන් සඳහන් කරන්න ඕනෙ. ස්ථාවර නියෝග, M Cash වගේ නවීන ක‍්‍රම හරහා අපිට පහසුවෙන් රස්තියාදුවකින් තොරව ණය නැවත ගෙවීමේ හැකියාව තියෙනවා.මම දියුණුවෙන්න කැමති ඕනෙම කෙනෙකුට කියන්නේ HNB FINANCE සමගින් අත්වැල් බැඳගෙන ඔවුන් විසින් සපයනු ලබන සේවාවන්ගෙන් උපරිම ප‍්‍රයෝජන ලබාගන්න කියලයි”

මලවිඅච්චිලාගේ මුතුබණ්ඩා
හැලමඩ.